• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලාල්ගේ ගේ විතරද ගේ…? මේවත් ගෙවල් තමයි! Sri Lanka Latest News

April 12, 2026
in Exclusive
Reading Time: 3 mins read
A A
ලාල්ගේ ගේ විතරද ගේ…? මේවත් ගෙවල් තමයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ලංකාවේ දේශපාලනයට අදාළව දේශපාලකයන්ගේ ගෙවල් ගැන කතාබහට ලක්වුණු අවස්ථා අපි දන්නවා. පහුගිය කාලයේ එවැනි සිදුවීම් ගොඩක් වාර්තා වුණා. ඉන් එකක් තමයි එස්.බී. දිසානායකගේ හඟුරන්කෙත නිවෙස. මේ එස්.බී. දිසානායකගේ හඟුරන්කෙත නිවෙස ගැන විවිධ කතන්දර අපි දැක්කා, සමාජ මාධ්‍ය ඒ කාලේ තිබුණේ නැති වුණත් විවිධ තැන්වල කතාවෙන ආකාරය. ඒකෙ මාළු ටැංකිය ගැන, ඒකට උඩින් හෙලිකොප්ටර් යවලා ඒ ගැන හොයලා ඒ සම්බන්ධව විවිධ චෝදනා එල්ල කරමින් එස්.බී. ගොඩක් අභියෝගයට ලක්වෙච්ච අවස්ථාවක් තමයි ඔහුගේ නිවෙස. ඔහුගේ නිවෙස මහල් ගණනකින් යුක්ත, වහලවල් ගොඩක් තියෙන නිකන් අමුතු ගෙදරක්. මේකේ අමුතු මාළු ටැංකියක් තියෙනවා කියලා සමහර තැන්වල කියවුණා. එවකට චන්ද්‍රිකා බණ්ඩාරනායක ආණ්ඩුව විසින් මේ සම්බන්ධව හොයන්න ගත්තා, පරීක්ෂණ කරන්න ගත්තා.Sri Lanka Latest News

ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ කතරගම හදපු නිවස. මේ සම්බන්ධවත් විවිධ කතාබහවල් ඇති වෙන්න පටන් ගත්තා. ඒ ගැන ඇත්තටම අපිට පැහැදිලිව යමක් කියන්න බැහැ. මොකද හේතුව මේ සමහර නිවාස සම්බන්ධව ඇතිවෙච්ච කතාබහවල් මිසක එහෙම දේවල් ඔප්පු කරන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. නමුත් කතරගම ගෝඨාභය රාජපක්ෂට අයිතියි කියලා කියන නිවෙස සම්බන්ධව බොහෝ දේවල් කියැවුණා. මේ දේපළ සම්බන්ධයෙන් මේකේ යතුර තියෙන්නේ කවුරු ගාවද? ඒ වගේම මේකේ විදුලි බිල්පත් ගෙවන්නේ ජී. රාජපක්ෂ කියලා කෙනෙක් කියලාත් අපි දැක්කා පහුගිය දවස්වල කතා වෙනවා. මේක කාමර 12කින් යුක්ත සුපිරි ගොඩනැගිල්ලක්. කොහොම වුණත් 2025 ඔක්තෝබර් මාසේ 13 වැනිදා තිස්සමහාරාම අධිකරණයේ නියෝගයක් මත මේ නිවස ඉඩම් හා වාරිමාර්ග දෙපාර්තමේන්තුවට නිල වශයෙන් භාරදුන් බව තමයි අපිට මතක.
ඒ වගේම මෙහෙම කතාබහවල්වලට ලක්වෙච්ච තව තැනක් තමයි රාජපක්ෂ පවුලට සම්බන්ධයි කියලා කියන මල්වානේ නිවස. මල්වානේ තියෙන අක්කර 16ක ඉඩමක ඉදිකරපු සුඛෝපභෝගී නිවසක් මේක. මේ නිවසට ගිහිල්ලා තියෙනවා ලියුම්කරු, පාරට පේනවා, පාරේ ඉඳන් එද්දී ටිකක් ඇතුළෙන් තමයි නිවස තියෙන්නේ. විශාල රඹුටන් වත්තක් මැද්දේ. නඩු විභාගයක් සිද්ධ වුණා මේ නිවස සම්බන්ධයෙන්. ඒත් ඒ නිවසට අයිතිකාරයෙක් නැති බව තමයි පස්සේ දැනගන්න හම්බවුණේ.

විමල් වීරවංශ මහත්මයට අයිති වෙලා තිබිච්ච හෝකන්දර නිවෙස ගැනත් මේ විදිහට කතාබහක් ඇති වුණා. හෝකන්දර නිවෙස සම්බන්ධව කතා කරද්දී හෝකන්දර නිවෙසට සල්ලි හොයපු විදිහ ගැන එහෙම ලොකුවට සාකච්ඡාවට ලක්වුණා. කොහොමද සල්ලි හෙව්වේ කියලා. අපරාධ පරීක්ෂණ අංශය මගිනුත් පරීක්ෂණ පැවැත්වුවා කියලා අපිට මතකයි.

දැන් ඒ අතරතුරේ මේ කතාබහක් ඇති වෙලා තියෙනවා ලාල්කාන්තගේ ගෙදර ගැන. ලාල්කාන්ත අමාත්‍යතුමන්ගේ නිවස ගැන කතාබහට ලක්වෙන්නේ එතුමන් නිර්ධන පන්තිය නියෝජනය කරමින් පාලනයට ආපු අහිංසක දේශපාලකයෙක් විදිහට තමයි හැමෝම දැනගෙන හිටියේ. ඇත්තටම මේ රටේ මිනිස්සු බලාපොරොත්තු වුණා ඒ අයට සාමාන්‍ය ජීවිත විලාසිතාවක් ඇති කියලා. නමුත් බැලූ බැල්මට පෙනුණු සාමාන්‍ය ජීවිත විලාසිතාවට එහා ගියපු සුඛෝපභෝගී ජීවිතයක් මේ අමාත්‍යවරුන්ට හිමි බව දැනගත්තම අපේ රටේ මිනිස්සු යම් යම් සමාජ මාධ්‍ය ඇතුළේ කලබල කරන්න පටන් අරගන්නවා. ඒ නිවෙස සම්බන්ධව කතා කරද්දීත් ඒ නිවෙස සම්බන්ධව කියැවෙන්නේ ඔහුට අයිති අඹ වත්තක් තිබුණා, ඒ අඹ වත්තෙන් ආපු මිල මුදල්වලින් මේ ගේ හැදුවා කියලා තමයි කියන්නේ. ඉතින් ඒක අපි දන්නේ නැහැ ඒකේ ඇත්ත නැත්ත. ඒවා සම්බන්ධව පරීක්ෂණ සිද්ධ වෙනවද නැද්ද කියන එකත් අපි දන්නේ නැහැ. අපි කාටවත් චෝදනා කරනවා නෙමෙයි. අපි මේ කියන්නේ ලංකාවේ නිවාස ගැන විවිධ කතාබහවල් ඇති වෙච්ච හැටි.
අපිට මතකයි රනිල් වික්‍රමසිංහ මහත්මයගේ නිවෙස ගිනිතැබීමක් සිද්ධ වුණා. ඒ නිවස රාජකීය විද්‍යාලයට පවරන ලද නිවසක් කියලත් අපි දැක්කා තැන් තැන්වල කියැවෙන ආකාරය. ඒ වගේම රටේ දේශපාලකයෝ විශාල ප්‍රමාණයකගේ නිවාස පහුගිය කාලේ ගිනි තිබ්බා. සනත් නිශාන්තගේ නිවස අපිට මතකයි ගිනි තැබූ ආකාරය. ඒ වගේම ප්‍රධාන පෙළේ දේශපාලකයෝ කීපදෙනෙක්ටම මේ අත්දැකීමට මුහුණ දෙන්න සිද්ධ වුණා. මේ තමයි ලංකාවේ දේශපාලනයේ ස්වභාවය. ඉතින් ඒ නිසා ලංකාවේ දේශපාලකයන්ගේ නිවාස ගැන කතාබහක් ඇති කරන බව අපි දන්නවා ගොඩක් වෙලාවට. ජොන්ස්ටන් ප්‍රනාන්දු, ප්‍රසන්න රණතුංග, රමේෂ් පතිරණ ඇතුළු අනෙකුත් මන්ත්‍රීවරුන්ගෙත් නිවාස මේ විදිහට ගිනිතැබූ බව කියැවුණා. ඒ වගේම හම්බන්තොට පිහිටි මහින්ද රාජපක්ෂ මහත්මයාලගේ පාරම්පරික මැදමුලන නිවෙසට සහ ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාරයටත් හානි වෙච්ච බව අපි දැක්කා මේ කතාබහේදී කියවුණ හැටි.

ඒ වගේම අපි දන්නවා මෛත්‍රීපාල සිරිසේන මහත්මයලගේ ලක්ෂ උයනේ තියෙනවා පුංචි නිවසක්. ඒ ගෙදරටත් අපි ගිහිල්ලා තියෙනවා. මේ ගෙදර තාමත් නිරුපද්‍රිතව ඒ ආකාරයෙන්ම තියෙනවා. සමහර දේශපාලකයන්ට විශාල නිවාස තියෙනවා, සමහර දේශපාලකයන්ට පුංචි ගෙවල් තියෙනවා. සමහරු උපක්‍රමශීලීව පොඩි ගෙවල් හදාගෙන පදිංචි වෙලා ඉන්නවා. කොහොම වුණත් මේ දේශපාලකයන්ගේ ගෙවල් ගැන නිතරම කතාබහවල් අපේ රටේ ඇතිවෙනවා.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

ජනාධිපතිලගේ නිවාසවලට ලොකු අනතුරක්!  I Sri Lanka Latest News

Next Post

එහෙම ගහගත්තොත් මැරිලා වැටෙයි…! ඔළුව අවුල් වුණොත් වැඩේ කරන්න අමාරුයි…! කරන්නම් වාලේ කරලා තෘප්තියක් ලබන්න බැහැ…! අනූෂා දිසානායක I Sri Lanka Latest News

MORE NEWS

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News
Exclusive

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News
Exclusive

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

සියඹලාණ්ඩුවේදී වී ප්‍රශ්නය මුල්කරගෙන ගොවි ජනතාව සහ මාලිමා ප්‍රාදේශීය නායකයන් අතර උණුසුම් තත්ත්වයක් මතුවූයේ මෙසේය.Sri Lanka Latest News

Read more
බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.