• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුව 19 අහෝසි කරන්න යද්දී 19 හදපු ජයම්පති ස්විස්ටර්ලන්තයේ සිට කතාකරයි EXCLUSIVE

August 31, 2020
in Exclusive
Reading Time: 3 mins read
A A
ආණ්ඩුව 19 අහෝසි කරන්න යද්දී 19 හදපු ජයම්පති ස්විස්ටර්ලන්තයේ සිට කතාකරයි EXCLUSIVE
Share on WhatsAppShare on Facebook

‘19 වැනි ව්‍යවස්ථා සංශෝධනය කියන්නේ ඉතාමත් ඉදිරිගාමී, කාලෝචිත ව්‍යවස්ථා සංශෝධනයක්. ඒක නිකම්ම අල්ලලා ඉවත දාන්න පුළුවන් එකක් නෙවෙයි. මේ මගින් සිදුවන්නේ සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය තුළින් පාර්ලිමේන්තුව ශක්තිමත් කරන එකයි. මෙහි යම් දුර්වලකමක් තිබෙනවා නම් එය උද්ගත වුණේ මෙම සංශෝධනයේ මුල් කෙටුම්පත වරින්වර සංශෝධනය වීමේ හේතුව නිසයි. මොකද එදා යහපාලන ආණ්ඩුවට තුනෙන් දෙකේ බහුතරයක් තියා සරල බහුතරයක්වත් තිබුණේ නැහැ. එම නිසා විපක්‍ෂයේ ඉල්ලීම් අනුව විවිධ සංශෝධන කරන්නට සිදුවුණා. එහිදී මුල් කෙටුම්පතේ යම් තනුක කිරීමක් හෝ සැර බාල කිරීමක් සිදුවුණා නම්, එය කෙරුණේ විරුද්ධ පක්‍ෂයේ එකඟත්වය සහ ඉල්ලීම ඇතිවයි. මේ නිසා පවතින ව්‍යවස්ථා සංශෝධනය තුළ යම් දුර්වලකම් තිබෙන්නට පුළුවන්.’
පසුගිය කාලයක් පුරාම කොරෝනා මාරයා නිසා ශ්‍රී ලංකාවම කණපිට හැරිලා තිබුණේ. එහෙත් ඒ මාරක වසංගතය මැදදීම මහ ඡන්දයත් පැවැත්වුණා. දැන් ඒකත් ඉවරයි. දැන් නව ආණ්ඩුවේ අලුත්ම ‘හොරණෑව පිඹීම’ තමයි 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම. ඊට පස්සේ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒම තමයි ඊළඟ ඉලක්කය. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවේ පසුගිය තිබුණු යහපාලන රජය විසිනුයි. මෙම අතිශය ආන්දෝලනාත්මක 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සැකසීමට පුරෝගාමී වූ කිහිප දෙනකු එදා ආණ්ඩුවේ සිටියා. එයින් අංක එකට හිටපු පුරෝගාමියා තමයි, ආචාර්ය ජයම්පති වික්‍රමරත්න කියන සුවිශේෂී චරිතය. වත්මන් මෙම අර්බුදය ගැන ඉහත හරවත් කතාන්දරය කියා සිටින්නේ ඔහුයි. මෙය තවත් දිගු වගතුගකි.
නීති විද්‍යාව සහ දේශපාලන විද්‍යාව ගැන ඉතා හසළ දැනුමක් ඇති ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා ජනාධිපති නීතිඥවරයෙක්ද වෙයි. එසේම ඔහු පසුගිය යහපාලන රජයේ ජාතික ලැයිස්තු මන්ත්‍රිවරයෙක්ද විය. කෙසේ හෝ මෙම විද්වතා පසුගිය 2019 ජනාධිපතිවරණයෙන් පසුව තම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී ඉතාමත් කෙටිකාලයක් තුළදී විදේශගත විය. ඔහුගේ එම හදිසි විගමනය එකල රටේ බොහෝ ආන්දෝලනාත්මක සිදුවීමක් විය. ඔහු ශ්‍රී ලංකාවෙන් බැහැරව තම පවුලේ සාමාජිකයන්ද සමඟ ස්විස්ටර්ලන්තය වෙත ගියේය. මෙම සිදුවීමේදී මෙරට සමහර පාර්ශ්ව විසින් කියා සිටියේ, ඔහුට යම් තර්ජන ආදියද ඇති වූ හෙයින් මෙරටින් බැහැරව ගිය බැව්ය. පසුගිය කොරෝනා සමයේදී සහ මේතාක් දක්වා ඔහු වෙසෙන්නේ එම රටේය.
ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතාගේ වත්මන් තොරතුරු කිසිවක් පසුගිය කාලයේදී ආරංචි නොවූ අතර, ඔහුගේ කිසිදු වගතුගක් මාධ්‍යයන්හිදී පළ නොවීය. එහෙත් අප ‘මව්රට’ පුවත්පතට ඔහු සමඟ සජීවීව කතා කිරීමේ දුර්ලභ අවස්ථාව හිමිවිය. වත්මන් අර්බුදකාරී තත්ත්වය ගැන වැදගත් තොරතුරු කිහිපයක් ඔහු ස්විස්ටර්ලන්තයේ සිට මා සමඟ සාකච්ඡාවක නිරත වෙමින් පවසා සිටියේය. එම සංවාදය මෙසේය.

ඔබ මන්ත්‍රි ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසුව ඉතා ඉක්මනින් විදේශගත වුණේ ඇයි? එම කාලයේදී අලුත් ජනාධිපති කෙනෙක්, අලුත් ආණ්ඩුවක් පිහිටුවා තිබුණු හෙයින් ඔබට යම් බලපෑම්කාරී වටපිටාවක් තර්ජනකාරී වටපිටාවක් ඇතිවුණාද?
(සිනාසෙමින්) අපොයි නැහැ. මොන තර්ජනයක්ද? එහෙම කවුරුවත් මට තර්ජනය කළේත් නැහැ, බලපෑම් කළේත් නැහැ. ඒවා ඔක්කොම අසත්‍ය කතාන්දර, මේක මගේ තිබෙන පෞද්ගලික ජීවිතය. මම කරන්නේ මං කැමැති දෙයක්.
එසේ නැතිනම් ඔබ යම් කලකිරීමකට පත්වුණාද? ඔබට හදිස්සියේම විදේශගත වන්නට නිශ්චිත හේතුවක් තිබුණාද?
ඔව්. ඇත්තටම හේතුවක් තිබුණා. මම වසර 5ක කාලයක් දේශපාලනයේ නිරතව සිටීමෙන් බොහෝ කාර්යබහුලව සිටියා. මට පෞද්ගලිකව සිදුකළයුතු වැඩකටයුතු තිබුණා. එහෙත් ඒවා කරගන්න මට වෙලාවක් තිබුණේ නැහැ. මගේ ආචාර්ය උපාධියට ලියූ පොත තියෙනවානේ ‘ශ්‍රී ලංකාවේ මූලික අයිතිවාසිකම්’ කියලා. මේ ග්‍රන්ථයේ දෙවැනි සංස්කරණය අවුරුදු 14ක් පැරැණියි. ඉතින් මෙහි තෙවැනි සංස්කරණයක් කරන්න කියලා බොහෝ දෙනෙක් මගෙන් ඉල්ලීම් කළා. මේක නීති ක්‍ෂේත්‍රයේ බොහෝ දෙනෙක්ගේ ඉල්ලීමක්. මෙම ග්‍රන්ථයේ තෙවැනි සංස්කරණය වඩා සංසන්දනාත්මකව කිරීමට අවශ්‍ය අධ්‍යයන කටයුතු කිරීමට අවස්ථාවක් මට ලැබී තිබෙනවා. මා දැන් එය සිදුකරමින් සිටිනවා. කාර්යබහුල වටාපිටාවක් යටතේ මෙවැනි ග්‍රන්ථයක කටයුතු කරන්න බැහැ. ඉතින් මට මේ ලැබුණු අවස්ථාව ඉතාමත් හොඳ එකක්.
19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේදී ඔබ පුරෝගාමියකු වුණා. මේ සංශෝධනය අද අහෝසි කරන්න යනවා. 20 කියලා නව සංශෝධනයක් ගේනවා. වත්මන් නව රජය ඉතාමත්ම කඩිමුඩියේ සිදුකරන්නට යන මේ ක්‍රියාවලිය ඔබ දකින්නේ කෙසේද?
19 වැනි සංශෝධනය මගින් සැබෑ ලෙසම ප්‍රජාතන්ත්‍රවාදය හරහා පාර්ලිමේන්තුව ශක්තිමත් වීමක් සිදුවුණා. එදා මෙම සංශෝධනයේ මුල් කෙටුම්පත වරින්වර, කිහිප වතාවක්ම විවිධ සංශෝධනයන්ට ලක්වුණා. එය සිදුකරන්නට වුණේ විපක්‍ෂයේ විවිධ ඉල්ලීම් මතයි. එදා යහපාලන ආණ්ඩුවට තුනෙන් දෙකේ බහුතර බලයක් තිබුණේ නැති නිසාත්, සරල බහුතරයක්වත් තිබුණේ නැති නිසාත්, මෙලෙස විපක්‍ෂයේ ඉල්ලීම්වලට සවන් දෙන්නට සිදුවුණා. එහිදී මුල් කෙටුම්පතේ යම් තනුක කිරීමක් හෝ සැර බාලකිරීමක් සිදුවුණා නම්, එය කෙරුණේ විරුද්ධ පක්‍ෂයේ එකඟත්වය සහ ඉල්ලීම මතයි. යම් දුර්වලකම් ඇතිවුණා නම් එය සිදුවුණේ මෙවැනි තත්ත්වයක් උද්ගතවූ නිසයි.
එලෙස 19 වැනි සංශෝධනයේ යම් දුර්වලකම් තිබෙනවා නම් ඒ තත්ත්වයන් මඟහරවා ගැනීමට ගතහැකි විකල්පයන් කුමක්ද? ඔබ මෙම කාර්යයේ පුරෝගාමියකු ලෙස මෙම අවස්ථාවේදී රජයට යෝජනා කළ හැක්කේ කුමක්ද?
ඔව්, මම පැහැදිලිව අවධාරණය කරලා මේ අවස්ථාවේ කියා සිටින්නේ, මෙම සංශෝධනයේ දුර්වලකම් තිබෙනවා නම් එදා ඔක්කොම එකතු වෙලා සම්මත කරගත්තා වගේම, මේ පාරත් හැමදෙනාම එකතුවෙලා එම දුර්වලකම් මඟහරවාගෙන එකඟත්වයකට පැමිණිලා සම්මත කරගන්න කියලයි. එදා 19 වැනි සංශෝධනය විරුද්ධ පක්‍ෂය සමඟ එකතුවෙලා සුහදව සම්මත කරගත්තා වගේම, එහි දෝෂකම් තිබෙනවා නම් එයත් එකඟත්වයකින් සම්මත කරගන්න කියලයි මම කියන්නේ. කිසිම ආණ්ඩුවක් 72දී සමගි පෙරමුණ කෙරුවා වගේ හෝ 78දී ජේ. ආර්. කෙරුවා වගේ හෝ ව්‍යවස්ථා සංශෝධන රටට බරක් ලෙස පැටවෙන විදියට සිදුනොකළ යුතුයි. ජනතාවටත්, රටටත් බරක් වන ව්‍යවස්ථා සංශෝධනවලින් කිසිම වැඩක් වෙන්නේ නැහැ.
වත්මන් නව රජය මෙම 19 වැනි සංශෝධනය අහෝසි කරලා, 20 වැනි සංශෝධනයක් ගෙන එන්නේ රජයට වාසිදායක වටාපිටාවක් හදාගන්නද? ඔවුන් මෙතරම් කලබලයෙන් මේ දේ කරන්නට යන්නේ ඇයි?
ඔව්. ඒක හොඳ ප්‍රශ්නයක්. 1972දී සිදුවුණේත් මෙහෙම දෙයක් තමයි. එදා සමගි පෙරමුණ තමන්ට ඕනෑ විදියට සහ තමන්ට වාසිදායක විදියට ව්‍යවස්ථාවක් හදාගත්තා. ඒත් ඒ ව්‍යවස්ථාව අවුරුදු 6ක්වත් තිබුණේ නැහැ. ඒ වගේම ජේ. ආර්. ජයවර්ධනත් 1978දී තමන්ට ඕනෑ විදියට නව ව්‍යවස්ථාවක් හැදුවා. ඒකෙන් රටට මහා වින්නැහියක් වුණා. ඒ නිසා ඒ අත්දැකීම් අවබෝධයට ගෙන නැවැත එවැනිම දෙයක් සිදුකරන්න එපා කියලයි මම කියන්නේ. දීර්ඝ කාලයක් පවතින නව ව්‍යවස්ථා සංශෝධනයක් සකස් කරන ලෙසයි මම ඉල්ලා සිටින්නේ. එහෙම නැති වුණොත් එම සංශෝධනයෙන් රටට කිසිම යහපතක් වෙන එකක් නැහැ. ඒ නිසා මේ ගැන හොඳම අධ්‍යයනයකින් පසුවයි එම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආ යුත්තේ.
19 වැනි සංශෝධනය කෙටුම්පත් කරද්දී ඔබ පුරෝගාමීව එය සිදුකළ කමිටුව විසින් ඉතාමත් පුළුල් මහජන විචාරණයක් සිදුකළා. එසේම එවැනි පොදු අදහස්වලට ප්‍රබල තැනක් ලබා දුන්නා. දැන් මෙම රජයේ සංශෝධනයේදී එවැනි ක්‍රියාවලියක් සිදුනොවන බවක් තමයි පේන්නට තිබෙන්නේ. එය සාධාරණ ක්‍රමවේදයක්ද?
නැහැ, නැහැ. මෙම සංශෝධනයට ප්‍රථමව එවැනි මහජන විචාරණයක් රජය විසින් අනිවාර්යයෙන්ම සිදුකළ යුතුයි. මහජනතාව සමඟ මෙන්ම විරුද්ධ පක්‍ෂය සමඟද හොඳින් අදහස් විමසා එය සිදුකළ යුතුයි. පුරවැසියන්ගේ අදහස් මෙහිදී ඉතාමත්ම වැදගත් වෙනවා. එවිට තමයි ව්‍යවස්ථාවක් දීර්ඝ කාලීනව බලපැවැත්වෙන්නේ. පොදු ජනතාව සහ සියලු පක්‍ෂ එකඟවී නොකරන ව්‍යවස්ථා සංශෝධන අනිවාර්යයෙන්ම අර්බුද ඇතිකරනවා. 1972 සහ 1978 දී ඉතිහාසයේ කටයුතු කළ ආකාරය හොඳ පූර්වාදර්ශයන් නොවේ. ඒ ඉතිහාසයත් අපි විසින් අමතක කළ යුතු නැහැ.
19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ තිබුණු යහපත් සාධකයක් ලෙස ස්වාධීන කොමිෂන් සභා සැලකිය හැකියි. ඉදිරියේදී නියමිත 20 වැනි සංශෝධනයේදීත් මෙම කොමිෂන් සභා එලෙසම පවත්වාගෙන යෑමට රජය තීරණය කර තිබෙනවාලු. මේ ගැන ඔබගේ ආකල්පය කුමක්ද?
රජය එහෙම තීරණයක සිටිනවා නම් ඉතා හොඳයි. කොමිෂන් සභා ස්වාධීන වීමෙන් රාජ්‍ය සේවය, පරිපාලන කටයුතු, මානව හිමිකම් කටයුතු ආදිය දේශපාලන බලපෑම්වලින් තොරව සිදුකිරීමට අවකාශයක් ඇතිවෙනවා. එහෙත් ප්‍රතිපත්තිමය තීන්දු ගන්නේ ආණ්ඩුවයි. කෙසේ හෝ කොමිෂන් සභා ඉදිරි 20 වැනි සංශෝධනයටත් අත්‍යාවශ්‍ය සාධකයක්.
ජනාධිපති ධුර කාලය එසේම පවත්වා ගැනීම සහ දෙවරකට වැඩි වාර ගණනක් ජනපති අපේක්‍ෂකයකු ලෙස ඉදිරිපත් වීමට ඇති බාධකය එලෙසම තැබීමටත්, ඉදිරියේදී නව රජය තම සංශෝධනය මගින් කටයුතු කරන්න යනවා. මෙය යහපත් තීරණයක් නේද?
ඔව්. සැබැවින්ම එය යහපත් තීරණයක්. ජනාධිපති ධුර කාලය දික් නොකිරීමට සහ වාර සීමාව එසේම තබාගන්නට රජය ගෙන ඇති තීරණය ඉතාම හොඳයි. රටේ පොදු ජනතාවත්, රජයත්, අනෙකුත් පක්‍ෂත් මෙම තීරණයට එකහෙළාම එකඟ වේවි. එම සාධකය මගින් රටටත් යහපතක් වෙනවා.
වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් ආරක්‍ෂක ඇමැති ධුරය ලබා ගැනීම 19 වැනි සංශෝධනය උල්ලංඝනය කිරීමක් විදියට ඇතැමුන් දකිනවා. 19 වැනි ව්‍යවස්ථාවේ හැටියට සංක්‍රාන්ති බලතල ඉවත්වූ පසුව එසේ ඇමැති ධුරයක් ලබාගත හැකිද?
19 වැනි සංශෝධනය යටතේ ජනාධිපතිවරයාට අමාත්‍යාංශයක් දැරීමට නොහැකි බැව්, නීතිපතිවරයාගේද මතය බැව් පෙනී යනවා. වත්මන් ජනාධිපතිවරයා විසින් ලබාගත් එම ආරක්‍ෂක ඇමැති ධුරය මේතාක් ගැසට් නොකර ඇති බැව්ද පේනවා. මේ තත්ත්වය ඉදිරියේදී විසඳිය යුතු අත්‍යාවශ්‍ය කරුණක්.
වත්මන් රජයේ නව අධිකරණ ඇමැතිවරයා ප්‍රකාශකර තිබෙනවා මෙම 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සීමිත කාලයක් රටේ ක්‍රියාත්මක කර, සියලු ජාතීන්ගේ සහ පක්‍ෂවල සහභාගිත්වයෙන් සහ එකඟතාවයෙන් යුතුව පරිපූර්ණ හා විධිමත් ව්‍යවස්ථාවක් සකස් කරනවා කියලා. රජයේ මෙම ක්‍රමවේදය සාර්ථක වෙයිද?
ඔව්, සියලු ජාතීන්ගේ සහ පක්‍ෂවල සහභාගිත්වය සහ එකඟත්වය ඒ සඳහා ඉතාමත් අත්‍යාවශ්‍යයි. එහෙම කළොත් සාර්ථක වේවි.
ප්‍රශ්නය –
පසුගිය සමයේ යම් පාර්ශ්ව ඔබට චෝදනා කළා ඔබද ද්විත්ව පුරවැසියෙක් කියලා. මෙය සත්‍යයක්ද?
නැහැ. එය අසත්‍යයක්. මම ද්විත්ව පුරවැසියෙක් නෙවෙයි.
ඔබ නැවැත ඉදිරියේදී දේශපාලනයට සම්බන්ධ වෙනවාද?
මා පාසල් වියේ සිටම දේශපාලන ක්‍රියාකරුවෙක්.

ආචාර්ය ජයම්පතිට මහාචාර්ය පදවිය

අප වෙත නවතම පුවතක් ලෙස වාර්තා වී ඇත්තේ, ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා විසින් රචිත නවතම පර්යේෂණාත්මක ග්‍රන්ථයක් වන ‘ශ්‍රී ලංකාවේ ප්‍රජාතාන්ත්‍රීය ආණ්ඩුකරණය කරා : ව්‍යවස්ථාමය විවිධ ලිපි’ (Towards Democratic Governance in Sri Lanka : A Constitutional Miscellany) නමැති ග්‍රන්ථය සඳහා කොළඹ විශ්වවිද්‍යාලය විසින් ආචාර්ය වික්‍රමරත්න මහතා වෙත දෙවැනි දර්ශනසූරී උපාධියද (Phd) පිරිනමා ඇති බැව්ය. ශ්‍රී ලංකා ව්‍යවස්ථා අධ්‍යාපන ආයතනය විසින් මෙම ග්‍රන්ථය ප්‍රකාශයට පත්කර ඇත. මේ අනුව ආචාර්ය ජයම්පති වික්‍රමරත්නට දර්ශනසූරී (Doctor of Philosophy) විශේෂ උපාධි දෙකක් හිමිව තිබෙයි. මෙවැනි උසස් උපාධි දෙකක් ඇති විද්වතකු මහාචාර්යවරයකු ලෙස සැලකෙයි.

සාකච්ජා කළේ ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

ගංජාවලට බන්දුලගෙත් මනාපය

Next Post

කොටි ගැන කෙටියෙන් (කැලෑ කොලම)

MORE NEWS

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News
Exclusive

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

නාමල්ගේ නිලනොලත් ජනාධිපති කට ඇරියොත් ඉවරයි! අහක ඉන්න රාජපක්ෂලාට හොඳම එකෙන් අහගන්න වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නාමල්ගේ නිලනොලත් ජනාධිපති කට ඇරියොත් ඉවරයි! අහක ඉන්න රාජපක්ෂලාට හොඳම එකෙන් අහගන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) ප්‍රධාන දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (03) දිනය අවසානයේදී පහළ යෑමක් පෙන්නුම් කළා.Sri...

Read more
අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.