• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තෙල් මිල නිසා ජන ජීවිතේ උඩුයටිකුරු වුණ හැටි! Sri Lanka Latest News

March 28, 2026
in Exclusive
Reading Time: 5 mins read
A A
හැම පැත්තෙම මිනිස්සු මහපාරේ! ආණ්ඩුවෙ පතුරු අරී! තෙල් නෑ! ගෑස් නෑ! අහගනිල්ලා බලාපල්ලා මිනිස්සුන්ගෙ දුක! (VIDEO)
Share on WhatsAppShare on Facebook

තෙල් මිල වැඩි වුණා. ඒක ඉතාම සාධාරණයි. ලෝකෙ තෙල් මිල වැඩි වෙච්ච එකම රට ලංකාව නෙවෙයි. ලෝකෙ බොහෝ රටවල තෙල් මිල වැඩි වෙලා. තෙල් මිල වැඩි වෙන්න විවිධ හේතු බලපෑවා. එකක් තමයි මේ වෙලාවේ තෙල් නිෂ්පාදනය, එහෙම නැත්නම් තෙල් ගොඩගන්න එක අඩු වෙලා තියෙනවා. ඊළඟට හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා තෙල් ගමනාගමනය පිළිබඳ ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. මේ සියල්ලමත් එක්ක ලෝකේ බොරතෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ යනවා.Sri Lanka Latest News

ඇමෙරිකාවේ ජනාධිපතිගේ එක වචනයක්, ඉරාන පාලකයන්ගේ එක වචනයක්, ඊශ්‍රායලයේ එක වචනයක් මත තෙල් මිල ඉහළ පහළ යනවා. ලෝකෙ තෙල් මිල ඉහළ පහළ යද්දි අපිට ඊට සාපේක්ෂව වෙනස් වෙන්න සිද්ධ වෙනවා. එහෙම නැතිව අපිට අපේ හිතුවක්කාරකමට තෙල් මිල එක තැනක තියාගෙන ඉන්න බෑ.
හැබැයි මේ ආණ්ඩුව බලයට පත්වෙන්න කලින් කිව්ව විදිහට නම් විශාල බද්දක් තෙල්වලට ගහල තියෙනවා, ඒ වගේම යම් මුදලක් ඇමැතිගේ සාක්කුවටත් යනවා. දැන් අපි බලාපොරොත්තු වුණේ නම් ඇමැතිගේ සාක්කුවට යන ගානයි බද්දයි අඩු කරලා තෙල් මිල යම් සහනයක් සහිතව අපිට ලැබෙයි කියලා. ඒ අවාසනාවකට මේ වතාවේ එහෙම වුණේ නෑ. තෙල් මිල රුපියල් 500 ආසන්නයට ඇවිත් තියෙනවා ඇතැම් තෙල් වර්ග. ඇතැම් සමාගම්වල තෙල් රුපියල් 500 ඉක්මවා ගිහින් තියෙනවා. ඒ වගේම සාමාන්‍ය මිනිස්සු පරිභෝජනය කරන සාමාන්‍ය පෙට්‍රල් එක රුපියල් 398යි. 400ට රුපියල් දෙකයි අඩු.

මෙතැනදී අපි අල්ලගන්න එක වැදගත් කතාවක් තමයි මේ අය කියනවා තෙල් මිලට බලපාන්නේ මේ කිසි දේකටත් වඩා පරිභෝජනය අඩු කිරීමේ වුවමනාව. තෙල් නෑ, මිල වැඩි කරලා දෙන්නත් තෙල් නෑ, ඒ නිසා තෙල් පරිභෝජනය අඩු කරගන්න අපිට අවශ්‍යයි, ඒ නිසා තෙල් අසීමිතව මිල වැඩි කළා කියලා. අපි දැක්කා ආණ්ඩුව එක වතාවක කිව්වා තෙල් මෙන්න මේ දවස වෙනකම් තියෙනවා කියලා, ඊට පස්සෙ කිව්වා තෙල් නැව් දෙකක් ආවෙ නෑ කියලා, වතාවක් කිව්වා හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපෑම අපිට නෑ කියලා, එක එක කතා කියනවා.

දැන් ප්‍රශ්නය තියෙන්නේ පරිභෝජනය අඩු කරන්න තෙල් මිල ගණන් වැඩිකළා නම් ඇයි මේගොල්ලෝ නොහිතුවේ තෙල් මිල මත පදනම්ව කෑම, බීම, ප්ලේන්ටිය, ආප්පය, කොත්තුව, රයිස් එක, බනිස් ගෙඩිය, බස් ගාස්තුව මේ සියල්ලෙම මිල වැඩි වෙන බව? මෙතැනදී තියෙන බරපතළම ප්‍රශ්නය තමයි දැන් පරිභෝජනය අඩු කරන්න ඉහළ දාපු තෙල් මිල නිසා ආප්ප පරිභෝජනයත් අඩු වෙනවා, ප්ලේන්ටි පරිභෝජනයත් අඩු වෙනවා, කොත්තු රයිස් පරිභෝජනයත් අඩු වෙනවා, සියලු පාරිභෝගික ද්‍රව්‍ය පරිභෝජනය අඩු වෙනවා.

අඩුම තරමේ මේ වැඩේ කරන්න සිංහල අවුරුද්ද වෙනකම්වත් හිටියා නම් අපිට ආණ්ඩුවට සැලියුට් කරන්න තිබුණා. ඒකට හේතුව අපි දන්නවා මිනිස්සුන්ගේ ජීවිතවලට බලපාන ප්‍රධානතම ශ්‍රී ලංකාවේ සංස්කෘතික උත්සවය තමයි සිංහල අවුරුද්ද. සිංහල අවුරුද්දට මිනිස්සු නෑදෑ ගෙවල්වල යනවා, කැවුම් කිරිබත් හදනවා, ගේදොර පිළිසකර කරගන්නවා, මිනිස්සුන්ගේ ජීවිත වෙනස් වෙනවා, අලුත් ඇඳුම් ගන්නවා. මේ හැමදේම සිද්ධ වෙනවා. ඇත්තටම සමහර මිනිස්සු අලුත් ඇඳුමක් ගන්නේ අලුත් අවුරුද්දට විතරයි. සමහර මිනිස්සු මහගෙවල්වල යන්නේ ජීවිතේට අලුත් අවුරුද්දට විතරයි. ඒකටවත් සහනයක් තිබුණා නම් මීට වඩා හොඳයි කියලා අපි විශ්වාස කරනවා.

ලෝකෙත් එක්ක ඉස්සරහට යන්න ඕනේ, ලෝකෙ දේවල් වෙනකොට අපිට ඒක නවත්තන්න බෑ. අපි දන්නවා අපි පුංචි රටක්. අපිට ලෝකය විසින් ගනු ලබන සමහර තීන්දුවලට එකඟ වෙනවා ඇරෙන්න මුහුණ දෙනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ. හැබැයි ඒක නෙවෙයි නම් හේතුව, පරිභෝජනය අඩු කරන්න නම් මේ වැඩේ කළේ, අපි බලාපොරොත්තු වෙනවා අඩුම තරමේ සිංහල අවුරුද්දටවත් යම් සහනයක් දෙයි කියලා. හැබැයි මේ සහනය කෙසේ වෙතත් අපිට ආරංචි වෙන විදිහට නම් අසහනයක් තමයි සිංහල අවුරුද්දට හම්බවෙන්නේ, මොකද පිඹුරුපත් සකස් කරමින් ඉන්නේ විදුලි බිලත් වැඩි කරන්න. විදුලි පරිභෝජනය සම්බන්ධව මාර්තු මාසය කියලා කියන්නේ කොහොමත් ප්‍රශ්නයක් ඇති වෙන මාසයක්. මේ දැඩි පෑවිල්ලත් එක්ක මාර්තු මාසයේදී ජල විදුලි නිෂ්පාදනය ගැටලුවක් බවට පත් වෙනවා ලංකාවේ. ඒක හැම අවුරුද්දකම වෙන දෙයක්. ඒක ලංකාවේ මේ අවුරුද්දේ විතරක් වෙන දෙයක් නෙවෙයි.

එතකොට ඒ කාලෙම මේ තෙල් අර්බුදයත් ආවට පස්සේ ඩීසල් ප්‍රශ්නය අපිට දරුණුවට එනවා. අපි දැක්කා එක්තරා ඇමැතිවරයෙක් හරිම සැහැල්ලුවෙන් කියලා තිබුණා ගල් අඟුරුවලින් විදුලි නිෂ්පාදනය අඩු වෙනවා නම් ඒකට අපි ඩීසල් පාවිච්චි කරමු, ඒක හරි පොඩි වැඩක් කියලා. ඩීසල් පොඩි වැඩක් වෙන්නේ ඇමැතිතුමා ඔබතුමාලගේ ගෙදර වත්තේ ළිඳක් කපලා ඒකෙන් තෙල් ගන්න පුළුවන් නම් විතරයි. මොකද හේතුව ලෝකේ දැන් ඩීසල් නෑ, ඩීසල් නිෂ්පාදනය සිද්ධ වෙන්නේ නෑ, පිරිපහදුව සිද්ධ වෙන්නේ නෑ, ඩීසල් ප්‍රවාහනය සිද්ධ වෙන්නේ නෑ. මේ හැම දේටම බාධා හැදිලා තියෙනකොට ඩීසල් ලංකාවේ අඩුම තෙල් වර්ගය බවට පත්වෙලා තියෙනවා. පෙට්‍රල්වලටත් වඩා ඩීසල් පරිභෝජනය වැඩියි රට ඇතුළේ. පරිභෝජනයට ගැළපෙන ඩීසල් ප්‍රමාණය අඩුයි. පරිභෝජනයට ගැළපෙන පෙට්‍රල් ප්‍රමාණයට වඩා ඩීසල් ප්‍රමාණය අඩුයි.

මේ ප්‍රශ්න ටික ඔක්කොම තියාගෙන ඉද්දි අපි කියනවා ඩීසල් බලාගාරවලට දෙන්න අපිට පුළුවන් කියලා. පුළුවන් දෙන්න. හැබැයි එතකොට බස්වලට දෙන්න වෙන්නේ නෑ. සාමාන්‍ය මිනිහට ගමන් බිමන් ටික යන්න වෙන්නේ නෑ. මේ වාහනවල ගමන් බිමන් යන එක නතර කරන්න නම් කරන්න ඕනේ පොදු ප්‍රවාහන සේවය ශක්තිමත් කරන එක. පොදු ප්‍රවාහන සේවයට යම් කෝටාවක් දීලා ඔවුන්ට යම් සහනයක් දීලා ඔවුන්ට නිරන්තරයෙන් පාරේ දුවන්න පුළුවන් විදිහේ ක්‍රමවේදයක් හදලා මෙච්චර කල් හවස හය වෙනකම් බස් දිව්වට රෑ 12 වෙනකම් බස් දුවන්න ක්‍රමයක් හදන එකයි කරන්න ඕනේ.

බස්වලට දුවන්න තියෙන තෙල් ටික අරගෙන ගල් අඟුරුවලින් හිස්වෙන විදුලි පරිභෝජනයට අවශ්‍ය කරන විදුලි නිෂ්පාදනය කරන්න නම් ඉතින් පාලකයෝ වැඩක් නෑ. ඒ නිසා මේ පරිභෝජනය අඩු කරන්න කරපු වැඩේ ගැන නම් අපිට සතුටු වෙන්න බෑ ඇමැතිතුමා. මේ විදිහට රටකට පාලකයන් අවශ්‍ය නෑ. රටක පාලනයක් සිද්ධ වෙන්න ඕනේ ඉතා බුද්ධිමත්ව සහ සංවේදීව. අපි කියන්නේ නෑ ඔබට කලින් හිටපු පාලකයෝ ඒ වැඩේ ඒ විදිහට කළා කියලා. ඒගොල්ලෝ ඔබ තරම්වත් සංවේදී නැති වෙන්න පුළුවන්. නමුත් අප විශ්වාස කරන දේ තමයි පොඩි මිනිස්සුන්ගේ හෘද සාක්ෂියට එකඟ මිනිස්සු ටිකක් පාලනයට ආවට පස්සේ අපි හැමෝම විශ්වාස කළා පොඩි මිනිස්සුන්ගේ වේදනාව දැනෙයි කියලා.

ටයි කෝට් ඇන්ද කුරුඳුවත්තේ මිනිස්සුන්ට වඩා ඈත ගම්මානවලින් පාලනයට ආපු අහිංසක මිනිස්සු අපි ගැන හිතයි කියලා අපි විශ්වාස කළා. අපි දන්නවා ඔබට අපි ගැන අනිත් මිනිස්සුන්ට වඩා යම් කැක්කුමක් වේදනාවක් ඇති, ටිකක් අනිත් මිනිස්සුන්ටත් තේරෙනවත් වැඩි ඇති. මහ පොළොවේ පයගහලා ඉන්න දේශපාලකයෝ නිසා ඔබට මේ මහ පොළොව ගැන දැනෙනවා. ඔබට ප්ලේන්ටියක ආප්පයක රහ ගුණ ගැන අවබෝධයක් තියෙනවා.

සමහර පාලකයෝ ප්ලේන්ටි ආප්ප දැකලවත් නෑ. ඒගොල්ලෝ දේශපාලන වෙට්ටු දාන්න ආප්ප කාලා එහා පැත්තට මෙහා පැත්තට පැන්නට ඒ ආප්ප හදන්නේ තරු පහේ හෝටල්වල. උඩිනුත් ගින්දර යටිනුත් ගින්දර මැදින් සවුන්දර කියලා හදන ආප්ප ඒගොල්ලෝ දන්නේ නෑ. හැබැයි ඔබ දන්නවා. ඔබට ඒ වේදනාව දැනෙනවා. ඔබත් අපි වගේම මිනිස්සු. ඔබ අපේ පැලැන්තියේ. ඔබත් හැන්දෑවට ආප්පයක් කාලා ප්ලේන්ටියක් බීපු මිනිස්සු. මිනිස්සුන්ගේ වේදනාව තේරුම් අරගන්න.

රටක් ඇතුළේ මිනිස්සුන්ට දෙන්න පුළුවන් දෙයක් තියෙනවා නම් දෙන්න. මොකක් හරි උපක්‍රමයක් හදලා පුළුවන් තරම් මිනිස්සු හිර කරන්න හදන්න එපා. මිනිස්සුන්ට තෙල් පාවිච්චි කරලා යම් සතුටක් ලබන්න පුළුවන් මාස තුනක් තමයි මේ උදාවෙන්නේ. අප්‍රේල්, මැයි, ජුනි. අප්‍රේල් මාසයට අලුත් අවුරුද්දට ගමේ යන මිනිස්සු මැයි මාසයට තොරන් බලන්න යනවා. ජූනි මාසයේ පොසොන් එකට මිනිස්සු ඇවිදින්න යනවා. මේ තුන විතරයි අපේ මිනිස්සුන්ට තියෙන්නේ. අපේ මිනිස්සු දන්සල් දෙනවා වෙසක් එකට පොසොන් එකට, තොරන් බඳිනවා. මේ අහිංසක මිනිස්සුන්ගේ අහිංසක වුවමනාවල්. මේ උවමනාවල්වලට සීමා මායිම් පනවන්න එපා.

පුළුවන් දෙයක් තියෙනවා නම් කරලා ඒ මිනිස්සු වෙනුවෙන් දේවල් කරන්න. පුංචි දෙයක් කරලා සමාජ මාධ්‍ය ඇතුළේ වීරයෝ වෙනවාට වඩා හොඳයි මිනිස්සුන්ගේ හෘද සාක්ෂියට ගැළපෙන දැනෙන විදිහේ දේවල් කරලා ඔබේ හෘද සාක්ෂියටත් තෘප්තියක් දැනෙන විදිහේ පාලකයන් බවට පත්වෙන එක. එහෙම පාලකයෝ සදාදරණීයයි, සදාකාලිකවම අමතක වෙන්නේ නෑ. මේ වගේ විපතකදී තමයි අපිට ඔබේ උදව් අවශ්‍ය. අපි හිතුවා ලෝකයට විපතක් වෙනකොට අපිට ඉන්න දක්ෂ මිනිස්සු ටිකක් නිසා ඒ මිනිස්සු අමාරුව දරාගෙන අල්ලගෙන වේදනා විඳගෙන අපිට රිදෙන්නේ නැති වෙන්න මේ වෙලාවේ ඔබට රිදුණත් අපි වෙනුවෙන් වැඩ කරයි කියලා.

දැන් බලාගෙන යද්දි ඔබට චුට්ටක්වත් රිද්දගන්න ඔබ කැමැති නෑ. ඒකයි ඇමැතිලට දෙන තෙල් කෝටාව ප්‍රසිද්ධියේ කියන්න බැරි. අපි දන්නවා ඇමැතිලට දෙන තෙල් කෝටාව ප්‍රසිද්ධියේ කියන්න බැරි තරම් ලොකුයි කියලා. ඒ නිසා අපිට වැඩක් නෑ සෙප්පඩ විජ්ජා. අපිට දැන් ඇති, අපිට දැන් හති. අපි අවුරුදු ගානක් තිස්සේ මේ දේශපාලන ව්‍යාපාරවල සෙප්පඩ විජ්ජා දැකලා දැකලා ඇති වෙලයි ඉන්නේ.

සමහර පාලකයෝ තමන්ගේ පවුලේ මඟුල් ගෙදර ගන්න කෝටි ගණන් විදුලි බිල් වැය කරලා ඒක ගෙවන්න අමතක කරලා හිටපු කාලයක් අපි දැක්කා. ඒ කාලේ විඳලා ඇති වෙලයි ඉන්නේ. ඔබට මේ රට භාර දුන්නේ ඒ නිසා. ඔබ මේ භාරගත්ත රටේ අහිංසක මිනිස්සුන්ගේ බලාපොරොත්තු අහිංසක මිනිස්සුන්ගේ වුවමනාවල් ඉෂ්ට කරන්න.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

අනුර ජ’පුර කාමරේ ජනතාවට දීපු එකත් නිවුස් එකක්ද? එතකොට ජේ.ආර්…? Sri Lanka Latest News

Next Post

මෙච්චර ගහද්දිත් ඉරානය අල්ලගෙන ඉන්නෙ කොහොමද? Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.