• About us
  • Contact us
Monday, July 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දැන් අවුරුදු 37ක්! ජවිපෙන් මරාදැමූ ඉහළම බුද්ධිමතා මහාචාර්ය විජේසුන්දර! ප්‍රධාන සැකකරු විජයව මැරූ ලයනල් රණසිංහමයි! Sri Lanka Latest News

March 15, 2026
in Exclusive
Reading Time: 3 mins read
A A
දැන් අවුරුදු 37ක්! ජවිපෙන් මරාදැමූ ඉහළම බුද්ධිමතා මහාචාර්ය විජේසුන්දර! ප්‍රධාන සැකකරු විජයව මැරූ ලයනල් රණසිංහමයි!  Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ සිටි කීර්තිධර අධ්‍යාපනඥයකු වූ කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර ඝාතනය කළේ මෙයට වසර 37කට පෙර මාර්තු 08 වැනිදාවකය. හෙතෙම කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති වශයෙන් කටයුතු කරමින් සිටියදී සිය කාර්යාලය තුළදීම 1989 මාර්තු 08 වැනිදා පෙරවරු 9.15ට ඝාතනයට ලක්වූයේ ජවිපෙ දෙවැනි කැරැල්ලේ කැරැලිකරුවන් අතිනි.Sri Lanka Latest News

එයට හේතුව ලෙස දක්වා තිබුණේ සරසවි සිසුන් අත්අඩංගුවට ගැනීම පිළිබඳ නිසි පියවරක් නොගැනීම සහ කොළඹ සරසවි ස්වාධීන ශිෂ්‍ය සංගමයේ ක්‍රියාකාරකම්වලට නිහඬව ඉඩදීම ඇතුළු හේතු කිහිපයකි. කොළඹ උපකුලපති ඝාතනයෙන් මාස හයකට පසු එනම් 1989 සැප්තැම්බර් 11 පෙරවරු 9.30ට මොරටුව සරසවියේ උපකුලපති සහ යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යා මහාචාර්ය සී. පටුවතවිතානද කැරැලිකරුවන් අතින් ඝාතනයට පත්විය. ජවිපෙ දෙවැනි කැරැල්ල පැවැති 1986 සිට 1990 දක්වා කැරැලිකරුවන් විසින් ඝාතනය කරන ලද 6,661 දෙනාගෙන් ප්‍රමුඛතම උගතුන් අතරට මහාචාර්ය විජේසුන්දර සහ මහාචාර්ය පටුවතවිතාන අයත්ය.

මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර ඝාතනය ඇතුළු විවිධ ඝාතන සම්බන්ධයෙන් සැකපිට ලයනල් රණසිංහ ආරක්ෂක අංශ මගින් 1989 මාර්තු 14 වැනිදා අත්අඩංගුවට ගනු ලැබීය. ඔහු විජය කුමාරතුංග ඇතුළු 41 දෙනකු මරාදැමූ කැරැලිකරුවෙකි. අවසානයේදී ලයනල් රණසිංහද 1989 ඔක්තෝබර් 04 වැනිදා ඝාතනයට ලක්විය. කොළඹ සරසවියේ උපකුලපතිවරයා ඝාතනය සඳහා ඝාතකයා වූ ලයනල් රණසිංහට මග පෙන්වන ලද්දේ රුහුණ සරසවියේ කෘෂි විද්‍යා පීඨයේ සිසුවකු වූ හම්බන්තොට දෙබරවැවදී 1959 ජූලි 23 වැනිදා උපන් කහවත්ත පල්ලියගුරුගේ ඥානසිරි හෙවත් බෙනට්ය. දෙබරවැව මහා විද්‍යාලයෙන් රුහුණ සරසවියේ කෘෂි පීඨයට 1984 ජනවාරි 23 වැනිදා ඇතුළත් වූ ඔහු 83/කෘ/143 යටතේ ලියාපදිංචි විය.

කටුනායක ගුවන් හමුදා කඳවුරට 1988 අප්‍රේල් 22 වැනිදා ප්‍රහාරයට එක්වූ ඥානසිරි හෙවත් බෙනට් ජවිපෙ දෙවැනි කැරැල්ලේ ශිෂ්‍ය අංශයේ සන්නද්ධ බළකාය වූ 1988 ජූලි 20 ආරම්භ කළ නිමල් බාලසූරිය බළකායේ 1988 දෙසැම්බර් සිට නායකයා විය. කොළඹ උපකුලපති 1989 මාර්තු මෙන්ම මොරටු උපකුලපති 1989 සැප්තැම්බර්ද ඝාතනයන් මෙහෙයවන ලද්දේ ඥානසිරිගේ නායකත්වයෙනි. නිමල් බාලසූරිය යනු අන්තරේ නායකයාව සිටියදී සරසවි විභාග වර්ජනය සාර්ථක කරගැනීම වෙනුවෙන් කටයුතු කිරීමේදී බෝම්බයක් රැගෙන ප්‍රහාරකයා වූ බන්දුල සොයිසාට අදාළ ඉලක්කය පෙන්වීමට යාමේදී එම බෝම්බය තම අතේම පිපිරී ප්‍රහාරකයා සමගම මියගිය මොරටු සරසවියේ ඉංජිනේරු පීඨයෙන් බිහිවූ සිසු නායකයෙකි. ඒ 1988 මැයි 08වැනිදා වැල්ලවත්ත කුරේ මාවතේදීය. එක් සරසවියක සේවය කළ කලා අංශයේ අංශාධිපතිගේ නිවස එම ප්‍රදේශයේ පිහිටා තිබූ එය ඔවුන්ගේ ඉලක්කය විය.

ඥානසිරි පල්ලියගුරු හෙවත් බෙනට් ගාල්ල ජවිපෙ සන්නද්ධ ලේකම්ව සිටියදී ගාල්ල ඉඳුරුවේදී 1989 අග භාගයේදී අත්අඩංගුවට ගන්නා ලදී. පසුව තෙලිජ්ජවිල ජෝන් ඩෙල්ෆ් වත්තේ තිබූ හමුදා අනුඛණ්ඩයේ රඳවා ගනු ලැබීය. සන්නද්ධ අංශයේ මාතර දිස්ත්‍රික් නායකත්වය සේකර විසින් දරන විට එහි කලාප සන්නද්ධ ලේකම්වරුන් වූයේ දෙණියාය සහ හක්මන කලාපයට වික්ටර්ද, අකුරැස්ස – කඹුරුපිටිය කලාපයට ලේකම්ගේ වික්‍රමසිංහ හෙවත් සරත්ද, වැලිගම – මාතර කලාපයට හක්මන දෙනගම පදිංචි දහම් පාසල් හිටපු ගුරුවරයකු වූ සුන්දරද, දෙවුන්දර කලාපයට දික්වැල්ලේ පහත්ගාව වඩු කාර්මිකයකු වූ ගාමිණී හෙවත් සිල්වා හෙවත් හේමන්තද විය. ගාමිණී හමුදා අත්අඩංගුවට ගැනීමෙන් පසු තවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ක්ෂණික විහිදුම් බළකායේ භටයන් 4 දෙනකු සමග 1990 පෙබරවාරි 22 බෙලිඅත්ත ගලගමට රැගෙන ගියවිට ගලගම සුනිල් ඇතුළු කැරැලිකරුවන් විසින් හමුදා භටයන්ට ප‍්‍රහාරයක් එල්ලකර ඔවුන් ඝාතනය කර දික්වැල්ලේ ගාමිණීද බේරාගෙන ඝාතනය කළ හමුදා භටයන් 4 දෙනාගේ සිරුරු පාළු ළිඳකට දමා තිබිණි.

1990 පෙබරවාරි 22 බෙලිඅත්ත ගලගමදී කැරැලිකරුවන් විසින් හමුදා නිලධාරීන් 04 දෙනකු ඝාතනය කර ළිඳකට දැමීමට එරෙහිව ප්‍රතිචාරයක් වශයෙන් දෙදිනකට පසු ඥානසිරි පල්ලියගුරු හෙවත් බෙනට් සමග මාතර හිටපු ජවිපෙ දිසා ලේකම් තිහගොඩ එස්.කේ. ජයතිලක හෙවත් විජිත, දෙවුන්දර අතුල ඇතුළු සිවු දෙනකු ඉන් දෙදිනකට පසු ඝාතනය කර එම ළිඳටම දමා තිබිණි.

මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර රසායන විද්‍යාව පිළිබඳ ප්‍රථම පශ්චාත් උපාධි සමර්ථයෙකි. වසර 1947 කොළඹ සරසවියේ වෛද්‍ය පිඨයේ කථිකාචාර්යවරයකු වශයෙන් සේවයට බැඳී 1978 දී අංශ ප්‍රධාන තනතුරට පත්විය. ඉන් වසර පහකට පසු ජීව රසායන විද්‍යාව පිළිබද මහාචාර්ය ධුරයට ඔහු පත්විය. කොළඹ සරසවියේ 1979 දී උප කුලපති වශයෙන් පත්වූ අතර, 1983 දී පොදුරා්‍ය මණ්ඩලයීය විශ්වවිද්‍යාල සංගමයෙහි සභාපති විය.

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ධර්මන් වික්‍රමරත්න

SendShareShare
Previous Post

සූර්යයාගේ අණසක ගිලිහෙන හෝරාව! කෝණ මාසයේ අදිසි බලවේගය! කෝණ මාසයේ සැඟවුණු මාරක අනාවැකි! Sri Lanka Latest News

Next Post

හිතේ ලොකු කලකිරීමක් තිබුණා…! ඒ හින්දා ටිකක් ඈත් වෙලා හිටියා…! රඟපෑම ඇතුළේ ගෙවින් මගේ පුතා කියන කෝණයෙන් බලන්නේ නැහැ…! තාත්තා කෙනෙක් විදියට ගොඩක් සතුටුයි පුතා ඉන්න තැන ගැන…! Sri Lanka Latest News

MORE NEWS

ආයෙත් හදිස්සියේ ඡන්ද සටනක් පටන් අරන්ද? ටික්ටොක් එකේ අනුරගේ සජිත්ගේ නාමල්ගේ යන මේ වීඩියෝ මොනවාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

ආයෙත් හදිස්සියේ ඡන්ද සටනක් පටන් අරන්ද? ටික්ටොක් එකේ අනුරගේ සජිත්ගේ නාමල්ගේ යන මේ වීඩියෝ මොනවාද? VIDEO I Sri Lanka Latest News

‘බල්ලොත් එක්ක බෑ..’! වැලිගමදී දැන් පෙන්වනවා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘බල්ලොත් එක්ක බෑ..’! වැලිගමදී දැන් පෙන්වනවා..! VIDEO I Sri Lanka Latest News

බ්‍රිතාන්‍ය නව අගමැති ඇන්ඩිට විපක්ෂනායක සජිත් සුබපතයි! I Sri Lanka Latest News
Exclusive

බ්‍රිතාන්‍ය නව අගමැති ඇන්ඩිට විපක්ෂනායක සජිත් සුබපතයි! I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේ දවස්වල එළියට එන්නෙ නැතිව අනුර මොනවද කරන්නේ..? කාටත් දැනෙන ලොකු වැඩකට අතගහන්නයි යන්නේ..! I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

ශාලාව පිරෙන්න නීතීඥවරුන් සහභාගී වූ සමගි නීතීඥ සම්මේලනයේදී විපක්ෂනායක සජිත් කරපු කතාවට රට පුරා නීතී ප්‍රජාවගෙන් පැසසුම්! සම්පූර්ණ කතාව මෙන්න! හැමෝම අහන්න වටින කතාවක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

බය හිතෙන නිව්ස් එකක් එන්න ළඟයි වගේ..! බොරතෙල් බැරලය ආපහු 90 පන්නයි! I Sri Lanka Latest News

Load More
කතානායකට බරපතළ චෝදනාවක්! මේ පාර ලොන්ඩරි කේස් එකක්! හෙළිදරව්ව ගම්මන්පිලගෙන්! අල්ලස් කොමිසම ඇක්ෂන් එකක් ගනියිද? VIDEO I Sri Lanka Latest News
Uncategorized

කතානායකට බරපතළ චෝදනාවක්! මේ පාර ලොන්ඩරි කේස් එකක්! හෙළිදරව්ව ගම්මන්පිලගෙන්! අල්ලස් කොමිසම ඇක්ෂන් එකක් ගනියිද? VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අද දින පැවැති මාධ්‍ය හමුවේදී කතානායක ජගත් වික්‍රමරත්න මහතා හට බරපතළ චෝදනාවක් සිදු කර සිටියේ මෙසේය.Sri...

Read more
ආයෙත් හදිස්සියේ ඡන්ද සටනක් පටන් අරන්ද? ටික්ටොක් එකේ අනුරගේ සජිත්ගේ නාමල්ගේ යන මේ වීඩියෝ මොනවාද? VIDEO I Sri Lanka Latest News

ආයෙත් හදිස්සියේ ඡන්ද සටනක් පටන් අරන්ද? ටික්ටොක් එකේ අනුරගේ සජිත්ගේ නාමල්ගේ යන මේ වීඩියෝ මොනවාද? VIDEO I Sri Lanka Latest News

‘බල්ලොත් එක්ක බෑ..’! වැලිගමදී දැන් පෙන්වනවා..! VIDEO I Sri Lanka Latest News

‘බල්ලොත් එක්ක බෑ..’! වැලිගමදී දැන් පෙන්වනවා..! VIDEO I Sri Lanka Latest News

බ්‍රිතාන්‍ය නව අගමැති ඇන්ඩිට විපක්ෂනායක සජිත් සුබපතයි! I Sri Lanka Latest News

බ්‍රිතාන්‍ය නව අගමැති ඇන්ඩිට විපක්ෂනායක සජිත් සුබපතයි! I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

මේ දවස්වල එළියට එන්නෙ නැතිව අනුර මොනවද කරන්නේ..? කාටත් දැනෙන ලොකු වැඩකට අතගහන්නයි යන්නේ..! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.