කොළඹ ටොරින්ටන් පෙදෙසේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිය වන ශිරන්ති රාජපක්ෂ මහත්මියට අයත් යැයි කියන නිවසක් මිලදී ගැනීම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන ලෙස දැනුම් දෙමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් ශිරන්ති රාජපක්ෂ මහත්මිය වෙත ලිපියක් යොමුකොට ඇත.Sri Lanka Latest News
‘සිරිලිය’ ගිණුම මුල් කරගෙන අල්ලස් කොමිසම මගින් සිදුකරනු ලබන විමර්ශනයකට අදාළව මෙම දැනුම්දීම සිදුකොට ඇති බව දැනගන්නට තිබේ.
අදාළ නිවස නීති විරෝධී ලෙස උපයාගත් එකක් බවට සැක පළව තිබීම හේතුවෙන් අල්ලස් කොමිසම ශිරන්ති රාජපක්ෂ මහත්මියට දැනුම්දී ඇත්තේ නිවස මිලදීගත් ආකාරය පිළිබඳ පැහැදිලි කරන තෙක් එම නිවස වෙනත් පාර්ශ්වයකට පැවරීම අත්හිටුවා ඇති බවකි.
යම් හෙයකින් එම නිවස මිලදීගත් ආකාරය පැහැදිලි කිරීමට ශිරන්ති රාජපක්ෂ මහත්මිය අපොහොසත් වුවහොත් අධිකරණ ක්‍රියාමාර්ගයක් හරහා එම දේපළ අක්‍රීය කිරීමට කටයුතු කරන බවද අල්ලස් කොමිසම ශිරන්ති රාජපක්ෂ මහත්මිය වෙත එම ලිපිය මගින් දැනුම්දීමක් කොට ඇත.










