අද වන විට අප රට පාලනය කරන්නේ ජනතා විරෝධී ජනතාවගේ දුක නොදන්නා ජනතාවගෙන් පළිගන්නා ආණ්ඩුවක් බවත් ජනාධිපතිවරණ, මහමැතිවරණ සහ පළාත් පාලන මැතිවරණවල දී විදුලි බිල 33%කින් අඩු කර රු. 9000 බිල රු. 6000ටත් රු. 3000 බිල රු. 2000 දක්වාත් අඩු කරන බව පැවසූ නමුත් අද වන විට අවස්ථා රැසක දී විදුලි බිල වැඩි කර ඇති බවත් මේ වන විට ඉහළ මධ්‍යම පන්තිය, ව්‍යවසායකයන්, කර්මාන්තකරුවන්, ව්‍යාපාරිකයන් සහ ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් පවා බරපතළ ලෙස අවධානමකට ලක්ව ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. Sri Lanka Latest News
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද විපක්ෂ නායක කාර්යාලයේ දී SMART සමාජ මාධ්‍ය ක්රියාකාරිකයන් සමඟ පැවැති හමුවකදීය.
මේ රජය ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් පවා අමතක කරලා
විදුලි බිල වැඩි කිරීම නිසා ඉහළ මධ්‍යම පන්තිය, ව්‍යවසායකයන්, කර්මාන්තකරුවන්, ව්‍යාපාරිකයන් සහ ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවගේ වියදම් සහ නිෂ්පාදන පිරිවැය ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවත් මේ රටට දළ දේශීය නිෂ්පාදනයට 52%ක දායකත්වය ලබා දෙන ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් පවා අමතක කර ඇති බවත් විදේශ ආයෝජකයන් අප රටට පැමිණිමට පෙර රටේ විදුලි බිල සම්බන්ධයෙන් සොයා බලන බවත් මේ ආකාරයෙන් විදුලි බිල වැඩි කිරීම නිසා විදේශ ආයෝජකයෝ පවා අධෛර්යමත් වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ආයෝජන ආරක්ෂා කරනවා කියා ඡන්දය ගත් මේ රජය අද ආයෝජන විනාශ කරනවා
ආයෝජකයන් ආරක්ෂා කර අපනයනය දිරිගැන්විය යුතු බවට මැතිවරණ වේදිකාවේ කෑගහපු අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ප්රමුඛ ජවිපේ ආණ්ඩුව කියූ සෑම පොරොන්දුවක්ම කඩ කර ඇති බවත් මොවුන් කඩවුණු පොරොන්දු ජවනිකාව රඟපාන බවත් මොවුන් දන්නේ සමාජ මාධ්‍ය හරහා බොරුව සමාජගත කිරීමට බවත් මෑත ඉතිහාසයේ බිහිවූ වැඩිපුර බොරු කියූ පච කියු ජනතාව අන්දවන රජය බවට මේ රජය පත්ව ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
අද ටොම්පචය රජවෙලා
වේදිකාවක් වේදිකාවක් පාසා 33%කින් විදුලි බිල අඩු කරන බවට පැවසූ නිසා ජනතාව විශාල බලාපොරොත්තු තබා ඡන්දය ලබා දුන් බවත් එදා ඒ නිර්මාණය වූ සතුට වත්මන් රජයේ ටොම්පචය නිසා දුකට පත්ව ඇති බවත් අද වන විට ජනතාව එදිනෙදා වේල් 3 පිරිමහගන්නා ආකාරය දූදරුවන්ගේ අධ්‍යාපනය සහ සෞඛ්‍ය ආරක්ෂා කර ගන්නා ආකාරය ගැන පවා ගැටලුකාරී තත්ත්වයන් රැසක් පැනනැගී ඇති බවත් මේ ගැටලු මැද රජය ඉදිරියේදී ජල බිලත් වැඩි කරන්න සූදානම් බවත් විපක්ෂ නායකවරයා පැවසිය.
විදුලි බිල වගේම ජල බිලත් වැඩි වෙනවා
විදුලි බිල වැඩි කළා සේම ජල බිලත් වැඩි කර ජනතාව තවත් අසරණ කිරීමට මේ රජය කටයුතු කර ඇති බවත් සමගි ජන බලවේග පාලනය යනු සංවේදී ජනතාවගේ හිතසුව පිණිස ක්‍රියාත්මක ජනතාව ජීවත් කරවන මානුෂීය ප්‍රතිපත්ති ක්‍රියත්මක කරන රාජ්‍ය පාලනයක් වුවත් අද රටේ ඇත්තේ ජනතාවගේ ජන ජිවිත විනාශ කර පහත් තලයේ රාජ්‍ය පාලනයක් ක්‍රියාත්මක කරන ජනතාවට හතුරුකම් කරන ජනතාව රැවටූ රජයක් බවත් දැන්වත් මේ රජයේ ප්‍රේඩාව ගැන සත්‍ය අවබෝධ කර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් වැඩිදුරටත් අදහස් පළ කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

















