අද වන විට අප රට අභියෝග රැසකට මුහුණ දෙන බවත් භයංකාර ආර්ථික තත්ත්වයකට මුහුණ දෙන නිසා දශ ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ ජන ජිවිත කුඩා වී ආදායම් මාර්ග අහිමි වී ඇති බවත් මෙවැනි තත්ත්වයක් මත සෛරීත්වය, භෞමික අඛණ්ඩතාව, දේශපාලන නිදහස, අපේකම, රටේකම, සංස්කෘතිය රැකගෙන අපේ රට දියුණු කරන්න කැපවිය යුතු බවත් වහල්භාවයෙන් මිදිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News
අප රට මුහුණ දෙන මේ අන්තරාදායක තත්ත්වය උපයෝගී කර ගෙන අප රට භූ දේශපාලනයේ කෙළිබිමක් කර ගන්නට බොහෝ පාර්ශ්ව උත්සාහ කරන බවත් එයට ඉඩ දිය නොහැකි බවත් අපේ රට සුරක්ෂා කරනවා සේම ආරක්ෂා කරමින් රටේ ජනතාව ශක්තිමත් කළ යුතු බවත් එක් එක් බලවේගවලට අවශ්‍ය ආකාරයට රටේ අභ්‍යන්තර ක්‍රියාදාමවලට ඇගිලි ගහන්න ඉඩ දිය නොහැකි බවත් අප රටට ආවේණික ශක්තිමත් ආර්ථීක, සමාජීය, දේශපාලන, සංස්කෘතික ස්ථාවරයක් ගොඩනැගිය යුතු බවත් සෑම අංශයකින්ම රටක් ලෙස ශක්ති සම්පන්න විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ මැයි 28 වැනිදා රාත්‍රියේ 19 වැනි වතාවටත් පැවැති තිස්සමහාරාම පන්නෙගමුව දියබැඳි විහාරස්ථානයේ වෙසක් මංගල්‍යට සමගාමීව පැවැති රුහුණු වෙසක් මහා පෙරහැර අවස්ථාව හා එක්වෙමිනි. මෙම පෙරහැරෙහි සධාතුක කරඩුව වැඩමවීම සඳහා කැලණිය රජමහා විහාරස්ථානයට අයත් කණ්ඩුල හස්ථිරාජයා ගෙන ඒම සඳහා අවශ්‍ය මුල්‍යමය දායකත්වය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් සිදු කරනු ලැබීය.
පසුගිය කාලයේ දහම් අධ්‍යාපනය ලබා දූදරුවන් දහම් පාසලින් ඈත් වී ඇති බැවින් දහම් අධ්‍යාපන වැඩපිළිවෙළ ප්‍රවර්ධනය කළ යුතු බවත් ජන සමාජයට යුක්තිගරුක, ගුණගරුක, නීතිගරුක, ශිෂ්ටසම්පන්න, ශීලාචාර, ප්‍රබුද්ධ හා ප්‍රශස්ත පුරවැසියකු බිහි කිරීමට දුම්වැටි මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වූ සුචරිතවත් ජන සමාජයක් ගොඩ නැගීමට ගමේ පන්සල අතිශය වැදගත් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
අප රටේ පෙරහැර සංස්කෘතිය විචිත්‍රවත් කරන තේජසක් එකතු කරන හස්ථි පරපුර දැන් ක්‍රමක්‍රමයෙන් අඩුවෙමින් පවතින නිසා ඒ සඳහා විසඳුමක් අවශ්‍ය බවත් එයට විසඳුම පෙරහැර සංස්කෘතිය නතර කිරීම නොවන බවත් අප රටේ ආගම සංස්කෘතිය අප විසින් ආරක්ෂා කළ යුතු බවත් මෙරට පෙරහැර සංස්කෘතිය ක්‍රියාත්මක කිරීම උදෙසා වෙනමම හීලෑ අලි සංචිතයක් ස්ථාපිත කර සතුන්ගේ සෞඛ්‍ය සම්පන්නභාවය හා නීරෝගී භාවය සුරක්ෂිත කරමින් හීලෑ අලි සංචිතයක් නිර්මාණය කර විහාරස්ථානවලට අවශ්‍යතාව මත ලබා දී පෙරහැර සංස්කෘතිය ශක්තිමත් කරන්න කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
අති උතුම් වූ තෙමගුල සැමරීම උදෙසා ක්‍රියාත්මක කරන පුද පූජා සියල්ලක්ම අප රට ශක්තිමත් කරන්නට රටේ ජනතාව සුවපත් කරන්නට රටේ සෑම සියලු දෙනා සැපවත් කරන්නට ඉවහල් වේවා යැයි ප්‍රාර්ථනා කරන බවත් ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආකාරයට දෙව් මිනිස් සැමගේ ආර්ථික සමෘද්ධිය පිණිසත් හිතසුව පිණිසත් ඇපකැපවී කටයුතු කළ යුතු බවත් මෙලොව සුවපහසුව දිවි ගෙවන්නට ප්‍රමාණවත් යමක් තිබීම මෙන්ම කිසිවකුටවත් ණය නොවී ජිවත් වීම සහ කරදරයක් නොවී ජීවත් වීමේ අවස්ථාව නිර්මාණය කළ යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
























