මෙරට වෙළෙඳපොළේ පවතින සම්බා සහ කීරි සම්බා සහල් හිඟය මඟහරවා ගැනීම සඳහා පියවරක් ලෙස, ඊට සමාන සහල් වර්ග ආනයනය කිරීමට රජය තීරණය කර තිබේ.Sri Lanka Latest News
කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ, පොන්නි සම්බා ඇතුළු ඒ හා සමාන සහල් වර්ග මෙරටට ගෙන්වීම සඳහා ආනයනකරුවන්ට අවසර පත්‍ර නිකුත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බවයි.
එක් ආනයනකරුවෙකුට සහල් මෙට්‍රික් ටොන් 1,040ක් දක්වා ආනයනය කිරීමට අවසර හිමිවේ.










