• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

හිතේ ලොකු කලකිරීමක් තිබුණා…! ඒ හින්දා ටිකක් ඈත් වෙලා හිටියා…! රඟපෑම ඇතුළේ ගෙවින් මගේ පුතා කියන කෝණයෙන් බලන්නේ නැහැ…! තාත්තා කෙනෙක් විදියට ගොඩක් සතුටුයි පුතා ඉන්න තැන ගැන…! Sri Lanka Latest News

March 15, 2026
in Heart
Reading Time: 2 mins read
A A
හිතේ ලොකු කලකිරීමක් තිබුණා…! ඒ හින්දා ටිකක් ඈත් වෙලා හිටියා…! රඟපෑම ඇතුළේ ගෙවින් මගේ පුතා කියන කෝණයෙන් බලන්නේ නැහැ…! තාත්තා කෙනෙක් විදියට ගොඩක් සතුටුයි පුතා ඉන්න තැන ගැන…! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සිරස ටීවී හරහා මේ දිනවල ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත් ‘ආලේ’ ටෙලිනාට්‍යයේ අරවින්දගේ චරිතය ‘ආලේ’ ප්‍රේක්ෂකයන්ට නම් අලුත් චරිතයක් නෙවෙයි. ඉතින් අද ‘මව්රට’ හාට් අපේ කතාබහ අරවින්දගේ චරිතයට පණපොවන චින්තක කුලතුංග සමගයි.Sri Lanka Latest News

‘ආලේ’ ටෙලිනාට්‍යය සමග ටිකක් කාර්යබහුලයි වගේ මේ දවස්වල?
ඔව් ඇත්තටම. ‘ආලේ’ ටෙලිනාට්‍යයත් එක්ක ටිකක් මේ දවස්වල කාර්යබහුලයි. ඒකත් එක්ක ‘නොකවුට්’ කියලා අලුත් ටෙලිනාට්‍යයක් පටන් ගන්නවා ජාතික රූපවාහිනියේ. ඒ වගේම ‘රෝස වෙඩිල්ල’ සහ ‘නටත් අයෙක් සුරා මතින්’ කියන අලුත්ම ටෙලිනාට්‍යවලට සම්බන්ධ වෙලා වැඩකටයුතු කරගෙන යනවා. ඉතින් ඒවත් එක්ක ටිකක් කාර්යබහුල වෙලා ඉන්නවා.
‘ආලේ’ ටෙලිනාට්‍යයේ අරවින්දගේ චරිතයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
ඇත්තටම ප්‍රතිචාර ඉහළයි. තරුණ පරම්පරාවට වඩා වැඩිහිටි ප්‍රේක්ෂකයන් මගේ චරිතය වටා එකතු වෙලා ඉන්නවා. ඒ අයගේ ඒ කාලයේ හැඟීම් දැනීම් ඒ අයගේ අදහස් එක්ක තමයි ඒ අය මගේ චරිතය වටා එකතුවෙලා ඉන්නේ. ඒ වගේම ඒ අයට අරවින්දගේ චරිතය සමීප නිසාම වෙන්නත් ඇති. තරුණ පරම්පරාවට අරවින්දගේ චරිතයේ අදහස් ගැළපෙන්නේ නැතිවෙන්න පුළුවන්. අරවින්දගේ චරිතය නිරූපණය කරනකොට මමත් චරිතය ඇතුළේ ජීවත් වෙනවා. චාතුර්යා ටෙලි නාට්‍යයෙන් පස්සේ වැඩිපුරම ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුණේ මේ චරිතයට කියලා මම හිතනවා.
කාලයකට කලින් රංගනයෙන් ඈත්වෙලා විදෙස්ගත වෙන්න හිතුණේ ඇයි?
චිත්‍රපට කර්මාන්තය කොහොමද පිටරට අයත් එක්ක සම්බන්ධ වෙලා කරන්නේ, ඒ රටවල අයගේ තියෙන අත්දැකීම් මොනවද, ඒවාට අවශ්‍ය නිෂ්පාදකවරුන් හොයාගන්න අවශ්‍ය වුණා මට. ඒ වගේම මගේ ව්‍යාපාර කටයුත්තක් තියෙනවා. ඒකේ වැඩකටයුතුවලටත් එක්ක තමයි මම විදෙස්ගත වුණේ. විදෙස් ගත වුණාට පස්සේ කොවිඩ්වලට අහුවුණා. ඒ නිසාම අවුරුදු තුනක් හතරක් විතර විදෙස් ගතවෙලාම හිටියේ. ඒ අතරතුර මම ලංකාවට ආවා. නමුත් නිර්මාණවලට සම්බන්ධ වුණේ නෑ. ඒ කාලෙදි මම විදෙස්ගත වුණු අරමුණු ගොඩක් මට ඉෂ්ට කරගන්න බැරිවුණා. නමුත් මගේ රංගන ක්ෂේත්‍රයට අදාළ දේවල් ගොඩක් මම එහෙදි ඉගෙන ගත්තා.
විදෙස්ගත වෙලා ඉන්නකොට ප්‍රේක්ෂකයන් අතින් ඔබව ගිලිහෙයි කියලා හිතුනේ නැද්ද?
මම ලංකාවෙන් යන්න කලින් ලංකාවේ නිර්මාණ කිහිපයකට සම්බන්ධ වෙලා ඒ වැඩකටයුතු අවසන් කරලා තිබුණේ. මගේ හිත ඇතුළේ මේ ක්ෂේත්‍රය ගැන කලකිරීමක් තිබුණා. නිෂ්පාදන කටයුතුවලට දායක වුණාම මුදල් ලැබුණේ නෑ. ඒ වගේ ප්‍රශ්න කිහිපයක් වුණා. ඒ නිසාම මම හිතුවා ක්ෂේත්‍රයෙන් ටිකක් ඈත් වෙනවා කියලා. ඇත්තටම ඒ මොහොතේ මට හිතුණේ නෑ ප්‍රේක්ෂකයන් මගේ අතින් ගිලිහෙයි කියලා.
‘ආලේ’ ටෙලි නාට්‍යයේ අරවින්දගේ පුතා විදිහට ඉන්නේ ගෙවින්. ඉතින් තමන්ගෙම පුතා සමග රංගනයේ නිරත වෙන්න ලැබීම ගැන මොකද හිතන්නේ?
ඇත්තටම මට ගොඩක් සතුටුයි. ඔහුත් මෑතකාලීන රංගන ක්ෂේත්‍රයේ ජනප්‍රිය වුණු රංගන ශිල්පයෙක්. එයාට ගොඩක් හොඳ ප්‍රතිචාර තියෙනවා. එයාට හොඳ අනාගතයක් තියෙනවා කියලා මම හිතනවා. ටෙලිනාට්‍ය ඇතුළෙදි ගෙවින් මගේ දරුවා කියන කෝණයෙන් මම එයා දිහා බලන්නේ නෑ. ඒ චරිතයට දක්ෂ රංගන ශිල්පියෙක් කියලා හිතලා තමයි මම එයත් එක්ක වැඩ කරන්නේ. ඒ වගේම හරිම පහසුයි එයා එක්ක මට වැඩකරන එක.
ඔබ රංගනයෙන් ඈත් වෙලා ඉන්න කාලේ ගෙවින් ඔහුගේ රංගන ජීවිතයේ ඉදිරියට ආවා නේද?
අනිවාර්යයෙන්ම. මම නිෂ්පාදනය කරපු නාට්‍යවලට ඔහුව සම්බන්ධ කරගත්තේ නෑ. ඔහු රංගනය තමයි වැඩිදුරටත් අධ්‍යාපනය ලැබුවේ. රංගනයෙන් ඉස්සරහට යන්න ඕනි කියන පරමාර්ථය තමයි එයාට තිබුණේ. ඒ නිසාම එයා රංගනය තුළ එයාට ගැළපෙන නිර්මාණ තෝරා ගත්තා. සිනමාව තුළ අවසානයේ නතර වෙන්න ඕනෙ කියලා ගෙවින්ගේ හිතේ තිබුණා. ඉතින් මම නැති කාලයේදී එයා ඒ ප්‍රයෝජනය ගත්තා. එයාට ලැබෙන නිර්මාණ ගැන මාත් එක්ක කතා කළා. එයාට නිදහස ලැබුණා තනියම එයාට ගැළපෙන නිර්මාණ තෝරගන්න. මම නැති කාලෙදි එයා සෑහෙන්න දුර ගමනක් ආවා. තාත්තා කෙනෙක් විදිහට මම ගොඩක් සතුටු වෙනවා මගේ පුතා අද ඉන්න තැන ගැන.
ඉදිරියට එන්න තියෙන ඔබේ නිර්මාණ ගැනත් කතා කළොත්?
ඉදිරියේදී නිර්මාණ කිහිපයක්ම එන්න තියෙනවා. ‘එදා රෑ’ සිනමා නිර්මාණයට සම්බන්ධ වෙලා ඉන්නවා. ‘නොකවුට්’ කියන ටෙලි නාට්‍යයටත් සම්බන්ධ වෙන්න නියමිතයි. තවත් වැඩ කිහිපයක්ම තියෙනවා. ඉදිරියේදී ප්‍රේක්ෂකයන්ට හොඳ නිර්මාණ කිහිපයක්ම දකින්න පුළුවන් වෙයි.

SendShareShare
Previous Post

දැන් අවුරුදු 37ක්! ජවිපෙන් මරාදැමූ ඉහළම බුද්ධිමතා මහාචාර්ය විජේසුන්දර! ප්‍රධාන සැකකරු විජයව මැරූ ලයනල් රණසිංහමයි! Sri Lanka Latest News

Next Post

සමගි තරුණ බලවේගය මිනුවන්ගොඩ ගලේ දේවාලය වන්දනාමාන කරන බැතිමතුන්ට කිරිබත් දානයක් පිරිනමයි! විපක්ෂනායක සජිතුත් එක්වෙයි! නිරාගමික රටක් හදන්න කිසිම අවස්ථාවක ඉඩ නොතබන බවට ප්‍රතිඥාවක් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News
Heart

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News
Heart

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News
Heart

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News
Heart

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News
Heart

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News
Heart

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News

Load More
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.