• About us
  • Contact us
Sunday, July 19, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රනිල් සජිත්ව පරද්දලා ඩොලර් බිලියන 7කුත් එක්ක රට අනුරට දීලා ගෙදර ගියා! දැන් ඔය ළමයි ගෙදර යන්න..! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

May 30, 2026
in Exclusive, Gurudawa
Reading Time: 8 mins read
A A
රනිල්-අනුර ජෝඩුවේ අලුත්ම කුමන්ත්‍රණය කිරුළපනේදී එළියට ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘මට ඔබතුමාව හමුවෙන්න ඕනා…’

දිනක් හදිසියේම එවක යූ,ඇන්.පී.යේ විපක්ෂ මන්ත්‍රී මංගල යූ.ඇන්.පී. නායක සහ විපක්ෂ නායක රනිල්ට දුරකතන ඇමතුමක් දෙමින් කීවේය.Sri Lanka Latest News

‘වැදගත් දෙයක් කතා කරන්න තියෙනවා. මම මලික් එක්කම ඔබතුමා හමුවෙන්න එන්නම්…’
මංගල කීවේය.

මේ වෙනකොට රනිල් හිටියේ මංගල එක්ක හිත හොඳින් නොවේ. එයට හේතුව මංගල 2015 ජනාධිපතිවරණයට රනිල්ට තරග නොකරන ලෙස පක්ෂය තුළින් බලපෑම් කළ නිසාය. මංගලගේ මතය වූයේ දිනන්න නම් පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කළ යුතුය යන්නය. මංගල මේ සඳහා රනිල්ගේ අතිජාත මිත්‍ර, පක්ෂ සභාපති මලික්වද කැමැති කරවාගෙන තිබිණි. පොදු අපේක්ෂකයෙක් දැමිය යුතු යැයි මංගලත් ජාත්‍යන්තරයත් රනිල්ට බලපෑම් කරද්දී තමා තරග කළ යුතුය යන දැඩි මතයේ රනිල් සිටියේය.

‘පොදු අපේක්ෂකයෙක් දමනවා නම් ඒ පොදු අපේක්ෂකයා යූ.ඇන්.පී.යෙන් එන්න බෑ, යූ.ඇන්.පී.යෙන් අපේක්ෂකයා දමනවා නම් ඒ මම විතරයි…’

රනිල් මේ කොන්දේසිය දැම්මේ පොදු අපේක්ෂක කතිකාව කරළියට ගෙන ආ සෝභිත හිමි පොදු අපේක්ෂකයා ලෙස කරු ජයසූරිය ඉදිරිපත් කිරීමට සූදානමින් සිටි නිසාය. යූ.ඇන්.පී.යේ බොහොමයක් කීවේ යූ.ඇන්.පී.යෙන් සජිත් ප්‍රේමදාස දැම්මොත් දිනන්න පුළුවන් කියාය. එවක සජිත් යූ.ඇන්.පී. නියෝජ්‍ය නායකයා විය.

‘මම පොදු අපේක්ෂකත්වයට එකඟයි. හැබැයි කරු හරි සජිත් හරි බැහැ. මම නැතිනම් පොදු අපේක්ෂකයා යූ.ඇන්.පී.යෙන් ඉදිරිපත් නොවිය යුතුයි…’

අවසානයේ රනිල් පොදු අපේක්ෂකයෙක් නම් කරන්න එකඟ වූයේ වෙනත් යූ.ඇන්.පී. අපේක්ෂකයෙක් නම් නොකරන එකඟතාව මතය.

‘ලොක්කා බයයි යූ.ඇන්.පී.යෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරලා ජනාධිපති වුණොත් ලොක්කට පක්ෂ නායකත්වය නැතිවෙයි කියලා…’

මේ, එකල යූ.ඇන්.පී.කාරයෝ කී කතාවය. කොහොම හරි මංගල මලික් එක්ක රනිල් හමුවෙන්න ඇවිත් අපූරු යෝජනාවක් ඉදිරිපත් කළේය.

‘මම ජේ.වී.පී. එකයි අනුර එක්කයි කතා කළා. අනුර කැමැතියි පොදු අපේක්ෂකයා වෙන්න. ඔබතුමා මොකද කියන්නේ? එතකොට අපිට ජේ.වී.පී. ඡන්ද ටිකත් එනවා…’
මංගල කීවේය. රනිල් එක පයින් කැමැති විය.

‘එහෙනම් අපි අනුරව දමමු…’

රනිල් කීවේ අනුර දින්නත් පැරැදුණත් තම පක්ෂ නායකත්වය සහ විපක්ෂ නායකත්වය ෂුවර් බව දැනගෙනය.

මංගල ඊට පසු මේ යෝජනාව රැගෙන 2015 ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කළ යුතුය යන තද මතයක සිටි චන්ද්‍රිකා හමුවෙන්න ගියේය.

‘ඔයාට පිස්සුද මංගල ජේ.වී.පී.කාරයන්ට ජනාධිපතිකම දෙන්න…?’

චන්ද්‍රිකා මංගලට බැණලා එළවා ගත්තාය. චන්ද්‍රිකා පොදු අපේක්ෂකයා ලෙස මෛත්‍රීපාලව ගෙන ආවේ ඉන් පසුවය. එදා චන්ද්‍රිකා කැමැති වූවා නම් 2015 ජනාධිපති වෙන්නේ අනුරය.
රනිල් අනුරව පාවිච්චි කළේ යූ.ඇන්.පී.ය තුළ නැගී එන නායකයන්ට ගහන්නටය. ඒ කාලයේ අනුරලා යූ.ඇන්.පී.යේ රනිල්ට අභියෝගයක් වන නායකයන්ට පන්න පන්නා ගැහුවේය. රනිල් සහ සජිත් අතර පක්ෂ නායකත්ව අරගලයේදී අනුරලා ගැහුවේ සජිත්ටය. 2020 සජිත් විපක්ෂ නායක වූ විට සුනිල් හඳුන්නෙත්ති කීවේ විපක්ෂ නායක විය යුත්තේ රනිල් බවත්, පාර්ලිමේන්තුවේ ඒ අඩුව පුරවන්න රනිල් වහාම පාර්ලිමේන්තු ආ යුතු බවත්ය. ජවිපෙ ඒ වෙලාවේ පාවිච්චි කළේ උපක්‍රමයක්ය. ජවිපෙ හිතුවේ රනිල් යූ.ඇන්.පී. නායකත්වයේ දිගටම සිටීම නිසා රනිල් පරදින විට යූ.ඇන්.පී.ය අතහැර යන ඡන්ද ජවිපෙට එකතු කරගන්නටය. යූ.ඇන්.පී. නායකත්වය වෙනස් වී යූ.ඇන්.පී.ය දින්නොත් ජවිපෙට ඉතිරි වන්නේ ජවිපෙ ඡන්ද පමණක් බව ජවිපෙ දැන සිටියේය.

2014 මංගල ගෙන ආ යෝජනාව රනිල් ක්‍රියාත්මක කළේ 2024දීය. ඒ සජිත් එක්ක වෛරයෙන් පමණක් නොව තමාව හැරගිය මන්ත්‍රීවරුන්ටත් පාඩමක් උගන්වන්නටය. ඔහු හිතුවේ 2024 ජනාධිපතිවරණය පරාජය වී සජිත් දමලා ගහලා ගියාම සජබ මන්ත්‍රීවරු යූ.ඇන්.පී.යට එකතු කරගෙන විපක්ෂ නායක වෙන්නටය. ජනාධිපතිවරණය ආසන්නයේ රනිල්ගේ ආණ්ඩුවේ ඇමැතිවරු දිවගොස් රනිල්ට කීවේ දිනන්නේ අනුර බවය.

‘අනුර දිනන එක අපිට හොඳයිනේ. අවුරුද්දක් රෙස්ට් කරන්න. ආණ්ඩුව අපෙයි…’

රනිල් ඔවුන්ට කීවේය. රනිල් හිතුවේ අනුර අයි.එම්.එෆ්. ගිවිසුමෙන් අයින් වෙලා රට යළි බංකොලොත් කරයි කියාය. හැබැයි ජේ.ආර්.ගේ බෑණා රනිල් නොව අනුරය. අනුර හොඳ කපටි නරියෙකි. ඔහු රනිල්ගේ අයි.එම්.එෆ්. ගිවිසුමේ අකුරක්වත් වෙනස් නොකර රනිල් හදලා ගිය විදේශ සංචිත ටිකත් රැකගෙන රනිල් ගහපු බදුවලින් භාණ්ඩාගාරයත් පුරවාගෙන රනිල් නොවේ ආර්ථික ඔස්තාර් තමන් යැයි රටටම පෙන්නුවේය.

‘අයි.එම්.එෆ්. එකත් එක්ක මේ යන මාවතේ ගියොත් ලංකාව ආපහු කවදාවත් බංකොලොත් වෙන්නේ නැහැ…’

රනිල්ට උපදෙස් දුන්න හිටපු මහ බැංකු අධිපති කුමාරස්වාමි ඩොලරය නගිනකොට දුවගෙන ඇවිල්ලා මාධ්‍යයට කීවේ ඔය කතාවය.

‘රනිල්ගේ වැඩේ රනිල් කළාටත් වැඩිය හොඳට මේ ආණ්ඩුව කරනවා. ඒ නිසා බයවෙන්න දෙයක් නෑ….’

ඔහු නොකියා කීවේ එහෙමය.

‘ඩොලර් එක පිම්මේ යනවා… ආර්ථිකය ඉවරයි…’
‘අනුර රනිල්ට කතා කරලා… රනිල් සූට් මහනවා…’
‘රනිල් රට භාරගන්න ලෑස්තියි…’

මේ රනිල්ගේ ගෝලයෝ පසුගිය සතියේ සමාජ මාධ්‍යවල බඩපිනුම් ගහපු හැටිය.

ඇත්තටම අනුරව වට්ටව ගන්න ලොකුම තදියම තියෙන්නේ අනුරව ජනාධිපති කළ රනිල්ටත් රනිල්ගේ ආණ්ඩුවේ ඇමැතිවරුන්ටත්ය.

‘ඉතින් ඒ වෙලාවේ රනිල් සහ රනිල්ගේ ඇමැති මණ්ඩලය සජිත්ගේ ඡන්ද නොකඩා හිටියා නම් හරිනේ…’

‘අනුරව ආණ්ඩුවේ ටී.වී.වල විවාදවලට ගෙනත් සජිත් එන්නේ නැහැ කියා සජිත්ව බලු නොකර හිටියා නම් හරිනේ…’

‘ජවිපෙ නායකයන් පාර්ලිමේන්තුව වටලන්න ගිය එක විභාග කළා නම් හරිනේ…’

රනිල් සහ රනිල්ගේ ඇමැති මණ්ඩලය මේ මුකුත් කළේ නැත. සජිත්ව ඉවර කරගත්තාම ඔක්කොම හරි යැයි සිතූහ. අන්තිමට ඉවර වුණේ සජිත් නොව රනිල් සහ ඔවුන්ය. ඒ ඇමැති මණ්ඩලයෙන් කිසිවෙක් 2024 පාර්ලිමේන්තුවට තේරී පත්වූයේ නැත. මන්ත්‍රීවරුන්ගෙන් තේරී පත්වූයේ රනිල් වෙනුවෙන් පෙනීසිටි අයගෙන් චාමර සම්පත් පමණය.

දැන් රනිල්ටයි රනිල්ගේ ඇමැති මණ්ඩලයටයි අනුර වට්ටව ගන්න පුදුම හදිසියක්ය. රනිල් ගියේ අනුරව වැල් පාලමේ එගොඩ කරලා විදේශ සංචිත ඩොලර් බිලියන 7කුත් අනුරගේ සාක්කුවේ දමලා මිනිස්සුන්ගෙන් තිත්ත කුණුහරුප අහගෙන බදු වැඩිකරලා ඒ සල්ලිත් අනුරගේ එකවුන්ට් එකටම දමලාය.

‘ඉතින් කොහොමද අනුර වැටෙන්නේ…?’

අනුර වැටෙනවා නම් වැටෙන්නේ මිනිස්සුන්ට මේ අයි.එම්.එෆ්. එකේ බදු ගැහිල්ලයි බඩු මිල වැඩි කිරිල්ලයි ඉවසාගන්න බැරිවය. එතකොට මිනිස්සු හොයන්නේ තවත් රනිල් කෙනෙක් නොව අයි.එම්.එෆ්. ගිවිසුමට විකල්ප වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන නායකයෙක්වය.

‘දැන්ම මේ ආණ්ඩුව වැටෙන්නේ නැහැ. ඔය ළමයි ගෙදර යන්න…’

අනුර වැටිලා රනිල් භාරගන්නකම් බලන් ඉන්න අයට කියන්න තියෙන්නේ එදා ජනාධිපති කාර්යාලය වටලන්න ආ ශිෂ්‍යයන්ට ගෝඨා කී ඔය කතාවය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

ආණ්ඩුව තීන්දු ගන්නේ ජනතාවට වාසි වෙන විදිහට නෙමෙයි.. හිතවත් ව්‍යාපාරිකයෝ කීපදෙනෙක්ට වාසි වෙන විදිහටයි…! I Sri Lanka Latest News

Next Post

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News

MORE NEWS

ආදරයද? සල්ලිද? පානදුරේ නදුනිටත් වුණේ තෙල්දෙණියේ භෞත චිකිත්සකවරියට වෙච්ච දේමද?  Sri Lanka Latest News
Exclusive

ආදරයද? සල්ලිද? පානදුරේ නදුනිටත් වුණේ තෙල්දෙණියේ භෞත චිකිත්සකවරියට වෙච්ච දේමද? Sri Lanka Latest News

අවුරුදු 2500කට කලින් කම්පියුටර් ගැන හිතලාවත් නැති කාලයේ හදපු විශ්වකර්ම රොබෝ ලියන්නා! Sri Lanka Latest News
Exclusive

අවුරුදු 2500කට කලින් කම්පියුටර් ගැන හිතලාවත් නැති කාලයේ හදපු විශ්වකර්ම රොබෝ ලියන්නා! Sri Lanka Latest News

යාල කැලේ අලි-කොටි-වලස්සුන්ට විතරක් නෙමෙයි.. සජිත් ගෙවල්වල ඇති කරන බල්ලන්-පූසන්-ගිරව්-පරවියන්-මාළුන්ටත් ආදරෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

යාල කැලේ අලි-කොටි-වලස්සුන්ට විතරක් නෙමෙයි.. සජිත් ගෙවල්වල ඇති කරන බල්ලන්-පූසන්-ගිරව්-පරවියන්-මාළුන්ටත් ආදරෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

පහුගිය කාලේ හෝටලයක් කරන්න ගියාම ලොකු විරෝධයක් ආවා! ඔන්න දැන් නුවරඑළියේ පරණම තැපැල් කාර්යාලයේ උඩ තට්ටුව සුද්දන්ට නවතින්න පුළුවන් හෝටලයක් කරනවා! දැන් නම් කාගෙවත් විරුද්ධත්වයක් පේන්න නෑ වගේ! Sri Lanka Latest News

මට මගේම කියන උන් වළ කැපුවා…! දමිතගෙ දැන් ඉමේජ් නැහැ ගන්න එපා ෆිල්ම් එක වැටෙයි…! දමිතට ආයේ ඔළුව උස්සන්න ඉඩ දෙන්න එපා…! ලක් අම්මා කියලා මට පහර ගැහුවා…! ඒත් මං වැටුණේ නැහැ…! දේශපාලනය දැන් මට තිත්ත වෙලා…! ඕවා බොරු.. බෙන්ස් ගත්තේ ගෙවල් හැදුවේ මගේම සල්ලිවලින්…! දමිතා අබේරත්නව බිමට ඇදලා දාන්න තවම කාටවත් බැරි වුණා…! දමිතා අබේරත්න I Sri Lanka Latest News

දුවත් එක්ක තියෙන ප්‍රේම සම්බන්ධය නතර කරන ලෙස බල කරමින්, පොලිස් කාන්තාවක් පාසල් සිසුවෙකු පැහැරගෙන ගිහින් හොඳටම ගහලා I Sri Lanka Latest News
Exclusive

විනිසුරු විශ්‍රාම යාමේ වසර දෙකේ දීර්ඝය තවත් ක්ෂේත්‍ර රැසකට එයි! විශේෂඥ වෛද්‍යවරුන්ට පොලිසියට රස පරීක්ෂවරුන්ටත් දෙන්න සැලසුමක්! Sri Lanka Latest News

Load More
ආදරයද? සල්ලිද? පානදුරේ නදුනිටත් වුණේ තෙල්දෙණියේ භෞත චිකිත්සකවරියට වෙච්ච දේමද?  Sri Lanka Latest News
Exclusive

ආදරයද? සල්ලිද? පානදුරේ නදුනිටත් වුණේ තෙල්දෙණියේ භෞත චිකිත්සකවරියට වෙච්ච දේමද? Sri Lanka Latest News

පානදුරේ ගොරකාන ගල්කණුව ප්‍රදේශයේ පිහිටි එක් නිවසක් වටා දින කිහිපයක් තිස්සේ පැතිර ගියේ අමුතු නිහඬතාවක්. ඒ නිවසේ දොර දින කිහිපයක්...

Read more
අවුරුදු 2500කට කලින් කම්පියුටර් ගැන හිතලාවත් නැති කාලයේ හදපු විශ්වකර්ම රොබෝ ලියන්නා! Sri Lanka Latest News

අවුරුදු 2500කට කලින් කම්පියුටර් ගැන හිතලාවත් නැති කාලයේ හදපු විශ්වකර්ම රොබෝ ලියන්නා! Sri Lanka Latest News

යාල කැලේ අලි-කොටි-වලස්සුන්ට විතරක් නෙමෙයි.. සජිත් ගෙවල්වල ඇති කරන බල්ලන්-පූසන්-ගිරව්-පරවියන්-මාළුන්ටත් ආදරෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

යාල කැලේ අලි-කොටි-වලස්සුන්ට විතරක් නෙමෙයි.. සජිත් ගෙවල්වල ඇති කරන බල්ලන්-පූසන්-ගිරව්-පරවියන්-මාළුන්ටත් ආදරෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Sri Lanka Latest News

පහුගිය කාලේ හෝටලයක් කරන්න ගියාම ලොකු විරෝධයක් ආවා! ඔන්න දැන් නුවරඑළියේ පරණම තැපැල් කාර්යාලයේ උඩ තට්ටුව සුද්දන්ට නවතින්න පුළුවන් හෝටලයක් කරනවා! දැන් නම් කාගෙවත් විරුද්ධත්වයක් පේන්න නෑ වගේ! Sri Lanka Latest News

මට මගේම කියන උන් වළ කැපුවා…! දමිතගෙ දැන් ඉමේජ් නැහැ ගන්න එපා ෆිල්ම් එක වැටෙයි…! දමිතට ආයේ ඔළුව උස්සන්න ඉඩ දෙන්න එපා…! ලක් අම්මා කියලා මට පහර ගැහුවා…! ඒත් මං වැටුණේ නැහැ…! දේශපාලනය දැන් මට තිත්ත වෙලා…! ඕවා බොරු.. බෙන්ස් ගත්තේ ගෙවල් හැදුවේ මගේම සල්ලිවලින්…! දමිතා අබේරත්නව බිමට ඇදලා දාන්න තවම කාටවත් බැරි වුණා…! දමිතා අබේරත්න I Sri Lanka Latest News

මට මගේම කියන උන් වළ කැපුවා…! දමිතගෙ දැන් ඉමේජ් නැහැ ගන්න එපා ෆිල්ම් එක වැටෙයි…! දමිතට ආයේ ඔළුව උස්සන්න ඉඩ දෙන්න එපා…! ලක් අම්මා කියලා මට පහර ගැහුවා…! ඒත් මං වැටුණේ නැහැ…! දේශපාලනය දැන් මට තිත්ත වෙලා…! ඕවා බොරු.. බෙන්ස් ගත්තේ ගෙවල් හැදුවේ මගේම සල්ලිවලින්…! දමිතා අබේරත්නව බිමට ඇදලා දාන්න තවම කාටවත් බැරි වුණා…! දමිතා අබේරත්න I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.