• About us
  • Contact us
Sunday, July 19, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Holiday

සීතලේ හැංගුණු හුණුගල් පොකුණ

August 31, 2019
in Holiday
Reading Time: 1 min read
A A
සීතලේ හැංගුණු හුණුගල් පොකුණ
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ සුන්දරත්වය අතින් ඉදිරියෙන්ම සබරගමු පළාත තිබෙන බව සංචාරක ඔබට රට වටා ඇවිද යන විට හැඟී ඇති බව විශ්වාසය. සැඟවී ඇති සොඳුරු තැන් සේම සිතාගත නොහැකි සුන්දරම දුර්ලභම ස්ථානද දැකිය හැකිය.
තවමත් මිනිස් පහස නොලැබූ සහ සංචාරක ආකර්ෂණය අඩු සුන්දර ස්ථාන සබරගමුවේ ඕනෑ තරම් දැකිය හැකිය. එයින් එක් ස්ථානයක් නම් හුනුගල් පොකුණ හඳුන්වා දිය හැකිය. මෑත කාලයේදී හමු වූ මේ සොඳුරු ඉසව්ව අද වන විට එම පරිසර කලාපයට දරාගත නොහැකි මට්ටමේ සංචාරකයන් පිරිසක් ළඟාවීම හේතුවෙන් එහි සුන්දරත්වයට සහ ආරක්ෂාවටද තර්ජනයක් වෙමින් පවතියි. මෙම හුනුගල් පොකුණ අවට පරිසරයේද හුනුගල් තිබීමත්, දීර්ඝ කාලයක් දිය පහර ඔස්සේ හුනු මිශ්‍ර ජලය ගලායෑමත් හේතුවෙන් මෙවැනි ස්ථාන සොබාදහමින්ම නිර්මාණය වී ඇත. අවට ඇති උස් වූ මහා දැවැන්ත රුක් නිසාවෙන් මෙහි ඇති සුන්දරත්වය තව තවත් වැඩි වී තිබේ. මෙය අලින්ගේ රජදහනකි. රක්ෂිතයක් තුළ මෙය පිහිටා තිබුණද කිසියම් අදිසි හස්තයක් ක්‍රියාත්මකවී මේ වන විටද මෙය ආසන්නයේම සංචාරක හෝටලයක් පවා කඩිමුඩියේම ඉදිවෙමින් ඇත. මේ වන විටත් සංචාරකයන් රැගෙන යන බීර ටින්, පොලිතින් මලු සහ බෝතල් වැනි පරිසරයට ඉතා අයහපත් දේ එකතු වෙමින් පවතී. මෙය තහනම් කලාපයක් කර එහි යෑම සීමාකර ආරක්ෂා කළ හැකි තැනක් නොවේ. මන්ද කෙසේ හෝ එහි පිහිටීම සොයායන පිරිස් සිටී. මෙය නැරඹීමට, එහි පහස විඳගත්තද ගැටලුවක් නොවේ. නමුත් එය හදවතින්ම ආරක්ෂා කිරීමට අප බැඳී සිටිය යුතුය. නැතහොත් මෙය තවත් ෆැට්නාවක් හෝ උඩදියලුමක් වනවාට සැක නැත. ගම්වාසීන් ද වක්‍රව මෙය ප්‍රචලිත කිරීමට උත්සාහයක් ගන්නා බව පෙනේ. එය නම් ඔවුන්ගේ යටි අරමුණක් ඉෂ්ට කරගැනීමක්ය. එහි යන රථ ඔහුන්ගේ ගෙවතුවල ගාල් කර තබා ආරක්ෂා කිරීමට සුළු මුදලක් අයකරගැනීම, ආහාර ලබාදීම වැනි දේ සුළු වශයෙන් සිදුකිරීමට දැන් දැන්ම පෙලඹී ඇත. ඔබට මේ සොඳුරු ඉසව්ව නැරඹීමට යෑම සඳහා අවස්ථාවක් ලදහොත් ඔබගේ පා සටහන් පමණක් එහි ඉතිර කර මතකයන් පමණක් රැගෙන එන ලෙස ඉතාමත් කරුණාවෙන් ‘ඇවිදිමු ලංකා’ අපද පරිසරයට ආදරය කරන සියලුම දෙනා ඉල්ලා සිටිමු.

ඉදුන් සම්පත් දැරණියගල

SendShareShare
Previous Post

අවුරුදු 4ක් රාජිත ‌මොකද කළේ?

Next Post

එජාප සභාපතිට ශ්‍රීලනිප නායකයගෙ පිහිටයි

MORE NEWS

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News
Holiday

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News
Exclusive

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුද්දේ අන්තිම කැලෑ කොලම… සිරිපා සමය ඇරඹුනා ප්ලාස්ටික් නම් අරන් එන්න එපා I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අලි ඇතුන්ට නම් තියන්නේ කොහොමද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

යාල් ආගන්තුක සංචාරකයා ඒ ගමනත් අවසන් කරයි… සංචාර ලැයිස්තුවේ ඉතිරි වුණේ මුලතිව් විතරයි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලංකාවේ පළමුවරට සත්තුන්ට ප්‍රතිකාර කූඩුවක් I Sri Lanka Latest News

Load More
සෙව්වන්දි ඉපදුණු සුරේෂ්ගෙ ගෙවල් තියෙන කටුවැල්ලෙගමට ‘මව්රට’ ගිය ගමන…! Sri Lanka Latest News
Exclusive

සෙව්වන්දි ඉපදුණු සුරේෂ්ගෙ ගෙවල් තියෙන කටුවැල්ලෙගමට ‘මව්රට’ ගිය ගමන…! Sri Lanka Latest News

කටුවැල්ලෙගම…..මේ නම කීප වතාවක්ම පහුගිය ටික දොහේ ඇහුණා. හැබැයි ඒ ඇහුණෙ ආගම දහමට අදාළව නෙවෙයි. පල්ලි, පන්සල්, කෝවිල් ගැන කියන්නත්...

Read more
ආදරයද? සල්ලිද? පානදුරේ නදුනිටත් වුණේ තෙල්දෙණියේ භෞත චිකිත්සකවරියට වෙච්ච දේමද?  Sri Lanka Latest News

ආදරයද? සල්ලිද? පානදුරේ නදුනිටත් වුණේ තෙල්දෙණියේ භෞත චිකිත්සකවරියට වෙච්ච දේමද? Sri Lanka Latest News

අවුරුදු 2500කට කලින් කම්පියුටර් ගැන හිතලාවත් නැති කාලයේ හදපු විශ්වකර්ම රොබෝ ලියන්නා! Sri Lanka Latest News

අවුරුදු 2500කට කලින් කම්පියුටර් ගැන හිතලාවත් නැති කාලයේ හදපු විශ්වකර්ම රොබෝ ලියන්නා! Sri Lanka Latest News

යාල කැලේ අලි-කොටි-වලස්සුන්ට විතරක් නෙමෙයි.. සජිත් ගෙවල්වල ඇති කරන බල්ලන්-පූසන්-ගිරව්-පරවියන්-මාළුන්ටත් ආදරෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

යාල කැලේ අලි-කොටි-වලස්සුන්ට විතරක් නෙමෙයි.. සජිත් ගෙවල්වල ඇති කරන බල්ලන්-පූසන්-ගිරව්-පරවියන්-මාළුන්ටත් ආදරෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Sri Lanka Latest News

පහුගිය කාලේ හෝටලයක් කරන්න ගියාම ලොකු විරෝධයක් ආවා! ඔන්න දැන් නුවරඑළියේ පරණම තැපැල් කාර්යාලයේ උඩ තට්ටුව සුද්දන්ට නවතින්න පුළුවන් හෝටලයක් කරනවා! දැන් නම් කාගෙවත් විරුද්ධත්වයක් පේන්න නෑ වගේ! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.