• About us
  • Contact us
Sunday, July 19, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුව බ්‍රේක්ඩවුන්ද? සජබෙන් වැඩ්ඩෝ හයර් කරයිද? පාර්ලිමේන්තුව විසුරුවයිද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය!  I Sri Lanka Latest News

May 16, 2026
in Exclusive, Gurudawa
Reading Time: 6 mins read
A A
ආණ්ඩුව බ්‍රේක්ඩවුන්ද? සජබෙන් වැඩ්ඩෝ හයර් කරයිද? පාර්ලිමේන්තුව විසුරුවයිද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය!  I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘දැන් නිතරම යනවා බ්‍රේකින් නිවුස්. බ්‍රේකින් නිවුස් යන්නේ මොනවාද? අහවල් මන්ත්‍රී අරයට සපෝට් කරයි. මේ ඇමැති අරයට සපෝට් කරයි. බලපුවාම කලින් අරයට සපෝට් කරපු අය. දැන් ජී.එල්. පීරිස් කාලයක් හිටියේ චන්ද්‍රිකාගේ පිටිපස්සේ. ඊළඟට 2011දී හිටියා රනිල් වික්‍රමසිංහගේ පිටිපස්සේ. ඊළඟට හිටියා මහින්ද රාජපක්ෂගේ පිටිපස්සේ. ඊළඟ හිටියා ගෝඨාභය රාජපක්ෂගේ පිටිපස්සේ. දැන් ඉන්නවා සජිත් ප්‍රේමදාසගේ පිටිපස්සේ. තමුන්නාන්සේලා ආණ්ඩු මාරු කරනවා. ඒගොල්ලෝ පැත්ත මාරු කරනවා. කොහොමද මෙහෙම වෙන්නේ? මෙහෙම විගඩම්කාරී දේශපාලනයක් අපිට ඕනෙද? මේ වගේ කැත දේශපාලනයක් අපේ රට හදයිද? ගොඩක් අය ඔය පැතිවලට යන්න කලින් ජාතික ජන බලවේගයේ දොරටත් තට්ටු කළා. අපේ දොරට තට්ටු කරනකොට අපි මොකද කළේ? සිරිතට විරිතට අනුව දොර ඇරියා. ආයුබෝවන් කියලත් කිව්වා. කියලා මූණ දීලා බැලුවා. බලනකොට පරණ මෑන්. පැටිකිරිය නරකයි. අපි කිව්වා බොහොම ස්තුතියි. අපේ ගෙදර නම් ඇතුළට එන්න බැහැ. කැරකි කැරකි හිටියා අපේ වටේ. හැබැයි අපි මොකද කළේ? අපිට අවශ්‍ය වන්නේ අද රටට ප්‍රතිපත්තිගරුක දේශපාලනයක්. සමහරු පනින්නේ සල්ලි අරගෙන. සමහරු ඉන්නෙත් සල්ලි අරගෙන. ඒගොල්ලෝ හරි අපූරුවට කියනවා අපේ පක්ෂය ඉතින් සැලුන් දොර වගේනේ. පක්ෂ නොවේ ඒවා අම්බලම්. පක්ෂවලට එන්නත් පුළුවන්. යන්නත් පුළුවන්. මේ පක්ෂ මාරුකරන දේශපාලනය අවසන් කරන්න ඕනේ. පක්ෂ මාරුකරන්න අවසර ලැබෙන අන්තිම දවස් කිහිපය මේ. ජාතික ජන බලවේගය බලයට ආ විගස පක්ෂ මාරුකරන මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රී ධුරය අහෝසි කරන නීති ගේනවා. දේශපාලනඥයන්ට පැති මාරුකරලා ඡන්දයෙන් පළමු තැනට එන්න ඉඩදිය යුතුද? පක්ෂ මාරුව ප්‍රතික්ෂේප කරන දේශපාලන ව්‍යාපාරයක් අවශ්‍යයි මේ පක්ෂ මාරුව අවසන් කරන්න…’
2024.08.10

මෙහෙම කිව්වේ වෙන කවුරුවත් නොවේ. වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායකය. ඒ, 2024 අගෝස්තු 10 ජනාධිපතිවරණ කැම්පේන් එකේදීය. Sri Lanka Latest News

අනුර ජනාධිපති වුණේ මේ පක්ෂ මාරුකරන දේශපාලනයට තිත තියලා අලුත් දේශපාලන සංස්කෘතියක් හදන්නටය. 2024 මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගයේ ප්‍රධාන සටන් පාඨය වූයේ වල් පැළ ගලවලා මල් පැළ හිටවන ශ්‍රමදානයට අතගහන්න කියලාය. ලක්ෂ 68ක් ඒ ශ්‍රමදානයට අතගැසූහ. ඊට පස්සේ අනුර කීවේ දැන් තියෙන්නේ සුන්බුන් විපක්ෂයක් කියලාය.
එහෙම කිව්ව අනුර දැන් රට හදන්න සුන්බුන් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට පක්ෂය මාරුකරලා ආණ්ඩුවට එකතු වෙන්න යැයි කියයි.

1994 බලයට ආ චන්ද්‍රිකාත් ඕක කීවාය. ඇය ඔය කතාව කීවේ ඇයට රට ආණ්ඩු කරන්න පාර්ලිමේන්තු බහුතරය තිබුණේ එක් වැඩි ඡන්දයකින් වූ නිසාය. ඒ ඡන්දය ඇයට දුන්නේ කඳුරට ජනතා පෙරමුණේ මන්ත්‍රී චන්ද්‍රසේකරන්ය. චන්ද්‍රසේකරන් ආණ්ඩුවෙන් ගියොත් ආණ්ඩුව වැටෙන බව ඇය දැන සිටියාය. ඇය ඉතිරි ඡන්ද හදාගෙන තිබුණේ අෂ්රොෆ්ගේ මුස්ලිම් කොංග්‍රසයෙන්ය. අෂ්රොෆ් ගියොත් ආණ්ඩුව වැටෙන බව ඇය දැන සිටියාය. මේ නිසා ඇය 1999 විපක්ෂයේ සිටි යූ.ඇන්.පී, මන්ත්‍රීවරුන් 10කට ආණ්ඩුවට එක්වන්න ආරාධනා කොට ආණ්ඩුව ස්ථාවර කරගත්තාය.

2005 ජනාධිපති වූ මහින්දටත් ආණ්ඩු කරන්න පාර්ලිමේන්තු බහුතරයක් තිබුණේ නැත. ආණ්ඩු පක්ෂයේ අඩක්ම ජවිපෙ මන්ත්‍රීවරු වූහ. ජවිපෙ මන්ත්‍රීවරුන් විපක්ෂයට ගියොත් ආණ්ඩුව වැටෙන බව ඔහු දැන සිටියේය. මේ නිසා ඔහු විපක්ෂයේ සිටි යූ.ඇන්.පී. මන්ත්‍රීවරුන් 17ක් අරගෙන ආණ්ඩුව ස්ථාවර කරගත්තේය.

2019 ජනාධිපති වූ ගෝඨාභයටත් තුනෙන් දෙකක බහුතරය අවශ්‍ය වී විපක්ෂයේ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කඩාගෙන තුනෙන් දෙක හදාගත්තේය.

අනුරට ඒ වගේ බහුතරය නැති ප්‍රශ්නයක් නැත. සමානුපාතික ඡන්ද ක්‍රමය හඳුන්වාදුන් පසු පළමු වරට ජනතාව තුනෙන් දෙකක් දුන්නේ අනුරටය. ඒ පක්ෂ මාරුකරන සංස්කෘතිය අවසන් කරන්නටය. වෙනත් පක්ෂවල මන්ත්‍රීවරුන් මත යැපෙන්නේ නැතිව බය නැතිව තීන්දු තීරණ ගන්නටය.

‘ඉතින් අනුරට තුනෙන් දෙකක් දීලත් අනුර විපක්ෂයේ මන්ත්‍රීවරු හිඟන්නේ ඇයි?’

එයින් පේන්නේ ආණ්ඩුව අසමත් බව ආණ්ඩුවම පිළිඅරන් තිබෙන බවය. ආණ්ඩු කරන්න පුළුවන් දක්ෂ මිනිස්සු ඉන්නේ සමගි ජන බලවේගයේ බව ආණ්ඩුව පිළිඅරගෙන තිබෙන බවය.
2024 ජනාධිපතිවරණයේදී සජිත් ආර්ථිකය හදන්න කමිටුවක් පත්කොට ඒ කමිටුවට හර්ෂ, ඉරාන්, කබීර් යන තුන්දෙනාවම නම් කළේය. ඉන් පසුව අනුරත් ආර්ථිකය හදන්න කමිටුවක් පත්කොට ඒ කමිටුවට තුන්දෙනෙක් නම් කළේය. අනුරගේ ආර්ථික කමිටුවට අනුර නම් කළේ මේ තුන්දෙනාවය.

  1. අනිල් ජයන්ත (මහාචාර්ය)
  2. හර්ෂණ සූරියප්පෙරුම (ආචාර්ය)
  3. සුනිල් හඳුන්නෙත්ති

අනුර ජාතික ජන බලවේගයේ ආර්ථික කමිටුව නම්කළ විට සමගි ජන බලවේගයේ ආර්ථික කමිටුව අනුරගේ ආර්ථික කමිටුවට අභියෝගයක් කළේය. එම අභියෝගය නම් ආර්ථිකය හදන ආකාරය ගැන ප්‍රසිද්ධ විවාදයකට එන්න කියාය. ඔවුන් අභියෝග කළා පමණක් නොව ජාතික ජන බලවේගයට ලිඛිතව දැනුම් දුන්නේය. එහෙත් ජාතික ජන බලවේගයේ ආර්ථික කමිටුව එම විවාදයට සහභාගි නොවී හැංගුණේය.

අනුරගේ ආර්ථික කමිටුවට රට හදන්න බැරි බව මිනිස්සුන්ට තේරුම් යායුතුව තිබුණේ ඒ වෙලාවේය.

‘ගෝඨාභය ජනාධිපති අපේක්ෂකයා ලෙස ප්‍රකාශයට පත්කළාට පසු මහින්ද සහ ගෝඨා පවත්වපු මාධ්‍ය සාකච්ඡාව මතකද…?’

මේ මාධ්‍ය සාකච්ඡාවේදී මාධ්‍යවේදියෙක් ගෝඨාභයගෙන් ආර්ථිකය ගැන ප්‍රශ්නයක් ඇසුවේය. ගෝඨාභය උත්තර නොදී මහින්ද දිහා බැලුවේය. මහින්ද උත්තරයක් දුන්නේය.

‘ගෝඨාට ආර්ථිකයක් දුවවන්න බැහැ කියලා ලංකාවේ මිනිස්සුන්ට තේරුම් යායුතුව තිබුණේ එදා නොවේද…?’

එහෙම තේරුම් ගියේ නැත. ගෝඨාට රට කරන්න පුළුවන් කියලා හිතාගෙන 69 ලක්ෂයක් ඡන්දය දුන්නේය. අන්තිමේ රට බංකොලොත් කර ගෝඨාට රටින් පැන යෑමට සිදුවිය. ආර්ථිකය හදන්න පොදුජන පෙරමුණේ දක්ෂයන් නැහැ කියලා ගෝඨාභයට රනිල්ට රට භාරදීමට සිදුවිය.

‘දැන් අනුරට වෙලා තියෙන්නෙත් ඒකමද…?’

ඇත්තටම ඒකය. අනුර ජනාධිපති වෙන්න කලින් පත්කළ ආර්ථික කමිටුවේ ප්‍රධානියාට අනුර බලයට ඇවිත් මුදල් ඇමැතිකම හෝ මුදල් නියෝජ්‍ය ඇමැතිකමත් දුන්නේ නැත. ඊළඟට ආර්ථික කමිටුවේ සාමාජික හර්ෂණ සූරියප්පෙරුම නියෝජ්‍ය මුදල් ඇමැති ධුරයට පත්කොට පසුව ඔහුව මුදල් නියෝජ්‍ය ඇමැති ධුරයෙන් ඉවත්කොට මුදල් අමාත්‍යාංශ ලේකම් ධුරයට පත් කළේය. අද ඔහු මුදල් අමාත්‍යාංශ ලේකම් ලෙස විදේශ ණය හිමියන්ට ගෙවීමට තිබූ ණය මුදල් අතුරුදන් කිරීම පිළිබඳ චෝදනාවකට ලක්වී සිටී.

‘අනුරගේ අර්ථික කමිටුවට අත්වෙලා තියෙන ඉරණම ඒකද…?’

ඒ කියන්නේ 2024 සජිත් ඉදිරිපත් කළ ආර්ථික කමිටුව දක්ෂ බව දැන දැන ඒ ආර්ථික කමිටු සාමාජිකයන් වූ හර්ෂ, ඉරාන් සහ කබීර් 2015-2019 රනිල්ගේ ආර්ථික කමිටුවේද සිට රට නැති කරපු අය බව කියමින් ඔහු ජනතාව නොමග යැව්වේය.

‘රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවේ ආර්ථික කමිටුවේ හිටියා ඉරාන්. හිටියා හර්ෂ. එදා රනිල්ගේ ආර්ථික කමිටුව දැන් සජිත්ගේ ආර්ථික කමිටුව හදපු අයද මේගොල්ලෝ නැති කරපු අය රට…’
අනුර කුමාර දිසානායක

එදා රට නැතිකළා කියපු සජිත්ගේ ආර්ථික කමිටුවේ සාමාජිකයෝ දැන් අනුරට ආණ්ඩුව ගෙනියන්න ඕනෑ වී තිබේ. පක්ෂ මාරුකරන දේශපාලන සංස්කෘතිය අවසන් කරන්න ඡන්දය ගත්ත අනුර දැන් පක්ෂ මාරුකරලා රට වෙනුවෙන් වැඩකරන්න එන්න කියලා සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ට ආරාධනා කරයි.

‘අනුරලාට ජන වරම දුන්නේ ඕකට නොවේ. රට කරන්න බැරි නම් මහ මැතිවරණයක් තියලා රට යළි ජනතාවට භාරදෙන්න…’

සමගි ජන බලවේගයේ කෑලි පූට්ටු කරලා බ්‍රේක් ඩවුන් වෙලා තියෙන ආණ්ඩු වාහනය දුවගන්න වල් පැල හොයන ආණ්ඩුව ගැන දුක හිතිලා පරණ ජේ.වී.පී.කාරයෙක් කීවේ ඔය කතාවය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

සජිත්ට ගහන්න….! යූ.ඇන්.පී. ඉහළින් හතර වටේට පණිවුඩයක්! Sri Lanka Latest News

Next Post

මහමොළකරු ගේමට බහී! මේෂ – කටක – තුලා – මකර කෝටිපතියන් කරවන මහා ධන වාසනාව…! Sri Lanka Latest News

MORE NEWS

අවුරුදු 2500කට කලින් කම්පියුටර් ගැන හිතලාවත් නැති කාලයේ හදපු විශ්වකර්ම රොබෝ ලියන්නා! Sri Lanka Latest News
Exclusive

අවුරුදු 2500කට කලින් කම්පියුටර් ගැන හිතලාවත් නැති කාලයේ හදපු විශ්වකර්ම රොබෝ ලියන්නා! Sri Lanka Latest News

යාල කැලේ අලි-කොටි-වලස්සුන්ට විතරක් නෙමෙයි.. සජිත් ගෙවල්වල ඇති කරන බල්ලන්-පූසන්-ගිරව්-පරවියන්-මාළුන්ටත් ආදරෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

යාල කැලේ අලි-කොටි-වලස්සුන්ට විතරක් නෙමෙයි.. සජිත් ගෙවල්වල ඇති කරන බල්ලන්-පූසන්-ගිරව්-පරවියන්-මාළුන්ටත් ආදරෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

පහුගිය කාලේ හෝටලයක් කරන්න ගියාම ලොකු විරෝධයක් ආවා! ඔන්න දැන් නුවරඑළියේ පරණම තැපැල් කාර්යාලයේ උඩ තට්ටුව සුද්දන්ට නවතින්න පුළුවන් හෝටලයක් කරනවා! දැන් නම් කාගෙවත් විරුද්ධත්වයක් පේන්න නෑ වගේ! Sri Lanka Latest News

මට මගේම කියන උන් වළ කැපුවා…! දමිතගෙ දැන් ඉමේජ් නැහැ ගන්න එපා ෆිල්ම් එක වැටෙයි…! දමිතට ආයේ ඔළුව උස්සන්න ඉඩ දෙන්න එපා…! ලක් අම්මා කියලා මට පහර ගැහුවා…! ඒත් මං වැටුණේ නැහැ…! දේශපාලනය දැන් මට තිත්ත වෙලා…! ඕවා බොරු.. බෙන්ස් ගත්තේ ගෙවල් හැදුවේ මගේම සල්ලිවලින්…! දමිතා අබේරත්නව බිමට ඇදලා දාන්න තවම කාටවත් බැරි වුණා…! දමිතා අබේරත්න I Sri Lanka Latest News

දුවත් එක්ක තියෙන ප්‍රේම සම්බන්ධය නතර කරන ලෙස බල කරමින්, පොලිස් කාන්තාවක් පාසල් සිසුවෙකු පැහැරගෙන ගිහින් හොඳටම ගහලා I Sri Lanka Latest News
Exclusive

විනිසුරු විශ්‍රාම යාමේ වසර දෙකේ දීර්ඝය තවත් ක්ෂේත්‍ර රැසකට එයි! විශේෂඥ වෛද්‍යවරුන්ට පොලිසියට රස පරීක්ෂවරුන්ටත් දෙන්න සැලසුමක්! Sri Lanka Latest News

මාග්‍රට් තැචර් ලංකාවවට ආ වෙලාවේ යාපනය කොටුවේ සිරවී සිටි සෙබළුන් 250ක් බේරාගන්න දියත් කළ ඓතිහාසික රාත්‍රී මෙහෙයුම ඇතුළු තවත් මෙහෙයුම් රැසක්! හිටපු ගුවන් හමුදාපති ඔලිවර් රණසිංහයන්ගේ ස්වයංචරිතාපදානය එළිදකී! PHOTOS I Sri Lanka Latest News

Load More
අවුරුදු 2500කට කලින් කම්පියුටර් ගැන හිතලාවත් නැති කාලයේ හදපු විශ්වකර්ම රොබෝ ලියන්නා! Sri Lanka Latest News
Exclusive

අවුරුදු 2500කට කලින් කම්පියුටර් ගැන හිතලාවත් නැති කාලයේ හදපු විශ්වකර්ම රොබෝ ලියන්නා! Sri Lanka Latest News

අද කාලයේ ගොඩක්දෙනා AI යුගයේ විශ්වකර්මයන් ගැන බොහොසේන් කතබහ කරනවා. මීට අවුරුදු 250කටත් කලින්, කිසිම ආකාරයකින් විදුලිය නැතිව ලියන්න පුළුවන්...

Read more
යාල කැලේ අලි-කොටි-වලස්සුන්ට විතරක් නෙමෙයි.. සජිත් ගෙවල්වල ඇති කරන බල්ලන්-පූසන්-ගිරව්-පරවියන්-මාළුන්ටත් ආදරෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

යාල කැලේ අලි-කොටි-වලස්සුන්ට විතරක් නෙමෙයි.. සජිත් ගෙවල්වල ඇති කරන බල්ලන්-පූසන්-ගිරව්-පරවියන්-මාළුන්ටත් ආදරෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Sri Lanka Latest News

පහුගිය කාලේ හෝටලයක් කරන්න ගියාම ලොකු විරෝධයක් ආවා! ඔන්න දැන් නුවරඑළියේ පරණම තැපැල් කාර්යාලයේ උඩ තට්ටුව සුද්දන්ට නවතින්න පුළුවන් හෝටලයක් කරනවා! දැන් නම් කාගෙවත් විරුද්ධත්වයක් පේන්න නෑ වගේ! Sri Lanka Latest News

මට මගේම කියන උන් වළ කැපුවා…! දමිතගෙ දැන් ඉමේජ් නැහැ ගන්න එපා ෆිල්ම් එක වැටෙයි…! දමිතට ආයේ ඔළුව උස්සන්න ඉඩ දෙන්න එපා…! ලක් අම්මා කියලා මට පහර ගැහුවා…! ඒත් මං වැටුණේ නැහැ…! දේශපාලනය දැන් මට තිත්ත වෙලා…! ඕවා බොරු.. බෙන්ස් ගත්තේ ගෙවල් හැදුවේ මගේම සල්ලිවලින්…! දමිතා අබේරත්නව බිමට ඇදලා දාන්න තවම කාටවත් බැරි වුණා…! දමිතා අබේරත්න I Sri Lanka Latest News

මට මගේම කියන උන් වළ කැපුවා…! දමිතගෙ දැන් ඉමේජ් නැහැ ගන්න එපා ෆිල්ම් එක වැටෙයි…! දමිතට ආයේ ඔළුව උස්සන්න ඉඩ දෙන්න එපා…! ලක් අම්මා කියලා මට පහර ගැහුවා…! ඒත් මං වැටුණේ නැහැ…! දේශපාලනය දැන් මට තිත්ත වෙලා…! ඕවා බොරු.. බෙන්ස් ගත්තේ ගෙවල් හැදුවේ මගේම සල්ලිවලින්…! දමිතා අබේරත්නව බිමට ඇදලා දාන්න තවම කාටවත් බැරි වුණා…! දමිතා අබේරත්න I Sri Lanka Latest News

දුවත් එක්ක තියෙන ප්‍රේම සම්බන්ධය නතර කරන ලෙස බල කරමින්, පොලිස් කාන්තාවක් පාසල් සිසුවෙකු පැහැරගෙන ගිහින් හොඳටම ගහලා I Sri Lanka Latest News

විනිසුරු විශ්‍රාම යාමේ වසර දෙකේ දීර්ඝය තවත් ක්ෂේත්‍ර රැසකට එයි! විශේෂඥ වෛද්‍යවරුන්ට පොලිසියට රස පරීක්ෂවරුන්ටත් දෙන්න සැලසුමක්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.