චීනය චෙන්ග්ඩු ප්‍රදේශයේ පිහිටි චීනයේ ඇමෙරිකානු තානාපති කාර්යාලය වසා දැමීමට කටයුතු කර ඇත. ඇමෙරිකාවේ හුස්ටන්හි පිහිටි චීන තානාපති කාර්යාලය වසා දැමීමට කටයුතු කිරීමට එකට එක කිරීමක් ලෙසත් චීනයේ ඇමෙරිකානු තානාපති කාර්යාලය වසා දමන්නට මෙසේ කටයුතු කරයි. රටවල් දෙක මෙසේ එකට එක කරමින් එකිනෙකාට පාරම්බා ගැනීම දෙරටේම ආරක්‍ෂක, තාක්‍ෂණික, වෙළෙඳ සහ මානව අයිතිවාසිකම් යන කරුණුවලට තදින්ම බලපෑම් කෙරී ඇත.
චීනයේ චෙන්ග්ඩු පිහිටි තම තානාපති කාර්යාලය වසා දැමීම පිළිබඳව චීන කොමියුනිස්ට් පක්‍ෂයට තම අප්‍රසාදය පළ කරමින් ඇමෙරිකාව නිවේදනයක් නිකුත් කර තිබේ. තිබ්බතය සහ බටහිර චීනයේ වෙසෙන මහජනතාවට වසර තිස්පහකට වැඩි කාලයක් තිස්සේ චෙන්ග්ඩු ප්‍රදේශයේ ඇමෙරිකානු තානාපති කාර්යාලයෙන් විශාල වෙහෙසක් සිදු කළ බවද මෙම නිවේදනයෙන් ඇමෙරිකාව අවධාරණය කර ඇත. එහෙත් ඒ ජනතාවගේ අවශ්‍යතා පිරමැසීමට වෙනත් මං සකසන බවද එම නිවේදනයෙන් ඇමෙරිකාව කරුණු පහදා දී ඇත.
රටවල් දෙක අතරේ පවත්නා ආතතිය අතරින් කොරෝනා වසංගතය පැතිරීමත්, වෙළෙඳ තරගයත් මෙන්ම චරපුරුෂ සේවා කටයුතුත් තත්ත්වය තවත් උග්‍ර කිරීමට හේතු පාදකවී ඇත. දක්‍ෂිණ සාගර කටයුතුත්, හොංකොං ප්‍රදේශය කෙරෙහි බලපවත්නා අන්දමින් පැනවූ ආරක්‍ෂිත නීති අණපනත්ද ගින්දරට පිදුරු දැමුවාක් මෙනි. චීනයේ ක්‍ෂියෑන් ජයෑන්ග්, උයිගර් පළාත් ප්‍රදේශයේ වෙසෙන මුස්ලිම් ප්‍රජාවට ඉහත අමානුෂික අන්දමට චීනුන් විසින් කරනු ලබන කෙනෙහිලිකම් හේතුවෙන් ඇමෙරිකාව අතිශයින් කෝපාවිෂ්ටව සිටියි. මුස්ලිම් ප්‍රජාවට ට්‍රැවල් වීසා පවා චීනුන් තහනම් කර ඇත.
චීන – ඇමෙරිකා ඝට්ටනයේ රැලි මාලා අවට ලෝකයටද (රටවලට) බලපෑම් ඇතිකරයි. ජර්මනියේ පීටර් බෙයාර්, මේ සම්බන්ධව පසුගියදා අවවාදාත්මක නිවේදනයක්ද නිකුත් කර තිබේ.
අපි සීතල යුද්ධයක ආරම්භක සිද්ධීන් සමුදායක් අත්විඳිමින් සිටින්නෙමු. අප මේ දෙරටේම කටයුතු තුට්ටුවකට හෝ මායිම් නොකරමු හරියැයි කියන්නේ නැත. එහෙත් එකක් කිව යුතුය. ඇමෙරිකාව අපට ඉතා අවශ්‍ය කොටස්කාරයෙකි.
මොනවා වුණත් මේ වන විට රටවල් ගණනාවකින් එල්ල වන ප්‍රතිප්‍රහාරවලට මඳක් සලිත වී සිටිති. ආරක්‍ෂක අවදානම නිසා එක්සත් රාජධානිය හුවාවේ උපකරණ ඉවත්කර ගැනීම ඉන් එකකි.
චීනයේ සියෑං ජියෑං පළාතේ උයිගු ප්‍රදේශයේ මුස්ලිම් සුළුතර ප්‍රජාවට චීනුන්ගෙන් එල්ල වන තාඩනපීඩන සම්බන්ධව ප්‍රංශයේ විදේශ අමාත්‍ය ජීන් වයිවස් ලෙ ඩේරන් චීනයට දෝෂාරෝපණය කර තිබේ.
චීන ජනාධිපති සි ජිං පිං සහ ඇමෙරිකාවේ ඩොනල්ඞ් ට්‍රම්ප් අතර ගැටීම් සම්බන්ධව ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝඩි ඇල්මැරුණු සිද්ධාන්තයක් ගෙනයන බව පෙනේ. නරේන්ද්‍ර මෝඩි පිටතට පෙනෙන්නට එවන් පතෝල න්‍යායක් ගෙන යන බව පෙන්නුවත් ඉන්දියාවේ ලඩක් ප්‍රාන්තය ආක්‍රමණය කිරීම මෙන්ම චීනය කොරෝනා වෛරසය සම්බන්ධව ගෙනගිය අවිචාරවත් ක්‍රියා පිළිවෙත ගැන නම් ඔහු (මෝඩි) සිටින්නේ එතරම් ප්‍රසන්නතාවකින් නම් නොවේ.
චීන යෙදවුම් (්චච) පනස් නවයක් (59) පසුගිය සමයේදී ඉන්දියාව තහනම් කළේය. ඊට අමතරව තවත් යෙදවුම් හතළිස් හතක් (47)ද ඊයේ පෙරේදා තහනම් කර ඇත. මෙසේ යෙදවුම් අත්හිටුවීමෙන් විශාල ධන ආයෝජන සම්භාරයක් චීනයට අහිමි වී ඇති අතර, ටික් ටොක්වලින් යෙදවුම් අත්හිටුවීමෙන් පමණක් ඇමෙරිකානු ඩොලර් බිලියන හයක්, කෝටි හයසියයක් (600,000,000) පාඩුවක් සිදුවී තිබේ. ඉන්දියාවේ ස්වෛරීත්වයට අභියෝග කිරීම සම්බන්ධව චීනයට මේසා තත්ත්වයකට මුහුණ පාන්නට සිදුවී ඇති අතර, ඉන්දියාව පෙන්වන අන්දමේ පතෝල ප්‍රතිපත්තියක් අනුගමනය නොකරන අතරම ඉදිරියේ ඇමෙරිකා එක්සත් ජනපදය සමග සමගි සන්ධානයකට එළැඹීමකටද බැරි නැති සේය.
ඒකාධිපතිත්වයට ඇති චීන ජනාධිපති සිං ජිං පිංගේ කෑදරකම අවට රටවල් හොඳින් අවබෝධ කරගෙන තිබේ. එහෙත් ඔවුන් චීනයේ ව්‍යාප්තවාදයට එරෙහිව අප්‍රසාදයෙන් මෙන්ම බියෙන්ද සිටියි. ඒ බව දන්නා ඉන්දියාව රටවල් සමඟ සමගි සාමදානයෙන් බැඳීමේ ක්‍රියාමාර්ගයකටද මෝඩි මංසලසාගනු ලැබේ.
ඇමෙරිකාව සහ චීනය අතර ගැටුම ඇදෙමින් යයි. එහෙත් චීනයේ විදේශ ප්‍රතිපත්ති නිසා ලෝකයේ වෙනත් රටවලින් චීනයට සහායක් ලැබෙතැයි යන්න නම් සැකයකි.
චන්ද්‍රසේන මාරසිංහ











