විපක්ෂ නායකවරයා වශයෙන් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළීබද සිය අදහස් ඉදිරිපත් කිරීමට ඊයේ (21) පියවර ගත්තේය.
සිය පළමු කතාව වශයෙන් නව පාර්ලිමේන්තුවේදී කතානායකවරයාට ඉංග්‍රීසි භාෂාවෙන් සුබ පැතුම් එක් කළ විපක්ෂ නායකවරයා මෙම කතාව සිංහල භාෂාවෙන් ඉදිරිපත් කළේය.
මෙහිදී ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නේ ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය සහ මෙම රාජසන කතාව අතර පරස්පර විරෝධයක් පවතින බවකි.










