සමගි ජන බලවේගයට සහාය ලබා දෙන එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රී ධූර අහෝසි කිරීම වළක්වන වාරණ නියෝගයක් අභියාචනාධිකරණය ලබා දුන්නේය.
ඒ අනුව සමගි ජන බලවේගයට සහාය ලබා දෙන එජාප පළාත් පාලන මන්ත්‍රීවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීම මත සභික ධූර අහෝසි කිරීමට මැතිවරණ කොමිසන් සභාව විසින් නිකුත් කිරීමට නියමිතව තිබූ ගැසට් නිවේදන නිකුත් කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය ඊයේ (28) දින නිකුත් කළේය.
අභියාචනාධිකරණ විනිසුරුවන් වන සෝභිත රාජකරුණා, නවාස් යන මහත්වරුන් ඉදිරියේ මෙම පතේසම සලකා බැලුණු අතර එජාප පළාත් පාලන මන්ත්‍රීවරුන් 35 දෙනකු මෙම පෙත්සම ගොනු කර තිබිණ.










