• About us
  • Contact us
Sunday, June 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනතා දේපළ කොල්ලකෑවේ නෑ – ජීවිතයම ජනතාව වෙනුවෙන් කැපකළා…! අවස්ථාවාදී දේශපාලකයන් උගත යුතු සුකීගේ පාඩම! Sri Lanka Latest News

June 21, 2026
in Exclusive
Reading Time: 5 mins read
A A
ජනතා දේපළ කොල්ලකෑවේ නෑ – ජීවිතයම ජනතාව වෙනුවෙන් කැපකළා…! අවස්ථාවාදී දේශපාලකයන් උගත යුතු සුකීගේ පාඩම!  Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ප්‍රජාතන්ත්‍රවාදී පාලන ව්‍යුහයක් පවතින දේශයක ජනතාව සිය ඡන්ද බලය භාවිත කොට තමන් කැමැති දේශපාලන පක්ෂයක කණ්ඩායමකට සිය රටේ පාලන බලය පවරති. ජනතාව එසේ කරනුයේ දේශයේ පාලනය යහපත් ආකාරයට ගෙන ගොස්, තම රට ඉදිරියට ගෙනයාමත් තමන්ට නිදහසේ ජීවත්වීමට අවශ්‍ය පරිසරයක් නිර්මාණය කරවා ගැනීමේ ඒකායන අරමුණද පෙරදැරි කරගෙනය. Sri Lanka Latest News

මෙම අරමුණ තුළ ගැබ්වන අවශ්‍යතාද රැසකි. තමන් එතෙක් පෙළනු ලැබූ ආර්ථික ගැටලු සමනය කර ගැනීම යහපත් පරිභෝජන රටාවක් ඇති කරවා ගැනීම, තම දරුවන්ට හොඳ අධ්‍යාපන පසුබිමක් නිර්මාණය කරවා ගැනීම තමන්ගේ උගත් දූදරුවන්ට ගැළපෙන උසස් රැකියා උත්පාදනය කරවා ගැනීම, රටේ කෘෂි ක්ෂේත්‍රය නගාසිටුවා ගැනීම, මෙන්ම තම රට තිබුණු අඩියෙන් තව ටිකක් ඉදිරියට දියුණු කරවා ගැනීම වැනි අරමුණු රැසක් ඉටුකරවා ගැනීම නව පාලක පිරිසක් රටට පත්කර ගැනීම තුළින් රටක ජනතාව අපේක්ෂා කරති.
එසේ රාජ්‍ය පාලන බලය ඉල්ලන දේශපාලන පක්ෂ නියෝජිතවරුද තම කණ්ඩායමට බලය ලබාදෙන්නේ නම් ඉටුකර දෙන පොරොන්දු මලු පිටින් ජනතාව ඉදිරියේ විවර කර තබති.

ඒ ආකාරයට මෙතෙක් අප රටේ බලයට පැමිණි පාලක කණ්ඩායම් රටට අඩුවැඩි වශයෙන් සේවා සපයා ඇති බව අපි දනිමු. මෙයට කලකට පෙර මෙරට දේශපාලන ප්‍රවාහයට එක්වුණේ රටේ ප්‍රභූ පවුල් යැයි සම්මත පවුල්වල සාමාජික, සාමාජිකාවෝය. රට වශයෙන් ගත්තත්, ග්‍රාමීය පාලනය දෙස බැලුවත් සිදුව තිබුණේ එවැනි ක්‍රියාදාමයකි.
කලින් කලට තේරීපත්වුණු පාලන තන්ත්‍රයන් තුළ සිටි උගතුන්, බුද්ධිමතුන් යන පිරිසගෙන් රටක් හැටියට, රටේ දියුණුවට සිදුකෙරුණු මහා පරිමාණ ව්‍යාපෘතිද අපේ දෑස් පනාපිට අදද දක්නට ලැබේ.

විදේශ ආධාරයන්ගෙන්, විදේශයන්ගෙන් ලබාගැනෙන ණය අරමුදල් වැයකිරීමෙන් මෙන්ම, දේශීය වශයෙන්ද වැය පස යොදා එවැනි ව්‍යාපෘති බිහිවුණු යුගයන්ද අපට දක්නට ලැබිණි. තමන් උපන් රටට ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහය ඔස්සේ බලයට පැමිණ, සිය පරම්පරාවෙන් ලැබුණු ආදායම්, සම්පත් පවා අහිමිකර ගෙන දේශපාලනයේ නියැළී සිට සිය දිවියෙන් සමුගෙන ගිය දේශපාලන නායක නායිකාවෝද මෙරට සිටියහ. එදා ඩඩ්ලි සේනානායක වැනි නායකයන් සිය දිවියෙන් සමුගන්නා විට ඔවුන් සතුව මූල්‍ය කඳු තිබුණේ නැත. ඔහුට අයත් බැංකු පොතක තිබුණේද රුපියල් 34ක් වැනි සොච්චම් මුදලකි. සර් ජෝන් කොතලාවල වැනි දේශපාලනඥයන් දිවියෙන් සමුගත් පසු, ඔහු ජීවත් වූ කඳවල වලව්ව පවා අදවන විට රටේ ජනතාවගේ දූදරුවන්ට විවර වූ අධ්‍යාපන මූලස්ථාන බවට පත්ව තිබේ.

අප රට පාලනයට සහසම්බන්ධ වූ නායක කාරකාදීන් අතලොස්සක්ම එසේ ක්‍රියාකර ඇති බව පෙනේ. එහෙත් ක්‍රම ක්‍රමයෙන් මෙරට දේශපාලනයට පිවිසි බොහොමයක් දෙනා තමන් උපන් රට දියුණු පමුණු කොට, තමන්ගේ ජනතාවට උසස් ජීවන තත්ත්වයක් උදාකර දෙනුවා වෙනුවට තමන්ගේ සහ තම පවුල්වල නෑදෑ කාරකයන්ගේ ආර්ථිකය තරකර ගන්නා තැනට ක්‍රම ක්‍රමයෙන් තල්ලුවී ගොස් ක්‍රියා කරන ලද බව ගෙවීගිය කාලය තුළ පැහැදිලිව දක්නට ලැබිණි.

මෙය අප රටේ පමණක් නොව අප රටෙන් බැහැර රාජ්‍යවලද සිදුවූ කැපීපෙනෙන දසුනක් බවද දක්නට ලැබිණි. දියුණු වෙමින් පවතින රටවලට ප්‍රසිද්ධියේ යම් යම් උපකාර කොට ඒ වෙනුවට ඊට වඩා වටිනා යමක්, එබඳු රටවලින් ලබාගැනීම ඇති හැකි බලවත් රටවල පුරුද්දක් වී ඇති බවද පෙනේ.

හැම රටකටම එකහා සමාන සම්පත් නොමැතිකම නිසාම, එසේ බලවත් ලෝක බලවත් රාජ්‍යවල අකටයුතුකම්වලට කොටුවන අවස්ථාද නැතුවා නොවේ. ඒ කෙසේ වෙතත් තමන් උපන් දේශයට කිසියම් සෙතක්, සේවයක් කළයුතු යැයි කල්පනාකොට සේවා සැපයූ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක, සිරිමාවෝ බණ්ඩාරනායක, ජේ.ආර්. ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස, මහින්ද රාජපක්ෂ, ගාමිණි දිසානායක, ලලිත් ඇතුලත්මුදලි වැනි දේශපාලන නායක නායිකාවන් මේ රට තුළද තවත් බොහෝ නායක නායිකාවන් වෙනත් රාජ්‍යයන් තුළද කටයුතු කළ ආකාරයන් අපි දැක ඇත්තෙමු.

අප රටේ බැංකු පද්ධති, රාජ්‍ය ප්‍රවාහන සේවා, රටේ උරුමය අපට නොලැබෙන විට විදෙස් කොම්පැනි සතුව පැවැති යම් යම් සේවා, ආයතන ජනසතු ව්‍යාපාර යටතේ ජනසතු කිරීම් වැනි ජනහිතකාමී අභීත රාජ්‍ය තීන්දු ගෙන ක්‍රියා කළ අයද අපට මතකය. එහෙත් කල්යෑමේදී රාජ්‍යයන් සතුව පැවැති එවැනි බොහොමයක් ආයතන, සේවා මධ්‍යස්ථාන නැවත පෞද්ගලික අංශ වෙත කුණු කොල්ලෙට බිලිදී තම මඩි තරකරගෙන ජනතාව ඉදිරියේ අත පිසදාගත් දේශපාලුවෝද අප අතරම සිටියහ. එසේ කිරීමෙන් ලැබෙන යම් යම් කොමිස් කුට්ටි තම දේශපාලන හිතවතුන් මෙන්ම තම ඥාති පවුල් අතර බෙදාහදාගෙන වැජඹුණු දේශපාලනඥයෝද අප අතරම සිටි වග ජනතාවට අමතක නැත.

ඒ අතර තමන්ගේ රටේ ජනතාව වෙනුවෙන් තම දේශපාලන භාවිතාව ඉතාම අවංකව කැපකළ දේශපාලන නායිකාවකගේ කතාවද අවිවාදයෙන්ම අපවැනි රටවලට කදිම ආදර්ශයක් ලබාදෙනු ඇත. ඇය අන් කවරකුවත් නොව මියන්මාරයේ (බුරුමයේ) දේශපාලන ක්‍රියාකාරිනියක වූ අවුං සාං සුකීය.

ඔක්ස්ෆර්ඩ් සරසවියේ උපාධිධාරියකු වූ මයිකල් ඇරිස් මහත්මා හොඳ ගති තිබූ සන්සුන් පුද්ගලයෙකි. එසේම දැඩි අභ්‍යන්තර ශක්තියක්ද ඔහු සතුව පැවැතිණි.
මෙයට විසි වසරකට පමණ පෙර මියන්මාරයේ පැවති මිලිටරි ජුන්ටාව එරට ජනතාව අපමණ ලෙස තළා පෙළුවේය. ජනතාවට පක්ෂපාතී දේශපාලන ක්‍රියාකාරිනියක වූ අවුං සාං සුකී ජනතාව සමග එක්ව, එරට තුළ ගෙනගිය ජන අරගල, ජනතාවාදී උද්ඝෝෂණ අකාමකා දැමීමට පාලන බලයේ සිටි මිලිටරි ජුන්ටාව නොකළ දෙයක් නැත.

1972 වසරේදී මයිකල් ඇරිස් සහ අවුං සාං සුකී යුවළ විවාහ පත්වූහ. ඔවුන් දෙපළට ඇලෙක්සැන්ඩර් සහ කීම් යනුවෙන් දරුවන් දෙදෙනකුද වූහ. සුකී මියෙන්මාරයේය. මයිකල් බි්‍රතාන්‍යයේය. තමාට මියන්මාරයට යාමටත්, සිය බිරිඳ සහ දරු දෙදෙනා දැකබලා ගැනීමටත් බි්‍රතාන්‍යයේ සිටි මයිකල් ඇරිස්ට තදබල ඕනෑකමක් තිබිණි. තමාට මියන්මාරයට යාමට ප්‍රසිද්ධියේ ඉල්ලුම් කළ විට මිලිටරි ජුන්ටා පාලනය කිසි ලෙසකින් වීසා අනුමත නොකරනු ඇතැයි සිතූ මයිකල් ඒ සඳහා අප්‍රසිද්ධියේ ඉල්ලුම් කළේය. එදා මියන්මාරයේ පැවැති මිලිටරි ජුන්ටා පාලනය එවැන්නක් නොදන්නා ලෙස හැසිරුණේය. එමෙන්ම බටහිර රටවල්ද, බෘනායි, ජපානය, මැලේසියාව ආදී රටවල්ද, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නායක කොෆී අන්නන්ද ඒ වෙනුවෙන් අප්‍රසිද්ධියේ කළ කිසිදු ඉල්ලීමකට ජුන්ටා ජෙනරාල්වරු ඇහුම්කන් දුන්නේම නැත. එසේම මේ පවුලේ සියල්ලන්ටම එක්ව සිටීමට එවක මියන්මාරයේ පාලන බලය ගෙනගිය මිලිටරි ජුන්ටාව කිසි ලෙසකින්ම ඉඩ දුන්නේ නැත.

1998 වසරේ අගභාගය වනවිට පුරස්ථි ග්‍රන්ථියේ පිළිකාවක් වැළඳී සිටි මයිකල් ඇරිස්ගේ තත්ත්වය දරුණු විය. ඔහු ඒ වනවිට සිටියේ ජීවිතයත් මරණයත් අතර සටනකය. සිය රෝගී තත්ත්වයට ප්‍රතිකාර ලබාගනිමින් සිටියේද බි්‍රතාන්‍යයේ රෝහලකය. ඒ වනවිට අවුං සාං සුකී සිටියේ මියන්මාරයේ (බුරුමයේ) නීත්‍යනුකූල එහෙත් බලය නොලත් රටේ නායිකාව ලෙසිනි. සුකීට රෝගීව සිටි සිය සැමියාව බැලීමේ වාසනාව පවා මිලිටරි ජුන්ටාව අහිමිකර තිබිණි.

1990 පැවැති මහ මැතිවරණයේදී විශිෂ්ට ජනතා ජයක් ලැබූ අවුං සාං සුකීගේ පක්ෂය (ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා ජාතික ලීගය) වෙත බලය පවරාදීම පවා ප්‍රතික්ෂේප කළ මිලිටරි ජුන්ටාව, ඒ වනවිට එරට අත්තනෝමතික පාලනයක් ගෙන ගියේය. රටේ ප්‍රබල ජනබලයක් ලබා සිටියදීත් සුකී එක පැත්තකය. ඇගේ සැමියා වූ මයිකල් තවත් පැත්තකය. තම දයාබර බිරිඳ ළඟට යාමට මයිකල් ඇරිස්ට වසර දහයක් පුරාවට පැවැති බලාපොරොත්තුව ඉටු නොවිණි. මේසා කාලයක් තුළ ඔහුට ඇයව දැකගැනීමට අවස්ථාව සැලසුණේ පස් වතාවකි. ඒද ඉතාම කෙටි කාලසීමාවකට කොටුවය.

සුකී මියන්මාර ජනතාවට හිතවාදීව කටයුතු කළ නිසාම මියන්මාර වැසියෝද ඇයට පෙරළා ආදරය කළහ. ජනතාව ඇයට සිය කැමැත්ත (ඡන්දය) පිදුවද, එයින් ඇය ලද විශිෂ්ට ජයග්‍රහණය ගැනද නොතකා ජුන්ටා මිලිටරි පාලනය ඇයට රටේ පාලන බලය ලබාදුන්නේ නැත. ඔවුන් සුකීගේ නිවසේ දුරකතන ජාල පවා කපාදැමුවේය. මේ නිසා ඇයට බාහිර සමාජය සම්බන්ධ කරගැනීමට පවා නොහැකි විය. බි්‍රතාන්‍යයේ ප්‍රතිකාර ලබමින් සිටි සැමියාට ඇය අවස්ථා ගණනාවකදීම කතා කළේද, එරට පිහිටි බි්‍රතාන්‍ය තානාපති කාර්යාලයට ගොස් එහි දුරකතන පද්ධතිය හරහාය. ඒ වනවිට මරණාසන්නව සිටි සැමියා තම රටට ගෙන්වා දෙන්නැයි සුකී කළ ඉල්ලීමට පවා මිලිටරි ජුන්ටා පාලනය සවන් දුන්නේ නැත. එසේ ඇය කළ ඉල්ලීමට ජුන්ටා නිලධාරීන් කීවේ, රෝගී තත්ත්වයෙන් සිටින මයිකල් ඇරිස් මියන්මාරයට ගෙන්වා ගැනීමට හදනවාට වඩා කළ යුත්තේ, නිරෝගී තත්ත්වයේ සිටින සුකීට බි්‍රතාන්‍යයට ගොස් තම සැමියාව බැලීමය යැයි කියාය.

ජුන්ටාවේ මෙකී උප්පරවැට්ටියට අවුං සාං සුකී හසුවුණේ නැත. මෙය වංචනික කියමනක් බව ඇය දැන සිටියාය. මියන්මාරයේ ජනතාවාදී නායිකාව එසේ රටෙන් පිටවූ පසු නැවත ඇයට රටට ඒමට ඉඩ නොතැබීම ජුන්ටා පාලනයේද අරමුණ විය. සුකී ජුන්ටා ගැටයට අසුවුණේ නැත. අන්තිමේදී සුකීගේ දයාබර සැමියා මයිකල් ඇරිස් බි්‍රතාන්‍යයේදීම සිය දයාබර බිරිඳගේ රුවවත් නොදැක අවසන් හුස්ම හෙළුවේය. අවසන් මොහොතේවත් තම සැමියා දැකගත නොහැකිව අතිශය ශෝකයට පත්ව සිටි සුකීව, සිය සැමියා වූ මයිකල් ඇරිස්ගේ අවමංගල්‍යයට සහභාගි කරවීමට, බි්‍රතාන්‍යයට පිටත්කර හැරීමට මිලිටරි ජුන්ටාව හැකි සෑම උත්සාහයක්ම ගත්තේය. එහෙත් තමා එසේ ගිය විට සිදුවන දේ මැනැවින් දැන සිටි සුකී, බි්‍රතාන්‍යයට නොයා තම ජනතාව වෙනුවෙන් මියන්මාරයේම රැඳී සිටීමට තීරණය කළාය.

‘මගේ දයාබරිත සැමියා මාව සපුරා තේරුම් ගත්තා….. එවැනි සැමියකු ලබන්න මා වාසනාවන්ත වූවා. කිසිම කෙනකුට කිසිම අවස්ථාවක එය මා වෙතින් උදුරාගත නොහැකියි….’ සුකී කීවාය.

සුකී ගත් මෙම තීන්දුවත් සමග මියන්මාර ජනතාව සමග ඇයගේ පවතින බැඳීම බොරුවක් යැයි කීමට එරට මිලිටරි ජුන්ටා පාලනය එතෙක් ගෙන ගිය මතය බිඳවැටිණි. මෙම සිද්ධිය තුළින් සුකී තුළ තම රට වෙනුවෙන්, තම රටේ ජනතාව වෙනුවෙන් පැවැති නොසැලෙන ශක්තිය මුළු ලොවටම විදහා දැක්විණි. ඉතා හීන්දෑරි ප්‍රසන්න හා ළාමක පෙනුමක් තිබුණද, ඇය තුළ පැවැති ශක්තිය ඉමහත් බවද ඇය ප්‍රකට කළාය. එසේම තම රට සහ ජනතාව වෙනුවෙන් සිය සැමියා කැපකළ නායිකාවක ලෙස එදා ඇය ලෝක දේශපාලන ඉතිහාසයට එක්වූවාය.

දේශය යහපත් ලෙස පාලනයට, ජනතාවට හිතකර යහපාලනයක් ලබාදීමට යැයි කියා රටක පාලන බලය ලබාගෙන තම යටිමඩි තරකර ගන්නා දේශපාලන පක්ෂවල නායක නායිකාවනට අවුං සාං සුකීගේ මෙම දේශපාලන භාවිතාව අගනා පාඩම් රැසක් කියා දෙන්නේය.

නන්දන ඩී. කෙහෙල්ගමුව

SendShareShare
Previous Post

කලාපීය රටවල තෙල් මිල අඩු කරනවා! ලංකාවේ හැම මාසෙම තෙල් මිල වැඩි කරනවා! I Sri Lanka Latest News

Next Post

නටන නැටුම් රඟන රැඟුම් ඉවත හෙළයි සෝක සුසුම්! Sri Lanka Latest News

MORE NEWS

තෙල් අඩු කළා!
Exclusive

වැඩි වෙද්දි වැඩිවෙන අඩු වෙද්දි අඩු නොවන බොරතෙල් සහ අපේ තෙල් ගැන අවුරුදු දෙකක පසුදැක්ම! Sri Lanka Latest News

අමෙරිකාවේ කපූර් හදිසියේම ලංකාවට එන්නෙ ඇයි? හදිසියේම කොළඹ වරාය බලන්න යන්නේ ඇයි? I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාවේ කපූර් හදිසියේම ලංකාවට එන්නෙ ඇයි? හදිසියේම කොළඹ වරාය බලන්න යන්නේ ඇයි? I Sri Lanka Latest News

මේක භයානකයි! ජනාධිපති අධිකරණයට අත දාන්න පටන් අරන්! විපක්ෂනායකගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර-සජිත් එක මතයකට ඇවිත්! I Sri Lanka Latest News

නටන නැටුම් රඟන රැඟුම් ඉවත හෙළයි සෝක සුසුම්! Sri Lanka Latest News
Exclusive

නටන නැටුම් රඟන රැඟුම් ඉවත හෙළයි සෝක සුසුම්! Sri Lanka Latest News

ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News
Exclusive

කලාපීය රටවල තෙල් මිල අඩු කරනවා! ලංකාවේ හැම මාසෙම තෙල් මිල වැඩි කරනවා! I Sri Lanka Latest News

ආණ්ඩුව කරන්නේ මාලිමාවෙන්ද-පැලවත්තෙන්ද? මාලිමාවේ ඇමැති කියනවා පළාත් සභා මේ අවුරුද්දේ තියනවා කියලා! ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් යාපනයටම ගිහින් කියනවා මේ අවුරුද්දේ පළාත් සභා නෑ කියලා..! ලබන අවුරුද්දෙත් තියන්න වෙන්නේ වෙන ප්‍රශ්න මොනවත් ආවෙ නැත්නම්ලු! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගමේ මාලිමාවෙන් රතු එළි පත්තු වෙයි! අනුර-ටිල්වින් අලුත් ගේමකට ලෑස්ති වෙයි! I Sri Lanka Latest News

Load More
තෙල් අඩු කළා!
Exclusive

වැඩි වෙද්දි වැඩිවෙන අඩු වෙද්දි අඩු නොවන බොරතෙල් සහ අපේ තෙල් ගැන අවුරුදු දෙකක පසුදැක්ම! Sri Lanka Latest News

ලංකාවේ තෙල් මිල මේ වෙනකොට සඳහන් වෙලා තියෙන්නේ ඉහළම අගයක් විදියට. වාර්තා වන විදියට ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම අගයක් ගත්තු...

Read more
අමෙරිකාවේ කපූර් හදිසියේම ලංකාවට එන්නෙ ඇයි? හදිසියේම කොළඹ වරාය බලන්න යන්නේ ඇයි? I Sri Lanka Latest News

අමෙරිකාවේ කපූර් හදිසියේම ලංකාවට එන්නෙ ඇයි? හදිසියේම කොළඹ වරාය බලන්න යන්නේ ඇයි? I Sri Lanka Latest News

මේක භයානකයි! ජනාධිපති අධිකරණයට අත දාන්න පටන් අරන්! විපක්ෂනායකගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

අනුර-සජිත් එක මතයකට ඇවිත්! I Sri Lanka Latest News

තාම කතා කරන්නේ පරණ ගණන්වලට…! ගාන හරි නැත්නම් රිජෙක්ට් කරනවා…! අපි හැමෝටම හොඳ කරනවා… හැබැයි අන්තිමට වෙන්නේ අමාරුවේ වැටෙන එක…! මුතු තරංගා I  Sri Lanka Latest News

තාම කතා කරන්නේ පරණ ගණන්වලට…! ගාන හරි නැත්නම් රිජෙක්ට් කරනවා…! අපි හැමෝටම හොඳ කරනවා… හැබැයි අන්තිමට වෙන්නේ අමාරුවේ වැටෙන එක…! මුතු තරංගා I Sri Lanka Latest News

නටන නැටුම් රඟන රැඟුම් ඉවත හෙළයි සෝක සුසුම්! Sri Lanka Latest News

නටන නැටුම් රඟන රැඟුම් ඉවත හෙළයි සෝක සුසුම්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.