• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විජේවීරගේ අන්තිම ෆොටෝ එක! Sri Lanka Latest News

April 11, 2026
in Exclusive
Reading Time: 2 mins read
A A
විජේවීරගේ අන්තිම ෆොටෝ එක! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

1971 අප්‍රේල් 05 වැනිදා සන්නද්ධ නැගිටීමට වසර හයහමාරකට පෙර 1964 ඔක්තෝබරයේ පැවැති ‘ලංකා කොමියුනිස්ට් සහ සෙසු ප්‍රගතිශීලී තරුණ සමිති සම්මේලනය’ තුළ අල්බේනියානු සහෝදරවරුන්ගේ රුසියානු භාෂා කතා සිංහලට පරිවර්තනය කළ මගේ සම වයසේ සිටි නන්දසිරි විජේවීර සහෝදරයා මට හමුවිය.Sri Lanka Latest News

1966 වනවිට ලංකා කොමියුනිස්ට් පක්ෂයේ පූර්ණකාලීන සාමාජිකයන් වූ අප දෙදෙනාද, ටී.බී.සී. ප්‍රනාන්දු, කොලින් සිල්වා සහ චන්ද්‍රසිරි මායාදුන්නේ ද ඉතා සමීප සහෝදරයන් වශයෙන් පක්ෂය නිවැරැදි විප්ලවවාදී සංවිධානයක් බවට පත්කරන අයුරු ගැඹුරු ලෙස සාකච්ඡ කරමින් සිටියෙමු.

විජේවීරට සමකාලීනව ලුමුම්බා සරසවියේ උගත් අබ්දුල් කාසිම් හංගා, තම මවුබිම වූ සැන්සිබාර් දූපතේ රාජ්‍ය බලය සුළු කණ්ඩායමක් දියත් කළ ක්ෂණික ප්‍රහාරයකින් අල්ලා ගැනීම තුළින් උපන් උද්වේගය අනුව, ශ්‍රී ලංකාවේ රාජ්‍ය බලයද විප්ලවවාදී සංවිධානයක ක්ෂණික සන්නද්ධ ප්‍රහාරයක් මගින් හිමි කරගත හැකිය යන අදහස ඔහු ද දැරුවේය.
විජේවීර සහෝදරයා හැර මා ඇතුළු අන් සහෝදරවරුන් කීවේ, බහුජන සහභාගිත්වය නොමැතිව කරන එවැනි ක්ෂණික ප්‍රහාරයක්‌ හුදු සන්නද්ධ කුමන්ත්‍රණයක් මිස විප්ලවයක් නොවන බවය.

අරගල ස්වරූපය පිළිබඳ මේ මතභේදය හේතු කොටගෙන, ලංකා කොමියුනිස්ට් පක්ෂය තුළ කණ්ඩායම් ගැසී තිබුණු අනෙක් සංවිධාන සියල්ල, විජේවීර සහෝදරයා නායකත්වය දෙමින් ගොඩනැගූ, (පසුව) ජනතා විමුක්ති පෙරමුණ වූ ව්‍යාපාරයට වෙනස්ව සංවිධාන වූහ. 1965 මැයි 14 දින හුදෙක් සහෝදරවරුන් 10 දෙනකු සහිතව රෝහණ විජේවීර සහෝදරයා ගොඩනැගූ ජ.වි.පෙ., ඉන් වසර හයකට පසුව දිවයින පුරා පොලිස් ස්ථාන 94කට පහරදී, තම ප්‍රථම නැගිටීම දියත් කර, පරාජය වුවද, ලංකා ඉතිහාසයේ සදාකාලික හැරවුම් ලක්ෂ්‍යය වූ 1971 අප්‍රේල් කැරැල්ල නම් ඓතිහාසික ලාංඡනය මේ දිවයින මත මෙන්ම ලෝක විප්ලවවාදී භාවිතය තුළද කොටා තැබූහ.

රෝහණ විජේවීර සහෝදරයා සමග දේශපාලන හා සංවිධාන මතභේද ඇතිව සිටි මා, යළිත් විජේවීර සහෝදරයා සමග සමගි කොට බද්ධ කරන ලද්දේ 1986 දී නීතිඥ විජේදාස ලියනආරච්චි විප්ලවවාදී විරුවා විසිනි. 1971 සිට 1986 දක්වා මා පසක් කරගත් න්‍යායික, දේශපාලනික, සංවිධාන සහ අරගල ස්වරූප සත්‍යය වූයේ විප්ලවීය සංවිධානයක් නිශ්චිත කාලවකවානුවක කරන සන්නද්ධ නැගිටීම් අත්‍යාවශ්‍ය බවය.

ධනේශ්වර රාජ්‍යය යනු ආයුධ සන්නද්ධ මර්දනය යන්ත්‍රයකි. ඔවුහු අධිරාජ්‍යවාදයද, ඒකාබද්ධ ලෝක ධනේශ්වර ක්‍රමයද, ඒ ඒ රටවල සමස්ත ප්‍රතිගාමී මර්දනයද නියෝජනය කරමින් ඕනෑම රටක ජනතාවද ජනතා අයිතිවාසිකම්ද නිදහස් මහජන මතවාද හා සංවිධානද නොකඩවා මර්දනය කරමින් සිටී. එහෙයින් විප්ලවවාදීන් සන්නද්ධ ධනේශ්වරයට එරෙහිව, උන්ට හොර රහසින් සන්ධානගතව, නිශ්චිත කාලසීමාවන්වලදී සන්නද්ධ අරගල කළ යුතුමය. 1971 අප්‍රේල් 05 වැනිදා සන්නද්ධ අරගලය එවැනි වූවකි. 1971 කරා යන ගමනේදී ප්‍රථම කොට පහර දුන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමසමාජ පක්‍ෂ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂ ඊනියා ප්‍රගතිශීලී ආණ්ඩුව මිස ජනතා විමුක්ති පෙරමුණ නොවේ. සාමකාමී සාකච්ඡා, සම්මන්ත්‍රණ, රැස්වීම්, ප්‍රකාශන කරමින් සිටි ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් සිරභාරයට ගත්තේ මර්දනය කළේ අඬු කැඩුවේ ශ්‍රීලනිප, සමසමාජ, කොමියුනිස්ට් ආණ්ඩුව විසිනි. 1917 රුසියානු පෙබරවාරි නැගිටීම මෙන්, 1927 අගෝස්තු පළමුවැනිදා චීනයේ නාන්චාන් නැගිටීම් මෙන්, 1953 කියුබාවේ මොන්කාඩෝ ප්‍රහාරය මෙන් 1971 අප්‍රේල් කැරැල්ල ද අත්‍යාවශ්‍ය වූයේය.

එයින් පසු, වසර 55ක් ගතවන මොහොතේ, එදා ධනපති රාජ්‍යයට එරෙහිව අවි අතට ගත් ජනතා විමුක්ති පෙරමුණ මධ්‍ය න්‍යෂ්ටිය වන ජාතික ජන බලවේගය නම් පුළුල් බහුපන්තික සංවිධානය, 42.31%ක බහුතර ඡන්දයක් ලබා 2024 සැප්තැම්බර් 21දා ආණ්ඩු බලය දිනාගෙන ඇත. මේ සංවිධාන දෙකේම ජනප්‍රිය නායක අනුර කුමාර දිසානායක සහෝදරයා රටේ විධායක ජනාධිපති වී ඇත. 61.56%ක ඡන්ද ලබා ව්‍යවස්ථාදායකයේ ආසන 225න් 159ක්ම දිනා ජවිපෙ / ජාජබ විසින් ආධිපත්‍යය පිහිටුවා ඇත. එකම සාධනීය වාමාංශික විපක්ෂය වන ජ.වි.පෙ.න් කැඩීගිය පෙරටුගාමී සමාජවාදී පක්ෂය හැර අන් සියලු ධනපති දේශපාලන සංවිධාන නින්දාසහගත සතුරු සමූහයක්ව ඇත.
(ඡායාරූපයේ දැක්වෙන්නේ තව ටික වේලාවකින් අළුගෝසුවන් තමාව අනීතික ලෙස ඝාතනය කරන බව දැන දැන, ඉන්ද්‍රානන්ද ද සිල්වා සහෝදරයා අත රැඳි හමුදා කැමරා කාචයට හමුදා අත්අඩංගුවේ සිටි නිරායුධ රෝහණ විජේවීර සහෝදරයා දෙතොල මත රැඳී මඳ සිනහවක් සහිතව 1989 ඉල් මස 12 දින රාත්‍රියේ මුහුණ දුන් අභීත විලාසයයි)

Ananda Goonatilleke

SendShareShare
Previous Post

විගණන වාර්තාවෙන් මාලිමා ආණ්ඩුව යටතේ ගල් අඟුරු ගෙන්වද්දී අක්‍රමිකතාවක් වෙලා කියලා තහවුරු කළා! අනුර 2000 ඉඳන් ගල් අඟුරු ගෙන්වපු හැටි ගැන හොයන්න කොමිසමක් පත්කරනවා කියලත් කිව්වා! දැන් ජනාධිපති ලේකම්තුමාත් 2009 ඉඳන් ගල් අඟුරු ගෙනා හැටි හොයන්න කියලා CIDයට පැමිණිල්ලක් කරලා! I Sri Lanka Latest News

Next Post

හැමෝම පිළිගන්න කබීර් හෂීම්ට සජිත් සජබයේ සභාපතිකම සජිත් බාරදෙයි! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

කඳු ටික ඉවරයි! දියතලාවම ඉවරයි! එන්න එපා ඕවා කරන්න! චාමර බදුල්ලේ මිනිස්සු වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ලොකු සටනක! VIDEO I Sri Lanka Latest News
Exclusive

චාමරත් ආණ්ඩුවට හොඳ කියයි! දැන් ඉතින් මිනිහටත් ඩීල් කියලා මඩ ගහපල්ලා! VIDEO I Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News
Exclusive

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ඕමල්පේ සෝභිත හාමුදුරුවනේ ඔබ වහන්සේ වෙත ගෞරවසම්ප්‍රයුක්තව ලියා දක්වන වග නම්…
Exclusive

මැරෙනකම්ම නායක පුටුවල එල්ලිලා ඉන්න දේශපාලනඥයන්ට සෝභිත හිමිගෙන් වටිනා පාඩමක්! තනතුරෙන් ඉල්ලා අස්වෙයි! කිසිම නායක තනතුරක් ජීවිත කාලය පුරා දැරිය යුතු නෑ…! Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News
Exclusive

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

අද උදේ පාස්පෝට් පෝලිමේ සිටි මව ප්‍රසූත කළ දරුවා මියයයි! වැරැද්ද කාගේද?
Exclusive

අවුරුදු 4ක දැරියක් ඩෙංගු මාරයාට බිළිවෙයි! මරණ ගණන 56ට නගී! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

රටම අහන ප්‍රශ්න 3ක් විපක්ෂනායක සජිත් අද පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවෙන් අහයි! මහාභාණ්ඩාගාරෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වගකීම ගන්නේ කව්ද? කව්ද මේ සල්ලි ආපහු ගෙවන්නේ..? වගකිවයුත්තන්ට ගත්ත විනය ක්‍රියාමාර්ග මොනවාද? VIDEO I Sri Lanka Latest News

Load More
කඳු ටික ඉවරයි! දියතලාවම ඉවරයි! එන්න එපා ඕවා කරන්න! චාමර බදුල්ලේ මිනිස්සු වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ලොකු සටනක! VIDEO I Sri Lanka Latest News
Exclusive

චාමරත් ආණ්ඩුවට හොඳ කියයි! දැන් ඉතින් මිනිහටත් ඩීල් කියලා මඩ ගහපල්ලා! VIDEO I Sri Lanka Latest News

දැන් ජනාධිපති අරමුදලේ මුදල් වියදම් වෙන්නේ මෙහෙමයි..! පා.ම. චාමර සම්පත් දසනායක Sri Lanka Latest News

Read more
මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ඕමල්පේ සෝභිත හාමුදුරුවනේ ඔබ වහන්සේ වෙත ගෞරවසම්ප්‍රයුක්තව ලියා දක්වන වග නම්…

මැරෙනකම්ම නායක පුටුවල එල්ලිලා ඉන්න දේශපාලනඥයන්ට සෝභිත හිමිගෙන් වටිනා පාඩමක්! තනතුරෙන් ඉල්ලා අස්වෙයි! කිසිම නායක තනතුරක් ජීවිත කාලය පුරා දැරිය යුතු නෑ…! Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.