• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ලකා සිනමාවට ඇක්ෂන් කියයි…! යූටියුබ් එක අපේ හදවත…! Sri Lanka Latest News

March 21, 2026
in Heart
Reading Time: 3 mins read
A A
ලකා සිනමාවට ඇක්ෂන් කියයි…! යූටියුබ් එක අපේ හදවත…! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

යූටියුබ් එකේ කොමඩි වීඩියෝ බලන කාටත් ලකා කියන්නේ අමුත්තෙක් නෙවෙයි. කාලයක් තිස්සේ හිතේ තියන් හිටපු ඒ ලොකුම සිනමා හීනය හැබෑකරගන්න ලක්මාල් වීරසිරි දැන් ‘සුරදෙටුවෝ’ නිර්මාණයත් එක්ක රිදී තිරයට සේන්දු වෙලා ඉන්නේ. තමන් නියැළෙන ඕනෑම නිර්මාණයකදී පෙරළිකාර වැඩක් කරන්න හිතන ලකා, මේ දවස්වල ඉන්නේ තමන්ගේ කුලුඳුල් සිනමා ප්‍රයත්නයත් එක්ක සෑහෙන කාර්යබහුල වෙලා. ඉතින් ඒ දුවන පනින වෙලාවන්, කලබලය අස්සේ පුංචිම පුංචි විරාමයක් අරගෙන අපි ලක්මාල්ට කතා කළේ ඔහුගේ මේ අලුත්ම සිනමා නිර්මාණය ‘සුරදෙටුවෝ’ ගැන රසවත් තොරතුරු ටිකක් බෙදාගන්නයි. Sri Lanka Latest News

ඉතින් ලකා මේ දවස්වල සුරදූතයෙක් වගේ සැහැල්ලුවෙන්ද ඉන්නේ?
‘සුරදෙටුවෝ’ චිත්‍රපටය නිර්මාණය කර අවසන් කිරීම සම්බන්ධව නම් මේ දවස්වල සැහැල්ලුවෙන් ඉන්නේ. චිත්‍රපටයක් නිර්මාණය කරනවාට වඩා අමාරු වැඩේ තමයි මේක කොහොම හරි මිනිසුන්ට පෙන්වන එක. ඒක ටිකක් බරපතළ කාරණාවක්. ඉතින් මේ දවස්වල මේ වැඩකටයුතුත් එක්ක ටිකක් කාර්යබහුල වෙලා ඉන්නේ.
‘සුරදෙටුවෝ’ තිරගත වෙන්න පටන් අරන් දැන් දවස් කිහිපයක් වෙනවා. ඉතින් කොහොමද ප්‍රතිචාර?
ඇත්තටම චිත්‍රපටය නැරඹූ අයගෙන් ඉතා හොඳ ප්‍රතිචාර ලැබෙනවා. චිත්‍රපටය නැරඹූ අය දක්වන අදහස් බැලුවම අපි චිත්‍රපටයෙන් බලාපොරොත්තු වුණු දේ ඉෂ්ට වෙලා තියෙනවා කියලා තේරෙනවා. මොකද අපි චිත්‍රපටයට අන්තර්ගත කරපු දේවල් බලපු අයට ඒ විදිහටම දැනිලා තියෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වුණු දේ ඒ විදිහටම ඉෂ්ට වීම ගැන ඇත්තටම ගොඩක් සතුටුයි.


යූටියුබ් එකේ හිටපු ලකා, එකපාරටම මේ වගේ සිනමා හීනයක් පස්සේ පන්නන්න හිතුවේ ඇයි?
බාහිරින් බලන අයට මේක එකපාරටම සිනමාවට අවතීර්ණ වුණා වගේ පෙනුණට ඇත්තටම ඒක එහෙම වුණු දෙයක් නෙවෙයි. මේක මගේ කාලයක් තිස්සේ තිබුණු හීනයක්. ඒ හීනේ එක්තරා අතුරු මාර්ගයක් විදිහට තමයි යූටියුබ් එකට ප්‍රවේශ වෙන්නේ. යූටියුබ් එක හරහා ඒ ගත්තු අත්දැකීම් එක්ක තමයි සිනමාවට ප්‍රවේශ වෙන්නේ. නමුත් යූටියුබ් එකට එනකොටත් ඒක හිතේ කොනක තිබුණු හීනයක්.
මොකක්ද මේ ‘සුරදෙටුවෝ’ පිටිපස්සේ තියෙන ඇත්තම කතාව?
චිත්‍රපටයේ නම දැමුවේ මම. ලෝකයේ තියෙනවා ‘ගාඩියන් ඒන්ජල්’ කියලා සංකල්පයක්. සාමාන්‍යයෙන් ලෝකයේ ඕනෑම කෙනෙක් තමන්ව බලාගන්න සුර දූතයෙක් ඉල්ලුවොත් සුරදූතයෙක් ඇවිත් එයාව බලාගන්නවා කියන සංකල්පය අපේ රටට ගැළපෙන විදියට නිර්මාණය කරගැනීමෙන් තමයි සුරදෙටුවෝ නිර්මාණය වෙන්නේ. අපේ ළමා නිවාසෙක ඉන්න දරුවෙක් එයාව බලාගන්න සුරදූතයෙක් ඉල්ලනවා, ඊට පස්සේ ඉතින් එයාව බලාගන්න එක්කෙනෙක් වෙනුවට දෙන්නෙක් එනවා. ඒ ඇවිත් සිදුවන අලකලංචි ටිකයි, දරුවා බලාගැනීමේදී වෙන දේවලුයි තමයි මේ කතාව පුරාවට ගෙතෙන්නේ.
ඇත්ත ජීවිතේදීත් කාටහරි සුරදූතයෙක් වෙන්න ගිහින් අමාරුවේ වැටුණු අවස්ථා තියෙනවද?
අනුන්ට සුරදූතයෝ වෙන්න ගිහිල්ලා අමාරුවේ වැටුණු අවස්ථා නම් ඇති තරම් තියෙනවා. විශේෂයෙන්ම මුදල් පැත්තෙන් අනෙක් අයට උදව් කරන්න ගිහින් අමාරුවේ වැටුණු අවස්ථා ගොඩාක් තියෙනවා. තව එක එක විදිහට ඉතින් සුරදූතයෝ වෙන්න ගිහින් අමාරුවේ වැටිලා තියෙනවා.
යූටියුබ් එකේ සෙල්ලම් දාපු ලකා, සිනමාවේ දැවැන්තයන්ට ‘ඇක්ෂන්… කට්…’ කියනකොට පොඩි ගැස්මක් දැනුණේ නැද්ද?
මුලින්ම ඇත්තටම පොඩි චකිතයක් තිබුණා. විශේෂයෙන්ම ප්‍රවීණයන් සමග වැඩ කරද්දී අපි වගේ ආධුනිකයන් සමග එයාලා කොහොම හැසිරෙයිද කියන එක ගැන ඇත්තටම ගැස්මක් තිබුණා. සනත් ගුණතිලක මහත්මයා, දිල්හානි අශෝකමාලා මහත්මිය විශාල සහයෝගයක් ලබාදුන්නා. කිසිම ලොකුකමක් නැහැ, හරිම නිහතමානී විදිහට කටයුතු කළා. චිත්‍රපටයක් නිර්මාණය වෙන්නේ අධ්‍යක්ෂවරයාට අවශ්‍ය විදිහටනේ. මේ වැඩේ ඇතුළේ ඔවුන් වෘත්තීමය ශිල්පීන් කියන එක පෙන්නුවා. ඉතින් ඔවුන් ආධුනික අධ්‍යක්ෂවරයෙක්ද ප්‍රවීණ අධ්‍යක්ෂවරයෙක්ද කියන එක ගැන නොහිතා වෘත්තීමය වශයෙන් අධ්‍යක්ෂවරයාගේ අවශ්‍යතාව හඳුනාගෙන හරිම නිහතමානීව උපරිමයෙන් සාධාරණය ඉෂ්ට කළා.
ලකා කිව්වම සිකාව අමතක කරන්න බෑ. සිකාගෙන් (ශාන් අරෝෂ) ලැබුණු හයිය කොහොමද?
සිකා කියන්නේ මගේ පුංචිගේ පුතා. ඒ නිසා හැමදාම සුපුරුදු විදිහට සිකා උපරිම සහයෝගය ලබාදෙනවා. සිකා විදිහට විතරක් නෙමෙයි සහෝදරයා විදිහටත් මාත් එක්ක නිතරම ඉන්නවා. යූටියුබ් එකේ ඉන්න සිකාම තමයි මෙතැනත් මාත් එක්ක ඉන්නේ. ඇත්තටම ඔහු මෙතැනදිත් මට ලොකු සහයෝගයක් ලබාදුන්නා. ඔහුත් මේ වැඩේට ගොඩක් කැපවුණා.
සිනමාවේත්, සැබෑ ජීවිතේදීත් තමන්ගේම දුවව රකින්න ලැබීම පියෙක් විදිහට දැනුණේ කොහොමද?
ඇත්තටම මට ගොඩක් සතුටුයි වගේම ආඩම්බරයි. මම එයාගෙන් බලාපොරොත්තු වුණාටත් වඩා ගොඩක් ලොකු දෙයක් එයා මේ චිත්‍රපටය ඇතුළෙදි කළා. එයා මේ වගේ කුසලතාවක් මේ වැඩේ ඇතුළේ පෙන්නයි කියලා මම බලාපොරොත්තු වුණෙත් නැහැ. තාත්තා කෙනෙක් විදිහට මට ඇත්තටම ගොඩක් සතුටුයි, සහ අධ්‍යක්ෂවරයෙක් විදිහට මට ගොඩක්ම පහසු වුණා. මටත් හිතාගන්න බෑ එයා මේක කොහෙන් ගෙනාපු දෙයක්ද කියලා.
කැමරාව පිටුපස ඉඳන් හෙවණැල්ලක් වුණු නිෂ්පාදන කණ්ඩායම ගැන මතක් කළොත්?
කැමරාව පිටිපස්සෙන්ම හිටපු කෙනා තමයි මාධව සමරසිංහ. ඔහු තමයි මේ චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂ. ඒ වගේම මෙහිදී මාත් එක්ක තිරපිටපත රචනා කිරීමට සුනෙත් මාලිංග, සමන් ප්‍රියනාත් විදානපතිරණ සම්බන්ධ වුණා. ඒ වගේම ‘සුරදෙටුවෝ’ චිත්‍රපටයේ නිෂ්පාදන සැලසුම්කරණය සඳහා දායක වුණෙත් සුනෙත් මාලිංග. කලා අධ්‍යක්ෂණය සිදුකළේ පියතිස්ස අකුරක්ගොඩ, ඇඳුම් නිර්මාණය කළේ පවිත්‍රා. විශේෂයෙන්ම මෙතැනදී සඳහන් කරන්න ඕනේ මේ සුරදෙටුවන්ගේ ඇඳුම් නිර්මාණය කිරීමේදී අපි කොහෙවත් තියෙන ඇඳුමක් අනුකරණය කළේ නෑ. මේ චිත්‍රපටය සඳහාම පවිත්‍රා නව ඇඳුමක් නිර්මාණය කළා. ඉතින් මේ වගේ මේ චිත්‍රපටය වෙනුවෙන්ම ගොඩක් අලුතින් දේවල් කරන්න සිද්ධ වුණා.
දැන් ලකා සිනමා අධ්‍යක්ෂවරයෙක්. ඉස්සරහට යූටියුබ් එකේ ලකාව අපිට දිගටම දකින්න ලැබෙයිද?
අනිවාර්යයෙන්ම ඔව්. යූටියුබ් එක කියන්නේ අපේ හදවත. මොකද අපේ ප්‍රේක්ෂකයෝ අපිව බලාපොරොත්තු වන තැන තමයි යූටියුබ් එක කියන්නේ. අපිට ආදරේ කරන ඒ ප්‍රේක්ෂක පිරිස අතහරින් නෑ කිසිම වෙලාවක.
ඉදිරියටත් මේ වගේ චිත්‍රපට කරන්න බලාපොරොත්තුවක් තියෙනවද?
ඕනෑම දෙයක් සාර්ථකයි නම් දිගින් දිගටම කරන එක තමයි හොඳ. ඉතින් මේ චිත්‍රපටය සාර්ථකයි නම්, ප්‍රේක්ෂකයෝ වැලඳගන්නවා නම් නැවත චිත්‍රපටයක් කරන එක තමයි සාර්ථක වෙන්නෙ. ඉතින් ඒ නිසා ඒක මේ මොහොතේ කියන්න බැහැ. ඒක ඉදිරියේදී තීරණය වෙයි.

තිලක්ෂි බස්නායක

SendShareShare
Previous Post

මැදපෙරදිග යුද්ධය ඉන්දියන් සාගරයටත් ඇවිත්! ඉරානය දියාගෝ ගාර්ෂියා දූපතේ අමෙරිකානු කඳවුරුවලට මිසයිල ගහයි! දුර කිලෝමීටර් 5000ක්! ඉරාන නැවට ගහපු අමෙරිකානු සබ්මැරීනය ආවෙත් මේ දූපතේ ඉඳන්! Sri Lanka Latest News

Next Post

එයාගේ ආදරේ නිසා මං ගොඩක් සතුටින්…! සම්මානය සුදුසුම කෙනාගේ අතට ලැබෙයි…! අභිලාෂි සන්තුෂ්කි I Sri Lanka Latest News

MORE NEWS

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News
Heart

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News
Heart

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News
Heart

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News
Heart

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News
Heart

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News
Heart

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News

Load More
ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

තිස්සමහාරාම ප්‍රදේශයේ ගොවි ජනතාවගේ ප්‍රශ්න විසදීමට ගිය නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න මහතා හට ගොවියන් සභාව ඉදිරියේදීම සිය ප්‍රශ්න ඉදිරිපත් කළේ...

Read more
අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

සැකයි! අභිරහසක්! රංග රාජපක්ෂගේ මරණය ගැන පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්! I Sri Lanka Latest News

බල නහර කියා දෙයක් නෑ! රංග නිශාන්තගේ මරණය සියදිවි නසා ගැනීමක්! විශේෂඥ කමිටු සභාපති අධිකරණයට දැනුම් දෙයි! අධිකරණ තීන්දුව 12 වැනිදා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.