ඕස්ට්රේලියානු රජයට ගෙවිය යුතුව තිබූ ඩොලර් මිලියන 2.5 ක මුදලක් සහ එක්සත් ජනපද තැපැල් දෙපාර්තමේන්තුවට ගෙවිය යුතුව තිබූ ඩොලර් හය ලක්ෂයකට අධික මුදලක් සයිබර් අපරාධකරුවන් විසින් වෙනත් ගිනුම් වෙත ලබා ගැනීම සම්බන්ධයෙන් සිදුවන විමර්ශන සදහා සහාය වීමට, එෆ්.බී.අයි නියෝජිතයන් පිරිසක් මේ වන විටත් දිවයිනට පැමිණ තිබෙන බව වාර්තා වේ.Sri Lanka Latest News
එෆ්.බී.අයි නියෝජිතයන් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් අතර සාකච්ඡාවක් කොළඹ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය තුළ දී සිදුව ඇති බවද පැවසේ.
ඩොලර් මිලියන 2.5 ක මුදල එක්සත් ජනපදයේ ඩෙල්වෙයාර් ප්‍රදේශයේ ස්ථාපිත කර තිබෙන බිස් සොලූෂන් නමැති සමාගමට අයත් ගිනුමක් ඔස්සේ ගොස් ඇති බව අනාවරණය වී ඇතත්, මේ වන විට අදාල මුදල් ඇත්තේ කොහේදැනි හදුනාගෙන නැත.










