• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රාජ්‍ය නායකයෙක් මාධ්‍ය ඉස්සරහට නෝනාව ගේන්නම ඕනෙද? Sri Lanka Latest News

May 30, 2026
in Exclusive
Reading Time: 6 mins read
A A
රාජ්‍ය නායකයෙක් මාධ්‍ය ඉස්සරහට නෝනාව ගේන්නම ඕනෙද? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘මෝදිගේ නෝනා මොනවා කළාම අපිට මොකද?’ රටක නායකයකුගෙන් අපට වැදගත් ඔහුගේ පෞද්ගලික විවාහ ජීවිතය දරුවන් හෝ බිරිඳ නොවේ. ඔහුගේ දර්ශනය, නායකත්වය, අවංකභාවය සහ රට වෙනුවෙන් ඇති කැපවීම පමණයි. ඔයාලට හිතේවි.️Sri Lanka Latest News

ඒත්, මේ දැනගත්තට පාඩුවක් නොවන දෙයක් නිසා මේ සටහන පළකරන්නේ.

මෝදිගේ නෝනා… මේ ජශෝදාබෙන් චමන්ලාල් මෝදි.
ඇය මෝදී සමග විවාහ වෙන්නේ 1968 වසරේ, ඒක වැඩිහිටියන් තීන්දු කරන ලද සාම්ප්‍රදායික විවාහයක්. ඒ වෙද්දී ජශෝදාබෙන්ට වයස 16ක් සහ මෝදිගේ වයස 18ක් වුණා. ඉතින්, ඒක එක්තරා විදිහක ළමා විවාහයක්. ඒත් ඒ කාලේ මේක සාමාන්‍යයිනේ. කොහොම වුණත්, ඔවුන් එකට ඉන්නේ මාස 03ක් වගේ ඉතාම කෙටි කාලයක් පමණයි. විවාහයෙන් පස්සේ මෝදි එයාගේ මාර්ගය තෝරගන්නවා. ඒ දේශපාලනය. ඒත් එක්කම ඔහු නිවසින් බැහැරව ගියා.

නමුත්, ඔහු තම බිරිඳට නැවත අධ්‍යාපනය ආරම්භ කරන්න උපදෙස් දුන්නා. ඇයට ස්වාධීනව ඉන්න අවශ්‍ය ශක්තිය ලබාගන්න උපකාරයක් වුණා. හුදෙකලා වුණු ජශෝදාබෙන් ආයෙම පියාගේ නිවසට ගියා. එතැන් සිට ඇය ඇගේ ජීවිතේ ස්වාධීනව නිර්මාණය කරගැනීම ඇරඹුවා.

නැවත අතහැරුණු අධ්‍යාපනය ආරම්භ කරලා 1978 ඇය පාසල් ප්‍රාථමික ගුරුවරියක ලෙස වැඩභාරගන්නවා. ඇය ලබන්නේ සාමාන්‍ය වැටුපක්. ඇය ගතකළේ සරල ජීවිතයක්.
මේ අතර මෝදි ඉතා සාර්ථක දේශපාලන ගමනක යෙදුණා. ඔහු ගුජරාටියේ මහඇමැති වෙලා පස්සේ ඉන්දියාවේ අගමැති බවට පත්වුණා. නමුත් ඔහුගේ බිරිඳ ජනප්‍රිය ලෝකෙන් මිදිලා කුඩා නිවසක සාමාන්‍ය ජීවිතයක් තමයි ගෙව්වේ.

1987 මෝදි සහ බිරිඳ හමුවන දවසක මෝදි ඇයට කියනවා. ‘දික්කසාද වෙලා නැවත විවාහයක් කරගන්න’ කියලා. නමුත් ඇය එදා කියා තිබුණේ ‘මට ආයේම විවාහ වෙන්න ඕනේ නෑ. ඔයා ඔයාගේ මාර්ගේ යන්න. මම මගේ මාර්ගේ යන්නම්’ ලෙසටයි. ඉතින් මේ දෙදෙනා දික්කසාද වුණෙත් නෑ.

මෝදි ප්‍රබල නායකයකු වීම සමග, ඉන්දීය නීතියට අනුව අග්‍රාමාත්‍යවරයාගේ සහ ඔහුගේ ආසන්නතම පවුලේ සාමාජිකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රභූ බළකාය වගකිව යුතු වුණා. ඒ නිසා ඇයට ආරක්ෂකයන් සැපයීමට රජය තීරණය කළා.

මෙය නම් ජශෝදාබෙන් සතුටින් භාරගත්තේ නෑ.

‘හැම වෙලාවෙම ආරක්ෂකයන් පස්දෙනෙක් මගේ වටේ වටවෙලා ඉන්නේ. මේක කරදරකාරී දෙයක්. ඔබට පේනවා ඇති, මට ගමන් බිමන් යන්න සිද්ධ වෙද්දී මේක ඇත්තටම අවුල් ජාලාවක් වෙනවා. මම පොදු ප්‍රවාහන සේවා භාවිත කරද්දී, ආරක්ෂකයන් වායුසමනය කළ කාර් එකකින් මගේ පස්සෙන් එනවා.’

අවසානයේ ඇය තමාට මෙලෙස ආරක්ෂාව ලබාදුන්නේ මන්දැයි සොයාබැලීම සඳහා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත යටතේ ඉල්ලීමක් ඉදිරිපත් කළ අතර මේ සිදුවීම පිළිබඳ සිය කනස්සල්ල ද පළකර තිබුණා.

පවුලක් නැති නායකයෙක්
සාම්ප්‍රදායිකව හිතන ඉන්දීය ජනතාව මෝදිට පවුලක් දරුවන් නොමැති වීම ගැන විවිධ මත දරනවා. ඉන් මත දෙකක් ප්‍රධානයි.

  1. ඉන්දියානු සමාජයට පවුල වැදගත් වුණාට දේශභක්තිය ඊට ඉතා ඉහළින් ඇති මාතෘකාවක්. ඉතින් බොහෝ සාම්ප්‍රදායික පුද්ගලයන් මෝදිව දකින්නේ තමාට කියා පවුලක් හෝ දරුවන් නැති, එබැවින් දූෂණයෙන් හෝ නෑදෑ හිතවත්කම්වලින් තොරව මුළු රටම තමාගේ පවුල ලෙස සලකන නායකයකු (දේශභක්තික තපස්වරයකු) ලෙසයි. ‘ඔහුට හොරකම් කරන්න පවුලක් නැත’ යන මතය සාම්ප්‍රදායික ජනතාව අතර ඉතා ප්‍රබලව මුල්බැස ගෙන තිබෙනවා.
  2. අනෙක් අතින්, සාම්ප්‍රදායික හින්දු ධර්මයේ එන ‘ගෘහස්ථ’ නැතිනම් පවුල් ජීවිතය ගතකිරීම, බිරිඳගේ වගකීම් පැහැර හැරීමක් ලෙස දකිමින් ඇතැම් සාම්ප්‍රදායික හෝ විපක්ෂ මතධාරීන් ඔහුව විවේචනය කරන අවස්ථා තිබෙනවා.
    සමහරු මෝදී බ්‍රහ්මචාරී කියනවා. කොටසක් සමලිංගික කියනවා. ඉතින් මේවායින් මොන එක වුණත් මෝදි බිරිඳගෙන් වෙන්වෙලා ඉන්න හේතුව නම් නිශ්චිත නෑ. ඒ මොක වුණත් මෝදිගේ දේශපාලන ගමනට මේ විවාහක අවිවාහක බව හෝ ලිංගික දිශානතිය කිසිසේත්ම සැලකියයුතු බලපෑමක් නොවූ බව නම් පැහැදිලියි.

ඉන්දීය ඉතිහාසයෙන්
ඉන්දීය දේශපාලනයෙත් බොහෝ පවුල් ගස් දක්නට ලැබෙනවා. නමුත් මෝදි ඥාති සංග්‍රහය හෝ පවුල් පසුබිමෙන් ආ නායකයෙක් නොවේ. ඒ අංශයෙන් මෝදිට චෝදනා නැතත්, දූෂිත අදානි සමූහයට මෝදිගේ නැඹුරුව නම් බොහෝවිට විවේචනයට ලක්වෙනවා.

මෝදි අහකට දැම්මත්, ඉන්දීය හිටපු ජනපති ඒ.පී.ජේ. අබ්දුල් කලාම් මහතා අවිවාහක පුද්ගලයෙක් වුණා. එසේම ඔහු මුස්ලිම් ජාතිකයෙක්. නමුත් ඔහු අදටත් සැලකෙන්නේ ඉන්දියාව බිහිකළ විශිෂ්ටතම සහ ජනතාවගේ ගෞරවය උපරිමයෙන්ම ලැබූ ජනාධිපතිවරයා ලෙසයි.

ඔහුගේ සමයේ ඉන්දීය අග්‍රාමාත්‍ය වූ ආටල් බිහාරි වජ්පායි මහතා නිල වශයෙන් විවාහවී සිටියේ නැහැ. වජ්පායි මහතා ඔහුගේ විශ්වවිද්‍යාල මිතුරියක වූ රාජ්කුමාරි කෞල් සහ ඇගේ පවුලේ අය සමග එකට ජීවත් වූ අතර ඇගේ දියණිය තමාගේම දියණියක ලෙස හදාවඩා ගත්තා.

නායකයකු විවාහ වියයුතුද?
නායකයකුට බිරිඳක් සිටීම කියන දේ සංස්කෘතිකමය වශයෙන් දේශාපාලනික වාසිය ගැනීමේදී නායකයකුට වැදගත් වෙන්න පුළුවන්. විශේෂයෙන් ආසියාතික රටක. මොකද, බිරිඳ සහ දරුවන් සමග ‘පවුලේ සාරධර්ම’ සමාජයට පෙන්වමින්, පොදු ජනතාවට වඩාත් සමීප වීමේ අවස්ථාවක් ඉන් ලැබෙනවා. ඒ හැර නම් බොහෝ පවුල් පාලකයන් නිසා ඒ බරත් ජනතාව මත වැටුණු අවස්ථා තමයි බහුලව ලෝක මට්ටමෙන් අපිට දකින්න ලැබිලා තියෙන්නේ.

පවුල්වාදයෙන් තොර මුල්පුටු
ඉන්දියාවේ ගාන්ධි නේරු පවුල තමා වැඩිම කලක් මුල් පුටුවල බලය තහවුරු කරගෙන සිටියේ.
ඒ නිසාම පසුකාලීනව බලයට පැමිණි භාරතීය ජනතා පක්ෂය සහ අගමැති නරේන්ද්‍ර මෝදි සිය ප්‍රධානතම දේශපාලන අවියක් ලෙස භාවිත කරන්නේ මෙම ‘පවුල් පාලනයට එරෙහි වීමයි’.

තාර්කිකව ගත්තත් මෙහි වරදක් කියන්නත් බැරි ඉන්දියාව ශීඝ්‍රම දියුණුව ලැබූ සියලු කාලවල කොංග්‍රසයෙන් හෝ බී.ජේ.පී.ය යටතේ එහි පාලනය දැරූ අය බොහෝවිට පහළම දුප්පත් පවුල්වලින් ආ පවුල්වාදයෙන් බැහැරව පැමිණි නායකයන් වීම නිසයි.

උදාහරණ :
පවුල් උරුමයෙන් තොර ආචාර්ය බී. ආර්. අම්බෙඩ්කර්

ප්‍රථම අධිකරණ ඇමැති සහ ව්‍යවස්ථා නිර්මාණකරු. සමාජයේ පහත්ම කුලයක් ලෙස සැලකූ ‘මහාර්’ කුලයේ ඉපිද, දැඩි කොන්කිරීම් මැද බිම් මට්ටමෙන්ම නැගී ආ ශ්‍රේෂ්ඨ විද්වතෙකි.
ලාල් බහදූර් ශාස්ත්‍රි
2 වැනි අග්‍රාමාත්‍යවරයා. ඉතා දුප්පත්, සාමාන්‍ය කායස්ත කුලයේ පවුලක ඉපිද, තමන්ගේම සරලකම සහ අවංකභාවය නිසාම බිම් මට්ටමේ සිට ඉහළටම පැමිණි නායකයෙක්.
පී. වී. නරසිම්හා රාඕ
9 වැනි අග්‍රාමාත්‍යවරයා. ආන්ද්‍ර ප්‍රදේශ්හි සාමාන්‍ය ගොවි (බ්‍රාහ්මණ) පවුලක ඉපිද, කිසිදු දේශපාලන හිතවත්කමකින් තොරව, තමන්ගේ බුද්ධිමත්කම සහ දක්ෂතාව මතම අගමැති වූ අයෙකි.
අටල් බිහාරි වජ්පායි
10 වැනි අග්‍රාමාත්‍යවරයා. සාමාන්‍ය බ්‍රාහ්මණ පවුලක, පාසල් ගුරුවරයකුගේ පුතෙකු ලෙස උපත ලබා, ආර්.එස්.එස්. සංවිධානය හරහා තමන්ගේම අසිරිමත් කථිකත්වය මත ජාතික නායකයෙක් බවට පත්විය.
ආචාර්ය ඒ.පී.ජේ. අබ්දුල් කලාම්
11 වැනි ජනාධිපතිවරයා. තමිල්නාඩුවේ ඉතා දුප්පත් මුස්ලිම් ධීවර පවුලක ඉපිද, පුවත්පත් විකුණමින් ඉගෙනගෙන, පසුව රටේ ඉහළම විද්‍යාඥයා සහ ‘ජනතාවගේ ජනාධිපතිවරයා’ බවට පත්වූ නායකයෙක්.
නරේන්ද්‍ර මෝදි
14 වැනි අග්‍රාමාත්‍යවරයා. පසුගාමී කුලයක, දුම්රිය ස්ථානයක තේ විකුණූ ඉතා දුප්පත් පවුලක ඉපිද, ආර්.එස්.එස්. ක්‍රියාකාරිකයකු ලෙස වසර ගණනාවක් බිම් මට්ටමේ වැඩ කරමින් පැමිණි නායකයෙකි.
ජවහර්ලාල් නේරු
ප්‍රථම අග්‍රාමාත්‍යවරයා. ඉතා ධනවත්, ඉහළ කුලයක (කාශ්මීර පණ්ඩිත) දේශපාලන පවුලකින් පැමිණියද, නිදහස් සටනේ කැපීපෙනෙන නායකයකු ලෙස ජනතා ආකර්ෂණය දිනාගත්තේය.
ඉන්දිරා ගාන්ධි
3 වැනි අග්‍රාමාත්‍යවරිය. ජවහර්ලාල් නේරුගේ දියණියයි. පවුල් පසුබිමෙන් පැමිණියද, පසුව ඇගේ දැඩි තීරණ ගැනීමේ හැකියාව නිසා ලෝකයම පිළිගත් ‘යකඩ ගැහැනියක්’ ලෙස හැදින්වූවාය.

ස්වර්ණරේඛා සෙව්වන්දි

SendShareShare
Previous Post

තිස්සමහාරාම දියබැඳි විහාරස්ථානයේ වෙසක් මංගල්‍යට විපක්ෂ නායක සජිත් එක්වෙයි! සධාතුක කරඬුව වැඩමවීමට සජිත් කැලණි විහාරයේ කණ්ඩුල හස්ථිරාජයාත් රැගෙන එයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Next Post

කාලකණ්ණි භූතයෝ දෙන්නෙක් නිසා ද්‍රෝහියෙක් වෙන්න එපා…! 1%ක්වත් නැති ඒකාබද්ධ (යක්) කල්ලිය හදාගෙන පිස්සු කෙළිනවා…! මම ආයේ රනිල් වෙනුවෙන් වචනයක් ලියන්නේ නෑ….! Good Bye සීයේ…! Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

රටේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්නවලට විධිමත් ලෙස විසඳුම් දෙන්න වත්මන් රජයට නොහැකි වී ඇති බවත් අදටත් ගොවි ජනතාව අන්ත අසරණ...

Read more
ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.