නිසි අයුරින් නඩත්තු නොකරන සහ රජයේ බදු මුදල් නිසි අයුරින් ගෙවා නොමැති කොළඹ නගරයේ ඇති ක්‍රීඩා සමාජ නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරා ගැනීමට ආණ්ඩුව තීන්දු කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව බදු මුදල් ගෙවා නැති කොළඹ ඔටර් ඇක්වටික් ක්‍රීඩා සමාජය, ජිම්කානා ක්‍රීඩා සමාජය සහ 80 ක්ලබ් මේ අකර ඇති බව වාර්තා වේ.
මීට අමතරව සාමාජිකයන්ගෙන් විශාල වශයෙන් මුදල් අයකරන සහ නිසි නඩත්තු කටයුතු සිදු නොකරන සහ අපිරිසුදුව පවත්වාගෙන යන ක්‍රීඩා සමාජ ශාලා සම්බන්ධයෙන් සොයා බැලීමටද නාගරික සංවර්ධන අධිකාරිය තීන්දු කර ඇත.










