ගංජා පදනම් කරගෙන ඖෂධ නිෂ්පාදනය කර අපනයනය කළහොත් සියලු අපනයන ද්‍රව්‍යවලට වඩා විශාල විදේශ විනිමයක් ඉපැයිය හැකි බව වෙළෙද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සදහන් කොට තිබේ.
ඒ මහතා පෙන්වා දී ඇත්තේ විශ්වවිද්‍යාල මහාචාර්යවරයකු සිය පර්යේෂණ නිබන්ධනයක් කරමින් මේ බව ප්‍රකාශ කොට ඇති බවකි.
ලෝකයේ වෙනත් රටවල ගංජා විශාල ලෙස අපනයනය කරද්දී අධීරාජ්‍යවාදීන්ට විරුද්ධව ශක්තිමත් ලෙස ගැටීමට ගංජා පාවිච්චි කිරීම නිසා බ්‍රිතාන්‍යයන් ලංකාවේ සම්පූර්ණයෙන්ම ගංජා තහනම් කළ බවද අමාත්‍යවරයා කීය.
ඇතැමුන් විස සහිත කේරල ගංජා පාවිච්චි කරන්නේ මෙරට ගංජා තහනම් නිසා බවද හෙතෙම කියා සිටියේය.
මීට පෙර බෙංගමුවේ නාලක හිමියන්ද සදහන් කර සිටියේ ගංජා තහනම ඉවත් කිරීමට පියවර ගත යුතු බවකි.










