හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට යළි නොතීසි නිකුත් කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කොට තිබේ.Sri Lanka Latest News
2022 වසරේ මැයි මස 09 වැනිදා ගෝල්ෆේස් අරගලයට පහර දීමෙන් පසුව දිවයින පුරා ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියාවලින් සිය නිවාස ගිනි තැබීම හේතුවෙන් සිදුවූ හානිය වෙනුවෙන්, නීතියට පටහැනි ලෙස වන්දි ලබාගත් හිටපු මැති ඇමැතිවරුන්ගෙන් එම මුදල් යළි අය කරගැනීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සමක වගඋත්තරකරුවෙකු ලෙස ඔහු නම් කර තිබිණි.
අදාළ වන්දි ගෙවීම් නීති විරෝධී බවට ප්‍රකාශ කරන ලෙස ඉල්ලා ගොනුකර තිබූ මෙම පෙත්සම සලකා බැලූ අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණය මෙසේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යළි නොතීසි නිකුත් කිරීමට කටයුතු කොට ඇත.










