සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට එරෙහිව දැවැන්ත මාධ්‍ය මෙහෙයුමක් වහාම දියත් කරන ලෙසට එක්සත් ජාතික පක්ෂයේ ඉහළින්ම නියෝගයක් නිකුත්වී ඇති බව ‘මව්රට’ පුවත්පතට දැනගන්නට ඇත. Sri Lanka Latest News
ඒ අනුව පසුගිය සතියේදී එක්සත් ජාතික පක්ෂයට හිතවත් මාධ්‍යවේදීන් පිරිසකට සහ සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන් පිරිසකටත්, විපක්ෂයේ දේශපාලන පක්ෂ කීපයක නායකයන්ටත් එජාපයේ ඉහළින් ලැබී ඇති නියෝගයකින් කියැවී ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතා ඉලක්ක කොට ප්‍රචාරක ව්‍යාපාරයක් ආරම්භ කරන ලෙසය.
ඊට ජාතික මාධ්‍යවලත්, සමාජ මාධ්‍යවලත් විශාල ප්‍රචාරයක් ලබාදෙන ලෙසටද එම නියෝගයෙන් කියවී ඇති බවක්ද දැනගන්නට ඇත.
එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධානත්වයෙන් පසුගියදා මාතර පැවැති සම්මන්ත්‍රණය අසාර්ථක වීමත් සමග එජාපයේ ඉහළින් මෙම නියෝගය නිකුත් වී ඇති බවක්ද දැනගන්නට තිබේ.
ඒ අනුව දැනටමත් එජාපයට හිතවත් සමාජ මාධ්‍ය ක්‍රියාකරුවකු විසින් සිය යූටියුබ් නාලිකාවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉලක්ක කොට ප්‍රහාර දියත් කිරීම ආරම්භ කොට ඇති ආකාරයක් දැකගන්නට ඇත.










