පසුගිය සතියේදී විදෙස් රටවල් දෙකක රාජ්‍ය නායකයන් ලංකාවට පැමිණියද ඒ කිසිදු අවස්ථාවක නිල රාජ්‍ය උත්සව සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ආණ්ඩුව පාර්ශ්වයෙන් ආරාධනා නොකිරීම සම්බන්ධයෙන් මේ වනවිට දේශපාලන ක්ෂේත්‍රයේ විශාල කතාබහක් මතුව තිබේ.Sri Lanka Latest News
සාමාන්‍යයෙන් විදෙස් රාජ්‍ය නායකයකු ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවලදී හෙතෙම පිළිගන්නා නිල රාජ්‍ය උත්සවයට විපක්ෂ නායකවරයාටද ආරාධනා කිරීම සම්ප්‍රදායක් වී තිබිණි. නමුත් පසුගිය අඟහරුවාදා දින මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු මහතා ශ්‍රී ලංකාවට පැමිණි අතර, ඔහු පිළිගැනීමේ නිල උත්සවයට ආණ්ඩුව පාර්ශ්වයෙන් විපක්ෂ නායකවරයාට කිසිදු ආරාධනාවක් සිදුකර නොතිබිණි.
මීට අමතරව පසුගිය බ්‍රහස්පතින්දා දින වියට්නාම් සමාජවාදී ජනරජයේ ජනාධිපති සහ වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කමිටුවේ මහලේකම් ටෝ ලාම් මහතා ශ්‍රී ලංකාවට පැමිණි අතර, ඒ මහතා පිළිගැනීමේ නිල උත්සවයට හෝ විපක්ෂ නායකවරයාට ආරාධනා කිරීමට ආණ්ඩුව කටයුතු නොකිරීම විශේෂ සිදුවීමක් විය.










