පාතාලයේ ප්‍රබලම මත්කුඩු ජාවාරම්කරුවන් ඩුබායි අතහැර මේ වන විට වෙනත් රටවල්වලට පළගොස් ඇතැයි බුද්ධි අංශ වෙත තොරතුරු ලැබී තිබේ.Sri Lanka Latest News
ඩුබායිවලින් පැන්න එම පාතාලයේ මත්කුඩු ජාවාරම්කරුවන්ගෙන් වැඩි දෙනෙක් මේ වන විට සිය නවාතැන්පොළ බවට පත්කරගෙන ඇත්තේ රුසියානු සමූහාණ්ඩුවෙන් කැඩී ගොස් ඇති රටවල් කිහිපයක්ය.
ඒ හැරුණු කොට ප්‍රංශය, ඉතාලිය, එංගලන්තය යන රටවල්වලද ඩුබායිවලින් පැන්න පාතායේ මත්කුඩු ජාවාරම්කරුවන් රැසක් මේ වන විට රැදී සිටින බව බුද්ධි අංශ සඳහන් කරයි.
පාතාල අපරාධකරුවන් එසේ වෙනත් රටවලට පැන ගන්න විට ඔවුන්ගේ ගෝල බාලයින් 20කට වැඩි පිරිසක් ඩුබායි, අබුඩාබි ඇතුළු එක්සත් එමීර් රාජයයට අයත් රටවල පොලීසිවලට හසුවී ඇත. ඉරාන යුද්ධයත් සමඟ එම රටවල් විසින් කළ මෙහෙයුම් වලදී මෙම අය අත්අඩංගුවට ගෙන තිබේ.
පාතාල අපරාධකරුවන්ට ආරක්ෂිතම නවාතැන්පොල බවට ඩුබායි රාජ්‍යය පසුගිය කාලයේ නම්දරා තිබුණද ඉරාන යුද්ධයත් සමඟ සියල්ල වෙනස් වී ඇති බව සඳහන්ය. ඊට මුල්වී ඇත්තේ ඉරානය සමඟ සම්බන්ධකම් ඇති පුද්ගලයින් දුරකථන ජාල විශ්ලේෂණ ඇතුළු තවත් තාක්ෂණික විමර්ශන ඔස්සේ හඳුනා ගනිමින් අත්අඩංගුවට ගැනීමට එම රටවල ආරක්ෂක අංශ පියවර ගැනීමහේතුවෙනි. අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය වැඩි වශයෙන්ම මෙරටට රැගෙන එන්නේ ඉරාන ආශ්රිත ජාවාරම්කරුවන් සමගිනි. එම ජාවාරම්කරුවන් සමඟ මෙරට ජාවාරම්කරුවන් සම්බන්ධකම් පවත්වති. ඩුබායි ඇතුළු මැදපෙරදිග කලාපයේ සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරට රැදි සිටීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇත්තේ එබැවිනි.
ඩුබායි ඇතුළු මැදපෙරදිග කලාපයේ රටවල දී අත්අඩංගුවට ගෙන සිටින පාතායේ මත්කුඩු ජාවාරම්රුවන්ගේ ගෝලයින් සම්බන්ධයෙන් මෙතෙක් නිල වශයෙන් එම රටවලින්මෙරටට දැනුම්දීමක්ද කර නැත. ඊට මුල්වී ඇත්තේ ඔවුන්ට ජාත්‍යන්තර පොලිසිය මගින් රතු නිවේදන නිකුත් කර නොමැති බැවිනි.
කෙසේ වෙතත් ඔවුන්ගේ පවුල්වලඥාතීන් නම් මේ දිනවල පංසල් පල්ලි කෝවිල් සහ දේවාල වල නිතර ගැවසෙනු නිරීක්ෂණය වන බව බුද්ධි අංශ සඳහන් කරයි.











