අකුරේගොඩ පිහිටි සුපිරි වෙළඳ සැලක රථ ගාලේදී පසුගිය පෙබරවාරි 16 දා නීතීඥ බුද්ධික මල්වාරච්චි සහ ඔහුගේ බිරිඳට වෙඩි තබා ඝාතනය කිරීමට වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථය පැදවූ රියදුරා අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහය පතයි.Sri Lanka Latest News
ඉමදූව පරගොඩ වීරසිංහ මල් ශාලාව ලිපිනයේ පදිංචිකරුවෙක් වන කළුආරච්චි ලියනේ නිලුක්ෂි වීරසිංහ නැමැති මෙම සැකරු වයස අවුරුදු 29ක් වන මෙම සැකකරු සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් 071 – 8592279 අංකය ඔස්සේ බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාට හෝ 071 – 8596065 අංකයෙන් එහි ස්ථානාධිපතිවරයාට දැනුම්දෙන ලෙස පොලිස් මාධ්‍ය කොට්ඨාශය ඉල්ලා සිටියි.













