• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කපිලගේ දුරකතනය ඇපල් සමාගමට යවයි! ‘ආයේ ඇතුළට යන්න කපිල කැමැති වුණේ නෑ’ – අරවින්ද! ‘රෑ හිටියේ ස්ටේ‍රස් එකේ’ – අරවින්දගේ බිරිය! Sri Lanka Latest News

May 17, 2026
in Exclusive
Reading Time: 2 mins read
A A
කපිලගේ දුරකතනය ඇපල් සමාගමට යවයි! ‘ආයේ ඇතුළට යන්න කපිල කැමැති වුණේ නෑ’ – අරවින්ද! ‘රෑ හිටියේ ස්ටේ‍රස් එකේ’ – අරවින්දගේ බිරිය!  Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ අබිරහස් මරණය සම්බන්ධයෙන් වන මහෙස්ත්‍රාත් පරීක්ෂණය මැයි 12 වැනිදා කොළඹ කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉදිරියේ පැවැත්විණි. මෙහිදී මරණකරුගේ ජංගම දුරකතනය පරික්ෂා කිරීමේදී මතුවී ඇති තාක්ෂණික බාධාවක් පිළිබඳ කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණය දැනුවත් කළේය. එම දුරකතනය සඳහා මුහුණ හඳුනාගැනීමේ මුරපදයක් (Face ID) යොදා ඇති බැවින් එය විවෘත කිරීමට නොහැකි වී ඇති බවත්, ඒ සඳහා අදාළ නිෂ්පාදිත සමාගමේ හෝ නිසි ආයතනයක සහාය ලබාගැනීමට නියෝගයක් නිකුත් කරන ලෙසත් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය. Sri Lanka Latest News

සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි ලබාදෙමින් මරණකරුගේ බිරිඳගේ සහෝදරිය වන ප්‍රියංගි අනුෂ්කා විජයනායක මහත්මිය සඳහන් කළේ, මියයාමට පෙර දින රාත්‍රියේ කපිල චන්ද්‍රසේන මහතා දැඩි මානසික පීඩනයකින් පසුවූ බවයි. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ විමර්ශනයකට අදාළව රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටි ඔහු, ඇප මත නිදහස් වී මැයි මස 06 වැනි දින තම නිවසට පැමිණි බව ඇය පැවැසුවාය. වෙන්වී සිටි සිය බිරිඳ සහ දරුවන් විදේශගතව සිටීම හේතුවෙන් ඔහු තාවකාලිකව තම නිවසේ නැවතී සිටි බවද ඇය වැඩිදුරටත් අධිකරණය හමුවේ අනාවරණ කළාය.

හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතාද අධිකරණය හමුවේ සාක්ෂි ලබාදෙමින් කියා සිටියේ, කපිල චන්ද්‍රසේන මහතාට ඇප ලබාගැනීම සඳහා තමන් පෞද්ගලිකව මැදිහත් වූ බවයි. ඇප ලැබීමෙන් පසු ඔහු නිදහස්ව පැමිණියද, නැවතත් අධිකරණමය කටයුත්තකට පෙනීසිටීමට සිදුවීම පිළිබඳ ඔහු දැඩි ලෙස කලබලයට පත්ව සිටි බව අරවින්ද ද සිල්වා මහතා පැවැසීය. විශේෂයෙන්ම තමාට නැවත බන්ධනාගාරගත වීමට සිදුවේ යැයි යන බියෙන් චන්ද්‍රසේන මහතා පසුවූ බවත්, ඒ පිළිබඳ තමා ඔහුව අස්වැසීමට උත්සාහ කළ බවත් සාක්ෂිකරු සඳහන් කළේය.

මරණය සිදුවූ දින රාත්‍රියේ සිදුවීම් මාලාව විස්තර කළ සාක්ෂිකරුවන් කියා සිටියේ, මරණකරු සිය නිවසේ සේවිකාවක ලවා තම පෞද්ගලික නිවසේ තිබූ ඖෂධ, ඇඳුම් සහ ජිම් මැට් (ඨහප ඵ්එ) එකක් ගෙන්වාගත් බවයි. එදින රාත්‍රී 11ට පමණ ඔහු නින්දට ගිය බවත්, පසුදා උදෑසන නීතිඥවරයා පැමිණි අවස්ථාවේ ඔහු සිටි කාමරයේ දොර විවෘත නොකිරීම නිසා මාස්ටර් යතුරක් යොදා දොර විවෘත කළ බවත් ඔවුහු පැවැසූහ. ඒ වනවිටත් ඔහු කාමරය තුළ අසාධ්‍ය තත්ත්වයෙන් සිටි බවත්, පසුව වෛද්‍යවරුන් පැමිණ ඔහු මියගොස් ඇති බව තහවුරු කළ බවත් සාක්ෂිවලින් හෙළි විය.

විමර්ශන නිලධාරීන් අධිකරණයට වාර්තා කළේ අපරාධය සිදුවූ ස්ථානයේ තිබී ගෙල බැඳි පටියක්, විවිධ ඖෂධ වර්ග සහ හඳුනා නොගත් පෙති වර්ග කිහිපයක් අඩංගු කඩදාසියක් හමුවූ බවයි. මෙම ද්‍රව්‍ය සහ මරණකරුගේ සිරුරෙන් ලබාගත් රුධිර සාම්පල රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකිරීමට මහෙස්ත්‍රාත්වරයා අවසර ලබාදුන්නේය. පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ වෛද්‍ය මණ්ඩලය වෙතද එම ඖෂධ යොමුකර ඇති අතර, ඒවායේ අඩංගු ද්‍රව්‍ය පිළිබඳ විද්‍යාත්මක වාර්තාවක් ඉදිරියේදී කැඳවීමට නියමිතය.

සමස්ත සාක්ෂි විමසීමෙන් අනතුරුව, මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේ සිද්ධියට අදාළ සෙසු සාක්ෂිකරුවන් පස්දෙනා ලබන මැයි 14 වැනි දින අධිකරණය හමුවේ පෙනීසිටිය යුතු බවයි. එදිනට විමර්ශනවල ප්‍රගතිය සහ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවල අතුරු වාර්තා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. ජංගම දුරකතනයේ දත්ත විශ්ලේෂණය කිරීම හරහා මරණයට පෙර ඔහු සම්බන්ධ වූ පුද්ගලයන් සහ ඔහුගේ මානසිකත්වය පිළිබඳ තීරණාත්මක තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි වනු ඇතැයි පොලිසිය විශ්වාසය පළකරයි.

SendShareShare
Previous Post

සම්බුද්ධ ශාසනයට මහා සංඝරත්නයට එරෙහි කුමන්ත්‍රණයක් ගැන විපක්ෂනායක සජිත්ගෙන් වෙල්ලස්සේදී හෙළිදරව්වක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Next Post

ප්‍රේමකීර්ති… මිල්ටන්… ප්‍රියා… ඉන්න තැනකින් වහාම වාර්තා කරන්න! වික්ටර්… පුන්සිරි… අහක බලන් ඉන්න එපා…! තත්ත්වය භයානකයි…! Sri Lanka Latest News

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.