ලංකා සිනමා ඉතිහාසයේ ප්‍රථම වතාවට පැවැත්වුණු සිනමා අධ්‍යක්ෂණය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවේ පළමු කණ්ඩායමේ සහතික පත්‍ර ප්‍රදානෝත්සවය පසුගිය 19 වැනිදා ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. ශ්‍රී ලංකා සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංසදය විසින් සංවිධානය කරන ලද මෙම සුවිශේෂී පාඨමාලාවේ විෂය නිර්දේශය සකස් කර තිබුණේ ආචාර්ය සෙනේෂ් දිසානායක බණ්ඩාර මහතා විසිනි.Sri Lanka Latest News

මෙහි විශේෂත්වය වන්නේ ප්‍රසන්න විතානගේ, ජයන්ත චන්ද්‍රසිරි, චන්ද්‍රන් රත්නම්, විමුක්ති ජයසුන්දර සහ ආචාර්ය සෝමරත්න දිසානායක ඇතුළු ලංකාවේ සිනමා දැවැන්තයින් රැසක්ම මෙහි දේශකයන් ලෙස කටයුතු කරමින් නව පරපුරට තම සිනමා අත්දැකීම් බෙදා දීමයි. පාඨමාලා සංවිධායක ලෙස සුනෙත් මාලිංග ලොකුහේවා මහතා කටයුතු කරයි.
සිනමා අධ්‍යක්ෂණය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවේ දෙවැනි කණ්ඩායම සඳහා අයැදුම්පත් බාරගැනීම මේ වනවිට ආරම්භ කර ඇත. උනන්දුවක් දක්වන ඔබට ජුනි 20 වැනි දිනට පෙර ඔබේ නම, වයස සහ නගරය 076 644 3364 යන දුරකතන අංකයට Whatsapp කිරීමෙන් අයැදුම් කළ හැකිය.











