විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ඇමෙරිකානු එක්සත් ජනපද House Democracy Partnership (HDP) හි දූත පිරිසක් අතර සුවිශේෂ හමුවක් අද (10) පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී සිදු විය.Sri Lanka Latest News
ඇමෙරිකානු එක්සත් ජනපද House Democracy Partnership හි මෙම දූත පිරිස මේ දිනවල ශ්‍රී ලංකාවේ නිල සංචාරය නිරත වන අතර එම සංචාරය අතරතුර මෙරට ප්‍රමුඛ පෙළේ දේශපාලනඥයන් රැසක් හමුවේ.
මෙහි දී දෙපාර්ශ්වය අතර පාර්ලිමේන්තු සහයෝගීතාව, ප්‍රජාතන්ත්‍රවාදී පාලනය, ව්‍යවස්ථාදායක ක්‍රියාවලීන් සහ ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර දීර්ඝ කාලයක් පුරා පවතින ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අවස්ථා පිළිබඳව අවධානය යොමු ව තිබේ. එසේම රාජ්‍ය ප්‍රතිපත්ති සංවර්ධනය සහ ශ්‍රී ලංකාව මුහුණ දෙන සමකාලීන දේශපාලන හා ආර්ථික අභියෝග පිළිබඳව ද දෙපාර්ශ්වය අතර දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු වූ අතර මෙම හමුවීම තුළින් ශ්‍රී ලංකාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර ප්‍රජාතන්ත්‍රවාදී සහයෝගීතාව සහ අන්‍යෝන්‍ය අවබෝධය ප්‍රවර්ධනය වීම තවදුරටත් සිදු විය.
මේ අවස්ථාවට එක්සත් ජනපද දූත පිරිස නියෝජනය කරමින් මේගන් මුවර් (HDP), මේගන් කැරොල් (Congressional Budget Office), ක්‍රිස්ටි හෝලි ඇන්තනි (Congressional Budget Office), ජේන් හොවෙල් (Chargé d’Affaires, U.S. Embassy in Sri Lanka), ඇඩම් මිචෙලෝ (Political Officer, U.S. Embassy), චතුරි දිසානායක (Political Specialist, U.S. Embassy) සහ ආරොන් යෝස්ට් (Political Fellow, U.S. Embassy) යනාදීන් එක්විය.




















