එක්සත් ජාතික පක්ෂයට හිමිවූ ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයට තමාගේ නම යෝජනා නොවුණහොත් දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමට තමන් සූදානම් බව හිටපු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා සදහන් කොට ඇත.
ඒ මහතා ප්‍රකාශ කොට ඇත්තේ එසේ වුවහොත් ගෙදරට වී කා බී නිදහසේ සිටීමට තමන් කටයුතු කරන බවකි.
කෙසේවෙතත් තමන් ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරය අපේක්ෂාවෙන් සිටින බවද ඒ මහතා පක්ෂ නායකත්වය වෙත දැනුම් දීමක් කර ඇත.
නමුත් එය නොලැබුණහොත් ගෙදරට වී මධුවිතක් තොල ගා හොදට කා බී නිදාගන්නා බවද ඒ මහතා සදහන් කොට ඇත.










