සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මාලිමා ආණ්ඩුවට එක්වීමේ සූදානමකින් සිටින බවට සමාජ මාධ්‍ය පසුගිය සතියේ තොරතුරු වාර්තා කොට තිබිණි.Sri Lanka Latest News
එම තොරතුරුවලට තටු ලැබුණේ අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රසිද්ධියේම හර්ෂ ද සිල්වා මහතාගේ ක්‍රියාකලාපය වර්ණනා කිරීමත් සමගය.
ඒ අනුව සමාජ මාධ්‍යවල පළවූ බොහෝ පුවත් සහ පෝස්ටුවලින් කියැවුණේ හර්ෂ ද සිල්වා මහතා නුදුරේදීම ආණ්ඩුවට එක්වීම ප්‍රබල අමාත්‍ය තනතුරක් ලබාගනු ඇති බවකි.
නමුත් මේ සම්බන්ධයෙන් පසුගිය බ්‍රහස්පතින්දා (07) දිනයේදී විශේෂ ප්‍රකාශයක් කළ ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අවධාරණය කර සිටියේ තමන් කිසිසේත්ම ආණ්ඩුවට එක් නොවන බවකි.
මේ ආකාරයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන් ආණ්ඩුවට අවශ්‍ය බවට කරන ප්‍රකාශ සම්බන්ධයෙන් තමන් සතුටු වන බවද එහිදී හර්ෂ ද සිල්වා මහතා සඳහන් කර සිටියේය.










