ඉන්දියන් සාගරයේදී ඉරාන යුද නෞකාවකට ටෝර්පිඩෝ ප්‍රහාර එල්ල කර ගිල්වා දැමීම සම්බන්ධයෙන් අමෙරිකා එක්සත් ජනපදය “තිත්ත ලෙස පසුතැවෙනු ඇති” බවට ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි අනතුරු අඟවා තිබෙනවා.Sri Lanka Latest News
“අමෙරිකාව ඉරාන වෙරළේ සිට සැතපුම් 2,000ක් ඈතින් මුහුදේදී මහා අපරාධයක් සිදුකර තිබෙනවා. ඉන්දීය නාවික හමුදාවේ අමුත්තෙකු ලෙස පැමිණි, නාවිකයන් 130කට ආසන්න පිරිසක් රැගත් ‘ඩෙනා’ (Dena) නෞකාවට ජාත්‍යන්තර මුහුදේදී කිසිදු අනතුරු ඇඟවීමකින් තොරව ප්‍රහාර එල්ල කළා. මා පවසන මේ වදන මතක තබා ගන්න: අමෙරිකාව තමන් විසින් ඇති කරන ලද මෙම පූර්වාදර්ශය ගැන තිත්ත ලෙස පසුතැවෙනු ඇති,” යැයි ඔහු ‘X’ පණිවිඩයක් නිකුත් කරමින් පවසා සිටියා.










