• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අරණායකම ගිනිගනී! ජීවිත බේරාගත් අත් දෙකක්! අනියම් පෙමක්! බිහිසුණු ඝාතනයක්! Sri Lanka Latest News

March 8, 2026
in Exclusive
Reading Time: 4 mins read
A A
අරණායකම ගිනිගනී! ජීවිත බේරාගත් අත් දෙකක්! අනියම් පෙමක්! බිහිසුණු ඝාතනයක්! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අරණායක දිප්පිටිය ප්‍රදේශයෙන් පසුගිය සතියේ කනගාටුදායක සිදුවීමක් වාර්තා වුණා. ජීවිත ගණනාවක් සුවපත් කිරීමට දායක වූ අත්දෙකක්, අන් අයගේ වේදනාව සමනය කළ අත්දෙකක්, අන් අයගේ දුක්ගින්දර නිවූ හදවතක් එක් අකාරුණික මොහොතක අනියම් පෙමක් නිසා නිහඬ කරනු ලැබුවා.Sri Lanka Latest News

අරණායක දිප්පිටිය ප්‍රදේශයේ හෙද නිලධාරිනියක් එලෙස ඝාතනය කර තිබුණේ ඇගේ අනියම් පෙම්වතා විසින්. ඒ, තියුණු ආයුධයකින් පහර දීමෙන්. පසුගිය පළමු වැනිදා රාත්‍රී 7ට පමණ අදාළ ඝාතනය කළ පුද්ගලයා තියුණු ආයුධයක්ද සමග අරණායක පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. එලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ අරණායක නිකපිටිය උස්සාපිටියේ පදිංචි විනෝජ් පැතුම් අකලංක හීන්වැල්ල නමැති 33 හැවිරිදි පුද්ගලයෙක්. ඔහු විවාහක පුද්ගලයකු වන අතර, මාර්ග සංවර්ධන අධිකාරියේ සේවය කරන පුද්ගලයෙක් බවටයි පොලිසිය අනාවරණ කරගෙන තිබුණේ. ඝාතනයට ලක්ව තිබුණේ අරණායක රෝහලේ හෙද නිලධාරිනියක ලෙස සේවය කළ රුවිනි මධුෂිකා නමැති 35 හැවිරිදි කාන්තාවකි. ඇය ජීවත්ව සිට තිබුණේ අරණායක දිප්පිටිය ප්‍රදේශයේ කුලී නිවසකයි. ඇයට වයස අවුරුදු 7ක පිරිමි දරුවකුද සිටින බවයි පොලිසිය පවසන්නේ.

ඝාතනයට ලක්වූ කාන්තාව වරාය අධිකාරියේ සේවය කරන පුද්ගලයකු සමග නිත්‍යනුකූලව විවාහ වී සිට තිබූ බවද පොලිස් විමර්ශනවලදී හෙළිකරගෙන තිබුණා. මේ පුද්ගලයාගෙන් ඇය මීට ටික කලකට ඉහතදී වෙන්වී ඇති අතර, දිප්පිටිය ප්‍රදේශයේ කුලී නිවසක වෙනම වාසය කර ඇති බවයි ඇගේ ඥාතීන් පවසා සිටියේ. වසර දෙකක පමණ සිට ඇය මාර්ග සංවර්ධන අධිකාරියේ සේවය කරන පුද්ගලයකු සමග සමීප සම්බන්ධයක් පවත්වාගෙන ගොස් ඇති බවද දැනගන්නට ලැබුණා. කෙසේ වෙතත් මාස කිහිපයක සිට දෙදෙනා අතර ආරවුල් හටගෙන ඇති බවද පැවැසෙනවා. එයට හේතු වී තිබුණේ හෙද නිලධාරිනිය තම දරුවාද සමග යුරෝපා රටක හෙද සේවයට යාමට උත්සාහ දැරීමයි. අනියම් පෙම්වතා ඊට අකැමැත්ත ප්‍රකාශ කිරීමත් සමග ඔවුන් දෙදෙනා අතර මත ගැටුම් හටගෙන තිබුණා. පසුව අනියම් පෙම්වතාගෙන් පොලිසිය සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු පවසා තිබුණේ සිය පෙම්වතිය තමාව දිගින් දිගටම මගහැර ප්‍රතික්ෂේප කළ බවත්, ඒ අනුව ඇයට වෙනත් පුද්ගලයකු සමග ප්‍රේම සම්බන්ධතාවක් පවතින බවට තමන් සැක කළ බවයි. මේ සැකය නිසා අවසානයේ විනාශකාරී මොහොතක් උදාවී තිබුණා.

මෙම සිදුවීම වූ දින රුවිනි රෝහල් සේවය නිමකර සවස නිවසට පැමිණ තිබුණා. එවිට ඇගේ පුතු සමග නිවසේ සාලයේ සැකකරු සිට ඇත. ඒ අනුව තම දරුවා ආරක්ෂිත ස්ථානයකට රැගෙන යෑමට ඇය උත්සාහ කළ අවස්ථාවේ සැකකරු තියුණු ආයුධයකින් ඇයට ප්‍රහාරයක් එල්ල කර ඇති බවයි පොලිස් පරීක්ෂණවලින් අනාවරණ වී තිබුණේ. එම පහරදීමෙන් බරපතළ තුවාල ලැබූ ඇය රෝහල් ගතකළද ජීවිතක්ෂයට පත්ව තිබුණා.

අරණායක පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ලැබ ඇති අතර, වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක වෙමින් පවතී. පසුගිය 02 වැනිදා ස්ථානීය පරීක්ෂණය සිදුකරනු ලැබුවේ මාවනැල්ල වැඩබලන මහෙස්ත්‍රාත් නිෂේධා කුමාරි කරුණාතිලක මහත්මියයි. පසුව කෑගල්ල මහරෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමුකර අධිකරණ වාර්තාව අධිකරණයට යොමුකරන ලෙස නියෝග කරනු ලැබූ අතර, සැකකරු ලබන 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවා.

රෝහල් කොරිඩෝවල ඇගේ සිනාව හඳුනාගත් රෝගීන් බොහෝය. නර්ස්, මිස් කියා අඬන දරුවන් වැඩිහිටියන් ඇය සන්සුන් කළාය. බියෙන් කම්පා වූ රෝගීන්ගේ අත අල්ලාගෙන සැනසුවාය. නමුත් ඇගේ ජීවිතයේ බියකරු මොහොතේ ඇයගේ අත අල්ලා ගැනීමට කිසිවකු සිටියේ නැත.

අවුරුදු 7ක පුතෙකුගේ මවක් වූ ඇයට සිය වෘත්තියට වඩා මාතෘත්වයේ වගකීම දැඩි විය. දරුවාගේ අනාගතය වෙනුවෙන් ඇය විදෙස්ගත වීමට සිහින දැක තිබූ බවයි සමීපතමයන් පවසන්නේ. යුරෝපා රටක හෙද සේවයට යාමට උත්සාහ දැරීම ඇගේ අනාගත සැලසුමක් වන්නට ඇත. ‘මගේ පුතාට හොඳ ජීවිතයක් දෙන්න ඕනෙ’ යන වචන ඇය නිතර කියා ඇති බවයි ඇගේ හිතවතුන් පවසන්නේ.

ඒ අවාසනාවන්ත රාත්‍රියේ සිදුවූ දෑ පිළිබඳ 7 හැවිරිදි පුතුගේ වචන ගම්මානයම තවත් කම්පා කරන්නට වුණා. දරුවකුගේ මතකයේ සිරවුණු ඒ මොහොත ඔහුගේ ජීවිතයේ සදා නොමැකෙන සෙවණැල්ලක් බවට පත්විය.

මේ කනගාටුදායක සිදුවීම සම්බන්ධයෙන් අසල්වාසියකු පවසා සිටියේ මෙවැන්නකි.
‘රෑ 9.50ට විතර ගේ ඉස්සරහින් කවුද කෑගසන ශබ්දයක් ඇහුණා. මම ගිහින් බලනකොට ගේට්ටුව ළඟ ගෑනු කෙනෙක් වැටිලා ඉන්නවා දැක්කා. එයා මුකුත් කතා කළේ නැහැ. අහල පහළ කිහිප දෙනෙක් එතැනට ඇවිල්ලා එයාව ඉස්පිරිතාලයට ගෙනිච්චා. ඒ ගෙනියනකොටත් මියගිහිල්ලා. ඒ ගෑනු කෙනා මගේ බාප්පාගේ ගෙදර කුලියට ඉන්න නර්ස් කෙනෙක්. ඇගේ අනියම් පෙම්වතා වන පැතුම් නමැත්තා තමයි මේ ඝාතනය සිදුකරලා තියෙන්නේ…’

රුවිනි සමග සේවය කළ මිතුරියක් සමාජ මාධ්‍යයේ ලියා තිබුණෙ මෙවැනි සටහනකි.
‘ඔයාගේ උපන්දිනය දවසේ සුබ පැතුමක් වෙනුවට මේ විදියට ලියන්න වෙයි කියලා හිතුවේ නැහැ. අපි එකට වැඩ කළා. හිනා වුණා. එකට කෑවා. අද ඒ හැමදේම මතකයක් විතරයි….’

රෝහලේ ඇය හිඳ සිටි පුටුව හිස්ව ඇත. නමුත් ඇය සුවපත් කළ රෝගීන් බොහෝය. මෙය ඝාතනයක්ම පමණක් නොවෙයි. රටට අහිමි කළේ වටිනා සම්පතක්. බොහෝ හදවත් සුවපත් කිරීමට ඇති ශක්තියක්. දරුවකුගේ අනාගතයකට නොමැකෙන අඳුරු මොහොතක් එක්කළ සිදුවීමක්.

කෙනකු සැක කිරීම, තනිව තීරණයක් ගැනීමට ඉඩ නොදීම, ආධිපත්‍යයට යටත් කරගැනීම. මේවා කෙනකුගේ අනාගතයට තහංචි දැමීමක් මිස එතැන ආදරයක් නොපවතී. කෙනකුට ආදරය කිරීම යනු ඔවුන්ගේ ජීවිතය පාලනය කිරීම නොවෙයි. ඇගේ දුරකතනය බලන්න ගමන් බලපත්‍රය බලන්න. මිතුරන් ඇසුරු කිරීම තහනම් කිරීම. මේවා ආදරයේ ලකුණු නොවෙයි. කෙනකුගේ ජීවිතයට තර්ජනයක් දැනේ නම් තමන්ගේ ආදරණීයයන්ට පවසා උපදෙසක් ලබාගන්න. පොලිසියට පැමිණිලි කරන්න. නිවසේ ආරක්ෂිත සැලැස්මක් ගොඩනගාගන්න. කෙනකු ප්‍රතික්ෂේප කරන විට එය පිළිගෙන මානසික උපදේශනයක් ලබාගැනීම ලැජ්ජා වියයුතු කාරණයක් නොවේ. ආදරය නම් අයිතිකාරීත්වයක් නොව ගරුකිරීමක්. නිදහස ලබාදීමක් බව අප මතක තබාගත යුතුයි.

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

කාන්තාවන් එක පොකුරට රොද බැඳ ගත් සජබ කාන්තා සමුලුව සජීවීව බලන්න! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Next Post

බාල ගල්අඟුරුවලින් රටම කළු වෙයිද? “අපි නීතිපතිතුමා එක්ක සාකච්ඡා කරනවා! උපදෙස් අනුව කටයුතු කරනවා…” – නලින්ද ජයතිස්ස I Sri Lanka Latest News

MORE NEWS

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News
Exclusive

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ඕමල්පේ සෝභිත හාමුදුරුවනේ ඔබ වහන්සේ වෙත ගෞරවසම්ප්‍රයුක්තව ලියා දක්වන වග නම්…
Exclusive

මැරෙනකම්ම නායක පුටුවල එල්ලිලා ඉන්න දේශපාලනඥයන්ට සෝභිත හිමිගෙන් වටිනා පාඩමක්! තනතුරෙන් ඉල්ලා අස්වෙයි! කිසිම නායක තනතුරක් ජීවිත කාලය පුරා දැරිය යුතු නෑ…! Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News
Exclusive

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

අද උදේ පාස්පෝට් පෝලිමේ සිටි මව ප්‍රසූත කළ දරුවා මියයයි! වැරැද්ද කාගේද?
Exclusive

අවුරුදු 4ක දැරියක් ඩෙංගු මාරයාට බිළිවෙයි! මරණ ගණන 56ට නගී! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

රටම අහන ප්‍රශ්න 3ක් විපක්ෂනායක සජිත් අද පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවෙන් අහයි! මහාභාණ්ඩාගාරෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වගකීම ගන්නේ කව්ද? කව්ද මේ සල්ලි ආපහු ගෙවන්නේ..? වගකිවයුත්තන්ට ගත්ත විනය ක්‍රියාමාර්ග මොනවාද? VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය දැන් කතානායක අතේ..!  I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය දැන් කතානායක අතේ..!  I Sri Lanka Latest News

Load More
ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News
Exclusive

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ආර්.එෆ්.එම්.සුහෙල් - නුවරඑළිය නුවරඑළිය මහ නගර සභා බල ප්‍රදේශයේ සිදු කෙරෙන අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් නීතිය නිසි පරිදි ක්‍රියාත්මක නොවන්නේ පාලක...

Read more
ඕමල්පේ සෝභිත හාමුදුරුවනේ ඔබ වහන්සේ වෙත ගෞරවසම්ප්‍රයුක්තව ලියා දක්වන වග නම්…

මැරෙනකම්ම නායක පුටුවල එල්ලිලා ඉන්න දේශපාලනඥයන්ට සෝභිත හිමිගෙන් වටිනා පාඩමක්! තනතුරෙන් ඉල්ලා අස්වෙයි! කිසිම නායක තනතුරක් ජීවිත කාලය පුරා දැරිය යුතු නෑ…! Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

අද උදේ පාස්පෝට් පෝලිමේ සිටි මව ප්‍රසූත කළ දරුවා මියයයි! වැරැද්ද කාගේද?

අවුරුදු 4ක දැරියක් ඩෙංගු මාරයාට බිළිවෙයි! මරණ ගණන 56ට නගී! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.