ලෝකයේ බලගතුම රටවල් ඉස්සරහත් ඉරානය තවමත් බය නැතුව ඉන්නේ ඇයි කියලා දන්නවද?Sri Lanka Latest News
මුලින්ම කියන්න ඕනෙ ඉරානය දැනගෙන හිටියා ඔවුන් හොයාගෙන මේ යුද්ධය දවසක එනවා කියලා. ඒ නිසා පහුගිය වසර ගණනාවක් පුරා ඔවුන් සූදානම් වුණා. මේ යුද්ධය පටන් ගන්න කලින් ඉරානය සතුව බැලැස්ටික් මිසයිල 2,500කට අධික ප්‍රමාණයක් තිබ්බා. ඩ්‍රෝන යානා 30,000කට වඩා ප්‍රමාණයක් ඔවුන් සතුව තිබ්බා. පහුගිය සති කිහිපය පුරාම ඔවුන් ඒවායෙන් කොටසක් ඉලක්ක වෙත යැව්වා වගේම විශාල ප්‍රමාණයක් ඇමෙරිකානු ඊශ්‍රායල ප්‍රහාරවලින් විනාශ වුණා.
හැබැයි මේක තමයි භයානකම සිදුවීම එක. හඳුනා ගන්න පුළුවන් ඉලක්ක, තොරතුරු මත මිසයිල ගබඩා නිෂ්පාදනාගාර විනාශ කළාට පස්සේ දැන් ඉතුරු වෙලා තියෙන්නෙ හොයාගන්න බැරි ටික. දින 22කට අධික යුද්ධයකින් පස්සේ තවමත් ඉරානය සතුව බැලැස්ටික් මිසයිල 1000කට වැඩි ප්‍රමාණයක් සහ Shahed 136 ඇතුළු ඩ්‍රෝන යානා 10,000කට වඩා තියෙනවා කියලා විශ්වාස කරනවා. ඒ අතරට Khorramshahr-4 වගේ කිලෝමීටර් 4,000ක් පමණ ගමන් කරන මිසයිල පවා තියෙනවා කියලා විශ්වාස කරනවා. කොයිතරම් ප්‍රහාර එල්ල කළත් තවමත් ඔවුන්ට මාසයකට මිසයිල 40ක් පමණ සහ ඩ්‍රෝන යානා 5,000කට වඩා නිෂ්පාදනය කරන්න හැකියාව තියෙනවා කියලා ජාත්‍යන්තර විශ්ලේෂකයන් පෙන්වා දෙනවා.
ඒ වගේම ඉතාම රහසිගත මූලාශ්‍ර වාර්තා අනුව ඉරානය කිලෝමීටර් 10,000කට වඩා දුර ගමන් කරන්න පුළුවන් Khorramshahr-5 නම් දිගුදුර බැලැස්ටික් මිසයිලයක් වැඩිදියුණු කළා කියලා ප්‍රකාශ තියෙනවා. ඒක ඔවුන් නිල වශයෙන් ප්‍රකාශ කළොත් එම පරාසයෙන් ඉන්න යුරෝපා රටවල් ඉරානය තමන්ට තර්ජනයක් කියලා විශ්වාස කරලා ඔවුන්ට විරුද්ධව නැගී සිටින්න පුළුවන් නිසා ඔවුන් ඒක හංගනවා කියලා ඇතැම් විශ්ලේෂකයන් විශ්වාස කරනවා. ඒ වගේම තවමත් ලෝකය දැකපු නැති මුහුදේ ප්‍රහාරවලට භාවිත කරන නියමුවන් රහිත අධිපුපුරනශීලී බෝට්ටු ඔවුන් නිර්මාණය කරලා තියෙනවා කියලා වාර්තා තියෙනවා.
පුළුවන් තරම් කාලයක් අල්ලන් දරාගෙන ඉන්න එක මත තමයි ඉරානයේ ඉරණම තීරණය වෙන්නේ. ඔවුන් ඒක දැනගෙන හිටියා. කිසිසේත්ම ඉරානය ගොඩබිමෙන් ආක්‍රමණය කරන්න බෑ. මොකද ඒ භූ විෂමතා එක්ක ඉරාන බිම සතුරන්ට මාරක අභියෝගයක් වෙනවා. හෝමුස් වැහුවම ලෝකෙටම එන පීඩනය තම සතුරන්‍ට දරාගන්න සීමාවක් තියෙනවා කියල ඔවුන් දැනන් හිටියා.
මේ යුද්ධය පටන් ගන්න කලින් බෙදිලා පාලනයට විරුද්ධව අරගල කරපු මිනිස්සු අද එක පොකුරට රට වෙනුවෙන් එකතු වෙලා ඉන්නවා. පර්සියාවේ කතා හුඟක් තියෙනවා ඉරානේ මිනිස්සු එක එක කණ්ඩායම්වලට බෙදිලා හිටියත් තම දේශයට ආක්‍රමණයක් පැමිණියහොත් එකා වගේ අවසානය වෙනකන් සටන් කරනවා කියලා. අද ලෝකයම ඒක දකිනවා. සමහර විට ඒක ඔවුන්ට ඒ භූමියෙන්ම ලැබිලා ඇති.
ඉතින් අපට නම් දැනෙන්නේ එදා වියට්නාමේ වගේම කිසිදා නොමැකෙන පැල්ලමක් අදාළ අය ගාව ගත්තා කියලා තමයි.










