අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හා එජාප ජ්‍යෙෂ්ඨයන් අතර අද (30) පැවැති සාකච්ජාවේදී සජිත් පිල නියෝජනය කරන මලික් සමරවික්‍රම මහතා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සම්බන්ධයෙන් අගමැතිවරයා වෙත රහසක් හෙළි කර ඇත.
එහිිිිදී මලික් සමරවික්‍රම මහතා සදහන් කර ඇත්තේ හරීන් ප්‍රනාන්දු මහතා බදුල්ලේ ජනතාව අතර ඉතා ශිඝ්‍ර ලෙස පිරිහී ඇති බවත්, ඒ නිසා තම ජනප්‍රියතාවය ඉහළ නංවා ගැනීම සදහා සජිත්ව සිය බලප්‍රදේශයට කැදවා රැස්වීමක් පැවැත්වීමට හෙතෙම කටයුතු තර ඇති බවත්ය.
එම නිිිිසා හරීන් ප්‍රනාන්දු මහතාට විනය ක්‍රියාමාර්ග නොගෙන සමාව දෙන ලෙසද සමරවික්‍රම මහතා අගමැතිවරයාගෙන් සියලු දෙනා ඉදිරිපිටදී ඉල්ලීමක්ද සිදු කර තිබේ.










