• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දාහත් දාහෙන් මාසයක් ඉන්න එකද අලුත් ආණ්ඩුවකින් ඉල්ලුව වෙනස…? Sri Lanka Latest News

June 6, 2026
in Exclusive
Reading Time: 3 mins read
A A
දාහත් දාහෙන් මාසයක් ඉන්න එකද අලුත් ආණ්ඩුවකින් ඉල්ලුව වෙනස…? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රටේ මිනිස්සුන්ට ජීවත් වෙන්න අවශ්‍ය කරන මුදල ඔන්න දැන් අපි ගණන් බලලා තියෙනවා. රුපියල් 17,000කින් මනුස්සයෙකුට මාසයක් ජීවත් වෙන්න පුළුවන්. ඒක හරි ගානක් වෙන්න ඇති, අපි ඒක නෑ කියන්නේ නෑ. 17,000කින් කාලා ඇඳලා ජීවත් වෙන්න පුළුවන්. එතකොට ඇත්තටම අලුත් ආණ්ඩුව බලයට ගෙනාවේ මිනිස්සු මේ කාලා ඇඳලා, නැත්නම් ලෙවකාලා ජීවත් වෙන්න නෙමෙයි. මිනිස්සුන්ට ආතල් එකේ ජීවත් වෙන්න. ලක්ෂ 12කට විට්ස් එකක් අරගෙන, ආර්ථිකය සුඛිත මුදිත කරගෙන, තෙල් මිල අඩුවෙලා, අර කංචනගේ සාක්කුවට යන ගාන එහෙම අඩු වුණාට පස්සේ තෙල් මිල පට්ට විදිහට අඩු වෙනවා. ගෑස්වලින් අරවයින් මේවයින් හෙන සහනයක් දීලා මාර එකක් කරන්න හිතාගෙනනේ.Sri Lanka Latest News

හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඒ කියන මාර එක වුණේ නෑ. මේ රට සුරංගනා ලෝකයක් කරන්න හිතාගෙන හිටියා. සුරංගනා ලෝකේ වෙනුවට මැවුණේ සුරංගනාවෝ ඉන්න අපායක්. යක්කු නොහිටියට අපාය නම් අපායමනේ, දෙයියෝ හිටියත්. ඒක නිසා අපි කෙළින්ම කියන්නේ ඇත්තටම මේ ගණන් හිලව් හදලා පෙන්නන්න එපා 17,000වල්, 18,000වල්, 15,000වල්.

මේකම තමයි අර බන්දුල ගුණවර්ධන මහත්තයලාට අපි ජෝක් කරපු කාලේ ඒගොල්ලන්ගේ ප්‍රකාශෙත්. ඒගොල්ලොත් කිව්වා පොඩි ගානක් පෙන්නලා මේ ගානට මේ රට කරගෙන යන්න පුළුවන්, මේ ගානෙන් රටේ ඉන්න මිනිස්සුන්ට ජීවත් වෙන්න පුළුවන් කියලා. එතකොට අපි ඒකට හිනා වුණානේ. එයා කිව්වා 2,500ක් ඇති මනුස්සයෙකුට ජීවත් වෙන්න වගේ මොකක්ද කතාවක්. ඒක කිව්වේ මීට වසර ගණනකට කලින්. දැන් 17,000කට මේක නැගලා. හැබැයි 17,000කින් මිනිහෙකුට වී එයිට් එකක් අරගෙන, හෝටලයකට ගිහිල්ලා කාලා, ටි්‍රප් එකක් ගිහිල්ලා, තෙල් ටික ගහගෙන ජීවත් වෙන්න පුළුවන්ද? තෙල් ලීටරේ රුපියල් 400ත් පැනලා ගියපු කාලේ රුපියල් 17,000කින් වාහනෙකට ෆුල් ටෑන්ක් තෙල් ගහන්නත් රුපියල් 17,000 මදි. ඒ තරමටම තෙල් මිල පවා නැගලා තියෙන්නේ. ඒත් එක්ක මේක කරන්න බෑ.

මේක බොරුවක්, එහෙම නැත්නම් මේක වංචාවක් කියලා කියන්න අපි කලබල වෙන්නේ නෑ. හැබැයි අපිට දැනෙනවා, අපිට තේරෙනවා මේ කතන්දරේ ඇතුළේ බොහෝ වෙලාවට අපි නොහිතන, අපිට නොතේරෙන, අපිට තේරුම් ගන්න බැරි සත්‍යයක් තියෙනවා. ඒ තමයි මේ සිස්ටම් එක වෙනස් කරනවා කියලා බලයට එන බොහෝ දෙනකුට මේ සිස්ටම් එක වෙනස් කරන්න පුළුවන්කමක් නෑ. මේ සිස්ටම් එක නිත්‍යයි. මේ සිස්ටම් එක ඇතුළේ දේශපාලකයෙක් කියන කෙනා බොහොම සාමාන්‍ය විදිහට තමන්ගේ දිවිසැරිය ගතකරමින් යනවා. ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ සැප විඳිනවා. දැන් මේ 17,000කින් ජීවත් වෙන දේශපාලකකේ, ගෙදර කට්ටිය 17,000කින් ජීවත් වෙන දේශපාලන පවුලක් මම හිතන්නේ නෑ ඇති කියලා. ඒක තමයි ඇත්ත.

හැබැයි අපේ රටේ සාමාන්‍ය මිනිහට බොහෝවිට වරප්‍රසාද අහිමි වෙනවා. ඔවුන්ට ඇත්තටම සිද්ධ වෙන්නේ මෙන්න මේ 17,000කින් ජීවත් වෙන පවුලක සාමාජිකයෙක් වෙන්න තමයි. එතකොට අපිට වාහනයක් ගන්න එක සම්බන්ධව තියෙන හීනය බොඳවෙලා යනවා. ඊළඟට වෙනත් වරප්‍රසාද සම්බන්ධව තියෙන අයිතිය අපිට නැතිවෙලා යනවා. අපිට හොඳ තරු පහේ හෝටලයකට ගිහිල්ලා රාත්‍රියක් ගත කරන්න, දවසක් දෙකක් ඉඳලා එන්න තියෙන අවස්ථාව අහිමි වෙනවා. හොඳ හෝටලයකට ගිහිල්ලා කෑම ටිකක් කන්න තියෙන අවස්ථාව අහිමි වෙනවා. අර බත් ටිකක් කාලා, ඉන්න සාමාන්‍ය මනුස්සයෙක්ගේ ජීවිතය තමයි අපිට හිමි වෙන්නේ.

මේක කවදාකවත් වෙනස් කරන්න බැරි සත්‍යතාවක්. මේ ආණ්ඩුව පත්කරද්දී අපි හිතුවා මේගොල්ලෝ සාමාන්‍ය අය, මේගොල්ලෝ මහපොළොවේ ජීවත් වෙන අය, මේගොල්ලන්ට සාමාන්‍ය මිනිසුන්ගේ හදගැස්ම තේරෙනවා. ඒ නිසා මේගොල්ලෝ සාමාන්‍ය මිනිස්සුන්ට ගැළපෙන විදිහට මේ ක්‍රමය වෙනස් කරයි කියලා.
නමුත් ඔබට දැන් පැහැදිලි ඇති වලව්වෙන් ආපු රනිල්ම තමයි මේ පට්ට දේශපාලන ප්‍රජාතන්ත්‍රවාදය ඇතුළේ ඉන්නේ. කුරුඳුවත්තේ රනිල්ට වඩා මැදමුලනේ මහින්ද වෙනස් නෑ. කුරක්කන් සාටකය වෙනස් වුණාට, ටයි කෝට් එක නැති වුණාට මහින්ද මහින්දම තමයි. ගෝඨාභය ආවා කියලා සිස්ටම් එක වෙනස් වුණේ නෑ. ඊළඟට මේ ක්‍රමවේදය ඇතුළේ අපි හිතන අපි දකින අපි බලාපොරොත්තු වෙන ස්වර්ගය පහළ නොවන බව තඹුත්තේගමින් ආපු අනුර කුමාර දිසානායක මහත්තයා අපිට ඔප්පු කරලා පෙන්නලා ඉවරයි.
මේ ක්‍රමවේදය ඇතුළේ, මේ දේශපාලන සිස්ටම් එක ඇතුළේ බලය එහෙන් මෙහෙට මෙහෙන් එහෙට හුවමාරු කරගත්තට අපිට හැමදාම සිද්ධ වෙන්නේ ඔය 17,000කින් 18,000කින් කාලා ඇඳලා ජීවත් වෙන්න. ඒ වෙනුවෙන් අපිට ගණන් ටිකක් හදලා පෙන්නනවා. උදේට දවල්ට කාලා, ලයිට් බිල ගෙවලා, ටෙලිෆෝන් බිල ගෙවලා, වතුර බිල තියෙනවා නම් ඒකත් ගෙවලා හැන්දෑවට ටීවී එක බලලා නිදාගන්න. ඊට වඩා දෙයක් මේ ක්‍රමය ඇතුළේ සාමාන්‍ය මිනිස්සුන්ට බලාපොරොත්තු වෙන්න බෑ. ඒකේ වැදගත්ම දේ තමයි ඔබටයි මටයි බලාපොරොත්තු වෙන්න බෑ. ලොකු මිනිස්සු ඒ ගන්න ආතල් ටික ගන්නවා. ලොකු මිනිස්සු ඒ විඳින සැප විඳිනවා. දකින සිහින දකිනවා. යන ගමන් ටික යනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අපි වගේ දුප්පත් අහිංසක සාමාන්‍ය මිනිස්සුන්ට. ඒ නිසා අපි හීන දකින එක මොහොතකට නතර කරලා, දැන් 17,000කින් ජීවත් වෙන්න පුළුවන් ක්‍රමය ගණන් හදලා ඉගෙන ගනිමු. ඊට වඩා දෙයක් ගැන හිතන්න නැතුව ඉන්න මතක තියාගන්න.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

රනිල් පාර්ලිමේන්තු එන්නේ නෑ! Sri Lanka Latest News

Next Post

කෝටියක් දෝෂ භංග කරන සුරගුරු! ඔබේ කේන්ද්‍රයේ ගුරු බලපෑම මෙන්න…! Sri Lanka Latest News

MORE NEWS

ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News
Exclusive

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News
Exclusive

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News
Exclusive

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

Load More
ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) සහ එරට ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කට්ස් (Israel Katz) උතුරු ඊශ්‍රායලයේ ලෙබනන් දේශසීමාව ආසන්නයේ පිහිටි...

Read more
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.