• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තිස්ස රනිල්ගේ ගෙදර ගිහින් කළ පැයක රහස් සාකච්ජාව (රාජ්‍ය රහස්)

September 1, 2020
in Exclusive, Rajya Rahas
Reading Time: 3 mins read
A A
තිස්ස රනිල්ගේ ගෙදර ගිහින් කළ පැයක රහස් සාකච්ජාව (රාජ්‍ය රහස්)
Share on WhatsAppShare on Facebook

මේ දිනවල සමඟි ජන බලවේගයද නිරන්තරයෙන්ම රැස්වෙමින් දිනෙන් දින වර්ධනය වෙමින් පවතින දේශපාලන ප්‍රවණතාවයන් පිළිබඳව ගැඹුරින් සාකච්ඡා කරන ආකාරයක් දැකගන්නට තිබේ. එජාපය ඇතුළේ මතුව ඇති නායකත්ව අර්බුදය මෙසේ පැවැත්වෙන සාකච්ඡාවල එක් ප්‍රධාන මාතෘකාවකි. ඒ අනුව පසුගිය සතියේදී සමඟි ජන බලවේගයේ ජාතික සංවිධායකවරයා වූ තිස්ස අත්තනායක මහතා සජිත්ට කියා සිටියේ තමන්ට රනිල්ව මුණගැසී කතා කිරීමට අවශ්‍ය බවත්, එය හුදෙක්ම දේශපාලනයෙන් තොර කතාබහක් වනු ඇති බවත්, ඒ සම්බන්ධයෙන් කිසියම් ගැටලුවක් පවතිනවාද යන්නත්ය. නමුත් සජිත් කියා සිටියේ තමන්ට ඒ සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නොමැති බවකි.

තිස්ස ගියේ සජිත්ට කියලා

සජිත්ගෙන් ලැබුණු ඒ ප්‍රතිචාරයත් සමඟ තිස්ස පසුගිය සතියේ රනිල්ව මුණගැසීම සඳහා 5 වැනි පටුමගේ පිහිටි ඒ මහතාගේ පෞද්ගලික නිවෙසට ගියේය. එහිදී ඉතා මිත්‍රශීලී අයුරින් තිස්සව පිළිගත් රනිල් ඔහු සමඟ ආගිය තොරතුරු කතාබස් කළ අතර, තිස්සද වික්‍රමසිංහ මහත්මියගේ සුවදුක් මෙන්ම රනිල්ගේ සුවදුක්ද විමසා සිටීමට කටයුතු කළේය.
“මම ඔබතුමා බලන්න ආවේ කාගේවත් ඉල්ලීමකටවත්, සජිත් මාව එවලවත් නෙවෙයි. ඒ වගේම මම කාගේවත් කපුකමක් කරන්න මෙතන්ට ආවෙත් නෑ. කාගෙවත් පණිවුඩ අරගෙන ආවෙත් නෑ. මම ආවෙ යුතුකමක් විදිහට ඔබතුමාව බලල යන්න විතරයි.” යනුවෙන් කතාව ආරම්භ කළ තිස්ස ඉන් අනතුරුව එජාපයට මේ වන විට අත්ව ඇති ඉරණම පිළිබඳවද රනිල් සමඟ සාකච්ඡා කළේය.

පරාජය ගැන රනිල්ගේ කටින් පැන්න කතාව

“දැන්වත් මේ ඇතිවෙලා තියෙන තත්ත්වය ඔබතුමා තේරුම් ගන්න උත්සාහ කරන්න. මේ පක්ෂය ඇතුළේ අර්බුද ඇතිවුණා හොඳටම ඇති. අද බලන්න පක්ෂයට වෙලා තියෙන දේ. පක්ෂය වැටිල තියෙන තැන බලන්න. ඒ නිසා බහුතරය ඉල්ලන කෙනාට දැන්වත් පක්ෂයේ බලය දෙන්න හිතාගන්න. ඔබතුමා මේ රටට ලොකු සේවයක් කළා. හැබැයි තවත් මේ විදිහට වැඩ කළොත් වෙන්නෙ ඔබතුමා තවත් පිරිහෙන එක විතරයි” යනුවෙන් තිස්ස කියද්දී රනිල්ගේ කටින් ඔහුටම නොදැනුවත්වම අපූරු වචන කිහිපයක් එළියට පැන්නේය. ඒ පසුගිය මැතිවරණ ප්‍රතිඵල සම්බන්ධයෙන්ය. එහිදී රනිල් තිස්සට කියා සිටියේ, “මම හිතුවෙත් නෑ මෙහෙම ප්‍රතිඵලයක් එයි කියලා” යැයි කියාය. මීට අමතරව පක්ෂ නායකත්වය සම්බන්ධයෙන්ද රනිල් කතා කළේය.

තිස්ස දාපු යෝජනාව

“නෑ මම මේකෙ තවදුරටත් ඉන්න සූදානමක් නෑ. මම අයින් වෙන්න තීන්දු කරලයි තියෙන්නෙ. ටික දවසක් ඇතුළත මේ ප්‍රශ්න විසඳෙනව. හැබැයි මේ ප්‍රශ්නය වෙලා තියෙන්නෙ රවි දඟලනවනෙ කරුව පක්ෂ නායකත්වයට ගේන්න. කොහොමද දැන් කරුට දෙන්නෙ. දැන් කරුට 80ත් පැනල. අනික කරු දැන් පක්ෂ සාමාජිකයෙක්වත් නෙවෙයි. වර්කින් කමිටි එකෙත් නෑ. අනෙක දැන් පක්ෂයට ඕනෙ තරුණ නායකත්වයක්. රටත් ඉල්ලන්නෙ එහෙම කෙනෙක්.” යනුවෙන් රනිල් කියද්දී තිස්ස කියා සිටියේ මෙම ප්‍රශ්නය විසඳා ගැනීම සඳහා තමාගේ පාර්ශ්වයෙන් විය යුතු යම්කිසි දෙයක් ඇත්නම් එය ඉටුකිරීමට තමන් ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වනවා යැයි කියාය. රනිල් ඊට සිනාවකින් පිළිතුරු දුන්නා විනා කිසිදු වචනයක් කියන්නට ගියේ නැත.

දෙදෙනා අතර පැවැති මෙම සාකච්ජාව පැයක් පමණ වේලා ඇදී ගිය බවක්ද දැකගන්නට තිබිණ.

කපිල පුංචිමාන්නගේ

SendShareShare
Previous Post

කුඩු ජාවාරමට STF එකත් ගෑවෙයි

Next Post

සිරකරුවන් 444ක් ගෙදර යවයි

MORE NEWS

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News
Exclusive

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News
Exclusive

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

Load More
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

හබරණ, අලුත් ඔය, යකාවංගුව ප්‍රදේශයේ ඉඩමක තිබෙන බව කියන මැණික් නිධානයක් ගොඩගැනීම සඳහා අනවසරයෙන් කැණීම් කරමින් සිටි හිටපු අමාත්‍ය එම්.කේ.ඩී....

Read more
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

ගල්කිස්සේත් වෙඩි තිබ්බා..! වෙලාවට පත්තු වෙලා නෑ! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.