• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

June 6, 2026
in Astrology, Exclusive
Reading Time: 3 mins read
A A
අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මහේෂ්වර දෙවියන් විසින් නිර්මාණය කරන ලද්දාවූද චන්දස් ආදී අලංකාර ශාස්ත්‍රය පිළිවෙළින් අනුව මහා බ්‍රහ්මයාද සත්කුමාර බ්‍රහ්මයාද සුරගුරුද ශක්‍ර දේවේන්ද්‍රයාද අනන්ත නා රජු විසින්ද ඉන් අනතුරුව ඔවුන් වෙතින් පිංගුලාචාර්යයන්වරයාද හදාරා ජනතාව වෙතට දායාද කළ බවත් මහා ඍෂිවරයාණන් අගස්ති මුණිවරයා විසින් සෙත්කවියේ අටගණ හා කාව්‍ය දෝෂ ගැනත් රස විශේෂ හා නිවැරැදි වූත් අලංකාරික ශුභ අශුභ විස්තරද ගෙනහැර දක්වන ලද බවත් සෙත්කවිය සම්බන්ධව පුරාණාචාර්යවරුන්ගේ මතය ලෙස ජ්‍යොතිෂයට අනුව සඳහන් වේ. තවද ගණ අටක් හඳුන්වා දුන් අගස්ති මුණිවරයා ඒවා ජනතාවගේ පැවැත්මට බලපවත්වන්නා වූ ජීව බලවේගයක් බව අවධාරණය කළේ යැයිද පැරැණි පොතපතෙහි සඳහන්ව ඇත.Sri Lanka Latest News

සෙත්කවිය ගුප්ත විද්‍යාවක් යැයි කිවහොත් එය වඩාත් නිවැරැදිය. එයට හේතුව වනුයේ එය මෙරට ජන ජීවිතය තුළ ආධ්‍යාත්මය හා බැඳී පවතින නිසාවෙනි. එය රසවින්දනය පිණිස යොදා නොගන්නා වූ ශාස්ත්‍රීය නිපුණතාවකින් පරිපූර්ණ වූ රස නිශ්පත්තිය උදෙසා නොව සකල ලෝකවාසී ජනයාගේ පිහිට පතන අයට යහපත ළඟා කරදීමත් ගුණ නිශ්පත්තිය මුල්කරගෙන සුවය, සතුට, සහනය, සමාදානය, කරුණාව, දයාව, මෛත්‍රිය මුල් කරගෙන ශබ්ද ශාස්ත්‍රානුකූලව නිර්මාණය වීමත් එයට හේතු වන්නේය.

සෙත්කවි සෑදීමේදී කවි කලාව විද්‍යාවක් බවට පත්වනුයේ අක්ෂර, ගණ, යෝනි, ගැළපීම, සීහුම් බැලීම ආදී භාෂාත්මක වූත් ජ්‍යොතිෂ විද්‍යාමය වූද අනේකවිධ නියමයන් මෙන්ම නිවැරැදි වූ භාෂාමය ක්‍රම උපායන් රැසක් මෙහි රචකයා විසින් නිර්මාණය කිරීම හරහාය.

කරදර විපත් පැමිණි විටක මෙන්ම මාරාන්තික දුක් පීඩා විඳිමින් ලෙඩ ඇඳට වැටුණු විටද කායික මෙන්ම මානසික ශක්තිය ස්ථාවර කරගැනීමට දෙවියන්ගෙන් දේව ආශීර්වාදය, රැකවරණය ඉල්ලමින් පතමින් විශ්වයේ යහපත් ශක්තීන් අවධි කර ලියන ලද සෙත්කවියේ පූර්ව සූදානම, සෙත්කවි ලියන්නාද සෙත්කවි කියන්නාද ඉන් පිහිට පතන්නාද එහි හරි වැරැද්ද විනිශ්චය කරගැනීමට අසමත් වීම තදබල ඛේදවාචකයක් වී හමාරය.

සහජ කවීත්වය නොමැති වුවත් භාෂා ශාස්ත්‍රීය දැනුම නිසියාකාරවම ප්‍රගුණ කළ යුතුමය. මූලික ජ්‍යොතිෂ දැනුම පමණක් ලබා සිට මෙම කාර්යය ඉෂ්ට සිද්ධ කිරීම එතරම් ශුභ ඵල උදාකරගැනීමට ප්‍රමාණවත් නොවන බව මා මෙහිදී සඳහන් කළ යුතුමය. සෙත්කවි රචනාවේදී සහජ කවීත්වය මෙන්ම ශාස්ත්‍රීය වශයෙන් නිවැරැදි හැදෑරීමක් කර තිබීම ඉතා වැදගත් වේ. මනා දැනුමක් අවබෝධයක් නොමැතිකම නිසා සෙත්කවි කලාව තරමක් දුරට භාවිතයෙන් බැහැරව යන බව මා ලද අත්දැකීම් මත කිව හැකිය. දැනුම බුද්ධිය හැකියාව මතින් පමණක් සෙත්කවියේ ඵල දැරීමට ප්‍රමාණවත් නොවන්නකි. තමා රචනා කරන සෙත්කවියේ ගුණ පණ ලැබෙන්නට නම් ආගමානුකූල ජීවිතයක් ගතකිරීමත්, ශ්‍රද්ධාව භක්තිය මෙන්ම දෙවියන් පිළිබඳ මනා දැනීමක්, විශ්වසනීය දේව බැඳීමක් භක්තියක් මෙන්ම උතුම් බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නය කෙරෙහි ශ්‍රද්ධා භක්තියත් තිබෙන සෙත්කවි ලියන්නාද එය කියවන්නාද පිහිට පතන්නාද යන තිදෙනා තුළම මනාව පිහිටා තිබිය යුතුමය.

සෙත්කවි රචනයේදී අපි ශුභ දවස, ශුභ නැකැත, ශුභ මොහොත සෙත්කවි ලිවීමේදී අක්ෂර නිවැරැදි ලෙස ගැළපීම, ගණ ගැළපීම, යෝනි ගැළපීම, ඉන්ද්‍ර, ගුරුළු නැකැත් ශාස්ත්‍රයට අනුව සෙත්කවි ලිවීම, කාව්‍ය දෝෂකරණය ආදී මූලික කරුණු පිළිබඳ මුලින්ම අවධානය යොමුකරගෙන සෙත්කවිය රචනා කළ යුතුය. ලක්දිව පුද ලබන මූලික දෙවිවරු හා දෙවියන්ගේ දේව වරුණ සෙත්කවියෙන් ඔප්පු සිද්ධ කළයුතු ආකාරය, දෙවිවරුන්ගේ ඇල්ම බැල්ම ඇතිවන වේලාවන් යොදාගැනීම, ග්‍රහ අපල දුරලන පුද පූජා, ග්‍රහ අපල දුරලන වත්පිළිවෙත්, දෙවියන්ගේ දේව වරුණ සහ දේව බලමහිමය පිළිබඳ සෙත්කවි ලියද්දී නිවැරැදි අවබෝධයක් තිබිය යුතුමය. එවිට ඔබට ශුභ ඵල උදාවනු නියතය.

සෙත්කවියේ ඇති විශේෂත්වය වන්නේ අය අක්ෂර බන්ධන මන්ත්‍රයක් වගේ නොව එයට අභිමත කාරණාවක් හා පුද්ගලයකුට ඉතා ගැළපෙන පරිදි ශාස්ත්‍රීය නියමයන් රාශියක් අනුගමනය කරමින් ලියන ලද්දාවූ ඉතා සුවිශේෂ කාව්‍ය නිර්මාණයක් වීම නිසාය. නිවැරැදි කේන්ද්‍ර පරීක්ෂාවක් කර පිහිට පතන්නාට අපල කරන ග්‍රහයන් හා අනෙකුත් අදාළ කාරණාවන්ද හරිහැටි අවබෝධ කරගනිමින් නැකැත් බලය, යෝනි බලය, පංච පක්ෂ බලය, අක්ෂර බලය, ගණ බලය යන විශ්වයේ ශක්තීන් නිවැරැදිව හඳුනා එම ශක්තිය කවි පදවලට යොදාගනිමින් නිවැරැදිව ලියන්න මනා පළපුරුදු විශ්වසනීය සෙත්කවි රචකයෙක්ම තෝරාගැනීම ඔබ විසින් බුද්ධිමත්ව සිතාබලා කළ යුතුය. එසේනම් ඔබත් ඔබගේ අපල පිරිපත දුරු කරගෙන සුවසෙත උදාකර දෙන විශ්වයේ බලගතු ප්‍රාතිහාර්යය අත්විඳින්න සූදානම් වී සිටින්න. මෙවැනි ලිපිපෙළකින් ලබන සතියේදී මා ඔබ දැනුවත් කිරීමට සූදානම්. ඔබට සියලු යහපත උදාවේවා.

ජ්‍යොතිර්වේදිනී පී.එම්. සංජීවී වසන්ති
(ජ්‍යොතිර් විද්‍යා ඩිප්ලෝමාධාරිනී / ජ්‍යොතිෂ ශිරෝමනී, ජ්‍යොතිෂ අවිශ්කාර් විශිෂ්ට ගෞරව සම්මානලාභිනී, සෙත්කවි ශාස්ත්‍ර විශාරද විශිෂ්ට ගෞරව සම්මානලාභිනී)
සංජීවී ජ්‍යොතිර් පියස
දුරකතන – 0777 130391

SendShareShare
Previous Post

‘ඒක තමයි මේක’ ජුනි 19 එනවා…! Sri Lanka Latest News

Next Post

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

MORE NEWS

අමෙරිකාව දැනට ගහලා තියෙන බද්දට ට්‍රම්ප් ගහපු අලුත් 30%ක බද්දත් එකතු වෙනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂගේ ගෙදරට යවපු භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වාර්තාව මුදල් කමිටුවට යවයි! හර්ෂණ සූරියප්පෙරුමට හෙට මුදල් කමිටුවට එන්න කියයි!  I Sri Lanka Latest News

ආපදාවෙන් පස්සේ පේන්නවත් හිටපු නැති ටිල්වින් මෙන්න පන්සලේ තිබ්බ පිංකමකින් එළියට එයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥයන් එක්ක ටිල්වින් ගල් අඟුරු කොමිසමට ඇවිත් මැයි රැලියේදී කරපු කතාවට සමාව ඉල්ලයි! කොමිසම ටිල්වින්ට අනතුරු අඟවයි! I Sri Lanka Latest News

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල-විදුලි බිල තවත් වැඩිවෙනවද? සෝලා පවර්වලට මොකද වෙන්නේ? බලශක්ති අර්බුදයෙන් ගොඩඑන්න පුළුවන්ද? බලශක්ති නියෝජ්‍ය ඇමැති ඉල්ලියාස් කතාකරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල-විදුලි බිල තවත් වැඩිවෙනවද? සෝලා පවර්වලට මොකද වෙන්නේ? බලශක්ති අර්බුදයෙන් ගොඩඑන්න පුළුවන්ද? බලශක්ති නියෝජ්‍ය ඇමැති ඉල්ලියාස් කතාකරයි! VIDEO I Sri Lanka Latest News

ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

Load More
අමෙරිකාව දැනට ගහලා තියෙන බද්දට ට්‍රම්ප් ගහපු අලුත් 30%ක බද්දත් එකතු වෙනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂගේ ගෙදරට යවපු භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වාර්තාව මුදල් කමිටුවට යවයි! හර්ෂණ සූරියප්පෙරුමට හෙට මුදල් කමිටුවට එන්න කියයි!  I Sri Lanka Latest News

අතුරුදන් වූ ඇමරිකානු ඩොලර් මිලියන 2.5 සම්බන්ධයෙන් භාණ්ඩාගාර වාර්තාවක් සකස් කිරීමට පෙර මුදල් අමාත්‍යාංශයේ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතාට රාජ්‍ය මුදල්...

Read more
ආපදාවෙන් පස්සේ පේන්නවත් හිටපු නැති ටිල්වින් මෙන්න පන්සලේ තිබ්බ පිංකමකින් එළියට එයි! VIDEO I Sri Lanka Latest News

නීතීඥයන් එක්ක ටිල්වින් ගල් අඟුරු කොමිසමට ඇවිත් මැයි රැලියේදී කරපු කතාවට සමාව ඉල්ලයි! කොමිසම ටිල්වින්ට අනතුරු අඟවයි! I Sri Lanka Latest News

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල-විදුලි බිල තවත් වැඩිවෙනවද? සෝලා පවර්වලට මොකද වෙන්නේ? බලශක්ති අර්බුදයෙන් ගොඩඑන්න පුළුවන්ද? බලශක්ති නියෝජ්‍ය ඇමැති ඉල්ලියාස් කතාකරයි! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල-විදුලි බිල තවත් වැඩිවෙනවද? සෝලා පවර්වලට මොකද වෙන්නේ? බලශක්ති අර්බුදයෙන් ගොඩඑන්න පුළුවන්ද? බලශක්ති නියෝජ්‍ය ඇමැති ඉල්ලියාස් කතාකරයි! VIDEO I Sri Lanka Latest News

ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.