• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විජේගේ පොරොන්දු සහ අනුරගේ පොරොන්දු! Sri Lanka Latest News

May 24, 2026
in Exclusive
Reading Time: 4 mins read
A A
විජේගේ පොරොන්දු සහ අනුරගේ පොරොන්දු! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

තලපති විජේ ජයග්‍රහණය කළා. ඒක ලොකු ජයග්‍රහණයක්. ලංකාව පැත්තෙන් ඒක හොඳයිද නරකයිද කියන එක දේශපාලනිකව හොයලා බලන්න ඕනේ. ඔහු දේශපාලන පොරොන්දු දුන්නේ අදාළ ප්‍රදේශයට ගැළපෙන විදිහට, ඒ ජනතාවට ගැළපෙන විදිහට. ජනතාව ඉල්ලන දේවල් තමයි ඔහු පොරොන්දු විදිහට ඉදිරිපත් කළේ. ඒ නිසා තමයි ඔහු ලංකාවට විරුද්ධවත් කතා කළේ. ඔහුගේ දේශපාලන දර්ශනය හෝ මනුස්සයෙක් විදියට ඔහුගේ සිතුවිල්ල සමහරවිට ඒක නොවෙන්නත් පුළුවන්. කොහොම වුණත් ඔහු ලංකාවට විරුද්ධවාදී දේශපාලන දැක්මකින් ඉන්න බව අපිට පෙනුණා. ඔහු දේශපාලනයට එන්නේ ඉතාම විශාල පොරොන්දු ප්‍රමාණයක් දීලා. සමහර ඒවා බැලූබැල්මටම කරන්න බැරි වෙයි කියන මට්ටමේ ඒවා. විදුලිය නොමිලේ ලබාදෙනවා කියන එක පොරොන්දුවක්. ඒ වගේම ගෑස් සිලින්ඩර් හතරක් වසරකට තමිල්නාඩු ජනතාවට ලබාදෙනවා කියන එක එක පොරොන්දුවක්.Sri Lanka Latest News

ඒ වගේම ඔහු වරක් කියනවා තමිල්නාඩුවේ විවාහ වෙන යුවළකට රන් පවුමක් ලබාදෙනවා කියනවා. මොකද අපි දන්නවා මේ තමිල්නාඩුවේ මිනිස්සු රත්තරන්වලට හරි කැමැතියි. ඔවුන්ට විදුලිය ගැන ලොකු අර්බුදයක් මේ වගේ දේවල් තියෙනවා. කොහොම වුණත් තමිල්නාඩු ප්‍රාන්තයේ ජනගහනය 2026 වසර වෙද්දී ආසන්න වශයෙන් කෝටි 7.75ක්, ඒ කියන්නේ මිලියන 77.5ක් බව තමයි ගණන් බලලා තියෙන්නේ. දැන් මෙතැනින් අගනුවර විතරක් ලක්ෂ 70ක ජනගහනයක් ජීවත් වෙනවා කියලා කියනවා චෙන්නායිවල විතරක්. ස්ත්‍රී පුරුෂ ප්‍රමාණයන් ගත්තොත් පිරිමි මිලියන 38.6ක්, කාන්තා ජනගහනය මිලියන 38.9ක් කියලා සඳහන් වෙනවා. ඉතින් ඒ නිසා තමයි ඔහු සමහර විට මේ රත්තරන් පවුම් පොරොන්දුව එහෙමත් දෙන්න ඇත්තේ.

සාමාන්‍යයෙන් ඔහුගේ බොහෝ පොරොන්දුවල තිබුණේ මේ කාන්තාවන්ව අල්ලා ගන්න පුළුවන් විදිහේ පොරොන්දු කියලා වෙලාවකට අපිට හිතෙනවා. කොහොම වුණත් ඔහු ගෑස් සිලින්ඩර හතරක් ලබාදෙන බවට පොරොන්දුවක් වුණා. ඉන්දියාවේ අවසන් නිල සංගණනයට අනුව තමිල්නාඩු ප්‍රාන්තයේ නිවාස ඒකක සංඛ්‍යාව කෝටි 1.85ක් කියලා සඳහන් වෙනවා. එතකොට ග්‍රාමීය මට්ටමේ පවුල් 95,63,999කුත්, නාගරික පවුල් 89,96,487කුත් ඉන්න බව අවසන් සංගණනය අනුව සඳහන් වෙලා තියෙනවා. ඉතින් එවැනි තත්ත්වයක් යටතේ ඔහුට සිද්ධ වෙනවා කෝටි 1.85ක පවුල් සංඛ්‍යාවක් ඉන්න තමිල්නාඩුවට එක පවුලකට ගෑස් සිලින්ඩර් හතරක් ලබාදෙන්න. ඒක එක පැත්තකින් බලපුවාම විශ්වකර්ම වැඩක් වෙන්නත් පුළුවන්. හේතුව ඔහුට වසරකදී ගෑස් සිලින්ඩර් කෝටි 7.4ක් නොමිලේ ලබාදෙන්න සිද්ධ වෙනවා.

ඉතින් මෙවැනි පොරොන්දු දීලයි ඔහු මේ තනතුරට ආවේ. ඉතින් දැන් ඔහුට ඒවා ඉෂ්ට කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඔහු මේ වෙනකොටත් යම් යම් පොරොන්දු ඉෂ්ට කරමින් යන බවට කතාවක් පැතිරෙනවා. මෙවැනි තත්ත්වයක් ලංකාවෙත් තිබුණා. අනුර කුමාර දිසානායක මහත්තයාගේ පොරොන්දු ලැයිස්තුව අපිට මතකයි. හැබැයි ඔවුනුත් ඔය ඇතැම් පොරොන්දු ඉෂ්ට කරන්න සූදානම් බව සඳහන් වුණා. නමුත් එවැනි දේවල් ඉෂ්ට වුණාද කියන එක සම්බන්ධව ප්‍රශ්නයක් තියෙනවා. නමුත් දැන් තලපති විජේ දිවුරුම් දුන්නේ 2026 මැයි 10 වැනිදා තමිලග වෙට්රි කසාගම් පක්ෂයේ නායකයා විදිහට. ඔහු නව තමිල්නාඩු මහඇමැති බවට පත්වුණා. නමුත් ඔහු මේ වෙනකොටත් කරලා තියෙන දේවල් ටික මොනවාද කියලා අපි නිකන් හොයලා බැලුවා.

එතකොට එකක් තමයි ඔහු ධුරයේ වැඩ භාරගත් සැණින්ම ප්‍රථම නිල නියෝගය වුණේ ප්‍රාන්තයේ සියලු නිවාස සඳහා විදුලි ඒකක 200ක් නොමිලේ ලබාදීම. මැතිවරණ ප්‍රකාශයේ පොරොන්දුවේ තිබුණු විදිහටම. ඒ වගේම තරුණ සුබසාධනය සඳහා ඔහු වැඩපිළිවෙළක් කිව්වා. තරුණ තරුණියන් වෙනුවෙන් නව රැකියා අවස්ථා ලක්ෂ 50ක් බිහිකරන්න ඔහු අවශ්‍ය කටයුතු සූදානම් කළා. ඒ වගේම මේවා අයවැය මගින් ඉදිරියට එනවා කියලා ඔහු කියනවා. රැකියා විරහිත උපාධිධාරීන් සඳහා මාසිකව රුපියල් 4000ක දීමනාවක්. මේ ඉන්දියානු රුපියල්, ශ්‍රී ලංකා රුපියල් නෙවෙයි. සෑම පවුලකටම නොමිලේ ගෑස් සිලින්ඩර් ලබාදීමේ වැඩපිළිවෙළ ඔහු දැන් සකස් කරමින් යනවා කියලා කියනවා. රන් පවුමක්, සිල්ක් සාරියක් ලබාදෙන බවත් ඔහු කියනවා.

ඒ වගේම ප්‍රාන්තයේ ආරක්ෂාව පිළිබඳ ඔහු වෙච්ච පොරොන්දු ටිකක් තිබුණා. මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම සඳහා විශේෂ කාර්ය බළකායක් පිහිටුවන බව ඔහු කිව්වා. දැන් ඔවුන්ගේ ආගමික මධ්‍යස්ථාන සහ පාසල් ඉදිරියේ තියෙන බාර් ඉවත් කරමින් යනවා. ඒ කිව්වා වගේම මහඇමැති විදියට දිව්රුම් දීලා පැය 24ක් යන්නටත් කලින් පාසල්, කෝවිල් ආසන්නයේ දාලා තිබ්බ බාර් 717ක් වහන්න විජේ කටයුතු කළා.

ඒ වගේම ශ්‍රී ලංකාවේ සිටින ධීවරයන් නිදහස් කරගැනීම ගැනත් ඔහු පොරොන්දු වුණා. දැන් ඒ සඳහාත් ඔහු වැඩපිළිවෙළක් හදනවා කියලා තියෙනවා. ලංකාවට රාජතාන්ත්‍රික මට්ටමෙන් ලිපි එවනවා ඔවුන් දැන්. ඒ වගේම උක් ටොන් එකක් සඳහා රුපියල් 4,500ක සහතික මිලක් ලබාදීමට කටයුතු සූදානම් කරලා අවසානයි කියලා කියනවා.
ඉතින් මෙවැනි තත්ත්වයක් විජේගේ තියෙනවා. ලංකාවේ ජනාධිපතිවරයා මෙවැනි දේවල් ඉෂ්ට කළාද කියන එක ගැන විවිධ කතා පැතිරෙනවා. අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා බලයට පත්වෙන්නේ මේ වගේම විශාල පෙරළියක් කරමින්. ඔහු විසින් කරපු මේ පෙරළියට හේතු විදිහට අපිට අඳුනගන්න පුළුවන් වෙන දේ තමයි රටේ ඇති කරපු විශාල වෙනසක් ගැන බලාපොරොත්තුවක්. ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශය. ප්‍රධාන මැතිවරණ පොරොන්දු 30ක් මේකේ ඇතුළත් වුණා ජනාධිපති අනුර කුමාර දිසානායක මහත්තයාගේ. ඉන් පොරොන්දු 10ක් සම්පූර්ණ ඉටුකරලා තියෙනවා කියලා වෙරිටේ රිසර්ච් ආයතනය පවසනවා. බදු සහන, වැටුප් සහ දීමනා ඉහළ නැංවීම්, අධ්‍යාපන සහ ශිෂ්‍ය සහන, දූෂණ විරෝධී දේශපාලන ප්‍රතිසංස්කරණ ඒ වගේම සාර්ව ආර්ථික ස්ථාවරත්වය ඔහු විසින් ඇති කරලා තියෙනවා, වෙනස් කරලා තියෙනවා කියලා කියනවා.

නමුත් ඔහුට තවත් පොරොන්දු 10ක් ක්‍රියාත්මක වෙමින් තියෙනවා. තවත් පොරොන්දු 10ක් තියෙනවා කිසිසේත්ම ඉෂ්ට කරන්න බැරි වෙච්ච. සමහර දේවල් තියෙනවා ඇත්තටම දේශපාලකයන් විදිහට පොරොන්දු දුන්නට පොළොවේ ස්ථාවරව ඉටුකරන්න බැරි දේවල්. ඒවා අපි දන්නවා. ඉතින් මෙවැනි පොරොන්දු ඇත්තටම දේශපාලකයන් නොදී සිටිය යුතුයි. ඒක වෙනම තර්කයක්, වෙනම කතාවක්. නමුත් මේ කිසිදු ප්‍රගතියක් නැති පොරොන්දු නවය, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත, හොරකම් කරපු මුදල් රටින් පිටත සිට මෙරටට ගෙන ඒම වගේ ඒවා ටිකක් තියෙනවා. එතකොට මහබැංකු වංචාකරුවන්ට දඬුවම් ලබාදීම ඇත්තටම තවමත් කරගන්න බැරිව වගේ තියෙනවා. රජයේ දේශපාලන පත්වීම් සම්බන්ධව ඔහුට ඇත්තටම චෝදනාවක් එල්ල වෙන මට්ටමට ඇවිල්ලා තියෙනවා.

ඒ වගේම ජනාධිපතිවරයාත්, මාලිමා ආණ්ඩුවත් පසුගිය කාලේ පොරොන්දු වුණා පසුගිය කාලේ රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව නීති විරෝධී ලෙස ඡන්ද අල්ලස් විදියට මන්ත්‍රීවරුන්ට ලබාදීලා තිබුණු බාර් ලයිසන් සියල්ල කැන්සල් කරනවා කියලා. ඒ මන්ත්‍රීවරුන්වත් හෙළිකරනවා කියලා කිව්වා. හැබැයි ජනාධිපතිවරයා අද වනතුරු ඒ බාර් ලයිසන් කැන්සල් කළේවත්, රනිල්ගෙන් බාර් ලයිසන් ගත්ත මන්ත්‍රීවරුන්වවත් හෙළි කළේ නෑ.

ඉතින් විජේට පුළුවන් වුණාට අපිට බැරි වෙන්න පුළුවන්. විජේ කරන්නේ ප්‍රාන්ත රජයක්, අපි කරන්නේ රටක්. එතකොට සමහර පොරොන්දු කාලයත් එක්ක වෙනස් වෙනවා. පවතින තත්ත්වයත් එක්ක දිගින් දිගටම එවැනි පොරොන්දු ඉෂ්ට කරන්න බැරි වෙන්න පුළුවන්. ඒක වෙනම තත්ත්වයක්. නමුත් රටක පොරොන්දු ඉෂ්ට කිරීම සම්බන්ධව මීට වඩා සැලකිලිමත් වෙන්න අපේ රටේ ජනාධිපතිටත් සිද්ධ වෙනවා. දැන් දිට්වා ආවා. දිට්වා ආවාට පස්සේ ඇති වෙච්ච ව්‍යසනකාරී තත්ත්වයන්වලදී අපි හිතුව තරම් ඉක්මනට අපිට ඒවා නැවත නගාසිටුවන්න බැරිව ගියා. ඉතින් ඒකට අපි ආණ්ඩුවට චෝදනා කරලා වැඩක් නැහැ, මොකද අපි දන්නවා එහෙම තමයි ඇත්තටම. රටක සමහර දේවල් එක රැයින් එළි කරන්න බැහැ. හැබැයි එහෙමනම් ඒක නොකියා ඉන්න ඕනේ. අපි හිතන තරම් ලේසි නැහැ කියන එක ඔවුන්ට තේරෙනකොට පොරොන්දු වෙලා ඉවරයි. ඒක තමයි තියෙන ප්‍රශ්නේ.

කොහොම වුණත් අපි බලාගෙන ඉන්නවා. අපිට විජේගේ වැඩක් නැහැ, අපිට වැදගත් වෙන්නේ අනුරව. විජේ කියන්නේ දේශපාලනික වශයෙන් පුරාවෘත්තයක්ද නැද්ද කියන එක අපිට වැඩක් නැහැ. ඔහු නළුවෙක් විදිහටයි අපි ඔහුට කැමැත්තෙන් හිටියේ. ඔහු තවදුරටත් රඟපාන්න ගියොත් ඔහුගේ දේශපාලන ජීවිතය නිමාවෙයි කියලා අපි හිතනවා.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

නාමල්ව ගෙන්නලා සජිත්ට ගහන්න පටන් ගන්න කියපු රනිල් හීන්සීරුවේ නාමල්ටත් ගේමක් අටවලා! රහස් වට්ස්අප් චැට් එකෙන් වැඩේ අතේ මාට්ටු!  I Sri Lanka Latest News

Next Post

ටෙස්ට් නායක ධනංජය සිල්වාගේ පියා ඝාතනය කොට රටින් පැන්න පාතාල නායක ඇල්ටෝ ධර්මේ ඩුබායිවලදී අල්ලලා!  I Sri Lanka Latest News

MORE NEWS

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News
Exclusive

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News
Exclusive

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

Load More
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

හබරණ, අලුත් ඔය, යකාවංගුව ප්‍රදේශයේ ඉඩමක තිබෙන බව කියන මැණික් නිධානයක් ගොඩගැනීම සඳහා අනවසරයෙන් කැණීම් කරමින් සිටි හිටපු අමාත්‍ය එම්.කේ.ඩී....

Read more
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

ගල්කිස්සේත් වෙඩි තිබ්බා..! වෙලාවට පත්තු වෙලා නෑ! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.