• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

1971 යෝර්ක් වීදියේ ලංකා බැංකුවෙන් 57,000ක් පැහැරගෙන විජේවීරට දුන් කොල්වින්! 1992 ලක්ෂ 48 මංකොල්ලයට නායකත්වය දුන් රණතුංග! 1985 ගුරු වැටුප් මංකොල්ලකෑ තල්පාවිල ධර්මේ! කැලෑබොක්ක වතුයායේ මුදල් මංකොල්ල කෑ මිලින්ද සේරම්! ජවිපෙ ලැයිස්තුවට රංග රාජපක්ෂත් එකතු වෙයිද? Sri Lanka Latest News

May 9, 2026
in Exclusive
Reading Time: 4 mins read
A A
1971 යෝර්ක් වීදියේ ලංකා බැංකුවෙන් 57,000ක් පැහැරගෙන විජේවීරට දුන් කොල්වින්! 1992 ලක්ෂ 48 මංකොල්ලයට නායකත්වය දුන් රණතුංග! 1985 ගුරු වැටුප් මංකොල්ලකෑ තල්පාවිල ධර්මේ! කැලෑබොක්ක වතුයායේ මුදල් මංකොල්ල කෑ මිලින්ද සේරම්!  ජවිපෙ ලැයිස්තුවට රංග රාජපක්ෂත් එකතු වෙයිද? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඊයේ පෙරේදා සියදිවි නසාගත් බව කියන රංග රාජපක්ෂ ගැන බොහෝ කතාබහ මුහුණු පොතේ දැකගන්නට හැකිය. ඒ අනුව ඔහු අවංකයෙකි. හොඳ සැමියෙකි. රත්තරන් පියෙකි. එමෙන්ම අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගේ වාර්තා පිළිබඳවද මෙහිදී මාගේ කතිකාවක් නැත. ඒ පිළිබඳ සෙස්ස පස්සටය. රංග රාජපක්ෂ හොරෙක් නොවන බවට ඔහුගේ මිතුරන් පවසනු දැකිය හැකිය.Sri Lanka Latest News

පහත පළවන නිදසුන් කිහිපය අනුව රංග රාජපක්ෂ පමණක් නොව සිය ගණනක් ජවිපෙ කේඩර්වරුන් 1965 ආරම්භයේ සිට වර්තමාන තෙක් දිවි දුන්නේ ‘නිර්ධන පන්තිය වෙනුවෙන් ජවිපෙ අරමුණු’ වෙනුවෙන් බව ඔවුහු කියති. ‍මේ, ඒ පිළිබඳ ආවර්ජනයකි.

මෙහි එක් පසක (වම්පස) පළවන ඡායාරූපය 1971 පෙබරවාරි 17 වැනිදා ජවිපෙ 71 අප්‍රේල් කැරැල්ල වෙනුවෙන් කොළඹ යෝර්ක් වීදියේ ලංකා බැංකුවේ රුපියල් 57,000ක් (එවකට ඇමෙරිකානු ඩොලරයක මිල රුපියල් 6කි) පැහැරගෙන යෑමෙන් පසු ජවිපෙ 71 කැරැල්ල වෙනුවෙන් විජේවීරට ලබාදුන් අතර ලංකා බැංකුවේ සහකාර මුදල් අයකැමි කොල්වින් ජයසිංහය. අදාළ මුදල ලබාදීමෙන් පසු ජයවර්ධනපුර සරසවියට ගොස් හිස මුඩුකොට මහණවී හලාවත පන්සලකට ආරියරත්න හිමි සමග ගොස් 1971 අප්‍රේල් 05 කැරැල්ලේදී සමාජවාදී රාජ්‍යයක් ගොඩනැගීම සඳහා කැරැල්ලට එක්වන ලෙසට ඔහුට කියා තිබිණි.

මෙහි තවත් ඡායාරූපයකින් දැක්වෙන ජවිපෙ දෙවැනි කැරැල්ල පරාජයත් සමගම ඝාතනයට ලක්වූ සහ අතුරුදන් වීමෙන් අසරණ වූ පවුල් දහස් ගණනක් වෙනුවෙන් ජවිපෙ තීරණය අනුව හැකි පමණින් සරණක් වන්නට ඉතිරිවූ කැරලිකරුවන් සහ ඔවුන්ගේ පවුල් වෙනුවෙන් වැඩ කළ කඩවත පදිංචි උදය කුමාර රණතුංගය. ‘දිවයින’ පුවත්පතේ කර්තෘ මාණ්ඩලිකයකු ලෙස 1984 ජනවාරි සිට මෙම ලේඛකයා කටයුතු කළ කාලයේ පුවත්පතේ පිටු සැකසුම් ශිල්පීන් අතර රණතුංගද විය. උපාලි පුවත්පත් ආයතනයට රණතුංග බැඳුණේ 1982 පෙබරවාරි 02 වැනිදාය.

රත්මලානේදී 1992 අගෝස්තු 14 සිදුවූ රුපියල් ලක්ෂ 48 දුම්රිය වැටුප් මංකොල්ලය පසුපස හඹාගිය පොලිසියට අවසානයේ උදය කුමාර රණතුංග කොටුවිය. ජවිපෙ දෙවැනි කැරැල්ලේ මියගිය සගයන්ගේ දරු පවුල් ආරක්ෂා කරනු වස් රණතුංග ජවිපෙ වෙනුවෙන් තවත් පිරිසක් සමග එක්ව එම ලක්ෂ 48 මංකොල්ලයට නායකත්වය දුන්නේය. එය සිදුකළේය. දුම්රිය වැටුප් මංකොල්ලයේදී කැරැලිකරුවන්ගේ වෙඩි ප්‍රහාරයට ලක්වූ දුම්රිය සේවකයන් තිදෙනෙක් මරුමුවට පත්වූ අතර 9 දෙනකු තුවාල ලැබීය. රණතුංගගේ මව ගුරුවරියක් වූ අතර ඔවුට සහෝදරයන් දෙදෙනෙක් සහ සහෝදරියක් විය. රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටි රණතුංග බැලීමට මම තෙවරක් ගියෙමි. ජවිපෙ වෙනුවෙන් ඔහුගේ තාරුණ්‍යය පමණක් නොව ජීවිතයද කැපකර තිබිණි. ඒ කිසිදු ප්‍රතිලාභයක් නොතකාය. ඒද ජවිපෙ වෙනුවෙනි.

මහර බන්ධනාගාරයේ ඇතිවූ ගැටුමකින් උදය කුමාර රණතුංග ඇතුළු රිමාන්ඩ් සිරකරුවන් 5 දෙනකු 1993 සැප්තැම්බර් 06 ඝාතනය කර තිබිණි. ඒ අතර රණතුංග සමගම ගම්පහ ලක්ෂ්මන් ධර්මසිරි, ගම්පහ රවීන්ද්‍ර බැද්දෙවිතාරණ, රාජාංගනයේ රෝහිත සේනාධීර, බදුල්ලේ විමලදාස මහර බන්ධනාගාරයේදී ඝාතනයට පත්වූ අය අතර වූහ. බන්ධනාගාරයෙන් එම සිරකරුවන් පලායෑමේදී එම ගැටුම සිදුවූ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පසුව නිවේදනය කළේය. ජවිපෙ වෙනුවෙන් එවැනි කාර්යභාරයක් කළ රණතුංග ගැන අද වනතෙක් කරුණු කාරණා සහිතව මා හැර කිසිවෙක් සඳහන් කර නැත. කඩවත සූරියගම නිවසේ රණතුංගගේ දේහය තැන්පත් කර තිබිණි. අත්අඩංගුවේ පසුවූ ඔහුගේ බිරිඳ ස්වර්ණා රාජපක්ෂ පැය කිහිපයකට ලැබුණු අවසරය මත බන්ධනාගාර නියාමකවරියන් සමග පැමිණ දේහය අසල වැලපෙනු ලේඛකයාට දක්නට ලැබිණි. සිඟිති දියණිය හෙළ මේධානි සෙල්ලම් කරමින් සිටියාය.

මාතර තල්පාවිල විදානේ කංකානම්ගේ ධර්මසේන හෙවත් තල්පාවිල ධර්මේ ජවිපෙ පූර්ණකාලීනයකු වශයෙන් 1976 සිට එක්වූවෙකි. ධර්මසේන ජවිපෙ දෙවැනි කැරැල්ලේදී 1985 මාර්තු මස ගුරු වැටුප් මංකොල්ලයකදී අම්බලන්තොට නෝනගම වැලිපැටන්වලදී අම්බලන්තොට පොලිස් අත්අඩංගුවට පත්ව තිරස්චීන පහරදීම්වලින් පසුව ඝාතනයට ලක්වූවෙකි. කිසිදු තොරතුරක් ඔහු හෙළි නොකළේය. අවසානයේ ඝාතනයට පත්විය. ඒ ජවිපෙ වෙනුවෙනි. මම ඔහුගේ නිවසටද ගියෙමි.

මට මෙහිදී සිහිපත් වන්නේ ජවිපෙ දෙවැනි කැරැල්ලේ සිටි කෑගල්ල දිස්ත්‍රික් සන්නද්ධ ලේකම් එම්.එච්. පියසේන හෙවත් මිලින්ද සේරම්ය. කැලෑබොක්ක වතුයායේ මුදල් මංකොල්ලයට ඔහු සම්බන්ධය. මම ඔහුද හමුවී ඇත්තෙමි. 1988 මැයි මස කෑගල්ලේ පැවති උද්ඝෝෂණයක් අතරතුර පොලිස් අත්අඩංගුවට පත් සේරම් පොළොන්නරුව වයි.එම්.බී.ඒ. ශාලාවේ පැවැති වධකාගාරයේ කලක් මුළුල්ලේ තිරස්චීන වධබන්ධනවලට මුහුණ දුන්නද කිසිවෙක් පාවා නොදීම නිසා පසුව ඝාතනය විය. ඒ ජවිපෙ ප්‍රතිපත්ති වෙනුවෙනි.

සියදිවි නසාගත් බව කියන රංග රාජපක්ෂ පිළිබඳවද ජවිපෙ ඉතිහාසය තුළ තව වසර කිහිපයකට පසු මෙසේ සඳහන් වුවද පුදුම වියයුතු නොවේ. ඒ ප්‍රවීණ පුවත්පත් කලාවේදී අජිත් සමරනායකයන් රණතුංගගේ අවමඟුල් සභාවේදී ප්‍රකාශ කළ පරිදි ‘මේ වැතිර සිටින්නේ සොරෙක්, මංකොල්ලකාරයකු නොව මිනිස් වීරයෙකි. නමුත් එය එසේ යැයි පිළිගනු ඇත්තේ වර්තමානයේදී නොව අනාගතයේය’.

එහෙත් ඉතිහාසය විසින් මේ සියලු දෙනා පිළිබඳ සත්‍ය හෙළිවීම කිසිදා කිසිවකුට වැළලිය නොහැකි සත්‍යයකි.

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ධර්මන් වික්‍රමරත්න

SendShareShare
Previous Post

ජේ.ආර්.-ප්‍රේමදාස නොකළ දේ…! චන්ද්‍රිකා – මහින්ද – ගෝඨා – රනිල් – අනුර කළ දේ! Sri Lanka Latest News

Next Post

මුලින්ම තෙල් වැඩි කළා! ලයිට් බිල දෙවැනි පාරටත් අද වැඩි කළා! බාල ගල්අඟුරුවල ප්‍රතිපලද මේ එන්නේ..? I Sri Lanka Latest News

MORE NEWS

හැකියාවට කිසිම තැනක් දුන්නේ නෑ! ආචාර්ය චමින්ද මලලසේකර එජාපයෙන් ඉල්ලා අස්වෙයි! සෙංකඩගල ආසනයත් එපා කියයි! I Sri Lanka Latest News
Exclusive

අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News

සජිත්ගේ මවගේ වියදම් බලාගන්න බැරිද කියලා ඒ කාලේ ජවිපෙ නායකයෝ ඇහුවා! බලන් යද්දි ජවිපෙ නායක රෝහණ විජේවීරගෙ පවුලම බලාගන්නේ මහජන බදු මුදල්වලින්! මාසෙට වියදම ලක්ෂ එකහමාරක්! බැරිද දැන්වත් ජවිපෙ පක්ෂ මූලස්ථානයෙන් මේ පවුල නඩත්තු කරන්න! VIDEO I Sri Lanka Latest News

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

දැන් ඡන්දයක් තිබ්බොත් මාලිමාවට 65%යි! ඉතින් තියන්නකෝ පළාත් සභා ඡන්දේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණගේ විශ්වාසභංගය අද එනවා! I Sri Lanka Latest News

Load More
හැකියාවට කිසිම තැනක් දුන්නේ නෑ! ආචාර්ය චමින්ද මලලසේකර එජාපයෙන් ඉල්ලා අස්වෙයි! සෙංකඩගල ආසනයත් එපා කියයි! I Sri Lanka Latest News
Exclusive

හැකියාවට කිසිම තැනක් දුන්නේ නෑ! ආචාර්ය චමින්ද මලලසේකර එජාපයෙන් ඉල්ලා අස්වෙයි! සෙංකඩගල ආසනයත් එපා කියයි! I Sri Lanka Latest News

එක්සත් ජාතික පක්ෂයේ සෙංකඩගල ආසන සංවිධායක ආචාර්ය චමින්ද මලලසේකර මහතා එම පක්ෂයෙන් ඉල්ලා අස්වීමට පියවර ගෙන ඇත.Sri Lanka Latest News...

Read more
අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News

අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News

සජිත්ගේ මවගේ වියදම් බලාගන්න බැරිද කියලා ඒ කාලේ ජවිපෙ නායකයෝ ඇහුවා! බලන් යද්දි ජවිපෙ නායක රෝහණ විජේවීරගෙ පවුලම බලාගන්නේ මහජන බදු මුදල්වලින්! මාසෙට වියදම ලක්ෂ එකහමාරක්! බැරිද දැන්වත් ජවිපෙ පක්ෂ මූලස්ථානයෙන් මේ පවුල නඩත්තු කරන්න! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ මවගේ වියදම් බලාගන්න බැරිද කියලා ඒ කාලේ ජවිපෙ නායකයෝ ඇහුවා! බලන් යද්දි ජවිපෙ නායක රෝහණ විජේවීරගෙ පවුලම බලාගන්නේ මහජන බදු මුදල්වලින්! මාසෙට වියදම ලක්ෂ එකහමාරක්! බැරිද දැන්වත් ජවිපෙ පක්ෂ මූලස්ථානයෙන් මේ පවුල නඩත්තු කරන්න! VIDEO I Sri Lanka Latest News

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper