• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

අතේ ඇඟිලි ගානටවත් මම රඟපාලා නැහැ…! අමාලි නිසා හතරවටින් බැණුම් ඇහුවා…!ඇඳුම ගැන මම ගොඩක් හිතනවා…! වත්සලා කල්පනී I Sri Lanka Latest News

April 18, 2026
in Heart
Reading Time: 3 mins read
A A
අතේ ඇඟිලි ගානටවත් මම රඟපාලා නැහැ…! අමාලි නිසා හතරවටින් බැණුම් ඇහුවා…!ඇඳුම ගැන මම ගොඩක් හිතනවා…! වත්සලා කල්පනී I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

2018 වසරේ රූ රැජිනක වී කලා ලොවට ආ ඇයල අද වන විට රංගනයෙන් මෙන්ම ගායනයෙන්ද ප්‍රේක්ෂක හදවත් දිනාගත් දක්ෂ කලාකාරිනියකි. ඇය නමින් වත්සලා කල්පනී. ජනප්‍රියත්වය පස්සේ පන්නන්නේ නැතිව තෝරා බේරාගත් නිර්මාණ හරහා තම අනන්‍යතාවය ගොඩනඟා ගත් වත්සලාගේ අලු‍ත්ම තොරතුරු දැනගන්න අපි ඇය සමග සම්බන්ධ වුණේ මේ විදියටයි.Sri Lanka Latest News

සුබ අලුත් අවුරුද්දක් වේවා වත්සලා…
එසේම වේවා. මගේ ආදරණීය ප්‍රේක්ෂක ජනතාවගේ සිතුම් පැතුම් ඉටුවන සුබ අලුත් අවුරුද්දක් වේවා..
කොහොමද අවුරුදු, හොඳට සැමරුවද?
සුපුරුදු පරිදි චාරිත්‍ර වාරිත්‍ර ඉටුකළා.
ඉතින් අවුරුදු සමයත් එක්ක ඔබේ කලා කටයුතු කොහොමද?
අලුත් ටෙලිනාට්‍ය දෙකකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ‘ස්මාට්’ සහ ‘තාල මණ්ඩිය’ ඒ ටෙලිනාට්‍ය දෙක. ඒවායේ රූගතකිරීම්වලට සම්බන්ධ වෙමින් ඉන්නේ.
වත්සලා අවුරුදු කුමරිය තරගයට ඉදිරිපත් වුණේ නිළියක් වීමේ සිහිනය ඇතිවද?
එහෙම හිතාගෙන සම්බන්ධ වුණේ නැහැ. අවුරුදු ගණනාවක ඉඳලා මගේ යාළුවෝ කිව්වා මටත් ඉදිරිපත් වෙන්න කියලා. පස්සේ මවුපියන් සමග කතාබහ කරලා තමයි මම ඉදිරිපත් වුණේ. 2018 වර්ෂයේ සෑහෙන පිරිසක් ඒ සඳහා ඉදිරිපත් වෙලා තිබුණා. එදා මම හිතුවේ නැහැ අවසන් තරගකාරියන් පස්දෙනා අතරටවත් මට එන්න ලැබේවි කියලා. මොකද තරගයට ඉදිරිපත් වුණු සියලු දෙනා දක්ෂයි. කොහොම හරි අවසානයේ තුන්වැනි තැනට එන්න මට හැකිවුණා.

එතකොට ඔබ චරිතයක් බවට පත්වෙන්නේ කොහොමද?
දෙරණ රූපවාහිනිය හරහා තමයි මට මේ අවස්ථාව ලැබුණේ. මම මුලින්ම රඟපෑවේ ටෙලි චිත්‍රපටයක ප්‍රධාන චරිතයක්. එය තමයි මගේ ප්‍රථම රංගන අත්දැකීම.
ඊට පස්සේ චරිතාංග රංගන ශිල්පිනියක් වෙන්න අවස්ථාව ලැබුණා?
ඔව්. දිලූක ප්‍රසාද් අධ්‍යක්ෂණය කළ ‘පාවෙලා වලාකුළේ’ ටෙලිනාට්‍යයේ මම නපුරු චරිතයක් රඟපෑවා. ‘මිණි කිරණ’, ‘සිත නිදි නෑ’ ඇතුළු තවත් නිර්මාණ කිහිපයකට මම සම්බන්ධ වුණා.
අමාලි චරිතයට මගතොටදි ලැබුණු ප්‍රතිචාර දරුණු වුණා?
ඇත්තටම මට ඒ අවස්ථාව තාමත් මතකයි. ප්‍රේක්ෂකයන් ඒ තරමට චරිතය සමග බැඳිලා ඉන්නවා කියලා මට එදා තමයි දැනුණේ. පාරෙදි හමුවුණු කාන්තාවක් මට හොඳටම බැණගෙන ගියා. මොනවා කරන්නද ඉතින්. ඒ වචන ටික ආදරයෙන් අහගෙන හිටියා. අමාලි චරිතයට නම් ඉතින් හතර වටින්ම බැණුම් තමයි. ඒ තරමට අමාලි නපුරුයි.
මේ තරම් හොඳට කොහොමද ඔබ රඟපාන්නේ? කලාවට පවුලේ කවුරු හරි සම්බන්ධද?
මගේ පවුලේ කිසිම කෙනෙක් කලාවට සම්බන්ධ නැහැ. අඩු තරමේ මම පාසලේදිවත් රඟපාලා නැහැ. මගේ පාසල තමයි නුගේගොඩ අනුලා විද්‍යාලය. මම පාසලේදී නැටුම් හැදෑරුවා. ක්‍රීඩාවටත් මම දක්ෂයි. හැබැයි ඉදිරිපත් කිරීමේ හැකියාව ලැබුණේ සහ බය, ලැජ්ජාව මට නැතිවුණේ මගේ පාසල හරහා. පාසලේදී මම බාහිර ක්‍රියාකාරකම්වලටත් වැඩි අවධානයක් දැක්වූවා.
පසුකාලීනව ඔබ මල් ළඳක් වුණා?
මගේ ලොකු ආශාවක් තිබුණා චිත්‍රපටයක රඟපාන්න. මගේ හිතවත් හිරංග අයියාගේ මගපෙන්වීම යටතේ ‘ගුත්තිල’ චිත්‍රපටයේ තිර පරීක්ෂණයට මම ගියා. ‘මල් ළඳුන්’ පස්දෙනකුගෙන් එක් මල් ළඳක් වීමට මට අවස්ථාව ලැබුණා. මගේ ප්‍රථම සිනමා අත්දැකීම තමයි ඒ. නැවතත් චිත්‍රපටයකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ඒ වැඩකටයුතු පටන්ගන්නකම් ඉන්නවා.
වත්සලා මොකක්ද මේ පින්සාර ආදර කතාව?
විශාරද පළමු කොටස උපාධිය මම හැදෑරුවා. පාසල් කාලයේ ඉඳලම මම ගායනයට දක්ෂයි. ටෙලිනාට්‍ය හරහා ලබපු ජනප්‍රියත්වය සමග මට රූපවාහිනී වැඩසටහන්වලට සම්බන්ධ වෙන්න ලැබුණා. එහිදී මම විවිධ ගීත ගායනා කළා. ‘පින්සාර ආදරය’ මගේ කුලුඳුල් ගීතය. එය පද රචනා කළේ වසුන්දරා හෙට්ටිආරච්චි. අවුරුදු සමය නිසා මේ දවස්වල ප්‍රසංග වේදිකාවෙත් මම ඒ ගීතය ගායනා කරනවා.
වසර ගණනාවක අත්දැකීම් එක්ක මොකද අද ගැන හිතෙන්නේ?
මම කලාවට සම්බන්ධ වෙලා වසර අටක් වෙනවා. සම්බන්ධ වුණු නිර්මාණවල චරිත දෙස බලනකොට ගොඩක් සතුටුයි. දිගු කාලයක් ක්ෂේත්‍රයේ හිටියත් අතේ ඇඟිලි ගානටවත් මම රඟපාලා නැහැ. ඒකට හේතුව මම තෝරා බේරාගෙන රඟපාන එක. චරිතය ගැන වගේම මම ඇඳුම ගැනත් ගොඩක් හිතනවා. ඒ කොහොම වුණත් මම සතුටු වෙනවා මගේ මවුපියන් වගේම මගේ සැමියා මට මේ ගමනට දෙන සහායට. මගේ ඉදිරි ගමන මීටත් වඩා ලස්සන වේවි.

වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

දැන් හැංගෙන්න එපා! කොමිසම ලබන සතියේ වැඩ පටන් ගන්නවා! සජිත් ඇතුළු කණ්ඩායමට ඇවිත් සාක්ෂි දෙන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News

Next Post

කුමාර ජයකොඩි ඇමැතිකමෙන් ඉල්ලා අස්වුණා විතරයි! ආණ්ඩුවේ තවත් ප්‍රබල ඇමැතිවරයෙකුට ඉල්ලා අස්වන්නැයි දැනුම් දීමක්! I Sri Lanka Latest News

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

අද රට පාලනය කරන්නේ වැඩ බැරි කර්මාන්ත කෘෂිකර්මාන්තය හා සේවා අංශය දියුණු කරන්න බැරි වැරදි දත්ත මත තීන්දු තීරණ ගන්නා...

Read more
දැන් ඡන්දයක් තිබ්බොත් මාලිමාවට 65%යි! ඉතින් තියන්නකෝ පළාත් සභා ඡන්දේ..! VIDEO I Sri Lanka Latest News

හර්ෂණගේ විශ්වාසභංගය අද එනවා! I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

අනුර කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයේ වැඩ ගැන හොයලා බලයි! ලබන අවුරුද්දේ කරන්න යන් දේවල් ගැනත් අහයි! PHOTOS I Sri Lanka Latest News

ජී.එල්-රාජිත-පාඨලී ඉන්න ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදියෙක් එදා ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුකමින් එළවා දමපු හැටි ප්‍රශ්න කරනවා..! අනේ පව්.. බලන්නකෝ කට්ටියගේ මූණවල්…! VIDEO I Sri Lanka Latest News

ජී.එල්-රාජිත-පාඨලී ඉන්න ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදියෙක් එදා ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුකමින් එළවා දමපු හැටි ප්‍රශ්න කරනවා..! අනේ පව්.. බලන්නකෝ කට්ටියගේ මූණවල්…! VIDEO I Sri Lanka Latest News

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.