• About us
  • Contact us
Sunday, July 19, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Uncategorized

වචනයක්වත් කතා නොකර අනුර දවස් 3ක් පාර්ලිමේන්තුවේ මොනවද කළේ? I Sri Lanka Latest News

May 17, 2026
in Uncategorized
Reading Time: 1 min read
A A
ලැබී ඇති අවස්ථාව කිසිසේත් මගහැර ගන්නේ නෑ! රට දිනවීමේ ගමනට අකුල් හෙලූ පිරිසක් ලෙස ඉතිහාසයට එක් නොවී එහි පංගුකරුවන් වන්න! අනුර පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ සියලු දෙනාට ආරාධනා කරයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පසුගිය සතියේ ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අප කළ තවත් සුවිශේෂ අනාවරණයකින් කියා සිටියේ පාර්ලිමේන්තුවේ මාලිමා මන්ත්‍රීවරුන් සහ ජනාධිපතිවරයා අතර පවතින දුරස්ථභාවය අවසන් කිරීම සඳහා ජනාධිපති කාර්යාලය සහ පාර්ලිමේන්තුව අතර පාලමක් නිර්මාණය කරමින් පාර්ලිමේන්තුව තුළ ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්වරයකු පත්කිරීමට පළමු වතාවට ජනාධිපතිවරයා කටයුතු කළ බවකි. ඒ සඳහා බලපෑ හේතු ගණනාවක්ද පසුගිය සතියේ ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අපි වාර්තා කළෙමු. ඒ අනුව මෙවර අප ‘රාජ්‍ය රහස්’ තීරයෙන් වාර්තා කරන්නේ එම තනතුරට කුමාරසිංහ මහතා පත්කිරීමෙන් අනතුරුව ජනාධිපතිවරයා කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන්ය. ජනාධිපතිවරයා මෙම පත්වීම සිදුකොට පළමුවෙන්ම කළේ දින 3ක් එක දිගට පාර්ලිමේන්තුවට පැමිණ මෙම නිලධාරියා ඉදිරියේ තබාගෙන මාලිමා මන්ත්‍රීවරුන් සමග සාකච්ඡා පැවැත්වීමය. සාමාන්‍යයෙන් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණියහොත් සභාවට පැමිණ කතා කිරීම අනිවාර්යයෙන්ම සිදුකරන්නකි. නමුත් මෙම නිලධාරියා පත්කිරීමෙන් අනතුරුව ජනාධිපතිවරයා එක දිගට දින 3ක් පාර්ලිමේන්තුවට පැමිණියද ඒ කිසිදු අවස්ථාවක සභාවට පැමිණ වචනයක් හෝ කතා කිරීමට කටයුතු කළේ නැත. විශේෂයෙන්ම මුදල් අමාත්‍යාංශයෙන් ඩොලර් මිලියන 2.5ක මුදලක් අතුරුදන් වීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයාට විශාල වගකීමක් තිබුණද ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ වචනයක් හෝ කතා නොකිරීම සම්බන්ධයෙන් බොහෝ දෙනා තුළ විශාල කුතුහලයක් මතුව තිබූ ආකාරයක්ද දැකගන්නට ලැබිණි.Sri Lanka Latest News

කෙසේවෙතත් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණි දින තුනේම කළේ අලුතින් පත්කළ මෙම සම්බන්ධීකරණ නිලධාරියා ඉදිරියේ තබාගෙන සෑම දිස්ත්‍රික්කයක්ම නියෝජනය කරන මාලිමා මන්ත්‍රීවරුන් වෙන් වෙන්ව ගෙන්වා ඔවුන් සමග බොහෝ වේලාවක් සාකච්ඡා කිරීමය. එම සාකච්ඡාවේදී තම තමන්ගේ දිස්ත්‍රික්කවල මාලිමා මන්ත්‍රීවරුන් මුහුණ දෙන ප්‍රශ්න, යෝජනා ආදිය ජනාධිපතිවරයාට ඉදිරිපත් කිරීමට මන්ත්‍රීවරු පියවර ගත්හ. එහිදී ඔවුන්ගේ දුක්ගැනවිලි විශාල ප්‍රමාණයකට ජනාධිපතිවරයාට සවන් දීමට සිදුවිය. ආණ්ඩුව ඇතුළේ වැඩක් කරගැනීමට ගිය විට ඔවුන් මුහුණ දෙන දුෂ්කරතා, ජවිපෙ දේශපාලන යාන්ත්‍රණයෙන් මාලිමා මන්ත්‍රීවරුන්ට ඇති කෙණෙහිලිකම්, ගමට ගිය පසු පාක්ෂිකයන්ගෙන් සහ ජනතාවගෙන් එල්ල වෙන චෝදනා මෙන්ම පෞද්ගලික ප්‍රශ්න යනාදියද මෙහිදී මාලිමා මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාට විවෘතව ඉදිරිපත් කළ ආකාරයක් මෙහිදී දැකගත හැකි විය. එමෙන්ම අත්‍යවශ්‍ය අවස්ථාවලදී ජනාධිපතිවරයා සම්බන්ධ කරගැනීමේ අසීරුතාවද මෙහිදී දැඩිව මාලිමා මන්ත්‍රීවරුන් පෙන්වා දී තිබූ කාරණාවක් විය. මාලිමා මන්ත්‍රීවරුන් 12 දෙනකු ජවිපෙ මහලේකම්වරයා වෙත සිය කලකිරීම පෙන්වා දෙමින් ලිපියක් ජවිපෙ මහලේකම්වරයා වෙත යොමුකළේ මෙම අසාධාරණකම් ඉවසා බැරිම තැන බවද එහිදී ඇතැම් මන්ත්‍රීවරු ජනාධිපතිවරයාට පෙන්වා දුන්හ. ඒ අනුව ජනාධිපතිවරයා මන්ත්‍රීවරුන්ගේ මෙම ඇතැම් ප්‍රශ්නවලට ඒ අවස්ථාවේදීම විසඳුම් ලබාදීමට කටයුතු කළ ආකාරයක් දැකගත හැකි විය. එමෙන්ම ඇතැම් මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්නවලට අදාළ අමාත්‍යවරුන්ට සහ නිලධාරීන්ට කතාකොට විසඳාගන්නා ආකාරය පිළිබඳවද ජනාධිපතිවරයා අදහස් දැක්වීය. මීට අමතරව ඉදිරියේදී සිය පාර්ලිමේන්තු සම්බන්ධීකරණ ලේකම්වරයා හරහා ඕනෑම අවස්ථාවක තමන් හා සම්බන්ධ වී ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කළ හැකි බවද ජනාධිපතිවරයා මෙහිදී මන්ත්‍රීවරුන්ට දැනුම් දී සිටියේය.

මේ ආකාරයට ජනාධිපතිවරයා හදිසියේම පාර්ලිමේන්තු සම්බන්ධීකරණ නිලධාරියකු පත්කොට දින 3ක්ම එක දිගට පාර්ලිමේන්තුවට පැමිණ දිස්ත්‍රික් මට්ටමින් මාලිමා මන්ත්‍රීවරුන් හමුවූයේ ඇයි? ඇතැමුන් නම් කියන්නේ මාලිමා ආණ්ඩුව පැමිණි මුල් කාලයේදී මෙන් නොව මේ වනවිට මාලිමාවේ මන්ත්‍රීවරුන් 20ක 30ක පමණ කණ්ඩායමක් සජබය සහ සජබ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග අතිශය සමීප හිතවත්කමක් ආරම්භ කොට තිබීම මීට හේතුවූවා යැයි කියාය.

රාජ්‍ය රහස්!

SendShareShare
Previous Post

මිථුනය ගිනියම් වෙයි…! බුධ-සිකුරු-ගුරු එකම ඉලක්කයක…! ලොවටම බලපාන ග්‍රහ ලොවේ මහා පෙරළිය! Sri Lanka Latest News

Next Post

ලොකු බාධාවක් ඉවත් කරයි! මෙච්චර කල් මුදල් ගෙව්වා විතරයි! දැන් මුදල් ලබාගන්නත් පුළුවන්! Pay Pal පුළුල් වෙයි!  PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

Uncategorized

දුප්පත් මිනිස්සුන්ට දෙන අස්වැසුමෙනුත් ගැහිල්ලක් ගහලා! මේක පුදුම රටක්! VIDEO I Sri Lanka Latest News

කරනවා කියපු කිසිම දෙයක් ජනතාවට කරන්නේ නැතිව ආණ්ඩුව දයාසිරිව දඩයම් කරන්නයි යන්නේ..! ලැජ්ජයි! දයාසිරි වෙනුවෙන් සජබය සහ සජිත් පෙරට එයි! VIDEO I Sri Lanka Latest News
Uncategorized

කරනවා කියපු කිසිම දෙයක් ජනතාවට කරන්නේ නැතිව ආණ්ඩුව දයාසිරිව දඩයම් කරන්නයි යන්නේ..! ලැජ්ජයි! දයාසිරි වෙනුවෙන් සජබය සහ සජිත් පෙරට එයි! VIDEO I Sri Lanka Latest News

‘සමාජ මාධ්‍ය රටට අහිතකරයි! අධිකාරියක් මගින් පාලනය කළ යුතුයි!’ රනිල් මෑතකදී පත්කළ වයඹ ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා මුට්ටිය දාලා බලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ව්‍යාපාරිකයෙක්ගෙන් මිලියනයක අල්ලසක් අරන්! හිටපු ඇමැති ලක්ෂ්මන් යාපාට මහාධිකරණයේ නඩු පවරයි!  I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Uncategorized

ගැහුවාට විරෝධය! අමෙරිකානු සාම සාකච්ජාවලින් ඉරානය ඉවත් වෙයි! I Sri Lanka Latest News

තවත් ජංජාලයක්! ආණ්ඩුව ඩිජිටල් ID ටෙන්ඩරය බ්ලැක්ලිස්ට් වෙච්ච ඉන්දීය සමාගමකට දෙන්නයි යන්නේ..! I Sri Lanka Latest News
Uncategorized

O/L කරලත් ඉවරයි! A/L කරලත් ඉවරයි! අවුරුදු තුනහමාරක් ගිහිල්ලත් තවම සිසුන්ට ID එක ඇවිත් නෑ! දෙපාර්තමේන්තුවත් සද්ද නෑ! I Sri Lanka Latest News

කොළඹ ගෙදරින් දොට්ට දැමූ මහින්දව පිළිගන්න ගමේ මහසෙනගක් රැස්වෙයි! සජීවීව මෙතනින් බලන්න! LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

ප්‍රශ්නයක් නෑ! මහින්ද එළියට ආවා! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු 2500කට කලින් කම්පියුටර් ගැන හිතලාවත් නැති කාලයේ හදපු විශ්වකර්ම රොබෝ ලියන්නා! Sri Lanka Latest News
Exclusive

අවුරුදු 2500කට කලින් කම්පියුටර් ගැන හිතලාවත් නැති කාලයේ හදපු විශ්වකර්ම රොබෝ ලියන්නා! Sri Lanka Latest News

අද කාලයේ ගොඩක්දෙනා AI යුගයේ විශ්වකර්මයන් ගැන බොහොසේන් කතබහ කරනවා. මීට අවුරුදු 250කටත් කලින්, කිසිම ආකාරයකින් විදුලිය නැතිව ලියන්න පුළුවන්...

Read more
යාල කැලේ අලි-කොටි-වලස්සුන්ට විතරක් නෙමෙයි.. සජිත් ගෙවල්වල ඇති කරන බල්ලන්-පූසන්-ගිරව්-පරවියන්-මාළුන්ටත් ආදරෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

යාල කැලේ අලි-කොටි-වලස්සුන්ට විතරක් නෙමෙයි.. සජිත් ගෙවල්වල ඇති කරන බල්ලන්-පූසන්-ගිරව්-පරවියන්-මාළුන්ටත් ආදරෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Sri Lanka Latest News

පහුගිය කාලේ හෝටලයක් කරන්න ගියාම ලොකු විරෝධයක් ආවා! ඔන්න දැන් නුවරඑළියේ පරණම තැපැල් කාර්යාලයේ උඩ තට්ටුව සුද්දන්ට නවතින්න පුළුවන් හෝටලයක් කරනවා! දැන් නම් කාගෙවත් විරුද්ධත්වයක් පේන්න නෑ වගේ! Sri Lanka Latest News

මට මගේම කියන උන් වළ කැපුවා…! දමිතගෙ දැන් ඉමේජ් නැහැ ගන්න එපා ෆිල්ම් එක වැටෙයි…! දමිතට ආයේ ඔළුව උස්සන්න ඉඩ දෙන්න එපා…! ලක් අම්මා කියලා මට පහර ගැහුවා…! ඒත් මං වැටුණේ නැහැ…! දේශපාලනය දැන් මට තිත්ත වෙලා…! ඕවා බොරු.. බෙන්ස් ගත්තේ ගෙවල් හැදුවේ මගේම සල්ලිවලින්…! දමිතා අබේරත්නව බිමට ඇදලා දාන්න තවම කාටවත් බැරි වුණා…! දමිතා අබේරත්න I Sri Lanka Latest News

මට මගේම කියන උන් වළ කැපුවා…! දමිතගෙ දැන් ඉමේජ් නැහැ ගන්න එපා ෆිල්ම් එක වැටෙයි…! දමිතට ආයේ ඔළුව උස්සන්න ඉඩ දෙන්න එපා…! ලක් අම්මා කියලා මට පහර ගැහුවා…! ඒත් මං වැටුණේ නැහැ…! දේශපාලනය දැන් මට තිත්ත වෙලා…! ඕවා බොරු.. බෙන්ස් ගත්තේ ගෙවල් හැදුවේ මගේම සල්ලිවලින්…! දමිතා අබේරත්නව බිමට ඇදලා දාන්න තවම කාටවත් බැරි වුණා…! දමිතා අබේරත්න I Sri Lanka Latest News

දුවත් එක්ක තියෙන ප්‍රේම සම්බන්ධය නතර කරන ලෙස බල කරමින්, පොලිස් කාන්තාවක් පාසල් සිසුවෙකු පැහැරගෙන ගිහින් හොඳටම ගහලා I Sri Lanka Latest News

විනිසුරු විශ්‍රාම යාමේ වසර දෙකේ දීර්ඝය තවත් ක්ෂේත්‍ර රැසකට එයි! විශේෂඥ වෛද්‍යවරුන්ට පොලිසියට රස පරීක්ෂවරුන්ටත් දෙන්න සැලසුමක්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.