• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gurudawa

ගෝඨාට අමාරුයි වගේද? (උපුල් ‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

August 31, 2019
in Gurudawa
Reading Time: 1 min read
A A
ගෝඨාට අමාරුයි වගේද? (උපුල් ‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
Share on WhatsAppShare on Facebook

“ඇයි බැසිල් හදිසියේම ශ්‍රීලනිප – පොදුජන පෙරමුණේ සාකච්ඡාවලට ආවේ….?”
මේ කාගෙවත් ඇහැ නොගැසුණ ප්‍රශ්නයකි. යූ.ඇන්.පී. අපේක්ෂක අවුල අස්සේ ප්‍රශ්න හොයන කවුරුත් මේ ප්‍රශ්නයට හිත යොමු කළේ නැත. ඇත්තටම බැසිල් ශ්‍රීලනිප – පොදුජන පෙරමුණ සාකච්ඡාවලට යෑම පිටුපස ඇත්තේ ලොකු කතාවකි. මේ කතාව පටන්ගන්න ඕනෙ 2019 පෙබරවාරියේ උදය ගම්මන්පිල පුවත්පත් සාකච්ඡාවක් තියා කී කතාවෙන්ය. ඔහු මෙසේ කීවේය.
“ජනාධිපතිවරණය ජය ගැනීමට නම් අපට සන්ධානයක් ගොඩනඟා ගතයුතු වෙනවා. ඒකට හේතුව තමයි අපි පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ඡන්ද ලබාගත්තේ 40.5%යි. අපේ නාමයෝජනා ප්‍රතික්ෂේප වූ තැන්වල අපට ලබාගන්න හැකි වුණා යැයි තවත් ලක්ෂ දෙකක් එකතු කළත් අපේ ප්‍රතිශතය 42%යි. පසුගිය පුංචි ඡන්දයේදී 80%ක් ඡන්දය පාවිච්චි කර තියෙනවා. එනම් ජනාධිපතිවරණයකදී ඡන්දය පාවිච්චි කරන තරමටම එම මැතිවරණයේදී ඡන්දය පාවිච්චි කර තිබෙනවා. ඒ නිසා පුංචි ඡන්දයේදී ඡන්දය ලබා නොදී ගෙදර නතර වන පිරිස ජනාධිපතිවරණයේදී අප වෙත ආකර්ෂණය වනවා යැයි කියන්න බැහැ. මොකද ගෙදර කවුරුවත් නැහැ ආකර්ෂණය කරගන්න. අපට 50% ඉලක්කය සපුරා ගන්න 8%ක් මදි…”
මේ ගම්මන්පිලගේ කතාවය. ගම්මන්පිල මේ කතාව කීවේ කරුණු දෙකක් ඔළුවේ තියාගෙනය. පළමුවැන්න ජනාධිපතිවරණය දිනන එක අමාරු නිසා ගෝඨාභයව අපේක්ෂකයා කර ගන්නටය. දෙවැන්න මෛත්‍රි සහ මහින්ද එකතු කරගන්නටය. උදය ගම්මන්පිල, විමල් වීරවංශ, අලුත්ගමගේ වැනි ගෝඨාවාදීන්ගේ බලපෑම මත බැසිල් ගෝඨාභයව ජනාධිපති අපේක්ෂක කරන්න එකඟ වූයේ රටේ ගෝඨා රැල්ලක් තියෙනවා නම් අර උදය ගම්මන්පිල කී 8% පහසුවෙන්ම ලබාගත හැකි වේ යැයි හිතාගෙනය. ඔක්තෝබර් 26 කුමන්ත්‍රණයෙන් මහින්ද අගමැති වී පසුව ගෙදර යෑම නිසා මහින්දගේ ප්‍රතිරූපය පමණක් නොව පොදුජන පෙරමුණේ ඡන්ද පදනමටද හානි වූ බව බැසිල් දැන සිටියේය. එම හානිය 2%කට වඩා වැඩි වනවා මිස අඩු වන්නේ නැත. ඒත් පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් පසු ඔක්තෝබර් 26 කුමන්ත්‍රණයේ හානිය වළක්වා ගෙන රාජපක්ෂවරු සහ පොදුජන පෙරමුණ ලොකු පිම්මක් පැන්නා යැයි බැසිල් ගණන් හදන්න ඇත. පාස්කු ප්‍රහාරයට පසු රට ඉල්ලන්නේ රටේ ආරක්ෂාව තහවුරු කළ හැකි අපේක්ෂකයකු යැයි සිතා ඔක්තෝබර් 26 කුමන්ත්‍රණ හානියත් මකාගෙන උදය ගම්මන්පිල කී 8%ට ළං වෙන්න හොඳම අපේක්ෂකයා ගෝඨාභය යැයි ඔහු ගණන් හදන්න ඇත. විමල්ලාගේ, ගම්මන්පිලලාගේ බලපෑම නිසාත් බැසිල්ට වෙන අපේක්ෂකයකු ගැන හිතාගත නොහැකි වන්නට ඇත. අවසානයේදී බැසිල්ලාගේ එකඟත්වයෙන් මහින්ද ඇතුළු රාජපක්ෂ පවුලම එකඟවී ගෝඨාභය අපේක්ෂකයා විය. ගෝඨා නම්කරන විට රටේ අතිවිශාල රැල්ලක් එනු ඇතැයි විමල්ලා ගම්මන්පිලලා පෙන්වාදී තිබිණි. එය යුද්ධය දින්න දින රටම කිරිබත් කාපු, රතිඤ්ඤා පත්තු කරපු වාගේ රැල්ලක් යැයි ඔවුන් පුරසාරම් දොඩවන්න ඇත. බැසිල්, මහින්ද සහ රාජප්කෂ පවුලද එසේ සිතන්නට ඇත. ගෝඨාභය නම්කරන දින රතිඤ්ඤා පත්තු කරන්න යැයි ගෝඨාව ඉල්ලන මහින්දවාදී මාධ්‍ය ජනතාවගෙන් ඉල්ලා සිටියේ මේ රැල්ල එළියට ගන්නටය. සෑම මාධ්‍යයක්ම ගෝඨා නම්කරන සම්මේලනය සජීවීව විකාශය කළේ 2009 යුද ජයග්‍රහණය සජීවීව විකාශය කළා වගේය. ඒත් එයි කියා හිතපු රැල්ල ආවේ නැත. නම්කළාට පසු ගෝඨාභය පන්සල් ගානේ ගියත් ගෝඨා පිළිගන්න පොදුජන පෙරමුණු පාක්ෂිකයන් එක්රොක් වුවත් එවැනි රැල්ලක් පෙනුණේ නැත. ගෝඨා අපේක්ෂකයා ලෙස නම්කළ දිනට වඩා මහජන අවධානයක් 2009 යූ.ඇන්.පී.ය ෆොන්සේකා අපේක්ෂකයා ලෙස නම්කරන දිනයේ ෆොන්සේකා ලබාගෙන තිබිණි. බැසිල්ට මේවා ඉවට දැනෙයි. බැසිල්ගේ ගණන් හැදිල්ලේ හැටියට ගෝඨා අපේක්ෂකයා කිරීමෙන් 2018 පුංචි ඡන්දයේදී පොදුජන පෙරමුණ ගත් 42% යළි සුරක්ෂිත වීමක් සිදුවන්නට ඇත. ඒත් තව 8%ක් ගත යුතුය. 2018 පුංචි ඡන්දයේදී පොදුජන පෙරමුණ ගත්තේ ඡන්ද ලක්ෂ 50කි. පොදුජන පෙරමුණේ නාමයෝජනා ප්‍රතික්ෂේප වූ තැන්වලට ඉදිරිපත් කළ ස්වාධීන කණ්ඩායම් පත් කළද සංඛ්‍යාව ලක්ෂ දෙකක් කීවත් ලක්ෂ 52කි. හැබැයි ජනාධිපතිවරණය දිනන්න ලක්ෂ 65ත් 70ත් අතර ඡන්ද සංඛ්‍යාවක් ගත යුතුය. ඒ කියන්නේ තව ඡන්ද ලක්ෂ 15ත් 20ත් අතර ගණනක් ගත යුතුව ඇත. මේ ගණන ගන්න ලේසිම සුළු ජාතික පක්ෂවලින්ය. ඒත් ගෝඨාභය දමපු නිසා සුළු ජාතික ඡන්ද ගන්න බැරිය. බැසිල් විමල්ලාගේ ගම්මන්පිලලාගේ තක්සේරුවට අනුව හිතුවේ ගෝඨා නම්කළ විට මහා රැල්ලකින් සිංහල ඡන්ද එක ගොඩකට එයි කියාය. ඒක වුණේ නැත. දැන් බැසිල් හදන්නේ ඡන්ද හිඟන්නටය. ඔහු පොදුජන පෙරමුණු – ශ්‍රීලනිප සාකච්ඡාවලට ගියේ 2018 මෛත්‍රි ගත්ත ඡන්ද ලක්ෂ 14 මෛත්‍රිගේ සාක්කුවේ තියෙනවා කියා හිතාගෙන නොවේ. මෛත්‍රි 2018 ලක්ෂ 14ක් ගත්තේ කාරණා තුනක් නිසා බව ඔහු දනී. පළමුවැන්න පුංචි ඡන්දයට තරග කළ ශ්‍රීලනිප අපේක්ෂකයන්ට පෞද්ගලිකවම ලැබෙන ඡන්ද ප්‍රමාණය ඒ තුළ තිබිණි. දෙවැන්න මහින්ද විරෝධී බණ්ඩාරනායකවාදී ශ්‍රීලනිප ඡන්ද ඒ තුළ තිබිණි. තෙවැන්න මහින්දත් හොරා, රනිලුත් හොරා කියල ඔහු ගත් මධ්‍යම පාන්තික ඡන්දය. මේ තුළ පාවෙන යූ.ඇන්.පී. ඡන්දත් තිබිණි. ඔක්තෝබර් 26 කුමන්ත්‍රණයෙන් මෛත්‍රිගේ ලක්ෂ 14 තිබුණ මහින්ද විරෝධී ශ්‍රීලනිප ඡන්ද, හොරකමට එරෙහි පාවෙන ඡන්ද අඩු විය. කොහොමත් ජනාධිපතිවරණයකදී 2018 පළාත් පාලන අපේක්ෂකයන් පෞද්ගලිකව ගත් ඡන්ද ඒ විදියට පාවිච්චි වන්නේ නැත. මේ ඔක්කොම ගණන් බලලා මෛත්‍රිට ඡන්ද ලක්ෂ 2ක් ඇති යැයි බැසිල් හිතනවා විය හැකිය. මේ ජනාධිපතිවරණයේදී ඒ ඡන්ද ලක්ෂ දෙකත් ලොකු ගානකි. ඉතින් බැසිල් පොදුජන පෙරමුණු – ශ්‍රීලනිප සාකච්ඡාවලට ඇවිත් සාකච්ඡා සාර්ථකයි කීම පුදුමයක් නොවේ.
“ඒත් ලක්ෂ 52ට තව ලක්ෂ 2ක් එකතු කරගෙන කොහෙ දිනන්නද?…”
බැසිල් පොදුජන පෙරමුණු – ශ්‍රීලනිප සාකච්ඡාවලට යෑමේ ලොකුම රහස ඇත්තේ එතැනය. බැසිල් බලන්නේ මෛත්‍රි ලවා යූ.ඇන්.පී.ය දෙකඩ කරගන්න පුළුවන්ද කියාය. මෛත්‍රි ලවා යූ.ඇන්.පී.ය දෙකඩ කරගතහොත් ජනාධිපතිවරණය දිනන්න අවශ්‍ය ලක්ෂ 15-20 ගන්න එක මහ ලොකු කජ්ජක් නොවන බව බැසිල් දනී. ඒ සඳහා මෛත්‍රිට අගමැති ධුරය වුවද දෙනවා කියන්න බැසිල් පසුබට නොවනු ඇත. මෛත්‍රි බලන්නේ ජනාධිපතිවරණය අවසන් වූ විගස ශ්‍රීලනිප ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට එන්නටය. එලෙස මහින්දලාගෙන් අගමැති ධුරය ගන්න ඔහු මහින්දලාට ලොකු සේවයක් කළ යුතුය. ඔහුට මේ වේලාවේ කළ හැකි ලොකුම සේවය යූ.ඇන්.පී.ය දෙකඩ කර පෙන්වීමය. අනෙක් පැත්තෙන් යූ.ඇන්.පී.ය ජනාධිපතිවරණය ජය ගතහොත් අගමැති වෙන්න නම් රනිල් පක්ෂ නායකත්වයෙන් ඉවත් කොට රනිල් විරෝධී අපේක්ෂකයකු ජයගෙන සිටිය යුතුය. මන්ද 2019 ජනාධිපතිවරණය කවුරු දින්නත් පාර්ලිමේන්තුව විසුරුවන්න ජනාධිපතිට බලය එන තෙක් රනිල් අගමැතිය. රනිල් හෝ රනිල් හිතවාදී අපේක්ෂකයෙක් දින්නොත් යූ.ඇන්.පී.යෙන් මෛත්‍රිගේ අගමැති හීනය හැබෑ කරගත නොහැකිය. ඒ නිසා ඔහු බලන්නේ රනිල් හිතවාදී නොවන අපේක්ෂකයකු නම්කරවා ගෙන ඔහු ලවා රනිල්ව නායකත්වයෙන්ද එළවා ගන්නටය.
මෛත්‍රි අගමැති වෙන්න ගහන මේ ගේමෙන් හොද්ද බොර වෙන්නේ පොහොට්ටුවේය. බැසිල් ශ්‍රීලනිපය සහ පොදුජන පෙරමුණු සාකච්ඡා සාර්ථකයි කියා ලෝකෙටම ඇහෙන්න කියන්නේ ඒ නිසාය. ජනාධිපතිවරණය දිනන්න ලක්ෂ 65-70ක් ගන්න ගෝඨාට සුළු ජාතික ඡන්ද දිනාගන්න බැරි නම් යූ.ඇන්.පී.ය දෙකඩ කොට සුළු ජාතික පක්ෂ යූ.ඇන්.පී.ය කෙරෙහි කලකිරවා සුළු ජාතික පක්ෂ අකර්මණ්‍ය කිරීම බැසිල්ගේ උපාය විය හැකිය.

රනිල්ව අගමැති ධුරයෙන් ඉවත් කොට සජිත්ව අගමැති ධුරයට පත්කරන්න මෛත්‍රි සැලසුම් කළේ එයින් යූ.ඇන්.පී.ය ස්ථිර වශයෙන්ම දෙකඩ වන බව දැනගෙන විය යුතුය. බැසිල්ලාටත් ඕනෑ එලෙස යළි එක් නොවන්න දෙකඩ කිරීමටය. යූ.ඇන්.පී. බහුතරයකගේ අස්සනින් රනිල්ව ඉවත් කොට සජිත්ව අගමැති කරන්න යැයි ජනාධිපතිගෙන් ඉල්ලීමක් කොට ජනාධිපති එය ඉටුකළ හොත් ජනාධිපති ව්‍යවස්ථාව කැඩුවා යැයි කාටවත් කිව නොහැකි බව මෛත්‍රිගේ මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක පුවත්පත් සාකච්ඡාවක් තියා කීවේත් නිකම්ම නොවේ.
ඇත්ත කතාව නම් ජනාධිපතිවරණය දිනන්න අවශ්‍ය ඡන්ද ලක්ෂ 65-70 ගන්න පුළුවන් පක්ෂය යූ.ඇන්.පී.යය. ඒකට සුළු ජාතික පක්ෂ අත්‍යාවශ්‍යය. සුළු ජාතික පක්ෂ සහාය ගන්නත් යූ.ඇන්.පී. ඡන්ද පදනම ආරක්ෂා කර ගන්නත් යූ.ඇන්.පී.ය එක්සත්ව සිටිය යුතුය. එක්සත් නැතත් එක්සත්ව සිටින බව පෙන්විය යුතුය.
ජේ.ආර්. විධායක ජනාධිපති ක්‍රමය හඳුන්වාදී ජනාධිපතිවරණයකින් රටේ නායකයා තෝරන්න තීරණය කළේ රටේ ජනාධිපති වෙන්න 50% ගන්න නම් සුළු ජාතික ඡන්ද අවශ්‍යම නිසාය. එලෙස සුළු ජාතික ඡන්ද ගන්න පුළුවන් යූ.ඇන්.පී.යට පමණයි කියා ජේ.ආර්. සිතුවේය. ජේ.ආර්. හිතුවා හරිය.
1988 ප්‍රේමදාස 50%ක් ගත්තේ වතුකරයේ තොණ්ඩමන් නැඟෙනහිර යූ.ඇන්.පී. මුස්ලිම් නායකයන් සහ අෂ්රොෆ්, උතුරේ ඉන්දීය හමුදා මැදිහත්වීමෙන් වර්ධරාජා පෙරුමාල් දුන් සහායෙනි. 1994 චන්ද්‍රිකා 50%ක් ගත්තේ වතුකරයේ තොණ්ඩමන්ගේ ඡන්ද, නැඟෙනහිර අෂ්රොෆ්ගේ ඡන්ද සහ උතුරේ දමිළ ඡන්දවලිනි. චන්ද්‍රිකා 1999 දින්නේත් වතුකරයේ තොණ්ඩමන්ගේ ඡන්ද, නැඟෙනහිර අෂ්රොෆ්ගේ ඡන්ද සහ උතුරේ ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ ඡන්දවලිනි. මහින්ද 2005 දින්නේ ප්‍රභාකරන් උතුරේ ඡන්ද වර්ජනයක් දියත් කොට යූ.ඇන්.පී.යට සුළු ජාතික ඡන්ද අහිමි කළ නිසාය. ඒ වේලාවේ නැඟෙනහිර මුස්ලිම් ඡන්ද දෙකට බෙදුණි. ෆේරියල්, අතාවුල්ලා සහ රිෂාඞ් මහින්දට මුස්ලිම් ඡන්දවලින් කොටසක් අරන් දුන්හ. මහින්ද 2010 දින්නේ යුද ජයග්‍රහණයෙන් උදම් වී සිංහලයන් පක්ෂ භේද නොතකා මහින්දට ඡන්දය දුන් නිසාත්, රිෂාඞ් නැඟෙනහිර මුසිල්ම් ඡන්ද විශාල කොටසක් මහින්දට අරන් දුන් නිසාත්ය. 2015 මෛත්‍රිපාල දින්නේ නැඟෙනහිර රිෂාඩ, හකීම්, වතුකරයේ තොණ්ඩමන් වෙනුවට දිගම්බරන්, උතුරේ දමිළ ජාතික සන්ධානය යූ.ඇන්.පී.යේ ඉල්ලීම පිට මෛත්‍රිට සහාය පළ කළ නිසාය. හැබැයි ඒත් මහින්දටත් යම් මුස්ලිම් ඡන්ද ප්‍රමාණයක් ලැබිණි. මහින්දටත් වතුකරයේ සහ උතුරෙ යම් දමිළ ඡන්ද ප්‍රමාණයක් ලැබිණි. මෙවර ගෝඨාභයට ඒ ඡන්දවලින් අඩක්වත් ලැබෙයිද කියා සැක සහිතය. හේතුව පාස්කු බෝම්බ ප්‍රහාරයට පසු විමල්ලා ගම්මන්පිලලා හැසිරුණු විදියට මහින්ද සමඟ සිටි මුස්ලිම්වරුන්ද දැන් වෙන අතක් බලන් සිටින නිසාය. මුස්ලිම් නායකයන් ගෝඨාභයට සහාය දෙන්න තීරණය කළත් ඡන්දදායකයන් ගෝඨාභයට ඡන්දය දෙයි කියා සිතිය නොහැකිය. ගෝඨාභයට 50% ගන්න පුළුවන් එකම ක්‍රමය යූ.ඇන්.පී.ය දෙකඩ කර 2005දී මෙන් සුළු ජාතික ඡන්ද අකර්මණ්‍ය කළහොත්ය. විශේෂයෙන්ම උතුර අකර්මණ්‍ය කළහොත්ය. රාජපක්ෂලාට ඒ කාලේ කැතට පෙනුණු මෛත්‍රිව දැන් හැඩට පේන්නේ ඒකය. යූ.ඇන්.පී.යේ අලි වලිය දිහා බලාගෙන ඉන්නා දැනුම් තේරුම් ඇති මිනිස්සු අහන්නේ “ඇස් ගෙඩි දෙකට හෙණ ගහලද අලියන්ගේ” කියලාය.

SendShareShare
Previous Post

අද ටෙලිනාට්‍ය පාසල් යනවා හෙට කැම්පස් යාවි

Next Post

මගදි වැඩ නතර නොකර ගෙයක් හදන සාස්තරේ

MORE NEWS

වමටද බර? නියෝජ්‍ය කතානායක ඉරාන අවමඟුලට! අගමැති කටාර් අවමඟුලට! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

වමටද බර? නියෝජ්‍ය කතානායක ඉරාන අවමඟුලට! අගමැති කටාර් අවමඟුලට! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

සජිත් පණ මදිද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය!  I Sri Lanka Latest News
Exclusive

සජිත් පණ මදිද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය!  I Sri Lanka Latest News

අගවිනිසුරු පත්කිරීම..! ආතර්ගේ සිට පද්මන් සූරසේන දක්වා..! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය!  I Sri Lanka Latest News
Exclusive

අගවිනිසුරු පත්කිරීම..! ආතර්ගේ සිට පද්මන් සූරසේන දක්වා..! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය!  I Sri Lanka Latest News

හොරු සහ බොරු! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

හොරු සහ බොරු! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

ප්‍රේමදාසගේ ඡන්ද ලක්ෂ 25 තියෙනවා..! ජේ.ආර්.ගේ ඡන්ද ලක්ෂ 25 කා ගාවද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Exclusive

ප්‍රේමදාසගේ ඡන්ද ලක්ෂ 25 තියෙනවා..! ජේ.ආර්.ගේ ඡන්ද ලක්ෂ 25 කා ගාවද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News

UNPය සහ SJBය අනුරට පින් දිය යුත්තේ ඇයි? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

UNPය සහ SJBය අනුරට පින් දිය යුත්තේ ඇයි? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

Load More
කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News
Exclusive

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News

කාන්තාවක සමග පැවැත්වූ සබඳතාවක් සහ ඇති වූ මතභේදාත්මක සිදුවීමක් මුල් කරගනිමින්, සිංගප්පූරුවේ ඉස්ලාම් කටයුතු පිළිබඳ වැඩබලන අමාත්‍ය ෆයිසාල් ඉබ්‍රාහිම් (Faishal...

Read more
මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

ගෙදර හදපු බල්ලා ගෙදර හිටපු ආච්චිව මැරෙනකම්ම හපලා! Sri Lanka Latest News

මදුරුවො මදිවට බල්ලොත්..! I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.