• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මාලිමාවට බලය හිමි නුවරඑළි මහනගර සභාවේ අලි කචල් එකක්! මාලිමා නගරාධිපතියි නියෝජ්‍ය නගරාධිපතියි ඇරගනී! සභාවේ වෙච්ච වංචා දූෂණ වැළක් කියාගෙන යයි! සභාවේ වැරදි තියාගෙන මාධ්‍යට සද්දෙ දාන්න ලෑස්ති වෙන්න එපා! අන්තිමේදී නගරාධිපතිතුමාත් වංචාවක් වෙලා තියෙන බව පිළිගනී! PHOTOS I Sri Lanka Latest News

June 10, 2026
in Exclusive
Reading Time: 11 mins read
A A
නුවරඑළිය නගර සභාවේ ‘හිට්ලර්’ පන්නයේ පාලනය! දැඩි මාධ්‍ය මර්දනයක්! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

නුවරඑළිය මහ නගර සභාවේ වාර්ෂික මහා සභා රැස්වීම ඊයේ (09) උදෑසන 10.30ට ආරම්භ වී පස්වරු 12.30 දක්වා නුවරඑළිය මහ නගර සභා සභා ගර්භයේදී නගරාධිපති උපාලි වනිගසේකරගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.Sri Lanka Latest News

එහිදී සභාව ආරම්භයේදීම පසුගිය දින කිහිපය පුරාවට ආන්දෝලනයට ලක් වූ නුවරඑළිය මහ නගර සභාවේ ඉන්ධන මූල්‍ය වංචාව පිළිබඳ නගරාධිපතිවරයා අදහස් දක්වමින් කියා සිටියේ මාධ්‍යයට පදනම් විරහිත ප්‍රකාශ සාක්ෂි සාධක නොමැතිව ලබාදීම සහ එම තොරතුරු ඔස්සේ මහජනතාව දැනුවත් කිරීමෙන් මහ නගර සභාවේ කීර්ති නාමයට හානියක් සිදුවන බවය.

තවද දිගින් දිගටම මාධ්‍ය හරහා මහනගර සභාව පිළිබඳව පදනම් විරහිත ප්‍රකාශ සිදුවීම හෙලා දකින බවද නගරාධිපති උපාලි වනිගසේකර මහතා පැවසීය.

එයට පිළිතුරු ලබාදෙමින් අදාළ ඉන්ධන වංචා පිළිබඳව මාධ්‍ය වෙත ප්‍රකාශ ලබා දුන් එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රී සුසන්ත ප්‍රියලාල් පලිහවඩන සිදු වී ඇති වංචාවේ දත්ත සහිතව සභාවට කරුණු ඉදිරිපත් කළ අතර ඉන් අනතුරුව නගරාධිපතිවරයා විසින් ඉන්ධන වංචාවක් සිදු වී ඇති බව පිළිගත් අතර ඒ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදු කිරීමට එකඟ විය.

එම චෝදනාවත් සමඟම එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රී සුසන්ත පලිහවඩන චෝදනා කර සිටියේ නගරාධිපතිවරයාගේ හෝ මුදල් කාරක සභාවේ සහ මහා සභාවේ කිසිදු අනුමැතියෙන් තොරව මන්ත්‍රීවරයෙකුගේ ආධාරකරුවන් පිරිසක් වෙනුවෙන් පදික වේදිකාවේ තාවකාලික කඩ නිර්මාණය කිරීම සඳහා රුපියල් 47,000ක මුදලක් පුද්ගලයෙකු විසින් එකතුකර ඇත්තේ පදික වෙළඳාම හා ඒ හා සම්බන්ධ ඇතිවන ඕනෑම ගැටලුවකට නගරාධිපතිවරයා පිළිතුරු දෙන බව පවසා ඇති පසුබිමකය. එසේ නම් එම අත්තනෝමතික මුදල් එකතුකිරීම පිටුපස සිටින්නේ නගරාධිපතිවරයාද ? එලෙස මහජනතාව ප්‍රශ්න කරන විට නගරාධිපතිවරයා දින උත්තරේ මොකක්ද යනුවෙන් ප්‍රශ්න කළේය.

ඉන් අනතුරුව සභාවේ අදහස් දක්වමින් නියෝජ්‍ය නගරාධිපති සිවන් ජෝති යෝගරාජා  කියා සිටියේ සභාවේ නගරාධිපති ප්‍රමුඛ සියලුම සභිකයන් ක්‍රියා කළ යුත්තේ මහනගර සභා ආඥා පනතට අනුකූලව බවයි.

වැඩිදුර අදහස් දැක්වූ නියෝජ්‍ය නගරාධිපති සිවන්ජෝති යෝගරාජා මෙසේද අදහස් දැක්විය.

මේකෙ ඉන්න එක නගරාධිපතිවරයයි අනිත් සියලුම දෙනා සභිකයන්. සභාව දැනුවත් කරන්නැතුව මුදල් කාරක සභාව දැනුවත් කරන්නැතුව මන්ත්‍රීවරයෙකුට ඕන ඕන විදිහකට ආධාරකරුවන් ලවා මුදල් එකතු කරනවා නම් සභාවක් මොකටද? ලංකා කම්කරු කොංග්‍රසය නියෝජිතයන් දෙන්නෙක් එකතු වෙච්ච නිසයි මේ සභාව මාලිමා සභාවක් වුණේ කියන එක මතක තියාගන්න. දිගටම ඒ සහයෝගය අවශ්‍ය නම් තනි තනි පුද්ගලයන් වශයෙන් වැඩ කිරීම නවත්තලා සාමූහික වැඩ කටයුතු කරන්න. මෙතන ඉන්න කාටවත් පක්ෂ පාට අදාළ නෑ නාගරික මන්ත්‍රීවරයෙක් වුණාට පස්සේ සියලු දෙනාම වැඩ කරන්න ඕන මහජනතාවගේ සුභ සිද්ධිය සඳහා. ඊළඟ දේ තමයි මාධ්‍ය මගින් සිදු කරන වාර්තාවන්ට මේ සභාවේ විරෝධතාවයන් ප්‍රකාශ කිරීම මා තරයේ හෙලා දකිනවා. මෙතෙක් කල් මාධ්‍ය මගින් සිදු කරපු සියලුම අනාවරණයන් ඇත්ත. යම්කිසි වැරැද්දක් සිදුවෙලා තියෙන නිසා තමයි මාධ්‍ය ඒ ගැන අනාවරණය කරලා අපිට ඒ වැරැද්ද හදාගන්න අවශ්‍ය ඉඟිය හා තොරතුරු ලබා දෙන්නේ.

ඒ තොරතුරු එකිනෙකට කියනවා නම් , සතිපොළ ගැන දැන් අවුරුද්දක් පුරාවට අනාවරණය කරනවා මහ නගර සභාවක් වශයෙන් අපි කරපු දෙයක් නැහැ.වීදි ලාම්ප ගැටලුවක් ගැන අනාවරණය කළා. ඒකටත් මහ නගර සභාව විසින් කරපු දෙයක් නැහැ. කාලයේ කඩා වැටුණු පාලම ගැන අනාවරණය කරා දිගින් දිගටම තාමත් පාලම අපි හදල නැහැ. ගොල්ෆ් ක්‍රීඩාංගනයේ ගස්වලට කළුතෙල් ගහලා ගස් මරා දමනවා කියලා අනාවරණයක් කළා. ඒකෙ කොටසක් ප්‍රාදේශීය ලේකම්ට කොටසක් මහ නගර සභාවට අයිතියි. ඒ ගැනත් අපි කිසිදු හොයා බැලිල්ලක් කරලා නැහැ. ඒ වගේ වර්තමානයේ තෙල්වංචාව. මාධ්‍ය මගින් අනාවරණය කරන හැම දෙයක්ම අපේ වැරදි. අපි ඒවා හදාගෙන ඉදිරියට යන්න ඕන. ඒ හැරෙන්න මාධ්‍යයට චෝදනා කරන එක නෙමෙයි අපි කරන්න ඕන.

එම ප්‍රකාශයට පිළිතුර ලබා දෙමින් නුවරඑළියෙ මහනගර සභාවේ ජාතික ජන බලවේගයේ නාගරික මන්ත්‍රී ජූඩ් චන්දන මැදගම කියා සිටියේ සභාවේ තීන්දු තීරණ ගන්න බලය සභාවට හිමි නමුත් කොට්ඨාශයේ ජනතාව වෙනුවෙන් ක්‍රියා කිරීම සහ ඔවුන්ගේ සුගතිය වෙනුවෙන් කටයුතු කිරීමේ වගකීම කොට්ඨාශ භාර මන්ත්‍රීවරයාට හිමි විය යුතු බවයි. කෙසේ වෙතත් කිසියම් වැරැද්දක් සිදුවී ඇත්නම් ඒ පිළිබඳව සොයා බලා කටයුතු කිරීමද අනිවාර්ය වන බව ඔහු පැවසීය .

ඉන් අනතුරුව පසුගිය දිනවල ආන්දෝලනයට ලක් වූ ඉන්ධන වංචාව පිළිබඳ අදහස් දක්වමින් ජාතික ජන බලවේග නාගරික මන්ත්‍රී මහේස් රත්නසේකර කියා සිටියේ එය වංචාවක් නොව අදාළ සංවර්ධන කටයුතු සිදුකරගෙන යාමේදී සිදු වූ අත්වැරදීමක් බවය.

කසල කළමනාකාරීත්වය දුර්වලතාවය පිළිබඳව සභාව වෙත අදහස් දැක්වූ  ජාතික ජන බලවේගයේ නාගරික මන්ත්‍රී රංජිත් ද මැල් මහතා කසල කළමනාකාරීත්වය පිළිබඳ ඇති වූ ගැටලුවකදී මහනගර සභා සේවයකයකුට උපදෙස් ලබා දෙන විට ඔහු තමාට ‘පර බල්ලා’ යනුවෙන් බැන වැදි ‘තොට තියෙන්නේ අවුරුදු තුනයි.. මට විසිපහයි.. එතකොට බලාගමු’ යනුවෙන් තර්ජනය කළ බවද සභාව හමුවට ඉදිරිපත් කළේය.තවද මහ නගර සභා සේවකයන්ගේ විනය පිළිබඳව සොයා බලා විනයානුකූල සේවකයන් බවට පත් කිරීමේ වගකීම හරි විදිහට ඉටු කරන්න බලධාරීන් කටයුතු කළ යුතු බවද ඔහු අනාවරණය කළේය ,

ඉන් පසුව සභාව ඇමතූ ජාතික ජන බලවේගය නාගරික මන්ත්‍රී මොහොමඩ් නවාස් කියා සිටියේ මහනගර සභාවේ සේවකයන් පිරිසක් පවරන හැම වැඩක්ම නොකෙරෙන තැනට අදහස් ලබා දෙනවා හැරෙන්න වැඩක් කරන්න උවමනාවක් නැති බවය. ඉන් එක වැඩක් වශයෙන් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ කාර්යාලයේ පඩිපෙළ අසල ගලී වළක් වසරක් තිස්සේ උතුරනවා උතුරනවා. ඒක හදන්න යනකොට අරක කරන්න බෑ.. මේක කරන්න බැහැ කියලා කියනවා හැරෙන්න කරන්න පුළුවන් දෙයක් හරියට කියන්නෙ නෑ. එතනින් වෙන්නේ ඒ වැඩේ කෙරෙන්නේ නැති එක විතරයි.’ යැයි කියාය.

ඉන් අනතුරුව සභාව ආමන්ත්‍රණය කරමින් අදහස් දැක්වූ ජාතික ජන බලවේග නාගරික බුද්ධික ගුණසේන කියා සිටියේ මහනගර සභාවේ වැරදි මාධ්‍ය වෙත ප්‍රකාශ කරන පුද්ගලයන්ගේ පැටිකිරිය පිළිබඳ විශාල ගැටලුවක් තිබෙනවා. ඔවුන්ගෙන් සමහරක් පක්ෂ වලින් නෙරපුව පක්ෂවලින් දොට්ට දාපු පුද්ගලයන්. ඒ වගේ දෙයක් වෙලා තියෙන්නේ ඔවුන් කරපු වැරදි නිසා. එවන් පුද්ගලයන් මහ නගර සභාවට වැරදි කියන එක ගැන අපි හිතන්න දෙයක් නැහැ. මාධ්‍යයට අපි වචනයක්වත් කියන්නේ නැහැ. ඔවුන්ගේ රාජකාරිය ඔවුන් කරනවා. එසේ නමුත් අර වගේ පුද්ගලයන් ගැන අප තැකීමකට ලක් කළ යුතු නැහැ. යනුවෙන් ඔහු පැවසීය ,

මෙහිදී අදහස් දැක්වූ සියලුම මන්ත්‍රීවරුන්ගේ ඒකමතික අදහසක් වූයේ මසකට වරක් සභාවට ඉදිරිපත් කරනු ලබන යෝජනාවන් පිළිබඳ ප්‍රගති සමාලෝචන රැස්වීමක් ලබාගෙන ඉදිරිපත් වන යෝජනා සියල්ල හරියාකාරයෙන් ඉෂ්ඨ කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කළ යුතු බවයි .

SendShareShare
Previous Post

එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News

Next Post

එල්-නිනෝ ගැන ඔක්කොම කතා කරනවා දැන්! ඉස්සෙල්ලාම කිව්වේ සජිත්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමය විරුද්ධ වුණා..! මහාධිකරණ නීතීඥ සංගමය විරුද්ධ වුණා..! කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥවරු විරුද්ධ වුණා! ආණ්ඩුව රිවස් වුණා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනතාවට බදු පිට බදු ගහලා බිලියන ගණන් හොයන ආණ්ඩුව සිගරට් සමාගම්වලට බිලියන 17ක බදු සහන දීලා! VIDEO I Sri Lanka Latest News

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේ ගැන බලන්න පංච පුද්ගල විශේෂඥ අධිකරණ මණ්ඩලයක් පත්කරයි! කොටුවේ සත්‍යග්‍රහය තාවකාලිකව නවත්වයි! I Sri Lanka Latest News

පොහොර හිඟයට එරෙහිව ඉන්දියාවේ ගොවීන් පාරට බැහැලා දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පටන් ගත්තා! VIDEO I Sri Lanka Latest News
Exclusive

පොහොර හිඟයට එරෙහිව ඉන්දියාවේ ගොවීන් පාරට බැහැලා දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පටන් ගත්තා! VIDEO I Sri Lanka Latest News

Load More
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමය විරුද්ධ වුණා..! මහාධිකරණ නීතීඥ සංගමය විරුද්ධ වුණා..! කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥවරු විරුද්ධ වුණා! ආණ්ඩුව රිවස් වුණා! I Sri Lanka Latest News

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් රජය මෙතෙක් කිසිදු සාකච්ඡාවක් පවත්වා නොමැති බව කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ජනතාවට බදු පිට බදු ගහලා බිලියන ගණන් හොයන ආණ්ඩුව සිගරට් සමාගම්වලට බිලියන 17ක බදු සහන දීලා! VIDEO I Sri Lanka Latest News

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේ ගැන බලන්න පංච පුද්ගල විශේෂඥ අධිකරණ මණ්ඩලයක් පත්කරයි! කොටුවේ සත්‍යග්‍රහය තාවකාලිකව නවත්වයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.