• About us
  • Contact us
Wednesday, June 17, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මම කරපු එක වැඩක්වත් ෆේල් නැහැ…! වැඩ ඇතුළේ අපි ගහහන්නවා…! ඒත් තරහක් නැහැ…! චැනල් ගානක බෙල්ට් නැතිවෙද්දි මගේ හීනය මම අතහැරියේ නැහැ….! ලසිත කාරියවසම් I Sri Lanka Latest News

June 13, 2026
in Heart
Reading Time: 3 mins read
A A
මම කරපු එක වැඩක්වත් ෆේල් නැහැ…! වැඩ ඇතුළේ අපි ගහහන්නවා…! ඒත් තරහක් නැහැ…! චැනල් ගානක බෙල්ට් නැතිවෙද්දි මගේ හීනය මම අතහැරියේ නැහැ….! ලසිත කාරියවසම් I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කලාව කියන්නේ තරගයක් නම්, ඒ තරග බිමේ නොබියව සටන් වදින අපූරු නිර්මාණකරුවෙකි ඔහු. සිනහව මැදින් ‘ඔෆිස්ලන්තේ’ කැඳවාගෙන ආ ලසිත ජයසේකර, සිය කුලු‍ඳුල් ප්‍රාසාංගික සිහිනය වූ ‘ගේට්ටුවා’ ප්‍රේක්ෂකයා අබියසට රැගෙන එන්නේ වසර හතක දීර්ඝ නිහඬ සටනකින් පසුවය. නාලිකාවලින් හැලෙද්දීත්, විකාශන කාලවේලාවන් අහිමි වෙද්දීත් තම නිර්මාණය කෙරෙහි වූ විශ්වාසය අත්නොහළ ඔහු, අද ජාතික තිරය මතින් සිය ජයග්‍රහණය සනිටුහන් කර හමාරය. සිය කුලු‍ඳුල් දරුවාගේ සුරතල් බලමින් ජීවිතයේ සුන්දරම කාලය ගෙවන මේ දක්ෂ අධ්‍යක්ෂවරයා, වසර හතක කටුක ගමනේ ඇතුළාන්තය මෙසේ ‘හාට්’ පිටු අතරින් දිගහරියි. Sri Lanka Latest News

ලසිත මේ දිනවල ගොඩක් සතුටින් කියලා අපි හිතනවා?
ඇත්තටම ඔව්. මම ගොඩක් සතුටින්. මගේ කුලුඳුල් දරුවාගේ හැඩ බලමින් ඒ වෙනුවෙන් කාලය ගතකරමින් ඉන්න කාලයක් තමයි මේ.
‘ගේට්ටුවා’ ටෙලිනාට්‍යයේ ආරම්භයට සෑහෙන කාලයක් ගෙවීගිය බව ආරංචියි?
කාලෙක ඉඳලා මම දැකපු සිහිනයක්. මම හිතුවා ප්‍රාසාංගික හොඳ නිර්මාණයක් කරන්න ඕනේ කියලා. මගේ කුලුඳුල් නිර්මාණය ‘ගේට්ටුවා’ 2019 වර්ෂයේ කොරෝනා වසංගතය අවසාන කාලයේ රූගත කිරීම් ආරම්භ කළේ. ඉතින් කොහොම හරි මට අවුරුදු හතක් විතර ගියා ටෙලිනාට්‍යය ප්‍රේක්ෂකයන්ට රසවිඳින්න ඉඩ ලබාදීමට. ‘ගේට්ටුවා’ සතියේ දිනවල රාත්‍රී 8.30ට ජාතික රූපවාහිනියෙන් විකාශය වනවා. හැබැයි කාලයක් ගෙවිලා ගියත් ප්‍රේක්ෂකයන් ආදරයෙන් මේ නිර්මාණය වැලඳගෙන තිබෙන එක ගැන මම සතුටු වෙනවා.
මෙපමණ කාලයක් ගතවීමට හේතුව?
හේතුව මොකක්ද කියන්න මම දන්නේ නැහැ. රූපවාහිනී නාලිකා කිහිපයකටම මම මේ නිර්මාණය භාරදුන්නා. ඒ හැම නාලිකාවකින්ම ‘ගේට්ටුවා’ සමත් වුණා. හැබැයි එහෙම වුණාට විකාශය කිරීමට බෙල්ට් එකක් ලැබුණේ නැහැ. ඉතින් මම දෙවැනි වතාවටත් නැවත ජාතික රූපවාහිනියට නිර්මාණය භාරදුන්නා. කියන්න සතුටුයි නව අධ්‍යක්ෂ මණ්ඩලය නිර්මාණය භාර අරගෙන කාලවේලාවකුත් ලබාදීපු එකට මම රූපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලය ඇතුළු සියලු දෙනාට ස්තුතිය පුදකරනවා. මම හිතනවා ‘ගේට්ටුවා’ නාට්‍යයට සුදුසුම කාලය දැන් කියලා. මගේ විතරක් නෙවෙයි නිර්මාණයේ සියලු දෙනාගේ උත්සාහය මහන්සිය අපගේ ගියේ නැහැ.

වසර 7ක පමණ කාලයක් ගෙවීයෑමත් සමග කතාවට වුණත් ලොකු වෙනසක් දැනෙනවා ඇති?
මේ කතාව පොඩි ළමයෙක්ගේ අධ්‍යාපන සිහිනය ගැන කියැවෙන කතාවක්. තවත් සමාජ පසුබිම් ප්‍රශ්න කිහිපයක් මූලික කරගෙන මෙය ගලාගෙන යනවා. නීතිමය ප්‍රශ්නයක් ගැන. ලියාපදිංචිය තහවුරු කරගැනීමට නොහැකිව දරුවෙක් පාසලට ඇතුළත් කිරීමට නොහැකිව ඇතැම් අය අදටත් සමාජයේ මේ වගේ ප්‍රශ්නවලට මුහුණ දෙනවා. ‘ගේට්ටුවා’ පිටපතේ තිබුණු විදියට ළමයා අවසානයේ පරිවාසයට යනවා. ඒ තිබුණු පෙළගැස්මත් එක්ක කතාව පැත්තෙන් බැලුවොත් කාලය ගෙවුණත් ලොකු වෙනසක් නිර්මාණයට බලපෑමක් වුණේ නැහැ. වෙනසකට තිබුණේ ඒ දරුවා කාලය ගෙවීයෑමත් සමග උස්මහත් වෙලා. හැබැයි ටෙලිනාට්‍යයේ භාගයක්ම අපි රූගත කිරීම් අවසන් කරලා තිබුණේ. කතාවේ හැටියට ළමයා පරිවාසයට යන නිසා නැවත ඒ දරුවාගේ වෙනස්වීමත් එක්ක ප්‍රශ්නයක් නොවුණු එකට සතුටුයි. හැබැයි එහෙම වෙනස් නොවීමත් කතාවේ නොතිබුණා නම් ලොකු බලපෑමක් සිදුවෙන්න තිබුණා.
චරිත නිරූපණය කරන ශිල්පීන් තුළ ලොකු වෙනසක් දකිනවා?
ඒ වෙනස දනවන්න තමයි මටත් වුවමනා වුණේ. මේ නිර්මාණය වෙනුවෙන් චරිත තෝරාගැනීමේදී මම කිසිම ලස්සන රූප ස්වභාවයක් බැලුවේ නැහැ. ගම්වල ජීවත්වෙන ජීවිත මුහුණු, දුක් විඳින රූපරාමුවකට ගේන්න තමයි මම උත්සාහ කළේ. චරිතවලට ගැළපෙන සුවිශේෂ ශිල්පීන් තමයි මම තෝරාගත්තේ. මගේ තේරීම අදටත් ගොඩක් සාර්ථකයි. ඒ සියලු ශිල්පීන් චරිතවල උපරිමයටත් වඩා ජීවත් වුණා.
ඔබේ මේ ජයග්‍රහණයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
ලංකාවේ ප්‍රේක්ෂක කණ්ඩායම් දෙගොල්ලක් ඉන්නවා. මම ‘ගේට්ටුවා’ ටෙලිනාට්‍යයට පසු සින්ධු, තත්පර 60, ඔෆිස්ලන්තේ නිර්මාණ අධ්‍යක්ෂණය කළා. මුලින්ම විකාශය වුණේ ඔෆිස්ලන්තේ. එය හාස්‍යයට බර නිර්මාණයක්. එකිනෙකට වෙනස් රසවින්දන සහිත ප්‍රේක්ෂකයන් ඉන්නවා. මම කරපු කිසිම නිර්මාණයක් ෆේල් වුණේ නැහැ. හැබැයි මම හිතනවා මගේ ජයග්‍රහණය ‘ගේට්ටුවා’ කියලා.
දැවැන්ත දෙපළක් සමග ලබපු ජයග්‍රහණය කොහොමද?
මම මේ වනවිට ඒකාංගික ටෙලිනාට්‍ය 35කට වැඩි ප්‍රමාණයක් කරලා තියෙනවා. 2018 රාජ්‍ය සම්මාන උළෙලේ මගේ ‘ශෝධක’ ඒකාංගික ටෙලිනාට්‍යයටත්, 2019 සුමති සම්මාන උළෙලේදී මගේ ‘අවලෝකන’ ඒකාංගික ටෙලිනාට්‍යයටත් සම්මාන ලැබුණා. ඒ වගේම දැවැන්ත පිරිසක් එකතු වෙලා හදපු පිට්ටනියේ තමයි අපි බෝල ගහන්නේ.
මේ නිර්මාණ තරගකාරීත්වයට ඔබේ සූදානම කොහොමද?
මමත් තරගයට සූදානම්. නිර්මාණය ඇතුළේ අපි සටන් කරනවා. වැඩ ඇතුළේ ගහගන්නවා. කෙනකු සමග පෞද්ගලික තරහක් නැහැ. මේ තරගකාරී නිර්මාණ කලාවට මම මුහුණ දෙනවා. ඇත්තටම දක්ෂයෙක් නම් මේ වෙලාවේ ඔහුට ජයගන්න පුළුවන්.
ලසිත මේ වනවිට නිදහස් නිර්මාණකරුවෙක් ලෙස කටයුතු කරන්නේ?
නැහැ. මම මේ වනවිට පෞද්ගලික රූපවාහිනි නාලිකාවක විධායක නිෂ්පාදකවරයෙක් ලෙස කටයුතු කරනවා. මේ වනවිට එම රූපවාහිනී නාලිකාව සඳහා පමණක් ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයකු ලෙස නිර්මාණ දායාද කරන්නේ.

වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

අවුරදු 14කට පසු රත්තොටට ආ පක්ෂ කාර්යාලය! PHOTOS I Sri Lanka Latest News

Next Post

ග්‍රහ මණ්ඩලයේ සතියේ තීන්දුව! Sri Lanka Latest News

MORE NEWS

පසුතැවීම්, කලකිරීම් නැති මේ ගමන ඇතුළේ නෙත්මි රොෂෙල් හරිම ලකී…! හීන නොදැකපු සිනමාව අවුරුදු 7කින් මාව චිත්‍රපට 7ක හිමිකාරියක් කළා…! මගේ හැමදේම මගේ පවුලයි…! නෙත්මි රොෂෙල් I Sri Lanka Latest News
Heart

පසුතැවීම්, කලකිරීම් නැති මේ ගමන ඇතුළේ නෙත්මි රොෂෙල් හරිම ලකී…! හීන නොදැකපු සිනමාව අවුරුදු 7කින් මාව චිත්‍රපට 7ක හිමිකාරියක් කළා…! මගේ හැමදේම මගේ පවුලයි…! නෙත්මි රොෂෙල් I Sri Lanka Latest News

රටටම කියලා අපිත් එක්ක එකතු වෙලා දීගයක් කන්න එන්න…! හිතන දේ වෙන්නේ නැහැ වෙන දේ හිතාගන්න බැහැ…! කලාකරුවෝ කියන්නේ ලයිසන් නැති වෛද්‍යවරු…! කලාව කියන්නේ හිත් රිදුණු බිඳුණු අය සනසවන තැනක්…! බුද්ධික පින්නදූව I Sri Lanka Latest News

‘කාමර අංක 106’ රිදී තිරයට! Sri Lanka Latest News
Heart

‘කාමර අංක 106’ රිදී තිරයට! Sri Lanka Latest News

ටෙලි දකිද්දී මටත් ආසයි…! මගේ මුළු ලෝකයම දැන් දුවයි පුතයි…! තවමත් ආරාධනාවලින් අඩුවක් නැහැ…! රුවන්ගි රත්නායක I Sri Lanka Latest News
Heart

ටෙලි දකිද්දී මටත් ආසයි…! මගේ මුළු ලෝකයම දැන් දුවයි පුතයි…! තවමත් ආරාධනාවලින් අඩුවක් නැහැ…! රුවන්ගි රත්නායක I Sri Lanka Latest News

උදේනි පට්ට ඇණයක්? ගැහුවොත් ඔළුව පාත් කරන්නේ නැහැ…! කැපිලි කෙටිලි ඉරිසියාව මම ළඟ නැහැ…! උදේනි නදීකා පීරිස් I Sri Lanka Latest News
Heart

උදේනි පට්ට ඇණයක්? ගැහුවොත් ඔළුව පාත් කරන්නේ නැහැ…! කැපිලි කෙටිලි ඉරිසියාව මම ළඟ නැහැ…! උදේනි නදීකා පීරිස් I Sri Lanka Latest News

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News
Heart

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

Load More
ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News
Exclusive

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ තොරතුරු සහ දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ප්‍රදේශ 2723 ක් හදුනාගෙන ඇත. Sri Lanka Latest News එයින් වැඩිම...

Read more
මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.