• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

June 6, 2026
in Exclusive
Reading Time: 2 mins read
A A
ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මම සාමාන්‍යයෙන් බලන්නේ රූපවාහිනියේ හෝ ස්වාධීන රූපවාහිනියෙහි විකාශය වන නාට්‍යය පමණය. 1982 සිටම ඒවායේ බොහෝවිට ගුණාත්මක, පවුලටම එකට නැරඹිය හැකි, රසවිඳිය හැකි, විශිෂ්ට ගණයේ නිර්මාණයන්ම විකාශය වූ බැවිනි. Sri Lanka Latest News

එහෙත් මේ දිනවල මුහුණු පොතේ සංසරණය වන, ස්වර්ණවාහිනියේ විකාශය වන රොෂාන් රවින්ද්‍ර හෙවත් ‘නටත් අයෙක් සුරා මතින්’‍ ටෙලිය පසුගිය දිනෙක බැලු‍වෙමි. මුල් කොටස් නොබැලු‍වත් වත්මන් පවුල් සංස්ථාවේ සංසිද්ධි කියාපාන නාට්‍යයක් බැවින් ඉදිරියටත් බැලිය හැකිය. රොෂාන් හෙවත් ලද්දුවාගේ අධ්‍යක්ෂණය කෙසේ වෙතත් රංගනය ඉතා ඉහළය. තාක්ෂණික පැත්තෙන් නාට්‍ය බලන්නේ ටෙලිවිෂන් කලාව දන්නා බොහොම ස්වල්ප දෙනකු වුණාට සමස්තමය ආදරය කරන්නේ කතාවට සහ රඟපෑමටය. රොෂාන් මොකේ රඟපෑවත් එය සාර්ථක වන බව කියාපෑමට ඔහු කලින් රඟපෑ, නාට්‍ය හතළිහක පමණ ප්‍රමාණයෙන් අමුතු මිනිස්සු, ගොවි තාත්තා, රස්තියාදුකාරයා, සහෝදරයෝ, සිටුවර පුවත, සූර සරදියල් වැනි නිර්මාණ ඊට සාක්ෂි දරනවා ඇත.

ලද්දුගේ චරිතයට ප්‍රේක්ෂකයන් මේ තරම්ම ආදරය කරන්නේ අවුරුදු 40, 45 පැනපු බොහෝ දෙනකු තම ප්‍රථම ප්‍රේමයෙන් අත්දැකීම් විඳ නාට්‍ය නරඹන විට හදවත තුළ පැලපදියම් වූ ඒ අතීත ආදර සැමරුම් මතකයට නැගෙන නිසාය. අපි කවුරුත් ඒ ආදරයට තාමත් ආදරේය.

බොහෝ අයගේ ප්‍රථම ප්‍රේමය ලද්දුගේ මෙන් බැංකු නිලධාරිනියක් නොවුණාට කුමක් හෝ වෘත්තියක නියැළෙන්නියක් විය හැකිය. බොහෝ දෙනකුට ප්‍රථම ප්‍රේමය අල්ලලා නොගියාට දෙවැනි, තෙවැනි, හෝ හතර පහද ලද්දුගේ මෙන් සිත පතුලට කාවැදී තිබෙන්නට පුළුවන. ඒ සිතුවිලි ඔළුවේ තියන්, හදවතින්ම ඒ සැමරුම් රසවිඳිමින් ලද්දු දිහා බලද්දී හොර රහසේම කඳුළු වැගිරෙන්නටද පුළුවන. ඒවා බොහෝවිට සතුටු කඳුළු විය හැකිය.

මා මේ නාට්‍යය නැරඹුවේ බිරින්දෑ සමගය. නාට්‍යයේ සාරාංශයද ඇයට පැහැදිලි කරදුන්නේය. මන්ද, ලද්දුගේ චරිතය එකල මටද ටිකක් හෝ ගැළපෙන නිසාය. මාගේ ප්‍රථම ප්‍රේමය නොවුණද එකල පෙම්වතියගේ ප්‍රථම ප්‍රේමය මාය. බැංකුවක ඉහළම නිලධාරිනියකි. විධායක නිලධාරීන්ට එකල ලැබෙන රුපියල් ලක්ෂ දොළහේ ලෝන් එක ගන්න මම යන්නේද එම බැංකුවටය. ඒ වෙනකොට රාජ්‍ය විරෝධීන් ලෙස හංවඩු ගසා රූපවාහිනියෙන් දොට්ට දැමූ දහතුන් දෙනාගෙන් මාද එකෙක්විය. එනිසා මගේ රස්සාව අහිමිවීම සහ ලෝන් ගැනීමද ලද්දුට සමානය. ලෝන් එක ගන්නට ගොස් ඇයව මට මුණගැහෙන්නේ අහම්බෙනි. ඒ වසර 23කට පසුවය. කතාව දිගය. මේ ඇතිය. අපි එදා ලද්දු මෙන් දෑත් නොඇල්ලු‍වෙමි. හැබැයි අදටත් හොඳ මිතුරන්ය.

ලද්දුගේ හොඳම හරිය ආරම්භ විය හැක්කේ ඊයේ අල්ලපු අතත් එක්කය. ලබන සතියේ සිට කතාවේ ගිනි බෝම්බද පිපිරෙන්නට හැකිය. අද ලද්දුට ආදරය කරන්නෝ, එදාට විශේෂයෙන්ම කාන්තා පාර්ශ්වය ලද්දුටත්, ශානිකාටත් වෛර කර බිරිඳ නන්දිට අනුකම්පා ප්‍රේමය පිරිනමන්නටත් පුළුවන. ඒ, අත් පටලැවිල්ල කොහෙන් කෙළවර වේදැයි කියන්නට තාම බැරිය. අද සමාජයේ බොහෝ නිවෙස්වල පවුල් අවුල්වලට මූලික වන මේ යථාර්ථය ඉස්සරහට මේ පවුලටත් හෙණයක් වෙන්නටද පුළුවන.

එදා සිටම හොඳ යැයි සම්මත නාට්‍ය විකාශය වුණේ රූපවාහිනියේ සහ අයි.ටී.එඑන්. එකේය. මේ දෙකට නාට්‍ය තේරීමට දහ පහළොවකින් සමන්විත මණ්ඩලයක්ද ඇත. එහෙම තිබ්බාට ඒවායින් කනින් රිංගා විකාශය වූ දෙකේ කොළේ නාට්‍ය ඕනේ තරම් ඇත. කෙහෙළිය ඇමැති කල නාට්‍ය සඳහා කප් ගැසූ අයෙකි. මේ මණ්ඩලවලට පත්වන්නේද බොහෝවිට ඇමැතිගේ හෝ ආණ්ඩුවේ හිතවතුන්‍ය. ඒක එදාද අදද කියලා වෙනසක් නැත. මේ නාට්‍යයත් යන්න තිබුණේ අයි.ටී.එන්. එකටලු‍. ඒකට දාලා ඉන්න ලොක්කත්, නාට්‍ය මණ්ඩලයේ සාමාජිකයන්ද ආණ්ඩුවේම වෙනකොට එහෙම හැලෙන්නේ කොහොමද කියලා ලියලා තිබුණේ මගේ පාසල් මිත්‍ර මාධ්‍ය සගයා උවිඳු කුරුකුලසූරියගේ මුහුණු පොතේය. නාට්‍යයක් තෝරන්නේ නම් එම විෂයත්, ටෙලිවිෂණය පිළිබඳ විෂයානුබද්ධව ප්‍රගුණ කළ ඇත්තන් විය යුතුය. කැමරා කෝණ, ආලෝකකරණය, පසුතලය, ශබ්ද පරිපාලනය, වේශ නිරූපණය, ඇඳුම් පැලඳුම්, පිළිබඳ දන්නේ නැති අයට පමණක් නාට්‍ය තෝරන්න බැරිය. විශේෂයෙන්ම ජාතික රූපවාහිනියටත් අයි.ටී.එන්. එකටත් ඒක අදාළය. එදා සිටම හැම නාට්‍යයකින්ම සම්මාන පිට සම්මාන ලැබුණේ ජාතික රූපවාහිනියෙන්ම නිෂ්පාදනය වූ නාට්‍යය සඳහාය. ඒ සඳහා වෙනම අංශයක්ද තිබූ එකල, එකම නාලිකාව රූපවාහිනිය විය. ධම්ම ජාගොඩ, පරාක්‍රම නිරිඇල්ල, ලූෂන් බුලත්සිංහල, බන්දුල විතානගේ, බර්ට්‍රම් නිහාල්, තිලක් ගුණවර්ධන, යූ. ආරියවිමල්, විමලරත්න අධිකාරී, දයාරත්න රටගෙදර, අනුර ජයසේකර, සුදත් දේවප්‍රිය, පමණක් නොව, සුසිරන් ද සිල්වා, සමන් කුමාර ලියනගේ, සන්තුස ලියනගේ, මොහාන් ජී. රංගනාථ, ගයා රම්‍ය අල්විස් වැන්නන්ද අග්‍රගණ්‍ය නාට්‍ය රටට පිරිනැමූ ශිල්පීන්‍ය. දැන් වසර ගණනාවක් පුරාම ඒ අංශය මිලිනව ගොස්ය. පිටින් ගන්නා නාට්‍ය පෙන්නා සම්මාන ගන්නවාට වඩා තමන්ගේම නිෂ්පාදකවරුන්ගෙන් නාට්‍යයක් නිර්මාණය කරගැනීමට රූපවාහිනියට තාමත් කාලය ඇත.

ඉතින් අපි සුරා මතින් නොව, හදවතින් රොෂාන්ව බලමු.

ෂර්ලි අනිල් ද සිල්වා

SendShareShare
Previous Post

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

Next Post

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

MORE NEWS

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News
Exclusive

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News
Exclusive

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News

මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News
Exclusive

මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News

එළියෙ ඉන්න ජනාධිපති අනුරව විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවට අරන් ආපු හැටි! පාර්ලිමේන්තුවේ පළමුවැනි දවසෙම සජිත් කරපු වැඩේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව නැමෙයි! සජිත් මන්ත්‍රීවරුන්ට වැඩ බාරදෙයි! I Sri Lanka Latest News

දෙපාරක්ම රහස් ඡන්දෙන් තෝරගන්න බැරිවුණා! තුන්වැනි වතාවේ සුදු දුමාරය පිටවුණා! ඉතිහාසයේ පළමු වතාවට පාප් වහන්සේ අමෙරිකාවෙන් පත්වුණා!  I Sri Lanka Latest News
Exclusive

මැල්කම් රංජිත් හිමියන්ගේ කාලය අවසන්! වතිකානුවෙන් අලුත් අගරදගුරුතුමෙක් පත්කරන්න ලෑස්තියි! ලංකාවෙන් නාමයෝජනා 3ක්! I Sri Lanka Latest News

පොලිස්පතිවරයා ආණ්ඩුවේ ප්‍රචාරක යාන්ත්‍රණයේ පාර්ශ්වකරුවකු වෙලා! පොලිස්පතිවරයා කරපු ප්‍රකාශයෙන් පැමිණිලිකරු අපරාධකරු වෙලා! වහාම ආරක්ෂාව සපයන්න! මන්ත්‍රී ජගත්‌ගේ වරප්‍රසාද කඩවීම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජබය කරපු චෝදනාව තහවුරුයි! මාලිමාව ප්‍රා. සභාවල බලය අල්ලලා තියෙන්නේ මුදල් අල්ලස් දීලා! හඬපටත් එළියට එයි! බුලත්සිංහල සජබ මන්ත්‍රීවරු පස්දෙනා දොට්ට දැමූ හේතුව ජගත් විතාන පහදයි! VIDEO I Sri Lanka Latest News

Load More
සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News
Exclusive

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News

දිට්වා සුළි කුණාටු ව්‍යසනයෙන් මාස හයකට පසුව නැවත වරක් හෙමින් හෙමින් අළු ගසා නැඟීසිටින දුම්බර වනපෙතේ සංචාරයක යෙදෙන්න ‘කැලෑ කොලමේ‘...

Read more
අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News

මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News

මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News

එළියෙ ඉන්න ජනාධිපති අනුරව විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවට අරන් ආපු හැටි! පාර්ලිමේන්තුවේ පළමුවැනි දවසෙම සජිත් කරපු වැඩේ! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුව නැමෙයි! සජිත් මන්ත්‍රීවරුන්ට වැඩ බාරදෙයි! I Sri Lanka Latest News

දෙපාරක්ම රහස් ඡන්දෙන් තෝරගන්න බැරිවුණා! තුන්වැනි වතාවේ සුදු දුමාරය පිටවුණා! ඉතිහාසයේ පළමු වතාවට පාප් වහන්සේ අමෙරිකාවෙන් පත්වුණා!  I Sri Lanka Latest News

මැල්කම් රංජිත් හිමියන්ගේ කාලය අවසන්! වතිකානුවෙන් අලුත් අගරදගුරුතුමෙක් පත්කරන්න ලෑස්තියි! ලංකාවෙන් නාමයෝජනා 3ක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.