• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මෙච්චර ගහද්දිත් ඉරානය අල්ලගෙන ඉන්නෙ කොහොමද? Sri Lanka Latest News

March 28, 2026
in Exclusive
Reading Time: 2 mins read
A A
මෙච්චර ගහද්දිත් ඉරානය අල්ලගෙන ඉන්නෙ කොහොමද? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ලෝකයේ බලගතුම රටවල් ඉස්සරහත් ඉරානය තවමත් බය නැතුව ඉන්නේ ඇයි කියලා දන්නවද?Sri Lanka Latest News

මුලින්ම කියන්න ඕනෙ ඉරානය දැනගෙන හිටියා ඔවුන් හොයාගෙන මේ යුද්ධය දවසක එනවා කියලා. ඒ නිසා පහුගිය වසර ගණනාවක් පුරා ඔවුන් සූදානම් වුණා. මේ යුද්ධය පටන් ගන්න කලින් ඉරානය සතුව බැලැස්ටික් මිසයිල 2,500කට අධික ප්‍රමාණයක් තිබ්බා. ඩ්‍රෝන යානා 30,000කට වඩා ප්‍රමාණයක් ඔවුන් සතුව තිබ්බා. පහුගිය සති කිහිපය පුරාම ඔවුන් ඒවායෙන් කොටසක් ඉලක්ක වෙත යැව්වා වගේම විශාල ප්‍රමාණයක් ඇමෙරිකානු ඊශ්‍රායල ප්‍රහාරවලින් විනාශ වුණා.

හැබැයි මේක තමයි භයානකම සිදුවීම එක. හඳුනා ගන්න පුළුවන් ඉලක්ක, තොරතුරු මත මිසයිල ගබඩා නිෂ්පාදනාගාර විනාශ කළාට පස්සේ දැන් ඉතුරු වෙලා තියෙන්නෙ හොයාගන්න බැරි ටික. දින 22කට අධික යුද්ධයකින් පස්සේ තවමත් ඉරානය සතුව බැලැස්ටික් මිසයිල 1000කට වැඩි ප්‍රමාණයක් සහ Shahed 136 ඇතුළු ඩ්‍රෝන යානා 10,000කට වඩා තියෙනවා කියලා විශ්වාස කරනවා. ඒ අතරට Khorramshahr-4 වගේ කිලෝමීටර් 4,000ක් පමණ ගමන් කරන මිසයිල පවා තියෙනවා කියලා විශ්වාස කරනවා. කොයිතරම් ප්‍රහාර එල්ල කළත් තවමත් ඔවුන්ට මාසයකට මිසයිල 40ක් පමණ සහ ඩ්‍රෝන යානා 5,000කට වඩා නිෂ්පාදනය කරන්න හැකියාව තියෙනවා කියලා ජාත්‍යන්තර විශ්ලේෂකයන් පෙන්වා දෙනවා.

ඒ වගේම ඉතාම රහසිගත මූලාශ්‍ර වාර්තා අනුව ඉරානය කිලෝමීටර් 10,000කට වඩා දුර ගමන් කරන්න පුළුවන් Khorramshahr-5 නම් දිගුදුර බැලැස්ටික් මිසයිලයක් වැඩිදියුණු කළා කියලා ප්‍රකාශ තියෙනවා. ඒක ඔවුන් නිල වශයෙන් ප්‍රකාශ කළොත් එම පරාසයෙන් ඉන්න යුරෝපා රටවල් ඉරානය තමන්ට තර්ජනයක් කියලා විශ්වාස කරලා ඔවුන්ට විරුද්ධව නැගී සිටින්න පුළුවන් නිසා ඔවුන් ඒක හංගනවා කියලා ඇතැම් විශ්ලේෂකයන් විශ්වාස කරනවා. ඒ වගේම තවමත් ලෝකය දැකපු නැති මුහුදේ ප්‍රහාරවලට භාවිත කරන නියමුවන් රහිත අධිපුපුරනශීලී බෝට්ටු ඔවුන් නිර්මාණය කරලා තියෙනවා කියලා වාර්තා තියෙනවා.

පුළුවන් තරම් කාලයක් අල්ලන් දරාගෙන ඉන්න එක මත තමයි ඉරානයේ ඉරණම තීරණය වෙන්නේ. ඔවුන් ඒක දැනගෙන හිටියා. කිසිසේත්ම ඉරානය ගොඩබිමෙන් ආක්‍රමණය කරන්න බෑ. මොකද ඒ භූ විෂමතා එක්ක ඉරාන බිම සතුරන්ට මාරක අභියෝගයක් වෙනවා. හෝමුස් වැහුවම ලෝකෙටම එන පීඩනය තම සතුරන්‍ට දරාගන්න සීමාවක් තියෙනවා කියල ඔවුන් දැනන් හිටියා.

මේ යුද්ධය පටන් ගන්න කලින් බෙදිලා පාලනයට විරුද්ධව අරගල කරපු මිනිස්සු අද එක පොකුරට රට වෙනුවෙන් එකතු වෙලා ඉන්නවා. පර්සියාවේ කතා හුඟක් තියෙනවා ඉරානේ මිනිස්සු එක එක කණ්ඩායම්වලට බෙදිලා හිටියත් තම දේශයට ආක්‍රමණයක් පැමිණියහොත් එකා වගේ අවසානය වෙනකන් සටන් කරනවා කියලා. අද ලෝකයම ඒක දකිනවා. සමහර විට ඒක ඔවුන්ට ඒ භූමියෙන්ම ලැබිලා ඇති.

ඉතින් අපට නම් දැනෙන්නේ එදා වියට්නාමේ වගේම කිසිදා නොමැකෙන පැල්ලමක් අදාළ අය ගාව ගත්තා කියලා තමයි.

SendShareShare
Previous Post

තෙල් මිල නිසා ජන ජීවිතේ උඩුයටිකුරු වුණ හැටි! Sri Lanka Latest News

Next Post

ලෝකාන්තෙන් වැටුණු කෙල්ල මාන ගහක් අල්ලන් එල්ලිලා හිටියා! මම කඹයක් දාලා පල්ලෙහාට බැස්සා! කමාන්ඩෝ දෙන්නා බැස්සේ ඊට පස්සේ! සෙල්ෆි ගහන්න ගිහින් වැටුණු වෛද්‍ය සිසුවිය බේරගත්ත ඇඟ හිරිවැටෙන මෙහෙයුම! Sri Lanka Latest News

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.