• About us
  • Contact us
Saturday, June 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

සියල්ල අහිමි කරමින් බැඳීම් බිඳදමන සෙනසුරු ඔබගේ හැරවුම් ලක්ෂ්‍යයයි! Sri Lanka Latest News

June 20, 2026
in Astrology, Exclusive
Reading Time: 3 mins read
A A
සියල්ල අහිමි කරමින් බැඳීම් බිඳදමන සෙනසුරු ඔබගේ හැරවුම් ලක්ෂ්‍යයයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

විශ්ව කේන්ද්‍රයේ ආදරණීය ග්‍රහයා සිකුරු නොවේ සෙනසුරු කීවොත් ඔබ එකඟ වන්නේ නැහැ නේද? එයට හේතුව යමෙකුට මේ ලෝකයේ නිවැරැදි අවබෝධය උදාකර දෙන්නේ මෙන්න මේ සෙනසුරු ග්‍රහයාගෙන් බව ඔබ දන්නවාද? ඒ විතරක් නොවෙයි. තමන්ට තමන් කවුරුද යන වග නිවැරැදිව වටහලා දෙන්නේ මෙන්න මේ සෙනසුරු විසින්මය. ජීවිතේ ලැබෙන සියල්ල අහිමි කර වේගෙන් දුවගෙන යන ගමන මඳක් ප්‍රමාද කර ඔබව අවදි කරන භයානක අත්දැකීම්වලට ජීවිතය හමුවේ එන ප්‍රශ්න, ගැටලු, ව්‍යාකුලතා, බාධා, පීඩා, වේදනා හමුවේ ඔබටත් මෙම ගැටලු මතුවී මුහුණ දුන් අය මෙන්ම මුහුණ දෙන අය මෙන්ම මුහුණ දීමට ඉන්නා අය වෙනුවෙන් මෙම ලිපි පෙළ ඔබට ඉතා වැදගත් වනු ඇත.
ජීවිතයේ තනිව බාධක මැද ඉදිරියට යෑමට ඔබට ඔබේ පෞරුෂය අවදි කර එඩිතරකම ලබාගන්න ශක්තිය දෙන සෙනසුරු ඔබව ලෞකික සැප සම්පත් ඔබේ ජීවිතයෙන් ක්‍රමානුකූලව ඈතට යවනු ඇත. යහපත් වූද, යුක්තිකරුක වූද, යථා අවබෝධයට මග පාදන්නාවූද සෙනසුරු ඔබේ ජීවිතය ශුභවාදී ලෙස මෙන්ම ඉතා දුක්ඛිත කඨෝර අත්දැකීම් අත්විඳීම් සමුදායක් හරහා ඔබට ළංවනු ඇත. ජීවිතය රජ කරවන්නට මෙන්ම ජීවිතයේ සියල්ල නැති කර අන්ත අසරණ කරන්නටත් සෙනසුරුට මනා හැකියාවක් ඇත. නම ඇසූ සැණින්ම බිය උපද්දන්නට තරම් හැකියාවක් විශ්ව කේන්ද්‍රයේ ශනි ග්‍රහයාට දී තිබීම පුදුමසහගත වීමට තරම් කරුණක් නොවන්නේද එබැවිනි. Sri Lanka Latest News

විශ්ව කේන්ද්‍රයට අනුව ගත්කල ශනි ග්‍රහයා 7 වැන්නට දිග් බලයෙන් බලවත් කර යොදා ඇත. එයට හේතුව 7 වැන්න මංගල ස්ථානය හෙවත් කලත්‍ර ස්ථානය ලෙස නියෝජනය වන ස්ථානයයි. එමෙන්ම මාරක ස්ථානයක් ලෙසද 7 වැන්න ක්‍රියා කරයි. ප්‍රජනන ශක්තිය මෙන්ම නීත්‍යනුකූල විවාහය, තමාට හිමි සහකාරිය හෝ සහකරුවා ගැනද 7 වැන්නෙන් කියැවෙනු ඇත. හවුල් ව්‍යාපාර කටයුතු ගැනත් හවුල්කරුවන් කොටස්කරුවන් මුදල් ණයට දීම, මුදල් ණයට ඉල්ලා ගැනීම, මුදල් යොදා හවුලේ කරන වැඩ, ගිවිසුම් කටයුතු, ඒ වගේම දන් ලැබීම, හිඟමන් ලැබීම, දඩ ගැසීම, නීති පොරොන්දු, දික්කසාද සම්බන්ධ ගැටලු, නැති වූ දේ ලැබීම් ආදී වූ රාශියක් කාරණා විශ්ව කේන්ද්‍රයේ 7 වැන්න දිග් බලයෙන් යුක්තව ශනි හෙවත් සෙනසුරු ග්‍රහයාට ලබාදී ඇත.

ඉතාම කටුක කඨෝර දුක් වේදනා දරාගෙන මනා ඉවසීමෙන් කටයුතු කළ යුත්තේ කෙසේද යන වග කියා දීමට සෙනසුරු තරම් කිසිම ග්‍රහයෙකු සමත් වන්නේ නැත. නන්දෙසින් ගලා ආ ඇමතුම් මෙන්ම කේන්ද්‍ර සටහන් පරීක්ෂාවේදී මා එය ඉතා සියුම්ව අධ්‍යයනය කළේ බොහෝ දෙනාගේ බියෙන් ඔවුන් කෙතරම් දුරට මුදා ගැනීමට හැකිද යන වග අවබෝධ කරගනිමින්ය. එහිදී ශ්‍රී විෂ්ණු දෙවියන් උදෙසා සෙත්කවි රචනා කිරීම මෙන්ම එම කේන්ද්‍ර පරීක්ෂා කොට ඊට අදාළ පෞද්ගලිකව වත් පිළිවෙත් සඳහන් කිරීමෙන් ඒවා නිවැරැදිව අවබෝධයෙන් කරගැනීම තුළින් ඔබගේ දිවියට සහනය සුවය යහපත උදා කිරීමේ හැකියාව ඇති බවත් මා මෙහි දී සඳහන් කරන්නේ මෛත්‍රී සිතින් යුතුවය. බොහෝ දුරට සෙනසුරු අපල ඒරාෂ්ටක හමුවේ ඔබට හුදකලා වීම, තනිව කටයුතු කරගැනීමට සිදුවේ. එසේම හුදකලාවට බිය නොවී අනියත බියක් ඇති නොකර ගනිමින් බැඳීම් පිළිබඳවත් ධර්මය අවබෝධයෙන් යුතුව ශක්තිමත් මනසක් ඇති කරගනිමින් අවබෝධයෙන් යුතුව අවදියෙන් මෙම කාලසීමාව ඔබ විසින් ගතකිරීමට ඔබ මනා සේ දක්ෂ අයකු කරවීමට සෙනසුරු ග්‍රහ බලපෑම සමත් වනු නොඅනුමානය. පෙර කළ අකුසල් ඔබ සොයා ඇවිත් ඇත්තේ සෙනසුරුගේ පීඩාවන් හමුවේ ඔබගේ වැඩකටයුතු අඩාළ වීමත් සමගින්ය. එසේ නම් ඔබට බියකරු ගමනක ආරම්භය ලෙස දැනෙන ඉඩකඩ දැන් දැන් පෙනෙන්නට දැනෙනන්ට පටන්ගෙන ඇත.

මිනිසා ක්‍රමක්‍රමයෙන් තනිවීමට ඔරොත්තු දෙන්නේද මෙන්න මේ කියන සෙනසුරු ඒරාෂ්ටක අපල කාලසීමාවේදීය. මිනිසා විසින් ඇද බැඳ තබාගත් සියල්ල අහිමි කර සෙනසුරු අපලය ඵල විපාක සකස් කර දීම සිදුවන්නේ ඔබ අප කිසිම කෙනෙක් සිතනා පතනා අයුරින් නොවේ. එයට හේතු කාරණා බොහෝ ඇත.

සෙනසුරුට හිමි මහ දශා කාලය සෙනසුරු අතුරු දශා කාලය, සඳුගේ නැකැතට සෙනසුරු ගමන් කිරීම සඳුගේ රාශියට ගෝචර ගමනින් සෙනසුරුගේ පැමිණීම මෙන්ම සඳුගෙන් 6-8-12 වැන්නේ සෙනසුරුගේ ගමන් කිරීම, උත්පත්තියේ සඳු සමග යෝගව සතුරු දුෂ්ට ත්‍රික ස්ථාන හෙවත් 6-8-12 වැන්නේ සිටීම, සෙනසුරුගෙන් අශුභ ඵල උදාකරවන කණ්ඨක ශනිගේ ගෝචර ගමන මෙන්ම ඔබේ කේන්ද්‍ර සටහනේ මාරක ග්‍රහයා ලෙස සෙනසුරු යෙදී ඇති විට බලපවත්නා තත්ත්වයන් මෙන්ම සෙනසුරුට ලැබෙන අශුභ ද්‍රෂ්ටි, සෙනසුරු ලග්නයේ සහ නවාංශකයේ පාප සංයෝග වීම, පාප කත්‍රී වී පාප දෘෂ්ටි හෙළීම, චන්ද්‍රයා උත්පත්තියේ සිටි රාශියට හෝ එම රාශියෙන් දෙපස සෙනසුරු ගමන් කරනා විට ඔබට ඇතිවන බලපෑම් ඔබේ ජීවිතයේ ඒකාන්තයෙන්ම හැරවුම් ලක්ෂ්‍ය ලෙස ඔබට දැනටමත් දැනී ඇත.

මෙහිදී සෙනසුරු ලග්නයේ ගමන් කරන විට ලග්නයෙන් 6-8-12 ගමන් කරන විට කේන්ද්‍ර සටහනේ පිහිටීම මත ශුභ අශුභ සම මිශ්‍රඵල උදාකර දුන්නද සෙනසුරුගේ දායාද කෙසේ හෝ මිනිසාට ලබාදීමට කටයුතු යෙදෙන්නේ ඔබ අප කවුරුත් හිතන ආකාරයට නොවීමද මෙහිදී සඳහන් කළ යුතුව ඇත. ලග්න දොළසට විවිධාකාර ආකාරයේ බලපෑම්, අපල උපද්‍රව, ලැබීම්, අහිමි වීම් සිදුවීම පවා ඉතා පුදුමසහගත අයුරින්ම සිදුවන්නේ කේන්ද්‍ර පරීක්ෂණයේ ලද්දා වූ අත්දැකීම් මතින්ය. කෙසේ නමුත් සෙනසුරුගේ අශුභ දෘෂ්ටීන්, ශුභ ග්‍රහයකුට හමුවූ කල එම ශුභ ග්‍රහයාගේ ශුභ තත්ත්වයට පවා බලපෑම් කිරීමට සෙනසුරුට නිතැතින්ම හැකිවී ඇත්තේ වරදට නිසි දඬුවම දෙන්න සෙනසුරු ඔබේ ජීවිතයට පැමිණ ඇති බව සියල්ල අමතක කර එය පමණක් මතක් කර දෙන ලෙසින්ය. මෙහිදී නිවැරැදිව එය හඳුනාගෙන මනා අවබෝධයෙන් සිහි නුවණින් කල් තියාම වටහාගත් අයකු නම් ඔබ ඉතා වාසනාවන්ත සත්ගුණවත් පෙර පින් බොහෝ ඇති අයකු ලෙස කිව හැකිය. එසේ වනුයේද ඉතා කලාතුරකිනි. ප්‍රශ්න කරදර බාධක නොමැති කල අප ඊට පිළියම් යෙදීමට නොයන බැවින් කල් තියා දැනහැඳින අවබෝධය ඇතිකරන් කටයුතු කරන පිරිස අප අතරේ ඉතා අල්ප ප්‍රමාණයක් ඇත.

කෙසේ නමුත් මෙවැනි වූ ලිපි පෙළකින් මා ඔබව දැනුවත් කරන්නේ ඔබට ඇති ගැටලු ප්‍රශ්න ඉතා ඉවසීමෙන් දුරදිග බලා ලෙහා ගැනීමට ඔබටම උනන්දුවක් ඇතිකිරීම පිණිසය. අවදානමට පෙර සූදානම් වීමෙන් ඔබගේ කේන්ද්‍රයේ සෙනසුරුට හිමි තැන ඔබ විසින් සොයා අවදියෙන් සිටීමට සුදුසු කාලය එළඹ ඇත. එසේ නම් මෙවැනි වූ ලිපි පෙළකින් නැවතත් ඔබව දැනුවත් කිරීමට මම සූදානම්. එතෙක් ඔබ සැමට සියලු යහපත උදාවේවා…

ජ්‍යොතිර්වේදිනී පී.එම්. සංජීවී වසන්ති
(ජ්‍යොතිර් විද්‍යා ඩිප්ලෝමාධාරිනී / ජ්‍යොතිෂ ශිරෝමනී, ජ්‍යොතිෂ අවිශ්කාර් විශිෂ්ට ගෞරව සම්මානලාභිනී, සෙත්කවි ශාස්ත්‍ර විශාරද විශිෂ්ට ගෞරව සම්මානලාභිනී)
සංජීවී ජ්‍යොතිර් පියස
දුරකතන – 0777 130391

SendShareShare
Previous Post

රත්තරන් තුවක්කුව දුමින්දට යළි පත්තු වෙයි! I Sri Lanka Latest News

Next Post

ඇස්වහ-කටවහ-සතුරු-උවදුරු මවන – ජීවිතයේ පතුලම පීරන ගුප්ත සෙවණැල්ල කේතු! Sri Lanka Latest News

MORE NEWS

“සිරිමා… මෝඩ මිනිහෙක් මට වෙඩිතිබ්බා… ඒ මිනිහට අනුකම්පා කරන්න…” !  තල්දූවේ සෝමාරාම භික්ෂුව රොස්මිඩ් ගෙදරටම ඇවිත් අගමැති බණ්ඩාරනායකට වෙඩි තියයි ! Sri Lanka Latest News
Exclusive

“සිරිමා… මෝඩ මිනිහෙක් මට වෙඩිතිබ්බා… ඒ මිනිහට අනුකම්පා කරන්න…” ! තල්දූවේ සෝමාරාම භික්ෂුව රොස්මිඩ් ගෙදරටම ඇවිත් අගමැති බණ්ඩාරනායකට වෙඩි තියයි ! Sri Lanka Latest News

සර්ව පාක්ෂික ආණ්ඩු කතා නෑ! 19 යළි ගේන්න! පාර්ලිමේන්තු කමිටු ක්‍රමය ගේන එක ගැන කතා කරන්න සජබෙ ජනාධිපති හමුවෙන්න සූදානම්!
Exclusive

සජිත් – රනිල් හමුවෙයි ! සාකච්ඡාව පැය එකහමාරයි! Sri Lanka Latest News

ඩොලර් මිලියන 23 ගැන සිංදු කියන සංගීත් ගැහුවෙ බයිලාවක්ද? අනුරව හම්බවුණාම මුදල් ඇමැතිතුමාව හම්බවෙන්න කියලා කිව්වා! දැන් නියෝජ්‍ය මුදල් ඇමැති කියනවා මාව නම් හම්බවෙන්න ආවේ නෑ කියලා! අයියෝ සංගීත්…! VIDEO I Sri Lanka Latest News
Exclusive

සංගීත්ගේ ඩොලර් මිලියන 23ක කතාව අලි බොරුවක්! මුදල් නියෝජ්‍ය ඇමැති සංගීත්ව පච කරයි! Sri Lanka Latest News

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News

ආණ්ඩුව කරන්නේ මාලිමාවෙන්ද-පැලවත්තෙන්ද? මාලිමාවේ ඇමැති කියනවා පළාත් සභා මේ අවුරුද්දේ තියනවා කියලා! ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් යාපනයටම ගිහින් කියනවා මේ අවුරුද්දේ පළාත් සභා නෑ කියලා..! ලබන අවුරුද්දෙත් තියන්න වෙන්නේ වෙන ප්‍රශ්න මොනවත් ආවෙ නැත්නම්ලු! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ටිල්වින් අලුත් ගේමක! Sri Lanka Latest News

ඇමෙරිකාවේ කපූර් හදිසියේ ලංකාවට එයි! Sri Lanka Latest News
Exclusive

ඇමෙරිකාවේ කපූර් හදිසියේ ලංකාවට එයි! Sri Lanka Latest News

Load More
“සිරිමා… මෝඩ මිනිහෙක් මට වෙඩිතිබ්බා… ඒ මිනිහට අනුකම්පා කරන්න…” !  තල්දූවේ සෝමාරාම භික්ෂුව රොස්මිඩ් ගෙදරටම ඇවිත් අගමැති බණ්ඩාරනායකට වෙඩි තියයි ! Sri Lanka Latest News
Exclusive

“සිරිමා… මෝඩ මිනිහෙක් මට වෙඩිතිබ්බා… ඒ මිනිහට අනුකම්පා කරන්න…” ! තල්දූවේ සෝමාරාම භික්ෂුව රොස්මිඩ් ගෙදරටම ඇවිත් අගමැති බණ්ඩාරනායකට වෙඩි තියයි ! Sri Lanka Latest News

මෙරට රාජ්‍ය නායකයන් සහ දේශපාලකයන් කිහිප දෙනකුම සාහසිකයන් අතින් ඝාතනයට ලක්වූ අවස්ථා ගණනාවක් පිළිබඳ අප අසා ඇත්තෙමු. එයින්, සඟ, වෙද,...

Read more
සර්ව පාක්ෂික ආණ්ඩු කතා නෑ! 19 යළි ගේන්න! පාර්ලිමේන්තු කමිටු ක්‍රමය ගේන එක ගැන කතා කරන්න සජබෙ ජනාධිපති හමුවෙන්න සූදානම්!

සජිත් – රනිල් හමුවෙයි ! සාකච්ඡාව පැය එකහමාරයි! Sri Lanka Latest News

ඩොලර් මිලියන 23 ගැන සිංදු කියන සංගීත් ගැහුවෙ බයිලාවක්ද? අනුරව හම්බවුණාම මුදල් ඇමැතිතුමාව හම්බවෙන්න කියලා කිව්වා! දැන් නියෝජ්‍ය මුදල් ඇමැති කියනවා මාව නම් හම්බවෙන්න ආවේ නෑ කියලා! අයියෝ සංගීත්…! VIDEO I Sri Lanka Latest News

සංගීත්ගේ ඩොලර් මිලියන 23ක කතාව අලි බොරුවක්! මුදල් නියෝජ්‍ය ඇමැති සංගීත්ව පච කරයි! Sri Lanka Latest News

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News

ආණ්ඩුව කරන්නේ මාලිමාවෙන්ද-පැලවත්තෙන්ද? මාලිමාවේ ඇමැති කියනවා පළාත් සභා මේ අවුරුද්දේ තියනවා කියලා! ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් යාපනයටම ගිහින් කියනවා මේ අවුරුද්දේ පළාත් සභා නෑ කියලා..! ලබන අවුරුද්දෙත් තියන්න වෙන්නේ වෙන ප්‍රශ්න මොනවත් ආවෙ නැත්නම්ලු! VIDEO I Sri Lanka Latest News

අනුර ටිල්වින් අලුත් ගේමක! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.