දරාගත නොහැකි ලෙස ඉහළ දමා ඇති ඉන්ධන, ගෑස් සහ විදුලි බිල අඩු කරන ලෙසත් ජනතාවට සහන ලබා දෙන ලෙසත් ඉල්ලා සමගි ජන බලවේගය කිරිදිවැල (6) කිරිඳිවැල බස්නැවතුම්පොළ ඉදිරිපිට දී සාමකාමී විරෝධතාවක් සංවිධානය කරන ලදී.Sri Lanka Latest News
‘පච මදිවට හොරු අනුරට බෑ’ යන තේමාව මුල් කර ගත් මෙම සාමකාමී විරෝධතාව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා විසින් සංවිධානය කරන ලද අතර මේ සඳහා එම ප්‍රදේශයේ ජනතාව, ප්‍රාදේශීය දේශපාලන නායකයන් සිවිල් සමාජ ක්‍රියාකාරීන් විශාල පිරිසක් එක්විය.
එහි දී ඔවුන් ගෑස්, විදුලි බිල සහ ඉන්ධන මිල අඩු කර ජනතාවට සහන ලබා දෙන ලෙසත් ගල් අගුරු වංචාව සිදු කළ පුද්ගලයන්ට නිසි දඩුවම් ලබා දෙන ලෙසත් රජයට බලකිරීම සිදු කරන ලදී.























