• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ඔයා මරු කියනකොට දැනෙන සතුට මාරයි…! අලුතෙන් බැන්දාම ඉතිං ප්‍රශ්න තමයි…! වේදිකාවෙන් ආවා කියලා හැම කෙනාටම රඟපාන්න බෑ…! රෙබෙකා දිල්රුක්ෂි I Sri Lanka Latest News

February 28, 2026
in Heart
Reading Time: 3 mins read
A A
ඔයා මරු කියනකොට දැනෙන සතුට මාරයි…! අලුතෙන් බැන්දාම ඉතිං ප්‍රශ්න තමයි…! වේදිකාවෙන් ආවා කියලා හැම කෙනාටම රඟපාන්න බෑ…! රෙබෙකා දිල්රුක්ෂි I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පුංචි තිරයේ දිග හැරෙන විවිධ වූ චරිත ඔස්සේ ප්‍රේක්ෂක හදවත් ස්පර්ශ කළ ඇය, රංගනය නමැති සිතුවම මත තමන්ටම ආවේණික වර්ණ තැවරූ අපූරු ශිල්පිනියකි. නිසල දෑසක සැඟවුණු ප්‍රකාශනශීලී බවත්, ඕනෑම චරිතයකට ජීවය දීමේ සහජ හැකියාවත් නිසාම ඇය අද වනවිට කලා ලොවේ ජනප්‍රිය තරුවකි. ඇය රෙබෙකා දිල්රුක්ෂියි. ඇය අද ‘හාට්’ අපිත් එකතු වෙන්නේ මෙලෙසින්…Sri Lanka Latest News

ඔබ රංගනයෙන් දායක වන අලුත්ම චිත්‍රපටය ‘ද වයිෆ්’ තිරගතවීම ආරම්භ කළා නේද?
ඔව්, පෙබරවාරි 13 වැනිදා. ශමීර නාඔටුන්න මහත්මයා තමයි අධ්‍යක්‍ෂතුමා. මේ අපි එදිනෙදා දකින චරිත, එදිනෙදා දකින ජීවිතවල සිද්ධීන් එකතු කරලා හදපු වැඩක්. දැන් ලාංකීය සමාජය ඇතුළේ ඉන්න අලුත බැඳපු කපල් ගත්තම මේ ප්‍රශ්න ටික මේ විදිහටම තියෙනවා. මේ ටික පෙර අනුවාදවලින් තියෙන්නත් පුළුවන්.
‘ද වයිෆ්’ චිත්‍රපටයට සම්බන්ධ වීමට ඔබට අවස්ථාව ලැබුණේ කොහොමද?
‘ද වයිෆ්’ චිත්‍රපටයට ශමීර නාඔටුන්න මහත්මයා තමයි මට කතා කළේ. මගේ ස්ක්‍රීන් ටයිම් එක පොඩි වුණාට ඒක මට ආස හිතුණා වැඩ කරන්න.
ඔබේ චරිතය ගැන කතා කළොත්..?
අපි ඒක රහසක් විදියට ප්‍රේක්ෂකයන්ටම බලන්න ඉඩ දෙමු. කාන්තාවකගේ එක සමාජ පැතිකඩක් නියෝජනය කරන චරිතයක්.
සිනමාවේ මේ නව පිබිදීම ගැන මොකද හිතෙන්නේ?
අපිට සතුටු වෙන්න පුළුවන් කාලයක් ඇවිල්ලා තියෙනවා. පශ්චාත් සමයේ විවිධ ප්‍රශ්න ටිකක් තිබුණනේ ලංකාව ඇතුළේ. දැන් ඉතින් ඒ ප්‍රශ්න ටික සමනය වෙලා අලුත් නාට්‍යකරුවෝ සිනමාකරුවෝ බිහිවෙනවා. ප්‍රේක්ෂකාගාරයක් හැදිල තියෙනවා. ෆිල්ම් හෝල් තව ප්‍රතිසංස්කරණය වෙමින් පවතිනවා. අපි හිතුවේ මිනිස්සු ෆිල්ම් හෝල්වලට ආයේ යන්නේ නැතිවෙයි කියලා තාක්ෂණයේ දියුණු වීමත් එක්ක. හැබැයි හොඳ ෆිල්ම් එකක් ආවොත් මිනිස්සු හෝල්වලට යනවා අනිවාර්යයෙන්ම බලන්න. එක රැල්ලක් පටන් ගත්තා ෆිල්ම් තරගයට කරන්න. මාර තරගකාරීත්වයක් තියෙන්නේ. ඉතින් හරිම සතුටුයි අපේ ක්‍ෂේත්‍රය දියුණු වෙනවට.

රංගන ශිල්පිනියක් විදිහට වේදිකාවෙන් පෝෂණය විය යුතුද?
වේදිකාවෙන් පෝෂණය වෙන්න ඕනෙ කියලා එකක් නැහැ රංගන ශිල්පියෙක්. කවදාවත් වේදිකාවකට නැගලා නැති ලෝකයේ රඟපාන මිනිස්සු ඉන්නවා. දැන් ජෝ අබේවික්‍රම මහතා කවදාවත් වේදිකා නාට්‍යයක් කරලා නෑ. ඒ අදහස ටිකක් වැරදි විදියට ගිහිල්ලා තියෙනවා වේදිකා නාට්‍ය කරන නළු නිළියෝ තමයි හොඳම කියලා. හැබැයි එක්තරා විදියකට ඒගොල්ලන්ටත් පුහුණුවක් තියෙනවා. මම දන්න තරමින් ඉතාමත් හොඳ රංගන ශිල්පීන් වේදිකාවෙන් ආපු අය කියලා කියන්නත් බෑ. රඟපාන්න බැරි මිනිස්සුත් වේදිකාවෙන් ඇවිල්ලා වැඩේ අනාගෙන යන අවස්ථාත් දැකලා තියෙනවා. නළුවාට තියෙන පුහුණුවීම හැබැයි වේදිකා නාට්‍යයකරුවා තුළ තියෙනවා.
රඟපාන්න හදාරන්න ඕනෙමද?
මෙය හැදෑරිය යුතුම විෂයක්. අනික් දේවල් වගේ නෙවෙයි මේක තත්පරෙන් තත්පරේ හැමදාම අප්ඩේට් වෙවී යනවා. යම් චරිතයක මනෝභාවයන් එකිනෙකාට වෙනස්. අපි ඒක ගැන අත්දැකීමක් ලබාගන්න ඕනෙ සහ අප්ඩේට් වෙන්න ඕනෙ. ඒ නිසා අපි ඒ ඒ චරිත ගැන අධ්‍යයනය කළ යුතුයි. ඒ අධ්‍යයනය ඉතාමත් ගැඹුරු විෂයක්. සමාජ මාධ්‍ය හරහා ප්‍රසිද්ධ වෙලා නිළියක්, නළුවෙක් ලෙස වැඩවලට ගන්න අවස්ථා තියෙනවා. ඒ ළමයාට තමන් එහා පැත්තෙන් ඉන්න ආටිස්ට් කෙනෙක් සමග වැඩකරන්න අවබෝධයක් නැහැ. ඊට හේතුව තමයි හැදෑරීමක් නැතිකම. ඉතින් එහෙම උනහම වැඩේ ඇතුළේ අපහසුතාවට පත්වෙනවා.
2026 වසරේ ඔබව දකින්න ලැබෙන සිනමා නිර්මාණ මොනවාද?
වැඩක් කතාකරගෙන යන ගමන්. තාම සාකච්ඡා මට්ටමේ ඉන්නේ. හොඳ සිනමා නිර්මාණයකින් ප්‍රේක්ෂකයන් අතරට එන්න බලාපොරොත්තු වෙනවා.
මේ දවස්වල ඔබ සම්බන්ධ වෙලා ඉන්න ‘පට්ටි ගෙදර’ ටෙලිනාට්‍යය ගැන කතා කළොත්?
‘පට්ටි ගෙදර’ නන්දනී චරිතය තමයි මම කරන්නේ. අධ්‍යක්ෂ මහත්මයා තමයි මේක ලියන්නෙත්. අපි යම් අධ්‍යයනයක් කරලා තමයි ඒ වැඩේට අත ගැහුවේ. ඒ කියන්නේ අපි දකින චරිතවල මනස කොහොම වෙයිද කියලනේ බලන්නේ. ඒකට මට සම්පූර්ණ සහයෝගය ලැබුණා අනුෂ්ක රසාංජන ද සිල්වාගෙන්. ඒක ටිකක් බැරෑරුම් චරිතයක්. මොකද එක ළඟ චරිත දෙක තුනක් මාරු වෙනවා. ඒක ලොකු අභියෝගයක් වුණා. හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාරත් ලැබෙනවා.
මොන විදියේ ඇගයීම්ද ඔබට ලැබෙන්නේ?
ප්‍රේක්ෂක ප්‍රතිචාර හොඳයි. සමාජ මාධ්‍ය හරහාත් ගොඩක් ප්‍රතිචාර ලැබෙනවා. සමාජ මාධ්‍ය හරහා අපිට ලැබෙන ප්‍රතිචාර අපි දන්නේ නෑනේ කවුද දාන්නේ කියන එක. ඒ තුළින් හොඳක් කියලා තියෙනවා නම් ඉතින් හොඳයිනේ. සජීවීව ලැබෙන ප්‍රතිචාර ගොඩක් තියෙනවා. හරි සතුටුයි ඉතින් ලයිව් ඇවිල්ලා ඔයා ඒ චරිතය හොඳට කරනවා කියන එක අහගන්න. ඒකම තමයි රංගන ශිල්පයෙක්ගේ ජීවිතේ ගොඩක් වටින්නේ. ඉතාම හොඳ ප්‍රතිචාර නාට්‍යයට,චරිතයට ලැබෙනවා.
මේ දක්වා වූ ගමන තුළ සහයෝගය දුන් පිරිසකුත් ඇති ඒ අයවත් මතක් කළොත්?
පවුලේ අය ඒ කියන්නේ අම්මා තාත්තා ඇතුළු යාළුවෝ ඔක්කොම මට ලොකු සහයෝගයක් ලබාදෙනවා. ඒ යාළුවන්ගේ මිත්‍රත්වය සහෝදරත්වය ගැන අමුතුවෙන් කියන්න ඕනෙ නෑ. ඒ බැඳීම් පවුලේ අයගේ වගේම තවමත් තියෙනවා. හිතේ ඉර්ෂ්‍යාවක් නැතිව ඒ අගය කිරීම තවමත් තියෙනවා. තමන්ගේ කියන හැඟීමෙන් අපට දක්වන ප්‍රතිචාර හරිම ලොකුයි. ඒ වගේම අධ්‍යක්ෂවරු, ඇක්ටර්ස්ලාගෙන් රඟපාද්දී අනිත් පැත්තෙන් ගොඩක් සහයෝගයක් ලැබෙනවා. ඒ සහයෝගය නැත්නම් ඇත්තටම මනුස්සයෙක්ට රඟපාන්න බෑ. ඒ සහයෝගය මට නොමඳව ලැබෙනවා.
ඉදිරි වැඩකටයුතු ගැනත් කතා කරමු?
මේ දිනවල ප්‍රියන්ත කොළඹගේ මහතාගේ ‘බැද්දේගම’ ටෙලි නාට්‍යයේ රූපගත කරනවා. ඒ වගේම ප්‍රියන්ත ෆර්නැන්ඩෝගේ ‘හිත් අතර හිස්තැන්’ කියලා නාට්‍යයක් රූපගත කිරීම් සිද්ධ වෙනවා. ඒවා ඉදිරියේදී දැක බලාගන්න පුළුවන් වෙයි.

අසිංසලා වීරහිංගේ

SendShareShare
Previous Post

ගහපු පාර තරු පෙන්න වැදුණා…! දෙතුන් පාරක් ගනිද්දි ඒක මට අමාරුයි…! වුණු දේ හිතාගන්න බැරි වුණා…! දුමී වන්නිආරච්චි I Sri Lanka Latest News

Next Post

ගෝඨාව කොටුකරන්නයි යන්නේ! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.